පුටින් දිවුරුම් දෙයි
පුටින් දිවුරුම් දෙයි
පසුගිය මාර්තුවේ පැවැති ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජනවරමක් හිමිකරගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (7) සිවුවැනි වරටත් ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.
රුසියාවේ අනාගතය වෙනුවෙන්, රුසියාවේ යහපත වෙනුවෙන් තමන් කැපැවී කටයුතු කරනවා යැයි පුටින්, දිව්රුම් දීමෙන් පසු ජාතිය අමතමින් කියා සිටියේය.
දිවුරුම් දීම සිදුවූයේ ක්‍රෙම්ලීනයේ ප්‍රධාන ශාලාවේදීය. රුසියානු වැසියන්ගේ නිදහස සුරකින බවටත්, ඔවුන්ගේ අයිතීන් ලබා දෙන බවටත් විදෙස් කුමන්ත්රණවලින් රුසියාව ආරක්ෂා කරන බවටත්, රුසියාවේ ස්වෛරීත්වය සුරකින බවටත් ජනාධිපති පුටින් ප්‍රතිඥා දුන්නේය.
(ඒ.එෆ්.පී.)
පුටින් ජනපති වෙද්දී අගමැති මෙද්වෙදේව්ට
ව්ලැදිමීර් පුටින් තවත් සය වසරක කාලයක් සඳහා රුසියාවේ ජනපති ධුරයේ දිවුරුම් දෙද්දී, රුසියානු අගමැති ධුරය යළිත් වරක් සුපුරුදු පරිදි පුටින්ගේ සමීපතමයා වන දිමිත්‍රි මෙද්වදේව්ට හිමිවිය.
රුසියාවේ අගමැතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තු ඡන්ද විමසුමෙනි. මෙද්වදේව්ට පක්ෂව ඡන්ද 374 ක් හිමිවුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 56 ක් පමණි. 2012 වසරේ සිට පුටින් රුසියාවේ ජනපති ධුරය හොබවද්දී, අගමැති ධුරයේ කටයුතු කරන්නේ මෙද්වදේව්ය.
මෙද්වදේව් යළි අගමැති ධුරයට පත් කරන්නැයි ඉල්ලමින්, ඒ සඳහා ඔහුගේ නම යෝජනා කර ඇත්තේ ද පුටින් විසින් යැයි රුසියන් මාධ්‍ය වාර්තා කරයි.