පුදුම විදිහේ දුකක් දැනුනා මේක දැක්කම

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    පුදුම විදිහේ දුකක් දැනුනා මේක දැක්කම

    ඒ මහා අපරාධය සිද්ධ වන්නේ මීට අවුරුදු විසි හතකට පෙරය. එනම් එකදාස්‌ නවසිය අසූ හතේය. දිනය ජූනි දෙවෙනිදාය. අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ සිටි කුඩා භික්‌ෂූන්වහන්සේලා අම්පාර මහාවාපි විහරස්‌ථානයට වැඩම කර සිටියේ පසුදා හිමිදිරියේම ධර්ම චාරිකාවක්‌ ස`දහා පිටත්ව යැමටය. පරිවේණාධිපතිව වැඩ උන්නේ හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ය.
    දකුණු පුරවරයේ හෑගොඩ ප්‍රදේශයේ ඉපදී හෑගොඩ නීග්‍රෝධාරාමයේදී පැවිදි බිමට ඇතුළු වු හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් දිගාමඩුළු මිටියාවතට පා තැබුවේ 1956 දීය. වග වළසුන් ගහන ගල්ඔය මිටියාවතේ එවකට තිබුණේ බෞද්ධ විහාර 04 ක්‌ පමණය. කුල දරුවන් පැවිදි කරමින් දිගාමඩුළු මිටියාවතේ විහාරස්‌ථාන 40 ක්‌ පමණ ඇති කරමින් ගම් නියම්ගම් පුරා ධර්මය ප්‍රචාර කරමින් දිගාමඩුළු ශාසනික දියුණුවේ නායකත්වය ගෙන කටයුතු කරමින් සිටියේa උන්වහන්සේය.
    හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ප්‍රමුඛ සාමනේර හිමිවරු 1987 ජුනි 02 වැනිදා අම්පාරෙන් පිටත්ව මහනුවරට ගොස්‌ දළදා සමිඳු ද වැද පුදාගෙන කැලණියට ගොස්‌ එකල තිබු කතරගම ගම් උදාවට පින්ඩපාතයෙහි වැඩම කරමින් ධර්මය ප්‍රචාර කරන්aනට සූදානම්වී සිටියහ. පා ගමනින් කතරගම දක්‌වා වැඩම කිරීම උන් වහන්aසේගේ අභිප්‍රාය වුවේය. නායක හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වු කැලණිය විශ්වවිද්‍යාලයේ එවකට අධ්‍යාපනය හදාරමින් සිටි කිරිඳිවැල සෝමරතන හිමියන් තම නායක හාමුදුරුවන් ඇතුළු හිමිවරු පිළිගැනීමට සූදානම්ව උන්හ.
    මෙතැන් සිට පෙළ ගැසෙන්නේ මේ ම්ලේච්ඡ සංහාරයෙන් දිවි ගලවාගත් හිමිවරු තිදෙනා අතර වැඩසිටි හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන්ගේ මතකය.



    ඉස්සුවෙි මෙිකෙන් http://www.lassanalokaya.info/aranthalawa/
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හසලක ගාමිණී කියන්නෙත් ඔතන ඉඳල බේරුණ හාමුදුරු කෙනෙක් සිවුරු හැරල හමුදාවට බැඳුන .