පුටීන්ගේ අපූරු වැඩ - Real Life Action Hero -2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පුටීන්ගේ අපූරු වැඩ - Real Life Action Hero -2

    1ZdDCoS.jpg

    විලැඩ්මීර් පුටීන් නම් අපූරු මිනිසා ගැන පළකරන්නට යෙදුණ ලිපිය දීර්ඝ වූ නිසා එළකිරියේ නීති හරස් වූයෙන් එය කොටස් දෙකක් ලෙස පළ කරන්නට සිදුවීම ගැන පාඨක සැමගෙන් සමාව ඉල්ලමි.ඔබේ රසවින්දනය උදෙසා මෙන්ම දැනුම තරකර ගැනීමට ඒ අපූර්ව පුද්ගලයා ගැන වැඩිදෙනෙක් අසා නොමැති දෑ කිහිපයක් ලිපියේ දෙවන කොටස ඔස්සේද ඔබට සමීප කරන්නයි මේ සූදානම් වන්නේ.



    ආත්මාරක්ෂක ක්‍රීඩා තරඟ නරඹන්නට යෑම පුටින්ගේ සිරිතක්ව තිබේ.2007 වසරේදී ජනපති පුටීන් ජාත්‍යන්තර මිශ්‍ර-ආත්මාරක්ෂක සටන් කලා තරඟාවලියක් නැරඹීමට ගියේය.එහිදී ඔහු හොලිවුඩ් සටන් නළුවෙක් වන වෑන් ඩෑම් සමග සතුටු සාමිච්චියේ යෙදෙන අයුරු මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

    Uz2qJsb.jpg


    oQsEo0x.jpg


    iV6mOwD.jpg



    පුටීන් ආත්මාරක්ෂක සටන් කලාවට බොහෝ කැමැත්තක් දක්වන්නෙක් බව ප්‍රසිද්ධ කරුණකි.වෘත්තීය මට්ටමේ මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාවේ අතිදක්ෂයෙක් වන රුසියානු ජාතික ෆෙඩෝර් එමෙලියනෙන්කෝ යනු ජනපති පුටීන්ගේ ප්‍රියතමයෙක් බව පෙනෙන්නට තිබේ.විවිධ අවස්ථාවල පුටීන් සහ ෆෙඩෝර් එකට සිටිනවා මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ.

    4HSAuvz.jpg


    PWQ2W0m.jpg


    hRwgu35.jpg


    b2AUB4S.jpg


    AnzZxfJ.jpg


    37kX2Gw.jpg


    X08NTUs.jpg


    mbN3Bzt.jpg
    සැබෑ සටන්කරුවන් තිදෙනෙක් - Seagal,putin and fedor​



    ආත්මාරක්ෂක සටන් නැරඹීම පුටීන්ගේ විනෝදාංශයකි.වරක් ඔහු තම මිත්‍ර දිමිත්‍රි මෙඩ්වඩෙව් සමග සෝචි හි පැවත්වූ ජාත්‍යන්තර සැම්බෝ තරඟාවලිය නැරඹීමට ගියේය.




    2015 වසරේ සෝචිහි පැවති ජාත්‍යන්තර සැම්බෝ සටන් තරඟාවලියකදී පුටීන් රුසියාවේ හිටපු බොක්සින් ක්‍රීඩිකාවක් වන Natalia Ragozina අසල අසුන් ගෙන සිටින අයුරු මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.කටකතාවලට අනුව ඇය පුටීන්ගේ අලුත්ම පෙම්වතියයි.කෙසේවෙතත් මීට පෙරද කාන්තාවන් කිහිපදෙනෙක් සමගම පුටීන් සම්බන්ධතා පැවැත්වූ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද ඒ කිසිවෙක් පුටීන්ගේ පෙම්වතියක් වූ බවට සනාථ නොවීය.

    MkDh1se.jpg
    39 හැවිරිදි හිටපු බොක්සින් ක්‍රීඩිකාව 2009 වසරේදී බොක්සින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තාය.​


    YkfanPX.jpg
    මැද බර පන්තියේ සියලුම කාන්තා ශූරතා දිනාගත් නටාලියා ලොව හොඳ බොක්සින් ක්‍රීඩිකාව ලෙස හඳුන්වනු ලැබේ.​


    fTMPfyR.jpg
    පුටීන් සහ නටාලියා 2015 වසරේදී​



    oDa3bvf.jpg
    2015 වසරේදී සෝචිහි සංචාරය කල විලැඩ්මීර් පුටීන් සහ ඔහුගේ මිත්‍ර දිමිත්‍රි මෙඩ්වඩෙව් ව්‍යායාම කිරීමේ නිරතවූ අයුරු.​


    t7J7Hut.jpg

    රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්වඩෙව් සහ ජනපති පුටීන්


    uYFdbP2.jpg
    පුටීන්ගේ වාරය​


    kEtsnwo.jpg
    උදෑසන ආහාරය පිළියෙල කරන මෙඩ්වඩෙව්​


    EpiWdLt.jpg
    මිත්‍රයන් දෙදෙනා උදෑසන තේ පානයේ යෙදෙන අයුරු​


    r6NrOBZ.jpg
    මෙවැනි අවස්ථා මාධ්‍ය වෙත මුදාහරින්නේ තම නායකයින් හොඳ ශාරිරික සෞඛ්‍යයක් සහිතව නිරෝගීව සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීමටයි.​




    නිරූපණ ශිල්පියෙක් වැනි පුටීන්

    නිරූපණ ශිල්පියෙකුට සමාන දේහය සහ පෙනුමක් සහිත නායකයන් සිටින්නේ ඉතා අතලොස්සකි.සිල්වියෝ බර්ලුස්කෝනි වැනි නායකයන්ට සුන්දර ගැහැණියක් අසලින් වාඩි වීමට දැඩි පරිශ්‍රමයක් දරද්දී සුන්දර කාන්තාවන් කිසිදු වෙහෙසක් නොමැතිව වශී කරගන්නට පුටීන් සමත්විය.තම විවාහය අවසන් කල ඔහු දැන් නිදහස් මිනිසෙකි.නමුත් කාන්තාවන් කිහිපදෙනෙක් ඔහු හා සම්බන්ධකම් පැවැත්වූ බවට කටකතා පැතිරගියේය.රුසියානු කාන්තාවන්ද මෙවන් පෞරුෂයක් ඇති පුද්ගලයෙකුට කැමතිවීම පුදුමයට කරුණක් නොවේ.සමහර වාර්තාවලට අනුව ඔහු යුරෝපයේ ධනවත්ම පුද්ගලයා යැයි කියවේ.

    ckrwF2W.jpg
    කොල්ලා කාලේ​


    15zGmAy.png
    ජනපති පුටීන්ගේ ගමන් විලාශය​



    ජනපති පුටීන් සම්බන්ධකම් පැවැත්වූ බවට කටකතා පැතිරගිය එක් කාන්තාවක් වන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන ඇලිනා කබායෙවාය.අනෙක් කාන්තාව වන්නේ හිටපු ඔත්තුකාරියක් යැයි කියන ඇනා චැම්ප්මන්ය.​

    UWocKO7.jpg
    Anna Chapman​


    skBk3v9.jpg

    පුටීන්ගේ පෙම්වතිය යැයි ප්‍රබල ලෙස කටකතා පැතිරගියේ රුසියාවේ හිටපු ඕලිම්පික් පදක්කම්ලාභී ජිම්නාස්ටික් ශූරියක් වන ඇලිනා කබයෙවා සම්බන්ධවයි.

    siVg43E.jpg
    Alina Kabayeva​


    tMeSCmK.jpg
    පසුගිය සමයේ පැතිර ගිය කටකතාවකින් කියවුනේ ඇය පුටීන්ට දාව දරුවෙක් බිහිකල බවයි​


    කෙසේ වෙතත් බොහෝ කාන්තාවන් මනාපය දෙන්නේ ඔහුගේ පෙනුමට වඩා පෞරුෂයටයි.


    වරක් ඔහු ලෝකයා නොදත් ඔහුගේ තවත් හැකියාවක් පෙන්වීය.2010 වසරේ දෙසැම්බර් මස අක්ෂි ආබාධ සහ පිලිකාවලින් පෙළෙන දරුවන් වෙනුවෙන් මුදල් එකතු කිරීමට සංවිධානය කර තිබූ උත්සවයකදී ඔහු පියානෝ වාදනයේ යෙදිණි.එහිදී කුඩා දැරියක් සමග ගීතයක්ද ගායනා කරන්නට ඔහු අමතක නොකලේය.

    dGdHcic.jpg
    පුටීන් පියානෝව වාදනය කල අයුරු​


    ThGDxLo.jpg
    දැරියක් සමග ගීතයක් ගායනා කල අයුරු​



    පුටීන්ගේ 58 වන උපන්දිනය වෙනුවෙන් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඔහුට ගෘංගාරාත්මක දින දර්ශනයක් යවන ලදි.නමුත් ඔහුගෙන් ඊට ලැබුණේ අපූරු පිළිතුරකි."මෙයින් පෙන්වන්නේ අප සමාජයේ අදහස්වල විවිධත්වයයි.නමුත් මේවා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොකරගත යුතුය." යනුවෙන් පුටීන්ගේ ප්‍රකාශයේ කියවිණි.

    ycDkQ5c.jpg


    පුටීන් යනු රුසියානු කාන්තාවන්ගේ සිහින කුමරාද? ඔහුගේ ප්‍රබල පෞරුෂය ඔවුන්ගේ හිත් ගන්නා බව නම් පුදුමයට කරුණක් නොවේ.රුසියානු කාන්තාවන්ගේ අනාගත පුරුෂයාද පුටීන් මෙන් වියයුතු බව කියවෙන ගීතයක් එක්තරා සංගීත කණ්ඩායමක් විසින් නිකුත් කර තිබේ.




    xUbYd7b.jpg
    පුටීන්ගේ හැකියාවන්ට අනුව ඔහුව ඊළඟ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගත හොත් පුදුම විය යුතු නැත.​




    පුටීන්ගේ බලු සුරතල් සහ සත්ව කරුණාව

    පුටීන් සතුව සිටින එක් සුනඛයෙක් වන්නේ Labrador Retriever වර්ගයට අයත් Koniය.ඌ ගැහැණු සතෙකි.රුසියානු හමුදාවේ ජෙනරාල් සහ හදිසි අවස්ථා අමාත්‍යය සර්ජි ෂොඉගු විසින් මෙම සුනඛයා ඔහුට ලබා දී තිබේ.2003 වසරේදී මෙම බැල්ල පැටවුන් 8දෙනෙක් බිහිකල අතර එම සතුන් විවිධ පුද්ගලයන්ට තෑගි කල බව වාර්තා වේ. GLONASS චන්ද්‍රිකා ජාලය ඔස්සේ ස්ථානය සොයාගත හැකි කරපටියක් ලැබූ පළමු සුනඛයා වූයේද මෙම Koni නම් බැල්ලයි.ඒ 2008 වසරේදීය.

    rLSZI0O.jpg
    කොනී සහ පුටීන්​


    C36EbCZ.jpg
    කොනී නම් බැල්ල පුටීන්ට ලැබුණු පළමු සුරතලාය​


    qH7ldy2.jpg
    කොනී සමග සෙල්ලම් කරන පුටීන්​


    2010 වසරේදී බල්ගේරියාවේ අගමැති බෝයිකෝ බොරිසොව් විසින් Karakachan බල්ලෙක් පුටීන් හට තෑගි කරන ලදි.බලාපොරොත්තු නොවූ ලෙස ලැබුණු සුනඛයා නිසා ඌට සුදුසු නම් යෝජනා කිරීම රුසියානු ජනතාවට භාර කරන්නට පුටීන් තීරණය කලේය.ඒ අනුව පැවැත්වූ තරඟයේ ජයග්‍රාහකයා වූයේ ඩිමා සොකොලොව් නැමති පිරිමි ළමයාය.ඔහු එවා තිබූ නම වූයේ බෆි යන්නයි.පුටීන් ඔහුට සහ පවුලේ අයට වෙත එන්න යැයි ආරාධනා කලේය.

    FyjunyK.jpg
    පුටීන්ගේ අනෙක් සුරතලා වන බෆී නම් සුනඛයා​


    ldcybHr.jpg
    බෆීට ඒ නම යෝජනා කල ඩිමා සොකොලොව් නම් දරුවා​


    Dukb9PC.jpg
    බෆී,පුටීන් සහ ඩිමා​


    බෆී සහ වෙනත් සුනඛයෙක් සමග සෙල්ලම් කරන පුටීන්

    woNisat.jpg


    rjHNhun.jpg


    t2rW0kU.jpg



    හිටපු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ සුරතලා වන්නේ නම් කුඩා සුනඛයෙකි.පුටීන් කොනීව ලබාගත්තේ බුෂ්ව අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් බවට කතාවක් තිබේ:D .

    Z2fe8ob.jpg



    u2pIh5U.jpg

    පුටීන් හිටපු ජනපති බුෂ්ගේ ආරාධනයෙන් ඇමෙරිකාවේ සිදුකල සංචාරයේදී බුෂ්ගේ එක් සුනඛයෙක් මිතුරු කරගත් අයුරු


    aHaTfm4.jpg

    රුසියාවේ දිවියන් සඳහා වෙන්වූ වනෝද්‍යානයකදී දිවි පැටවෙක් සමග සිටින පුටීන් -2014 පෙබරවාරි 4


    bZzElxo.jpg
    මුවන් සමග​


    kKRFGT9.jpg
    මුහුදු ජීවින් සමග​


    G0l5iJ3.jpg
    ගෝනුන් සමග​


    A2U4OvZ.jpg


    NA2klYw.jpg




    පුටීන්ගේ ජනප්‍රියත්වය හා බලසම්පන්නකම

    කිර්ගිස්ථානය යනු පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ රටකි.නමුත් එය භූගෝලීයව නූතන රුසියාව සමග කිසිදු සම්බන්ධයක් නොමැති රටකි.වරක් පුටීන්ගේ නමින් කිර්ගිස්ථානයේ කඳුමුදුනක් නම් කරන ලදි.ටියාන් ෂාන් කඳු වැටියේ චුයි පලාතේ එය පිහිටා තිබේ.උසින් මීටර් 4446ක් වන මෙම කඳු මුදුන විලැඩ්මීර් පුටීන් ශිඛරය නමින් නම් කරන ලද්දේ 2011 වසරේදීය.එවැනි ගෞරවයක් ලැබූ රුසියාවේ දෙවන නායකයා ඔහුය.

    pLFlWEB.jpg

    කඳු මුදුනේ පිහිටීම

    jCDoRCe.jpg
    Vladimir Putin Peak​


    මෙවැනි ගෞරවයක් සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකුට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.නමුත් මේ සම්බන්ධව ස්තුතිය පළකර ලිපියක් යැවීම හෝ ප්‍රකාශයක් සිදුකිරීම වෙනුවට පුටීන් කීවේ තමාගේ නමින් නම් කල කඳු මුදුන තරණය කිරීමට තමන්ට අවශ්‍ය බවයි.ඕනෑම අභියෝගයක් භාරගැනීමට පසුබට නොවන පුද්ගලයෙක් බව ක්‍රියාවෙන් ඔප්පු කල පුටීන්ට එය තවත් එක් අභියෝගයක් පමණක් වනු ඇත.

    4Fc1Q50.jpg
    මට ඒ කන්ද නගින්න ඕනේ​


    සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව බේබද්දෙක් විසින් වසර 8 ක කාලයක් පාලනය කල රුසියාව තවත් දුර්වල තත්ත්වයට පත්විය.බොරිස් යෙල්ස්ටින් නම් එම පාලකයාගේ නික්ම යෑමෙන් පසුව රුසියානු ජනතාවට අවශ්‍ය වූයේ රටක් පාලනය කල හැකි පෞරුෂයෙන් හෙබි,දක්ෂයෙකි.එවැන්නෙක් හිටපු ජනපති අසල සිටියේය.රුසියාවට දැන් අවශ්‍ය වන්නේ පුටීන් වැනි අයෙක් බව යෙල්ස්ටීන් දැන සිටියේය.තම ඉල්ලා අස්වීමෙන් පසුව පුටීන්ව රුසියාවේ ජනපති ලෙස පත්කරන්නට යෙල්ස්ටීන් පියවර ගත්තේය.තම පළමු ධූර කාලයේදී ඔහුට අභියෝග රැසක් තිබිණි.එකක් නම් රුසියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.දෙවැන්න චෙච්නියාවේ ඉස්ලාමීය බෙදුම්වාදීන් පරාජය කිරීමයයි.පළමු ධූර කාලයෙන් සෑහීමකට පත් නොවූ පුටීන් දෙවන ධූර කාලයක් සඳහාද ජනතා කැමැත්ත විමසීය.ඔහු දෙවන වරටත් රුසියාවේ ජනපති බවට පත්විය.තම පාලන කාලයන් තුල පුටීන් විසින් රුසියාව නැවතත් ලොව ප්‍රබල රාජ්‍යයක් බවට පත් කලේය.ඔහුගේ සිහිනය පෙර පැවති සෝවියට් දේශය හා සමානව රුසියාව ගොඩනැගීම බව සමහරුන්ගේ අදහසයි.තම ධූර කාල දෙක අවසන් වූ පසු විශ්‍රාම සුවයෙන් කල් ගෙවීමට පුටීන් අදහසක් නොවීය.රුසියානු නීතියට අනුව එක් අයෙකුට එකදිගට ධූර කාල දෙකකට වඩා ජනපති පදවිය දැරිය නොහැක.මෙම අවස්ථාවේදී ඔහු කලේ මිත්‍ර දිමිත්‍රි මෙඩ්වඩෙව් හට ජනපති ධූරය ලබා දී වසර හතරක කාලයක් අගමැති ධූරය දැරීමයි.ඉන් පසුව 2012 දී පුටීන් යළිත් ජනපති ධූරය වෙනුවෙන් තරඟ වැදී ජයග්‍රහණය කලේය.

    AasSzCx.jpg
    පුටීන් රුසියාවේ ජනපති ලෙස පත්වූ පසු.පසෙකින් සිටින්නේ හිටපු ජනපති යෙල්ස්ටීන්ය. - 2000 මැයි​

    ඉදිරි කාලයේද මොවුන් දෙදෙනා ජනපති සහ අගමැති පදවි හුවමාරු කරගනීවි යැයි මත පළවී තිබේ.සමහර වාර්තාවලට අනුව මෙඩ්වඩෙව් සහ පුටීන් අතර බල හුවමාරුව නිසා හොඳ හිත පළුදු වී තිබෙන බව කියවේ.

    OGUdPy8.jpg
    විලැඩ්මීර් පුටීන් සහ දිමිත්‍රි මෙඩ්වඩෙව්​



    රුසියාවේ ජනප්‍රිතම පානය වොඩ්කා බව අමුතුවෙන් කිවයුතු නැත.2011 වසරේදී ලිතුවේනියානු මත්පැන් නිෂ්පාදනාගාරයකින් Putinka නම් වෙළඳ නාමය යටතේ වොඩ්කා වෙළඳපොලට නිකුත් කරන ලදි.ඒවා ලිතුවේනියාවේ පමණක් අලෙවිවිය.එම වර්ගයේ එක් වොඩ්කා බෝතලයක් ඇ.ඩො.7ක් විය.

    K6ckwY7.jpg



    දේශපාලඥයින් කාටුන් ශිල්පීන්ගේ චිත්‍රවලට මාතෘකා වීම සුලභ සිද්ධියකි.බොහෝවිට ඔවුන් මෙම කාටුන් ඔස්සේ උපහාසයට ලක්වේ.නමුත් වරක් කාටූන් ශිල්පියෙක් පුටීන්ව චිත්‍රකතා වීරයෙක් බවට පත් කර තිබිණි.ඒ Super Putin නම් චිත්‍රකතා මාලාව ඔස්සේය.

    dNNruH8.jpg


    iDKaFI1.jpg


    z1hxJm9.jpg



    Like Putin යනු ලෝක නායකයෙක් යොදාගෙන තැනූ පළම ෆ්ලෑස් විඩියෝ ක්‍රීඩාවයි.මෙහි ප්‍රධාන චරිතය ලෙස යොදාගෙන තිබෙන්නේ විලැඩ්මීර් පුටීන්ය.​

