පුටින්ගේ_loveඑක

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පුටින්ගේ love එක

    n-VLADIMIR-PUTIN-628x314.jpg



    වීරකම්වලට කැමති වූ කෙල්ලන්ද මහා ගොඩාක්ම රුසියාවේ සිටියෝය. ඉන් එකියක් වූයේ ජිම්නාස්ටික් ශූරියකි Alina Kabaeva. ඔලිම්පික් තරගවලට ද සහභාගී වී රුසියාවට ඔලිම්පික් ශූරතාව ද රැගෙන ආ මේ කෙල්ලගේ දුන්නක් මෙන් නැමෙන ශරීරයට පුටින්ගේ හිත ගියේය.

    රුසියාවේ ජනාධිපතිගේ ඇල්ම බැල්ම වැටෙනවාට අකමැති වෙන්නේ මොන කෙල්ල ද? ලොක්කා තමන්ට වඩා දශක දෙක තුනකින් වියපත් වුව ද කම් නැතැයි ඇයට සිතිණි. :baffled::baffled: ඇය පුටින් සමඟ ඇයි හොඳයිකම් පවත්වාගෙන ගියාය.

    CXq6Zy9WkAAjljI.jpg

    14.jpg


    මේ කතා කුණු රහට ගොසිප් බවට පත්වෙද්දී පුටින්ගේ ආදරණීය බිරිඳගේ හිත රිදිණි. පුටින්ගේ දූවරු දෙන්නාට ද තාත්තාගේ නාඹර වල්කම් හිත රිද්දන කාරණා වන්නට ඇත.

    එහෙත් පවුල් සංස්ථාවේ බලතලවලට වඩා ජනාධිපති බලතල වැඩිය. පුටින් හිතගත් කෙල්ලත් සමඟ ත්‍රාසජනක ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය. :rofl::rofl::rofl:

    මෙච්චර කාලයක් තිස්සේ කළ වෝටර් රාෆ්ටින්වල, හිම මත ලිස්සායාම්වල වූයේ මොන ත්‍රාසයක් ද? මෙල්ල කළ වලහා මොකෙක් ද? ගෙදර නෝනාත් මෙල්ල කරගෙන මේ පුංචි පෙම්වතිය සමඟ ලිස්සා යෑම මොනතරම් වින්දනීය ක්‍රීඩාවක් දැයි පුටින් කල්පනා කළේය. ඔහු දිගින් දිගටම ඇය සමඟ ප්‍රේම කළේය.


    kabaeva-alina-vladimir-putin.jpg

    Vladimir-Putin-lover-Alina-Kabaeva-838609.jpg



    අන්තිමේදී ඇලීනා කබෙව්වා නම් වූ ජිම්නාස්ටික් ශූරිය පුටින්ගේ දරුවකු බිහි කළාය. ගමේ ගොඩේ මාටින්ලාටවත් හංගන්නට බැරිවන මෙවැනි හුටපුට පුටින් හංගන්නේ කෙසේ ද? මේවා පත්තරවල ‘ලීඩ්’ කළ හැකි ප්‍රවෘත්තිය.

    ගොසිප්වල පළවන්නට වූ මේ දරු උපත කතාවෙන් පසුව රුසියාවේ කෙසේ වෙතත් පවුල් සංස්ථාවේ අර්බුද ඇති වෙන්නට විය. අන්තිමේදී 2013 දී සිය තිස් වසරක දීගය නිමා කරමින් ලියුද්මිලාගෙන් සමුගන්නට පුටින් තීරණය කළේය.

    රුසියාවේ ලොක්කා පැටික්කියකට වහ වැටී අවුරුදු තිහක් පවුල් කෑ බිරිඳ දික්කසාද කිරීම නොම්මර එකේ ගොසිප් එකකි. කොටින්ම මෙය වවාගෙන කන්නට පුළුවන් ආකාරයේ ප්‍රවෘත්තියකි. මේ නිසා බොහෝ අය ලුයිද්මිලා අමතා දික්කසාදය ගැන විස්තර ඇසූහ. ඇය අර විසේකාර ජිම්නාස්ටික් කෙල්ලට ලුණු ඇඹුල් ඇතුව මොන මොනවා හරි කීවා නම් ඒ කදිම ගොසිප්ය. එහෙත් ඇය උද්වේගකර ප්‍රකාශ නිකුත් කළේ නැත.

    පුටින්ගේ ආදර ඇම ගිල දැම්මේ කෙල්ලන් පමණක් නොවේ. අනුන්ගේ බිරින්දෑවරු ද ඒ අතර සිටියි. ඔවුන්ගෙන් වැඩියෙන්ම ප්‍රසිද්ධ රූපට් මර්ඩොක්ගේ බිරිඳ වෙන්ඩි ඩෙන්ග්ය. වෙන්ඩි ද තරමක් විසේකාර බඩ්ඩකි. ත්‍රාසජනක වැඩට නම දරාපු පුටින් සමඟ ත්‍රාසය අත්හදා බලන්නට ඇයට හිතුණාට සැක නැත.

    118878589_a_p.jpg


    පුටින් ගැන අලුතින්ම අහන්නට ලැබෙන පෙම් පුවත් අයිතිකාරිය ඔහුගේ දුවටත් වඩා බාලය. ඇගේ වයස අවුරුදු 23කි. දැන් පුටින්ට 63කි. ඒ නිසා දෙන්නාගේ වයස පරතරය අවුරුදු හතළිහක් තරම් සුළු ගණනකි.

    ඇලිසා කාර්චේවා නම් වූ මේ කෙල්ල 2010 දී රුසියානු දින දර්ශනයකට මිස් එ්ප්‍රිල් ලෙස පෙනී සිටියාය. ඇය ඇගේ කදිම ඡායාරූපය සහිත මේ කැලැන්ඩරය පුටින්ට තිළිණ කළාය.

    Alisa_Kharcheva.jpg



    ඊට දෙවසරකට පසු ඇය ඔහුට තිළිණ කළේ පූස් පැටියකු වඩාගත් තමන්ගේ රුව සහිත ඡායාරූපයකි. ඊට යටින් ඇය ලියා තිබුණේ දෙපිට කැපෙන අරුතක් ඇති වචන කිහිපයකි. එනම් පුසී පුටින්ට යන්නය. :P:P

    ඇගේ ප්‍රේමාරාධනය පිළිගත් නාඹර පුටින් පසුව ඔවුන්ගේ පහසුව තකා මොස්කව් නුවරින් මහල් නිවාසයක් ද ලබා දුන්නේය.

    හැබැයි මේවා රහසේ කළ හැකි වූයේ නැත. ඒ නිසා මේ ​ඔක්කොම පුටින් වටා ගෙතුණු ගොසිප් බවට පත්විය.

    දැන් ඉතින් කියන්නට සිදුවන්නේ පුටින්, අනෙක් රටවල ජනාධිපතිලාට වඩා තුටින් සිටින බවය. හැබැයි වැඩියෙන්ම සතුටු වන්නේ පුටින් ද ට්‍රම්ප් ද යන්න නොදනිමු.



    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න ;) ;) ;) ;) ;)
     
    Last edited: