මිනිස්සු දිනා ගැනිමේ ඉහළ හැකියාවක් කියලා ඕක අගය කරන්න හොඳ දෙයක් නෙවෙයි. එහෙනම් අපි මධුෂ්ලවත් අගය කරන්න ඕන මිනිස්සු දිනාගෙන ලොකු ව්‍යාපාරයක් හැදුවා කියලා. දුමින්ද සිල්වා, ලාන්සා මිනිස්සු දිනාගෙන ඉන්නෙ. මහින්ද ඇතුළු පරම්පරාවේ ඔක්කොමත් එහෙමනේ. කොහෙන්ද සල්ලි ආවේ කියන ප්‍රශ්නෙ අහන්න ඕන.
එතකොට අර්ජුන් මහේන්ද්‍රන් ඒ කාලේ ආණ්ඩුවෙ උන්ව දිනාගෙන උගේ වැඩේ කරගත්තා. ඒකත් ඒ පදනමෙන් අගය කරන්න වෙනවා එහෙනම්.
අනිත් අතට බැලූවම මේවා දකින වෙන කෙනෙක්ගෙ ඔලුවට යන්නෙ මෙහෙම ඕන දෙයක් කරලා ධනවත් උනාට පස්සේ සල්ලි වලින් ජඩකම් වහගන්න පුළුවන් කියලා.
මිනිස්සු දිනා ගෑනීම කියලා කිව්වට මම ඒක විස්තර කලේ නෑනේ.
බුවා ලන්කාවේ සෙලෙක්ට් වෙලා තියෙන්නේ එන් ඩී ටී කරන්න. අර ධම්මික පෙරේරා වගේම. ඊලගට මිනිහා ප්‍රසිද්ධ ගාමන්ට් එකක අර මෑනේජ්මන් ට්‍රේනින් කියලා තියෙන්නේ. අන්න එහෙම තෑනකට සෙට් වෙලා. කියන විදිහට එතනට ගිහින් බොහොම පොඩි කාලෙකින් ගාමන්ට් එකේ උනන්දුවා වෙලා ලොක්කන්ට ගොට්ට එහෙම අල්ලලා එතන මාර ඉක්මනට උඩට ඈවිත්. ඊලගට එතනට ආපු පිටරට බයර් කෙනෙක් මූට සෙට් වෙලා. ඌ තමා මෑන්ස්ව ඩුබායි වලට අදුන්වලා දීලා තියෙන්නේ. මෑන්ගේ සල්ලි වලින් තමා එහෙ පලවෙනි බිස්නස් එකට සෙට් වෙලා තියෙන්නේ. එතනදී බුවා දෑනගෙන තියෙනවා ඒ ඒරියා එකේ වොශින් කරන්න, ඒ කියන්නේ අර ඩෙනිම් වල පාට වෙනස් කරන්න පහසුකම් නෑ කියලා. ඊලග බිස්නස් එක ඒක, ඊලගට කේටරින්. ඩුබායි ඒ ඒරියා එකේ සමාගම් වලට හරි හමන් ෆුඩ් සප්ලයි එකට විසදුමක් නෑති ප්‍රශ්නෙට මිනිහා උත්තරේ දීලා. මේ හෑම අවස්ථාවක්ම ලෑබිලා තියෙන්නේ ගිය හෑම තෑනම මිනිස්සු දිනා ගෑනීමෙන්. මිනිස්සුන්ට පණ දෙන්න වගේ සෑලකීමෙන් එහම නෑත්නම් තදටම ගොට්ට ඈල්ලීමෙන්. ඒකෙත් කලාවක් බන්, හෑකියාවක්,