    OZDk3vX.jpg


    g855oNR.jpg


    ක්‍රිමියාව යටත් කරගැනීම,යුක්‍රේනයේ බෙදුම්වාදීන්ට සහාය දීම ,සිරියානු අර්බුදයට මැදිහත් වීම ආදී සිද්ධීන් නිසා එක්සත් ජනපදය ඇතුලු රටවලට අනුව පුටීන් යනු ලෝක සාමයට තිබෙන ප්‍රබලම තර්ජනයකි,රුසියානු විපක්ෂයට අනුව පුටීන් යනු ඒකාධිපතියෙකි,තවත් සමහරුන්ට අනුව ඔහු දූෂිතයෙකි.කෙසේවෙතත් සෝවියට් දේශයේ බිද වැටීමෙන් පසුව රුසියාව ආර්ථිකමය අතින්,හමුදා ශක්තියෙන් ඉහළ ප්‍රගතියක් අත්කර ගත්තේ මේ අපූර්ව පුද්ගලයා නිසා බව නම් බහුතරයක් රුසියානුවන් පිළිගන්නා දෙයකි.ඔහු තවමත් ජනතාවගේ බහුතර මනාපයෙන් රුසියාව පාලනය කරන්නේ ඒ නිසාය.ඉදිරියටත් ඔහු රුසියාවේ අභිමානය ගෞරවය රැකගෙන ලෝකය තුල අති ප්‍රබලයෙක් බවටත් පත්කරනු ඇත.





    Source:Cracked.com

    -HarshaLulzSec-
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටකට කලාතුරකින් ලැබෙන නායකයෙක් .පොනිල වගේම බොරිස් යෙල්ස්ටින් සෝවියට් රුසියාව පාවා දී විනාශ කර පසුව රුසියාවද නන්නතාර කළේය .අවසානයේ රුසියන් හමුදාව චෙච්නියා ගරිල්ලන් අතින් පරාජයන් පිට පරාජයන් ලබන තරම් දුර්වල හමුදාවක් බවට පත්විණ .ඔවුනගේ ආයුද නඩත්තු නොකරම ප්‍රසිද්දියේම අත් හැර දමන ලදී .

    රුසියාවේ වාසනා මහිමයට පුටින් බලයට ආවේ මෙවන් අදුරු යුගයකයි .එදා දුරවලව සිටි රුසියාව යලිත් අලුගසා ඇමරිකාවේ පදේට නටන්නේ නැති අවශ්ය් විට ඔවුන් තවදුරටත් ලෝක පොලිස් කාරයා නොවන බව මතක් කරන්නට හැකියාවක් රුසියාවට ඇති කලේ ඔහුයි .

    අදට්ට්ත් ඇමරිකාව සහ හෙන්චයියන්වන නේටෝ සම්භාදක මද නොසැලී ඉන්න ලැබීමම ඔහුගේ වටිනාකම පැහැදිලිවේ .කොටින්ම අද නෙටෝවටද අත්‍යවශ්‍ය රටක් ලෙස රුසියාව නොනිල ලෙස පත්වී ඇත .:D

    ඔහු වැනි නායකයෙකු අප රටේ දේශපාලනයේ අහලකවත් නැත
    :sorry:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    maru niyamai machan asawen kiyewwa 7++
    Thanks :)

    Thanks :)

    මරුසිරා;19694300 said:
    රටකට කලාතුරකින් ලැබෙන නායකයෙක් .පොනිල වගේම බොරිස් යෙල්ස්ටින් සෝවියට් රුසියාව පාවා දී විනාශ කර පසුව රුසියාවද නන්නතාර කළේය .අවසානයේ රුසියන් හමුදාව චෙච්නියා ගරිල්ලන් අතින් පරාජයන් පිට පරාජයන් ලබන තරම් දුර්වල හමුදාවක් බවට පත්විණ .ඔවුනගේ ආයුද නඩත්තු නොකරම ප්‍රසිද්දියේම අත් හැර දමන ලදී .

    රුසියාවේ වාසනා මහිමයට පුටින් බලයට ආවේ මෙවන් අදුරු යුගයකයි .එදා දුරවලව සිටි රුසියාව යලිත් අලුගසා ඇමරිකාවේ පදේට නටන්නේ නැති අවශ්ය් විට ඔවුන් තවදුරටත් ලෝක පොලිස් කාරයා නොවන බව මතක් කරන්නට හැකියාවක් රුසියාවට ඇති කලේ ඔහුයි .

    අදට්ට්ත් ඇමරිකාව සහ හෙන්චයියන්වන නේටෝ සම්භාදක මද නොසැලී ඉන්න ලැබීමම ඔහුගේ වටිනාකම පැහැදිලිවේ .කොටින්ම අද නෙටෝවටද අත්‍යවශ්‍ය රටක් ලෙස රුසියාව නොනිල ලෙස පත්වී ඇත .:D

    ඔහු වැනි නායකයෙකු අප රටේ දේශපාලනයේ අහලකවත් නැත
    :sorry:
    :yes:

    මාර ජනප්‍රිය පොරක් නේ බන් :)
    :yes:

    Thanks :)

    වැදගත් ත්‍රෙඩ් එකක් :)
    Thanks :)

    පට්ට බන්. මෙන්න නායකයො.
    Thanks :)
    :yes:

    පූටිනුත් සෙල්ලං නෑ නෙද අල්ලලා තියෙන කැලි?
    :D

    එ්කට අපේ හිටං හුටං
    :lol:

    Thanks :)
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    ela machan. Appreciate your effort. but cannot give reps "You must spread some Reputation around before giving it to HarshaLulzSec again." :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හර්ෂ,
    ලිපි දෙකම ඉතාම හොදයි, සහ කාලීන ලෙස වැදගත්. හේතුව ව්ලැදිමීර් පුටින් වැනි පිට කොදු නොසුන් නායකයන් ගේ හිගයක් අප අද දින දේශපාලනයේ අත්දැකීමයි.
    ඔහු හිටපු කේජීබී ප්‍රධානියා. බුද්ධි නිළධාරීන් තරම් රට ගැන දන්නා කවරෙක්වත් මා දන්නා තරමින් නෑ. ඔහු ඒ දැණුම, තම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවනවා.
    මරුසිරා;19694300 said:
    රටකට කලාතුරකින් ලැබෙන නායකයෙක් .පොනිල වගේම බොරිස් යෙල්ස්ටින් සෝවියට් රුසියාව පාවා දී විනාශ කර පසුව රුසියාවද නන්නතාර කළේය .අවසානයේ රුසියන් හමුදාව චෙච්නියා ගරිල්ලන් අතින් පරාජයන් පිට පරාජයන් ලබන තරම් දුර්වල හමුදාවක් බවට පත්විණ .ඔවුනගේ ආයුද නඩත්තු නොකරම ප්‍රසිද්දියේම අත් හැර දමන ලදී .

    රුසියාවේ වාසනා මහිමයට පුටින් බලයට ආවේ මෙවන් අදුරු යුගයකයි .එදා දුරවලව සිටි රුසියාව යලිත් අලුගසා ඇමරිකාවේ පදේට නටන්නේ නැති අවශ්ය් විට ඔවුන් තවදුරටත් ලෝක පොලිස් කාරයා නොවන බව මතක් කරන්නට හැකියාවක් රුසියාවට ඇති කලේ ඔහුයි .

    අදට්ට්ත් ඇමරිකාව සහ හෙන්චයියන්වන නේටෝ සම්භාදක මද නොසැලී ඉන්න ලැබීමම ඔහුගේ වටිනාකම පැහැදිලිවේ .කොටින්ම අද නෙටෝවටද අත්‍යවශ්‍ය රටක් ලෙස රුසියාව නොනිල ලෙස පත්වී ඇත .:D

    ඔහු වැනි නායකයෙකු අප රටේ දේශපාලනයේ අහලකවත් නැත
    :sorry:
    අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ රටේ!!!:dull:
    -නන්දා මාලනී- සද එළිය ගගක් වී ගීතයෙන්