පුද්ගලිකයි රහසිගතයි 18+

ElaMans

Member
May 10, 2014
1,268
434
0
බඩු ගහන්න කලින් කොන්ඩම්

කොන්ඩම්

අද බලමු එහෙමනං බොහොම ප්‍රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල්වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.

SK220_1_006i.jpg


26972-fpa_0.jpg



ඊට පස්සේ කාර්මික විප්ලවයත් එක්ක රබර්වලින් හදපු කොන්ඩම් භාවිතයට එනවා.කොහොම නමුත් හැම දේකදිම වගේ මේකෙදිත් ආගමික මැදිහත් වීම සිද්ධ වෙනවා.ඇමරිකාවේ මුලින් කොන්ඩම් තහනම් කරන්ඩ යෙදුනත් පස්සේ මේකේ වැදගත්කම අවබෝධ වීමත් එක්ක ඒ නීති ලිහිල් වෙනවා.දැන් බහුලව තියෙන්නේ ලේටෙක්ස් කියන රබර් වර්ගයෙන් හදපු කොන්ඩම්.නමුත් සමහර අය මේ ලේටෙක්ස්වලට අසාත්මික නිසා පොලියුරිතේන් වගේ වෙනත් රසායනික සංයෝගවලින් හදපු කොන්ඩමුත් වෙළඳ පොලේ මිළ දී ගන්ඩ තියෙනවා.

කොන්ඩම්වලින් උපත් පාලනයට අමතරව ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග සඳහාත් යම් ආරක්ෂාවක් ලබා දෙනවා.නිසි විදිහට කොන්ඩමයක් පාවිච්චි කළොත් ඒඩ්ස් ඇතුළුව බොහොමයක් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලින් වැලකෙන්න පුළුවන්.


durex.jpg



කොන්ඩමයක් නිසි විදිහට පළඳින්නේ මෙහෙමයි

කොන්ඩමය එන්නේ ඉහළ රූපයේ තියෙනවා වගේ ආවරණයක.කොන්ඩමය ඉවතට ගන්න කියලා මේ ආවරණය කටින් ඉරන්ඩ හෝ කතුරකින් කපන්ඩ යන්ඩ එපා.මොකද කොන්ඩමයේ පුංචි හරි සිදුරක් ඇති උනොත් ඒකෙන් ලැබිය යුතු ආරක්ෂාව ලැබෙන්නේ නෑනේ.ඒ වගේමයි මේ කොන්ඩම හැමතිස්සෙම ළඟ තියා ගන්න එක හොඳයි. (මොකද හදිස්සියක් උනොත් එහෙම මේවා හොය හොය ඉන්ඩ මහන්සි නොවී වැඩේ කරලා පස්සේ පසු තැවෙන්ඩයි වෙන්නේ ) ඒ උනාට මේවා සාක්කුවේ කාසි යතුරු වගේ දේවල් එක්කවත් පර්ස් එකේවත් දාගෙන යන්ඩ හොඳ නෑ.මොකද ඒකෙනුත් කොන්ඩමය පළුදු වෙන්ඩ පුළුවං නිසා.

කොන්ඩමය ආවරණයෙන් එළියට ගන්නේ අතින් ඉරලා.ඔය දැති තියෙන පැත්තෙන් අල්ලලා ඉරුවාම පහසුවෙන් ආවරණය ඉරෙනවා.


condom.jpeg



ඊට පස්සේ එළියට ගත්තු කොන්ඩමය තියෙන්නේ මේ රූපයේ වගේ.හරියට ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිත් හදිස්සියට ගලවපු මේස් එකක් වගේ රෝල් කරලයි තියෙන්නේ.

condom.jpg



දැං කරන්ඩ ඕනේ මේ මැද තියෙන ඉහළට ඉස්සුනු තැන වම් අතේ දබර ඇඟිල්ලෙනුයි මහපට ඇඟිල්ලෙනුයි මිරිකලා අල්ලගන්න එක.එතකොට ඒ කෑල්ලේ තියෙන වාතය ටික ඉවත් වෙලා යනවා.ඊට පස්සේ මේක ශිෂ්ණයේ ඉහළ කෙළවරෙන් තියලා අර රෝල් කරලා තියෙන එක දිග ඇරෙන පැත්තට ශිෂ්ණය ආවරණය වෙන විදිහට දිග අරින එකයි කරන්ඩ ඕනෙ.

Untitled-1.jpg



හොඳට මතක තියාගන්ඩ කොන්ඩමය කෙළවරේ තියෙන පුංචි ඉඩ තියෙන්නේ ශුක්‍ර තරලය එකතු වෙන්ඩ.ඒ ඉඩේ වාතය ඉතුරු උනොත් සංසර්ගයේදී පුපුරලා යන්ඩ පුළුවං.ඒ නිසා හොඳට වාතය ඉවත් වෙන විදිහට තද කරලා කොන්ඩමය පළඳින්න ඕනේ.අනිත් එක තමයි ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණයේ ප්‍රාණවත් භාවය නැතිවෙලා යනවනේ.එතකොට කොන්ඩමය ශිෂ්ණයෙන් ගැලවිලා ශුක්‍ර තරලය යෝනි මාර්ගය අවට තැවරෙන්ඩ පුළුවං.එතකොටත් ගැබ් ගැනීමේ අවධානමක් තියෙනවා.ඒක හින්දා ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණය ප්‍රාණවත්ව තියෙද්දිම යෝනි මාර්ගයෙන් පිටතට ගන්ඩ ඕනේ.

ඒ වගේම මේක ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් විදිහට පළඳිනවානං කොන්ඩමය ගලවද්දි කඩදාසියකින් හෝ ටිෂූ කොළයකින් අල්ලලා කොන්ඩමයේ තැවරී ඇති යෝනි ස්‍රාවයන් අතේ නොගෑවෙන විදිහට පරිස්සමෙන් ගලවලා ඉවත් කරන්ඩ ඕනේ.මොකද මේ යෝනි ස්‍රාවයන් හරහානේ රෝගයන් පැතිරෙන්නේ.පුරුෂයින්ගේ නම් ශුක්‍ර තරලය හරහා තමයි රෝගයන් පැතිරෙන්නේ.ඉතින් මුඛ සංසර්ගයේදී ශුක්‍ර තරලය හෝ සියුම් තුවාලවලින් පිටවන රුධිරය තැවරීමෙන් මුඛය හරහා රෝග බෝවීමේ අවධානමක් තියෙනවා.ඒ නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්තව කොන්ඩම් හදලා තියෙන්නේ.ඒ නිසා මතක තියාගන්ඩ අනාරක්ෂිත ඒ කියන්නේ තමුන්ට හරියටම විශ්වාස නැති කෙනෙක් එක්ක ලිංගිකව එක් වෙද්දී කොන්ඩමයක් හැම විටම පළඳින්න හෝ පළඳවන්න.

ගුද සංසර්ගයේ දී සාමාන්‍ය යෝනි සංසර්ගයකට වඩා තද බවක් තිබීමත් ගුදය සංසර්ගයකට හැඩ ගැසී නොතිබීමත් නිසා කුඩා තුවාල ඇතිවීමේ අවස්ථාව වැඩියි.ගුද රමණයකින් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග වැළඳීමේ අවධානම යෝනික සංසර්ගයක මෙන් පනස් ගුණයක් කියලයි කියන්නේ.සාමාන්‍ය කොන්ඩමයන් ගුද රමණයට සුදුසු වෙන්නේ නෑ.ඒවා පහසුවෙන් ඉරී යන්ඩ පුළුවං.ඒ නිසා ඒ වෙනුවෙන් නිපද වූ ඝණකම් කොන්ඩමත් මිලදී ගන්ඩ තියෙනවා.

කොන්ඩම පළදීන්නැතුව ඉන්ඩ කට්ටිය කියන නිදහසට කාරණයක් නේ සංවේදී භාවය අඩුවෙනවා කියන එක.හරියට ඇඳුං ඇඳං නානවා වගේ කියලනේ කියන්නේ.මේක ඇත්තටම මානසික කාරණයක්. සංවේදීභාවය සුළු වශයෙන් අඩු වෙන්ඩ පුළුවං.ඒ උනත් අවධානමක් ගන්නවට වඩා ඒක හොඳයිනේ නේද?.ඉතිං මේ සංවේදීභාවය අඩු වෙනවා කියන අයට තුනී බවෙන් වැඩි කොන්ඩමත් නිපදවලා තියෙනවා.

කොන්ඩමය මතුපිට ගැටිති සහ රැළි සහිතව නිපදවූ කොන්ඩම සංවේදීභාවය වැඩි කරනවා කියලයි කියන්නේ. මෙය උපරිම උත්තේජනයක් මඟින් උපරිම ආස්වාදයක් ගෙන දෙයි.

රෆ් රයිඩර් - රු. 70.00 :P

product_13.jpg


ප්‍රීති සුපර් - රු. 50.00 :P

product_11.jpg



තවත් කොන්ඩම වර්ගයක් තියෙනවා පිරිමියාගේ සුරාන්තය පමා කරවන.මේ කොන්ඩමයේ ශිෂ්ණයේ කෙළවර සංවේදීභාවය අඩුකරවන බෙන්සොකේන් කියන රසායනිකය තවරලා තියෙනවා.ඒකෙන් ශුක්‍ර මෝචනය සැලකිය යුතු ලෙස පමා කරවනවා.

ස්ටැමිනා - රු. 80.00 :P

product_14.jpg



ඒ වගේම ශිෂ්ණයේ සෘජු භාවය වැඩි කරවන රසායනිකයක් අඩංගු කොන්ඩමයකුත් නිපදවලා තියෙනවා.ඒකනම් තවම ලංකාවේ නෑ මම හිතන්නේ.



කාන්තා කොන්ඩමය :P

4065.jpg


9ab9cd5a1978433e_18d825b45725fe66_Photodisc.jpeg



මේක ලංකාවේ එච්චර ජනප්‍රිය නැති උනත් මිළ දී ගන්ඩ තියෙනවා.මේක නිසි විදිහට පාවිච්චි කළොත් සාමාන්‍ය කොන්ඩමයට වඩා ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් ලබා දෙනවා.මේක තරමක් විශාල කොන්ඩමයක්.මේක එක කෙළවරක් විවෘතයි.අනිත් කෙළවර වහලයි තියෙන්නේ.කොන්ඩමය ඇතුලේ රබර් වළල්ලක් තියෙනවා.මේ රබර් වළල්ල කොන්ඩමය ඇතුලෙම පොඩි වෙන විදිහට අල්ලගෙන යෝනි මාර්ගයට ඇතුළු කරගන්ඩ ඕනේ.එතකොට ඒ වළල්ල ගිහින් ඇතුලෙදි දිග ඇරිලා ගැබ් ගෙල වටේට සවි වෙනවා.එතකොට ගැලවිලා වැටෙන්නේ නෑ.

01.gif



මේ කොන්ඩමය පැළඳුවාම පිටත ඉතුරු වෙන කොටසෙන් බාහිර සහ අභ්‍යන්තර යෝනි තොල් ද ආවරණය වෙන නිසා තමයි මෙහි ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලට ඇති ආරක්ෂාව වැඩි වෙන්නේ.

femaledom-810x455.jpg
 
  • Like
Reactions: Dntec

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    joka ande nathnum valla bahinava kiyala deyak na... ubata one num joka adagena hitapan thoge valla kunu wela yanakan ma. yako ahenum vadan ge valla uba kiyana vidihata bima gavena ona... :growl:


    Adee jokku andama walla kunu wnewada
    :shocked::shocked:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    karagena yan machan.kattiyata prashna tibbothmath ans dennam
    good post

    මේ විශයට සම්බන්ද, ඕන දෙයක් මෙතන දාන්න. කිසිම අවුලක් නෑ. :cool:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    සාමාන්‍ය කොන්ඩමයන් ගුද රමණයට සුදුසු වෙන්නේ නෑ.ඒවා පහසුවෙන් ඉරී යන්ඩ පුළුවං.ඒ නිසා ඒ වෙනුවෙන් නිපද වූ ඝණකම් කොන්ඩමත් මිලදී ගන්ඩ තියෙනවා.

    puකේ අරින්නත් වෙනම condom තියනවා:shocked:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ලිංගික සංසර්ගය

    ලිංගිකව එක්වන්නේ කොහොමද? :shocked:


    ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන රාශියක් සහ අසභ්‍ය යැයි කියන වචන රාශියකින් මෙන්ම සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන වචන රාශියක් ව්‍යංගව භාවිතා කරලා මේ ක්‍රියාව හඳුන්වන එකෙන්ම මිනිස්සු මේක ගැන කොච්චර උනන්දුයිද කියලා තේරෙණවා.නමුත් ගැටළුව තියෙන්නේ කොච්චර උනන්දු උනත් මේ ගැන පැහැදිලි දැනුමක් ලබා ගන්ඩ තියෙන මාර්ග හරි අඩුයි.

    ගුරුවරු වැඩිහිටියෝ සහ දෙමව්පියෝ මේ ගැන කතා කරන එක ප්‍රතික්ෂේප කරද්දි මිත්‍රයින්ගෙන් ලැබෙන්නේ හරිම අපැහැදිලි ව්‍යාකූල තොරතුරු සමුදායක්.ඒ වගේම අනිකුත් තොරතුරු ලැබෙන මාධ්‍ය බොහොමයක තියෙන්නේ අතිශයෝක්තියෙන් කෙරෙන විස්තරයක් (නිල් චිත්‍රපට හෙවත් වැල, සහ අසැබි පත්තර ).ඉතින් මේ විදිහට දැනුම අතින් අසම්පූර්ණව ලිංගික ජීවිතයට පිවිසෙන්න වෙන එක දකින්නේ අපරාධයක් විදිහට.මොකද අපි කරන හැම ක්‍රියාවක්ම අවසානයේ සංකේන්ද්‍රණය වෙන්නේ ලිංගිකත්වයටයි කියලා 'ගැනොන් මහත්මයා ලියපු වෛද්‍ය විද්‍යා භෞතවේදය කෘතියේ සඳහන් වෙනවා.

    ඉතින් එහෙව් එකේ මේ ගැන හොඳ දැක්මක් සහ අවබෝධයක් ඇත්නම් ජීවිතේ තෘප්තිමත් කරගන්ඩ ලොකු පිටිවහලක් වේවි කියලා හිතනවා.කට්ටිය බලලා ඇතිනේ 'බ්ලූ ලැගූන්' කියන චිත්‍රපටිය.ඒකෙ දැක්වෙන විදිහටම තමයි ඇත්තටම ලිංගික සම්බන්ධයක් සඳහා පෙර දැනීමක් අවශ්‍ය නෑ.නමුත් තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් සඳහා හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.ඒ වගේම සමහරුන්ට මේ අවබෝධය නිකම්ම ඇතිවෙන්නෙත් නෑ.ඒ නිසා තමයි බැඳපු අය ළමයි නෑ කියලා ක්ලින්ක් එකට ආවම ඒ අය නිසි ආකාරයෙන් ලිංගිකව එක්වෙනවද කියලා අපි හරියටම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙන්නේ.



    හරි ඔන්න මූලිකම තැන ඉඳලා විස්තර කරන්ඩයි යන්නේ :)

    ලිංගික සංසර්ගය කියන්නේ පිරිමියාගේ සෘජු වෙච්ච ශිෂ්ණය ගැහැනියගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ඇරඹෙන ක්‍රියාවලියක්.ඊට පස්සේ ඉන්පසු පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ (බොහෝවිට පුරුෂයාගේ) කටී ප්‍රදේශය ඒ කියන්නේ උකුල් ප්‍රදේශය රිද්මයානුකූලව චලනය කිරීම මගින් ශිෂ්ණය යෝනි මාර්ගය තුලම ඉදිරියට හා පසුපසට චලනය කරවීම සිද්ධ වෙනවා.මෙහිදී පුරුෂයාගේ ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශයේ ඇති ස්නායු අග්‍ර යෝනි බිත්තියේ ඇතිල්ලීම නිසා ජනනය වෙන ස්නායු ආවේග මොළය කරා ගමන් කිරීමෙන් පස්සේ තෘප්තිමත් එහෙම නැත්නම් සතුටුදායක හැඟීමක් මොළයේ ජනනය වෙනවා.

    ඒ වගේම ස්ත්‍රියගේ යෝනි බිත්තියේ ඇති ඇදීමට සංවේදී ස්නායු අග්‍ර මෙන්ම අනෙකුත් සංවේදී ස්ථාන (පස්සේ විස්තර කරන්නම් ) උත්තේජනය වෙලා ඒ ස්නායු ආවේග මොළයට ගෙන ගොස් තෘප්තිය නම් හැඟීම ජනිත කරවනවා.

    පුරුෂයාගේ සුරාන්තය හෙවත් Orgasm සිද්ධ වෙන්නේ ශුක්‍ර තරලය පිටත් වීමත් සමඟමයි.සුරාන්තය කියන්නේ ලිංගික තෘප්තියේ උච්චතම අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්.පුරුෂයෙක්ට සාමාන්‍ය යෝනික සංසර්ගයකදී සුරාන්තයට පත්වෙන්ඩ ගතවෙන්නේ මිනිත්තු 4ක් විතර කියලා තමයි කියන්නේ.ඒත් ගැහැනු කෙනෙක්ට මේ සඳහා මිනිත්තු 10-15ක් විතර ගත වෙනවලු.මෙන්න මේ වගේ තැන්වලදි තමයි දැනුම අවශ්‍ය වෙන්නේ.ලිංගිකත්වය ඇත්තටම තියෙන්නේ ඊළඟ පරම්පරාව ජනිත කිරීමට උනාට මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ සතුට ලබා ගැනීමේ සහ එකිනෙකා අතර ලොකු බැඳීමක් ඇති කර ගැනීමේ මාර්ගයක් විදිහටයි.ඒකනේ අනිත් සත්තු බොහොමයකගේ ලිංගික ක්‍රියා වසරේ යම් කාලයකට සීමා වෙලා තිබුණට මිනිස්සු වසර පුරාම ලිංගිකව එක් වීම සිද්ධ වෙන්නේ.ඉතින් පිරිමියා තමන්ගේ තෘප්තිය ලබාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවනම් ගැහැනියට ඒ තෘප්තිය ලැබෙන්නේ නැත්නම් ඇය කලකිරීමට පත්වීම හෝ වෙන තැනකින් ඒ සතුට සොයා යන්ඩ ඉඩ තියෙනවා.

    එතකොට මේ ලිංගික ක්‍රියාව මේ කියන ශිෂ්ණ යෝනි සංසර්ගයට සීමා වෙනවද? අපෝ නෑ.මිනිස්සු මේ ක්‍රියාවට විකල්ප රාශියක් හොයාගෙන තියෙන්නේ.



    ස්වයං වින්දනය

    මළලසේකර ශබ්ද කෝෂයේ ස්වයං වින්දනය විස්තර කරන්නේ අතින් පිරිමැද කරන ශුක්‍ර මෝචනය කියලා.ඒ උනාට මේක ගැහැනුන්ටත් අදාලයි.අපේ සංස්කෘතියේ ගැහැනුන්ගේ කන්‍යාභාවයට ලොකු අවධානයක් තියෙන නිසා සහ ගැහැනුන් එවැනි ක්‍රියා කිරීම අශ්ලීල යැයි මතයක් ගොඩ නගා ඇති නිසාත් බොහොමයක් ගැහැනු ඒ ක්‍රියාවට යොමු වෙන්ඩ බියක් දක්වනවා.පිරිමින් බොහොමයක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ සිය අතින් ශිෂ්ණය අල්ලාගෙන අත ඉදිරියට සහ පසුපසට චලනය කරවීමෙන්.ගැහැනුන්ට මේ සඳහා ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම කන්‍යාභාවය නැති අයට යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති 'G ස්පොට්' ලෙස හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයට සමාන වෙනත් උපකරණ භාවිතයෙන් සුරාන්තයට එළඹෙන්න පුළුවන්.

    gspot.jpg


    ඒ සඳහා විවිධ වර්ගවල කෘත්‍රීම උපකරණ හදලා තියෙනවා.ලංකාවේ මේවා හොයාගන්න එක එච්චර පහසු නැති උනාට ලෝකේ අනිත් රටවල මේවා පහසුවෙන් ලබා ගන්ඩ පුලුවන්.මේ උපකරණ අතර කෘත්‍රිමව කම්පණය වෙන ඒවා වගේම ක්ලිටොරිසය උත්තේජනය කරන සහ G ස්පොට් එක උත්තේජනය කිරීම සඳහාම විශේෂයෙන් නිපදවූ උපකරණත් දකින්න පුළුවන්.

    පිරිමින්ටත් කෘත්‍රීම යෝනි මිළදී ගන්ඩ පුළුවන්.ඒවාත් විවිධ වර්ගවලින් දකින්ඩ ලැබෙනවා.

    Untitled-1.jpg


    Untitled-2.jpg


    දැන් මේවා ගැන කිව්වේ මේවා ලංකාවේ හොයාගන්ඩ අපහසු උනාට මේවා ලංකාවට අවශ්‍යයි කියන මතේ මම ඉන්න නිසා.මොකද මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා නිසි ලෙස සැපිරුනේ නැති උනාම මානසිකව ආතතියක් නිර්මාණය වෙන්ඩ පුළුවන්.ගොඩක් වෙලාවට සමහරු සමාජයේදි පුපුරා හැලෙන්නේ මේ ලිංගික තෘප්තිය ප්‍රමාණවත්ව නොලැබීම නිසා වෙන්ඩ පුළුවන්.ඉතින් මේ ආතතිය වෙනත් විදිහකට පිට කරන්ඩ උත්සාහ කිරීම තුලින් වෙනත් සමාජීය ප්‍රශ්න නිර්මාණය වෙනවා වගේම ලිංගික අඩන්තේට්ටම් කිරීම් අපචාර ක්‍රියා ආදියටත් හේතුවක් වෙන්ඩ පුළුවන්.මේ කියන ස්වයං වින්දන ක්‍රමවේදය හැමදාටම පාවිච්චි කළයුතු දෙයක්ය කියලා මම කියන්නේ නෑ.ඒත් බිරිඳ දරු ප්‍රසූතියකට සූදානමින් ඉද්දි වගේම ඉන් පසුව ටික කාලයක් යනකං, හමුදාවේ ඉන්න සැමියා නිවාඩුවට ගෙදර එනකන් වගේම මැදපෙරදිග ගිය බිරිඳ ගෙදර එනකං වගේ අපි දකින ප්‍රයෝගික අවස්ථාවලට ස්වයං වින්දනය කියන්නේ බොහොම හොඳ විකල්පයක්.


    ගුද රමණය

    මේ කියන්නේ පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හෝ වෙනත් පුරුෂයෙකුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් සිදුකරන සංසර්ගයයි.යෝනි මාර්ගයට වඩා ගුද මාර්ගයේ ඇති තද භාවය සහ එම ක්‍රියාවේ ඇති අශ්ලීල භාවය සමහරුන් මේ ක්‍රමය වෙත යොමු කරවනවා.ඒ වගේම පිරිමි සමලිංගිකයින් ගුද මාර්ගය හරහා පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරවා ගැනීමටත් මේ ක්‍රියාව යොදා ගන්නවා.නමුත් මෙහිදී ගුද මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ ද තුවාල ඇති වීම මෙන්ම ගුද මාර්ගය විශබීජවල තෝතැන්නක් වීම බොහෝ විට ලිංගිකව සම්ප්‍රේශනය වන වගේම වෙනත් සාමාන්‍ය මුත්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති කිරීමට සමත් වෙනවා.මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ සමාජ රෝගයක් බෝවීමේ අවධානම සාමාන්‍ය ශිෂ්ණ යෝනි සංසර්ගයකදී මෙන් 50 ගුණයක වැඩි වීමක් ගුද සංසර්ගයේදී තියෙනවා කියන එක.


    මෞඛ සංසර්ගය

    මෙහිදී පුරුෂයාගේ ලිංගය ස්ත්‍රිය විසින් තොල් හා දිව ආශ්‍රිතව උත්තේජනය කරනවා.එමෙන්ම ස්ත්‍රියගේ ක්ලිටොරිසය හා අනෙකුත් සංවේදී ස්ථාන පුරුෂයා සිය දිවෙන් හා තොල් ඇසුරින් උත්තේජනය කිරීමත් අයත් වෙන්නේ මේ කාණ්ඩයටමයි.මේ ක්‍රියාවෙන් ස්ත්‍රියක් සුරාන්තයට පත් කිරීමට ද හැකි නිසා ස්ත්‍රියකට උපරිම ලිංගික තෘප්තිය ලබා දෙන්න මේ ක්‍රමය භාවිතා කරන්ඩ පුළුවං.වැදගත්ම දේ තමයි ස්ත්‍රීන් සුරාන්තයට පත් උනාට පිරිමින්ට වගේ ලිංගික හැඟීම් නැතිවෙලා යන්නේ නෑ.ඒ අයට අවශ්‍යනම් පිට පිට සුරාන්ත කීපයක් උනත් ලබාගන්ඩ පුලුවන්.ඒ නිසා ශිෂ්ණ යෝනි සංසර්ගයට පෙර ස්ත්‍රිය සුරාන්තයට පත් කිරීම ඇය තෘප්තිමත් කිරීමේ හොඳ ක්‍රමයක්.මුඛ සංසර්ගයේදීත් සමාජ රෝග පැතිරීමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්ත කොන්ඩම් (උපත් පාලන කොපු ) නිර්මාණය කරලා තියෙන්නේ.


