පුටින් දිවුරුම් දෙයි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පුටින් දිවුරුම් දෙයි

    පුටින් දිවුරුම් දෙයි

    image_0154a72a8b.jpg

    පසුගිය මාර්තුවේ පැවැති ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජනවරමක් හිමිකරගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (7) සිවුවැනි වරටත් ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.
    රුසියාවේ අනාගතය වෙනුවෙන්, රුසියාවේ යහපත වෙනුවෙන් තමන් කැපැවී කටයුතු කරනවා යැයි පුටින්, දිව්රුම් දීමෙන් පසු ජාතිය අමතමින් කියා සිටියේය.
    දිවුරුම් දීම සිදුවූයේ ක්‍රෙම්ලීනයේ ප්‍රධාන ශාලාවේදීය. රුසියානු වැසියන්ගේ නිදහස සුරකින බවටත්, ඔවුන්ගේ අයිතීන් ලබා දෙන බවටත් විදෙස් කුමන්ත්‍රණවලින් රුසියාව ආරක්ෂා කරන බවටත්, රුසියාවේ ස්වෛරීත්වය සුරකින බවටත් ජනාධිපති පුටින් ප්‍රතිඥා දුන්නේය.
    (ඒ.එෆ්.පී.)



    පුටින් ජනපති වෙද්දී අගමැති මෙද්වෙදේව්ට

    image_e07870016a.jpg

    ව්ලැදිමීර් පුටින් තවත් සය වසරක කාලයක් සඳහා රුසියාවේ ජනපති ධුරයේ දිවුරුම් දෙද්දී, රුසියානු අගමැති ධුරය යළිත් වරක් සුපුරුදු පරිදි පුටින්ගේ සමීපතමයා වන දිමිත්‍රි මෙද්වදේව්ට හිමිවිය.
    රුසියාවේ අගමැතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තු ඡන්ද විමසුමෙනි. මෙද්වදේව්ට පක්ෂව ඡන්ද 374 ක් හිමිවුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 56 ක් පමණි. 2012 වසරේ සිට පුටින් රුසියාවේ ජනපති ධුරය හොබවද්දී, අගමැති ධුරයේ කටයුතු කරන්නේ මෙද්වදේව්ය.
    මෙද්වදේව් යළි අගමැති ධුරයට පත් කරන්නැයි ඉල්ලමින්, ඒ සඳහා ඔහුගේ නම යෝජනා කර ඇත්තේ ද පුටින් විසින් යැයි රුසියන් මාධ්‍ය වාර්තා කරයි.
    (ඒ.එෆ්.පී.)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාවෙ ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු..අපේ මීහරක් රැල වගේ ඇමරිකාවෙ කුක්කන්ට කියල වෙනස උදාකරගන්ඩ යන්නෙ නැ...ඒ මිනිස්සු දන්නව පුටින් රටට ආදරෙයි රුසියාව දියුනු කරනව කියල..ඒකට අපේ ගොන්නු මොකක් හරි හදපු ගමන් කුහකකමේ උපරිමය..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    In Sri Lanka
    Kochara Hoda manussayek unath wediya thiyaganna hoda ne mokada
    Rate sanwardanaya wageda yakoooo Uge lokukama
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,399
    113
    රුසියාවේ උන් තාම වහල්ලු
    මෙහෙනම් බාගයක් ඉවරයි

    Yncj2JN.jpg
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    රුසියාවෙ ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු..අපේ මීහරක් රැල වගේ ඇමරිකාවෙ කුක්කන්ට කියල වෙනස උදාකරගන්ඩ යන්නෙ නැ...ඒ මිනිස්සු දන්නව පුටින් රටට ආදරෙයි රුසියාව දියුනු කරනව කියල..ඒකට අපේ ගොන්නු මොකක් හරි හදපු ගමන් කුහකකමේ උපරිමය..

    රුසියාවේ උන් හොයන්න යන්නෙ නෑ පුටින් යන්නෙ සාමන්‍ය ගුවන් යානයකද කියල.. නැත්නම් දුවල පුතාලා රත්තරං අස්පයො පදිනවද කියල..
    අපේ පක්කු තමයි කුහකකම ඉහ වහා ගිහින් ඕවා හොයන්නෙ