පුතෙකුගෙන් අප්පච්චීට
J Sparrow කවි හොඳයිද බලාපල්ලා.
දූ පුතුන්ගේ යහපත තකා, නොවැත් ගැහැට විඳින ලොව සියළුම අප්පච්චිලාට මාගේ කවි පෙළ පූජා වේවා!
පුතෙකුගෙන් අප්පච්චීට

පිරිමි සුවඳ නුඹ සිතින් දරාගෙන මා හදමින් දෙවමින් ඔවමී..
කර පින්නාගෙන ගියහැටි මතකයි පුංචි පුතා නුඹෙ මමමැ වෙමී..
වසා නුඹේ සිත පුරා පිරී ඇති දයා දියේ සෙනෙහස් අම-මී..
පුරා දෝත ගෙන නිවී සැනෙන්නට පුතු වෙන්නට මම පින් පුරමී..
සක්විති වෙන්නට මා යන මඟ එළි පෙහෙළි කරන් නුඹ දෙවා මිණී..
ලොවක් සතුරු සෙන් ආවත් මා හට මාර සෙනඟ මෙන් අරාමිනී..
කුමන බයද මම ලොවක් දෙකක් නොවැ සහසක්වල මර සේන ඇණී..
නුඹ මා ළඟ බැව් දන්න නිසා මා පින් සරු මහ ඇත් රජාණෙනී..
හිත රිදිලා මං හඬනා විටදී නුඹගේ බැණුමින් වැනි කොච්චී..
නුඹද හැඬූ බව දනිමි එදා මමැ කළා වැරදි නිම් නැත නිච්චී..
කප් සුවහස් කල් පෙරුම් පුරා නුඹ යම් මතු දිනයෙක බුදු වෙච්චී..
නුඹේ පුතා වෙද එදත් අදත් මමැ රාහුල වෙමි මම අප්පච්චී..

Last edited: