" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.
මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.
උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.
මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "
" කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."
" මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.
එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
…මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ."
-මහාචාර්‍ය නලින් ද සිල්වා-