පුද්ගලයෙකුට මරණ දඬුවම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හෙරොයින් ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 70ක් තමන් සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබේ.

    මෙලෙස මරණ දඬුවමට ලක්ව ඇත්තේ දැදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක් දරු පියෙකි.

    සැකකරු 2018 වසරේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ දැදිගම පාසල අසලදීය.

    සැකකරුට මරණ දඬුවම ලබාදෙමින් විනිසුරුවරිය විසින් යමක් පැවසීමට ඇත්දැයි විමසූ අවස්ථාවේ සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් වයස අවුරුදු 08ක දරුවෙකු බලාගන්නා බවත් තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එල්ලවූ චෝදනාවලට නිසියාකාරව පිළිතුරු ලබා නොදුන් බවත්ය.


    https://elakiri.com/threads/මරණ-දඬු...ඇතුළු-විත්තිකරුවන්-නිදොස්-කොට-නිදහස්.2039146/
     
    • Like
    Reactions: Rankira and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කුඩුකාරයන්ට නං නිකන් මරණ දඩුවම දීලා හිරේ යවල මදි. ඕකුන් හැම එකාම එල්ලන්න ඕනෙ

    කාලකන්නි
     
    • Like
    Reactions: Rankira

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවසේ
    ඔන්න එකමත් එක රටක් තිබුනලු.
    නම "අඹදීපය".
    ඒ රටේ ආදර්ශ පාඨය වුනේ
    "එක රටක් - නීති දෙකක්" කියන එකලු.
    ඊට පස්සේ ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්
    කාලයක් ගියාලු.

    ඊට පස්සේ චාන්ස් එකක් උදා වුනාලු
    ඒ රටේ දඬුවම් තීන්දු දෙන අයට
    පිටරට යන්න.
    හයියෝ!
    ඔක්කොම දුන්නු තීන්දු වලට පින් සිද්ධ වෙන්න
    ට්‍රැවල් බෑන් එකක් වැටිලලු.
    හමුදාවේ එවුන්ට ට්‍රැවල් බෑන් දානකොට සතුටු වෙච්ච එවුන්
    දැන් අඬන්න පටන් ගත්තලු.

    ඊටත් පස්සේ තවත් කාලයක්
    ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්,
    ඒ රටේ අර්බුදයක් ආවලු.
    අපායේ යම රජ්ජුරුවෝ කිව්වලු
    උඹලගේ අර්බුදය විසඳන්න අවශ්‍ය සල්ලි ඔක්කොම අපි දෙන්නම් කියලා.
    ඒත් එක දෙයක් ඕනේ කිව්වලු.
    දූපතක් වුනත් දෙන්නම් කියල රටේ නායකයා කිව්වලු.
    නැහැ, නැහැ, අවශ්‍ය නැහැ, යමරජ්ජුරුවෝ කිව්වලු.
    උඹලගේ තීන්දු දෙන එවුන් හන්දා
    අපායේ ජනගහන ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවලු.
    උඹලා උන්ව ආපහු අරගත්තොත්
    අපි සල්ලි දෙන්නම් කිව්වලු.

    ඊට පස්සේ රටේ නායකයා
    කල්පනා කළාලු.
    කල්පනා කරලා, කල්පනා කරලා, කල්පනා කරලා, කල්පනා කරලා,
    ජාතිය ඇමතුවලු.
    වෙනදට ඌ ජාතිය ඇමතුවත් තරහ ගන්න ජනතාව
    එදා ඉඳලා ඌට කිව්වේ
    රට බේරාගත් විරුවා කියලලු.
    ඌ කියල තිබුනේ
    වෙන මොන බක්කක් වත් නෙමෙයි.
    අපායේ සල්ලි අපට එපා,
    අරුන්ව දිගටම අපායේ තියාගන්න කියපු එකලු!!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    කුඩුකාරයන්ට නං නිකන් මරණ දඩුවම දීලා හිරේ යවල මදි. ඕකුන් හැම එකාම එල්ලන්න ඕනෙ

    කාලකන්නි
    එහෙම වෙන එක හොදයි, වැඩේ තියෙන්නේ ඇවිදගන ඇවිත් උගේ බෑග් එකකට එහෙම බැහැලා ඉදලා වගේනම් තමයි! පොලිසියේ උන් එක්ක එහෙම කේස් දාගත්තම එහෙම ඇවිදගන එන්න චාන්ස් තියෙනවා.
     
    • Like
    Reactions: hasithayad

    Similar threads