    කළවා අතර සිදු කරන සංසර්ගය

    මෙහිදී ස්ත්‍රියගේ කළවා අතරට යම් ලිහිසි කාරකයක් දමා එකට ළං කළ කළවා අතරින් ශිෂ්ණය ගමන් කරවා සංසර්ගයේ යෙදෙනවා.මේ ක්‍රියාව බොහෝ විට සිද්ධ කරන්නේ ස්ත්‍රියගේ කන්‍යාභාවය රැක ගැනීමට සහ දරු පිළිසිඳීමක් වළක්වා ගැනීමට.මේ වගේම පියයුරු අතර ශිෂ්ණය තබා සංසර්ගයේ යෙදීමත් දකින්ඩ පුළුවන්.මේ කුමන ක්‍රමය භාවිතා කලත් යෝනි මාර්ගය අවට ශුක්‍ර තරලය ගෑවීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්ඩ පුළුවන්.ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන එක හොඳයි.

    සමලිංගිකත්වය මානසික රෝගයක් විදිහට දැං සැලකෙන්නේ නෑ.ඒ උනත් එහෙම නොවෙන එක එහෙම වෙනවට වඩා හොඳයිනේ.ඒත් ඉතිං සමහරුන්ට එහෙම නැතුවම බැරි වෙනවා.ඉතිං එහෙම අය අනිත් අයව පොළඹවා ගන්නැතුව තමුන් වගේම වෙන කෙනෙක් හොයාගන්නවනං තමයි හොඳ.

    එයිට අමතරව සතුන් එක්ක ලිංගිකව එකතු වීම සහ මෘත ශරීර සමඟ ලිංගිකව එකතු වීම ආදී මානසික රෝගමය තත්ත්ව ඇති අයත් සමාජයේ ඉන්නවා.අනිත් භයානකම කට්ටිය තමයි බාල අපරාධ සිද්ධ කරන්නන්.ඔවුන් කුඩා දරුවන් සිය ලිංගික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ කුඩා දරුවන්ගේ ප්‍රතිරෝධය අවම වීම නිසා වගේම මානසිකව ඔවුන් රෝගීන් වීම නිසයි.

    කෙසේ වෙතත් ලංකාවේ ශිෂ්ණ යෝනි සංසර්ගය හැර අනෙකුත් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය යටතේ නීතිය ඉදිරියේ වරදක්.ඒ කියන්නේ ස්වයං වින්දනය, ගුද රමණය, මෞඛ සංසර්ගය ආදී සියල්ලම අශ්ලීල ක්‍රියා ලෙස නම් කරලා දඬුවම් කරන්ඩ පුළුවන්.මේවා ආගමික බලපෑම් මත සෑහෙන කාලෙකට ඉස්සර සම්මත උනු නමුත් සංශෝධනය විය යුතු යල් පැනගිය නීති.නමුත් කවුරුත් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ.ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් හොඳේ...

    Untitled-sex.jpg


    මේ රූපේ තියෙන්නේ ලිංගික ක්‍රියාවේදී භාවිතා වෙන ලිංගික ඉරියව් කීපයක්.ඒවා අතරින් මුලින්ම තියෙන ඉරියව්ව තමයි බහුලවම භාවිතා වෙන්නේ.තමංගේ සහකරු/සහකාරියගේ කැමැත්ත ඇතුව අනිත් ඕනෑම ඉරියව්වක් භාවිතා කළාට ගැටළුවක් නෑ.වැදගත්ම දේ තමයි අන්‍යොන්‍ය අවබෝධය.

    විශේෂ ස්තුතිය : දිනුක සහෝදරයාට
     
    Last edited: