අදට තිස් වසරයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අදට තිස් වසරයි

    සෑම බෞද්ධයෙක්ම විනාඩි 5ක් වෙන් කරලා මේක කියවන්න.
    කුරීරු LTTE සංවිධානය අපේ මහා සංඝරත්නය කපලා කොටලා අපවත් කරේ මෙහෙමයි.

    අරන්තලාවම ලේ විලක් කරලා අදට තිස් වසරයි – මිනීමරුවා තාමත් නිදැල්ලේ..!


    ඒ මහා අපරාධය සිද්ධ වන්නේ මීට අවුරුදු තිස් වසරකට පෙරය. එනම් එකදාස්‌ නවසිය අසූ හතේය. දිනය ජූනි දෙවෙනිදාය. අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ සිටි කුඩා භික්‌ෂූන්වහන්සේලා අම්පාර මහාවාපි විහරස්‌ථානයට වැඩම කර සිටියේ පසුදා හිමිදිරියේම ධර්ම චාරිකාවක්‌ සඳහා පිටත්ව යැමටය. පරිවේණාධිපතිව වැඩ උන්නේ හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ය.
    දකුණු පුරවරයේ හෑගොඩ ප්‍රදේශයේ ඉපදී හෑගොඩ නීග්‍රෝධාරාමයේදී පැවිදි බිමට ඇතුළු වු හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් දිගාමඩුළු මිටියාවතට පා තැබුවේ 1956 දීය. වග වළසුන් ගහන ගල්ඔය මිටියාවතේ එවකට තිබුණේ බෞද්ධ විහාර 04 ක්‌ පමණය. කුල දරුවන් පැවිදි කරමින් දිගාමඩුළු මිටියාවතේ විහාරස්‌ථාන 40 ක්‌ පමණ ඇති කරමින් ගම් නියම්ගම් පුරා ධර්මය ප්‍රචාර කරමින් දිගාමඩුළු ශාසනික දියුණුවේ නායකත්වය ගෙන කටයුතු කරමින් සිටියේa උන්වහන්සේය.

    හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ප්‍රමුඛ සාමනේර හිමිවරු 1987 ජුනි 02 වැනිදා අම්පාරෙන් පිටත්ව මහනුවරට ගොස්‌ දළදා සමිඳු ද වැද පුදාගෙන කැලණියට ගොස්‌ එකල තිබු කතරගම ගම් උදාවට පින්ඩපාතයෙහි වැඩම කරමින් ධර්මය ප්‍රචාර කරන්aනට සූදානම්වී සිටියහ. පා ගමනින් කතරගම දක්‌වා වැඩම කිරීම උන් වහන්සේගේ අභිප්‍රාය වුවේය. නායක හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වු කැලණිය විශ්වවිද්‍යාලයේ එවකට අධ්‍යාපනය හදාරමින් සිටි කිරිඳිවැල සෝමරතන හිමියන් තම නායක හාමුදුරුවන් ඇතුළු හිමිවරු පිළිගැනීමට සූදානම්ව උන්හ.

    මෙතැන් සිට පෙළ ගැසෙන්නේ මේ ම්ලේච්ඡ සංහාරයෙන් දිවි ගලවාගත් හිමිවරු තිදෙනා අතර වැඩසිටි හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන්ගේ මතකය.

    දෙවැනිදා පාන්දර 3. 00 පමණ වන විට සියල්ලෝම නැගිටලා ගමනට සූදානම් වුණා. හිමිදිරි උදෑසනම ගමන පිටත්ව යැමට සිටි නිසාවෙන් හීල් දානය වළඳන්නට සැලසුම් කර තිබුණේ මහියංගනයේදී. ඒ වන විටත් අම්පාර ලංගම ඩිපෝවේ 60 ශ්‍රී 3599 දරන තනි දොර කුඩා බස්‌ රිය මහාවාපි විහාරය ඉදිරිපිට නවතා තිබුණා. රියදුරු අසුණේ සිටි සමරපාල සහ කොන්දොස්‌තර ජීනදාසත් ,වසන්ත ජයවර්ධන නැමැති තරුණයාත් පුංචි හාමුදුරු කෙනෙකුගෙ තාත්තා කෙනෙක්‌ වුණ දේවාලහි`ද පදිංචි රත්නායක මාමත් එක්‌ක කණ්‌ඩායමේ ගිහි අය 4 ක්‌ හිටියා. සාමනේර හිමිවරුන් ඇතුළු භික්‌ෂුන් වහන්සේලා 40 කට අධික පිරිසක්‌ එම බස්‌ රියේ උන්නා. බස්‌ රථය අම්පාරෙන් පිටත්ව යද්දී ඔරලෝසුවේ වේලාව උදෑසන 6. යි.

    බස්‌රිය උහන නගරය පසු කළා. ඒ වනවිට නුවරගලතැන්න ගම්මානයට සහ අම්පාර මහඔය මාර්ගය දෙපස සිටි ජනතාවට විටින්විට කොටි ප්‍රහාරයන් එල්ලවුණා. ඒ හින්දම මේ පැත්තෙන් යනකොට පොඩි තිගැස්‌මක්‌ ඇතිවුණා. මංගලගම යුධ හමුදා කඳවුර පසු කරමින් ගිය බස්‌ රිය අරන්තලාව 28 කණුවට ආසන්න වුණා.

    එක්‌ වරම යුද හමුදා ඇඳුමෙන් සැරසුණු අයෙක්‌ මහ මාර්ගය මැදට පැන බස්‌එක නවත්වන්න කිවුවා. හමුදාවෙන් යෑයි සිතු කිසිවෙකුත් වැඩිය කලබල උනේ නෑ. බස්‌ එකට ගොඩවුණු හමුදා නිල ඇඳුම්ධාරියා ගිනි අවිය රියදුරු සරණපාල දෙසට එල්ල කරලා බස්‌ රිය මාර්ගයෙන් ඉවතට ගෙන කැලෑව තුළට ගන්නට අණ කළා.

    ‘මේ හාමුදුරුවෝ ටික වන්දනා ගමනක්‌ වඩින්නේ. කරදර කරන්න එපා, රියදුරු සමරපාල මාමා තුවක්‌කුව තිබුණ කොටියට කියනවා ඇහුණා. මගෙ ඇඟ සීතල වෙලා ගියා. බස්‌ රථය නතර කරන්නට කිව්වෙ යුද හමුදාවෙන් නොවන බව දැන් කාටත් පැහැදිලියි. නායක හාමුදුරුවන් වහන්සෙ බස්‌ රථයේ ඉදිරිපස අසුනේ වාඩිවී උන්නෙ. උන්වහන්සෙ සිදු වන්නේ කුමක්‌දැයි විමතියෙන් බලාගෙන උන්නා. මාර්ගයෙන් ඉවතට ගිය බස්‌ රථය ගුරු පාර දිගේ තේක්‌ක කැලය දෙසට කිලෝමීටර කාලක්‌ පමණ ගියා. ඒ සමගම කොටි කණ්‌ඩායමක්‌ බස්‌ රිය වටකළා. බසය නවත්වන්නට අණ ලැබුණෙ ඉන් පස්‌සෙයි.

    මම උන්නෙ බස්‌එකේ පිටිපස්‌සෙ. පොඩි හාමුදුරුවරු බයවෙලා බලාගෙන හිටියා. බස්‌එක කැලෑවට රැගෙන ආ කොටියා බැස්‌සා. බස්‌ රථයට ගොඩවු තවත් කොටියෙක්‌ මනි, වොච්, යෑයි කියමින් බස්‌ රථය තුළ සිටි හිමිවරුන්ගෙන් සහ ගිහියන්ගෙන් මුදල් සහ ඔරලෝසු එකතු කරන්නට ගත්තා. ඔහුත් බසයෙන් බැස්‌සා.

    පස්‌සෙ බස්‌එක අරන් ආව කොටියා ආයෙත් බස්‌ එකට ගොඩවුණා. ඒ කොටියා මුලින්ම ගියේ රියදුරු සමරපාල මාමා ළඟට.

    ‘මම ළමයි 06 දෙනකුගේ තාත්තා කෙනෙක්‌. මාව මරන්න එපා. සමරපාල මාමා වෙව්ල වෙව්ලා කිව්වා. ඒ එක්‌කම එක පිට එක නිකුත් වූ වෙඩි පහරින් සමරපාල මාමගේ සිරුර පසාරු වී ගියා. පණ ගිය සිරුර සුක්‌කානම උඩට වැටුණා.

    ඒ එක්‌කම බස්‌ රථයට ගොඩවුනේ මිටි මහත මස්‌වැද්දෙකුගේ භයංකර පෙනුමැති ත්‍රස්‌තවාදියෙක්‌. ඌ අතේ කඩුවක්‌. අපි හැමෝම බියෙන් විකල් වෙලා. පුංචි හාමුදුරුවරු ජීවිතය ඉල්ලලා ලතෝනි දිදී හඬනවා. මට ඒ හැම හඬක්‌ම යටපත් කරගෙන ලොකු හාමුදුරුවන් වහන්සේගේ කටහඬ ඇහුණා.

    ‘ඕනනම් මාව මරා දමපල්ලා. හැබැයි මගේ දරුවෝ ටික මරා දමන්න එපා’ නායක හාමුදුරුවන් වහන්සෙට කියන්න උනේ එච්චරයි. උන්වහන්සේගේ හිසට කඩු පහරක්‌ එල්ලවුණා. ඒත් ඒ පාර ලොකු හාමුදුරවන්ට නොවැදී මහත් හඩක්‌ නන්වමින් බස්‌එකේ වැදුනා. ඒ මෘගයා තවත් කඩු පහරක්‌ එල්ල කළා. ඒ කඩු පහරින් නායක හිමියන්ගේ සිරුරෙන් ලේ දහරාවක්‌ විසිවුණා.

    කඳ හිසින් වෙන්ව ගියා. ඊටපස්‌සෙ දැක්‌කෙ මිනිහෙක්‌ මේ ලෝකෙදි දකින්න පුළුවන් අන්තිම බිහිසුණු දර්ශනයක්‌. මේ ම්ලේච්ඡයා ලොකු හාමුදුරුවන් වහන්සේගෙ සිරුර පෙත්තෙන් පෙත්ත කපා දමන්නට වුණා. එකෙක්‌ නායක හිමියන් කපා දමද්දී තවත් එකෙක්‌ ටී 56 වර්ගයේ ගිනි අවියකින් උන්වහන්සේට දිගටම වෙඩි තිබ්බා. පුංචි හාමුදුරුවරු එක දිගට කෑ ගැසුවා. ඇතැම් හිමිවරු බස්‌ රථයෙන් හිස එළියට දමා උදව් ඉල්ලා කෑ මොරදුන්නා.

    ‘මට කරන්න දෙයක්‌ තිබුණේ නැහැ. බස්‌ රථයෙන් ඇහෙන්නේ එකම මර ළතෝනියයි. මට ඒ මොහොතේ මගේ අම්මා තාත්තා මතක්‌ වුණා. මම මගේ ඔලුව ඔඩොක්‌කුවේ ගසා ගත්තා. කෙසෙල් කඳන් කපනවා වගේ හාමුදුරුවන් කපා දමන අයුරුත් චිරිස්‌ ගාලා ලේ විසි වන අයුරුත් ඇසුනා.

    ඒ එක්‌කම භික්‌ෂූන් වහන්සේලා වේදනාවෙන් කෝදිරි ගාන ශබ්දයත් ඇසුනා. එළියේ සිටි කොටින් එක දිගට බස්‌ රථය වටේටම වෙඩි තියන්නට වුණා. වේදනාව දරා ගැනීමට නොහැකිව භික්‌ෂුන් වහන්සේලා කෝදිරි ගාන ආකාරය මට දරා ගැනීමට නොහැකි වුණා. මම දැඩි කම්පනයට පත් වුණා. යෑයි හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් එදා සිදු වූ එම බිහිසුන සිදූවීම අප සමග පැවසූහ.

    දැන් වෙඩි හඩ මැකිලා ගියා. භික්‌ෂුන් වහන්සෙලා වෙඩි වැදී කැපී කෙටී ගිය තුවාල සහිතව වේදනාවෙන් කෝදිරි ගානා හඩ ඇසුණා. එක්‌වරම වෙඩි පහරවල් වැදී බිඳී ගිය වීදුරු කැඩී මහා ශබ්දයක්‌ නගමින් බිම ඇද වැටුණා. බස්‌ රියෙහි සිටි සියල්ලෝම මිය යන්නට ඇතැයි හිතුණා.

    කොටියන්ගේ ශබ්දය නැතිවෙලා ගියා. හිමිහිට හිස ඔසවා බැලුව මං දැක්‌කෙ නායක හිමියන් ලේ විලක්‌ මැද වැටි සිටින අයුරුයි. දකුණු පැත්තෙ සිටි මාපකඩ විපුලසාර හිමියන් දෙස බැලු විට දුටුවෙ ලේ පිපාසිත මෘගයන්ගේ කඩු පහරට ලක්‌ව උන් වහන්සේගේ හිස දෙපලු වී ඇති විදිහයි. මොලයේ කොටස්‌ සී සී කඩ විසිර තිබුණා. අසුනේ අනෙක්‌ පස සිටි වාවින්නේ ගුණවංශ හිමියන්ද ඉතා බිහිසුණු ලෙස මරා දමා තිබුණා.

    මට හිතුණා බස්‌ එකෙන් බැහැලා දුවන්න. නැවතත් කොටින් පැමිණ බේරුනු අය සිටිනවාදැයි බලා කපා කොටා වෙඩි තබා මරාදමාවිද කියලත් හිතුණා. උන් තැබූ වෙඩි උන්ඩ සිරුරට කිඳා බැස තිබුණා. එන වේදනාව ඉවසන්න බෑ. ඒත් හිස ඔසවා සිටින්නට බයයි. ඒ හින්දා නැවතත් හිස ඔඩොක්‌කුවේ ගසාගෙන විනාඩි 20ක්‌ 30ක්‌ පමණ සිටියා . එතකොට සද්දයක්‌ ඇහුණා. තුවාල වෙච්ච හාමුදුරුවරු ඉන්නවා නම් එළියට එන්න, අපි හමුදාවෙන් යනුවෙන් කවුදෝ කතා කළා . නමුත් බස්‌ රථයෙන් විටින් විට නැගෙන කෙඳිරිලි හඬ ඇරෙන්නට බස්‌ රථයෙන් කිසිම ශබ්දයක්‌ ආවෙ නෑ. අපි හමුදාවෙන්. බේරුනු හාමුදුරුවන් ඉන්නවා නම් එළියට එන්න. බය වෙන්න එපා. එහෙම කියලා හමුදාවේ පිරිස්‌ බස්‌ එකට ගොඩවුණා. මාත් එක්‌කම තියුණු කඩු පහරට ලක්‌ව ජීවත්වෙන්න වාසනාව ලද හාමුදුරුවරු කිහිපදෙනා විලාප තබමින් නැගී උන්නා. උන්වහන්සේ කීහ. තුවාලවී සිටි හිමිවරුන් අම්පාර රෝහලට කඩිනමින් රුගෙන යන ලදි. එතනින් වැඩි දුර ප්‍රතිකාර සඳහා නැවතත් නුවර රෝහලට මාරු කර යවනු ලැබුවේ ඇතැම් හිමිවරුන්ගේ තත්වය බරපතලව තිබූ බැවිණි.

    ඒ වන විටත් අමන තිරිසනුන්ගේ සාහසික අපරාධයට ගොදුරුව හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළුව හිමිවරුන් 31 නමක්‌ සහ බස්‌ රියෙහි රියදුරු සමරපාල හා කොන්දොස්‌තර ජිනදාසත්, වසන්ත ජයවර්ධන යන ගිහි පිරිසත් සමගින් 34 දෙනකු මියගොස්‌ තිබිණි.

    තම නායක හිමියන් සහ අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා කපා කොටා ඝාතනය කරමින් සිටිද්දි දම්බරාවේ සෝනුත්තර හිමියෝ සිය හිස පාත්තරයට දමා ගත්හ. එය දුටු ත්‍රස්‌තයින් පාත්තරයට වෙඩි තබා තිබුණද එම වෙඩි උන්ඩ පාත්තරයද සිදූරු කර සෝනුත්තර හිමියන්ගේ හිස කෙස්‌ පුච්චා දැමුවේය. ආශ්චර්යයකින් හානියක්‌ සිදු නොවුනි. උන් වහන්සේට දිවි ගලවා ගන්නට හැකි විය. මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් වලල්ලාවිට විමලඤාණ හිමි, ආඳා උල්පත බුද්ධසාර හිමි, හා හඟුරන්කෙත පුඤ්ඤසාර හිමි තුවාල වලට වසර ගණනාවක්‌ ප්‍රතිකාර ලබා ගත්තේය. එම ප්‍රහාරයෙන් තුවාල ලැබු ආඳා උල්පත බුද්ධසාර හිමි සදාකාලිකවම ආබාධයට ලක්‌වී බිබිල රිදීමාලියද්ද ප්‍රදේශයේ විහරස්‌ථානයක වැඩ වෙසෙති. හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන්ද මේ වන විට අම්පාර සාම විහාරයේ විහාරාධිපති හිමි ලෙස කටයුතු කරනු ලබති.

    මේ අපරාධය සිදුකර වසර 27 ක්‌ ගත වන විට කොටි ත්‍රස්‌තවාදීහු ඊට හිමි වන්දිය විඳ සිටිති. මේ අමානුෂික ම්ලේච්ඡ ඝාතනයට ලක්‌ වු සියලු දෙනා හට පිං පෙත් අනුමෝදනා කරමින් අරන්තලාව බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති උතුරු නැගෙනහිර පිරිවෙන් අධ්‍යක්‌ෂක කිරිඳිවෙල සෝමරතන හිමිපාණන් සෑම වසරකදීම වැඩ සටහන් රැසක්‌ සිදු කරමින් සිටිති.

    මේ වන විටත් සෝමරතන හිමියන් විසින් එලෙස මහ සඟරුවන ඝාතනය කළ ස්‌ථානයේ එම හිමිවරුන් ගමන් ගත් බස්‌ රිය යොදා අරන්තලා භික්‌ෂූ ස්‌මාරකයක්‌ සාදා නිම කර තිබේ. එම භුමිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කරමින් මෙවරද එම දිනය සිහි කර පුණ්‍යකර්ම රැසක්‌ සංවිධානය කර තිබේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Own aparada Mona.tharam.unada ban okata sambanda.karuna.porata kawada Jo vidawanna labeyi.

    Own nathara karapu mahindawane ubala.ellanna on kiwuwe
    Dan kiyayi
    Karunawa mahindawane hurathal karanawa kiyala eth.pora ekiya ratak kiyanna thanata awaane

    Niwan.suea.labewa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Own aparada Mona.tharam.unada ban okata sambanda.karuna.porata kawada Jo vidawanna labeyi.

    Own nathara karapu mahindawane ubala.ellanna on kiwuwe
    Dan kiyayi
    Karunawa mahindawane hurathal karanawa kiyala eth.pora ekiya ratak kiyanna thanata awaane

    Niwan.suea.labewa

    මම මේක දැම්මේ කිසිම දේශපාලකයෙක්ව පුම්බන්න හෝ පාගන්න නෙවෙයි. අපේ ස්වාමීන්වහන්සෙලාව එදා LTTE අමනයො අපවත් කරපු විදිහ නොදන්න අයට දැනගන්නත්, දන්න අයට මතක් කරලා දෙන්නයි මම මේක දැම්මේ.

    ඒත් උබ?

    පේලි 5යි. 3ක්ම දේශපාලනේ වෙනුවෙන්. බෞද්ධයට ගිය කලක්. උඩ බලන් කෙල ගහන්නත් බෑ. ලැජ්ජයි බන්.


    rep+
    duka hithuna

    රෙප් බැක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් කියන්න එපා කොටින්ට කඩේ යනව කියල .. ඒ උනත් මේකත් බලන්න ..


    යාපනේ ලයිබ්රිය ගිනි තියල අදට වසර 36යි :sorry:


     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මම මේක දැම්මේ කිසිම දේශපාලකයෙක්ව පුම්බන්න හෝ පාගන්න නෙවෙයි. අපේ ස්වාමීන්වහන්සෙලාව එදා LTTE අමනයො අපවත් කරපු විදිහ නොදන්න අයට දැනගන්නත්, දන්න අයට මතක් කරලා දෙන්නයි මම මේක දැම්මේ.

    ඒත් උබ?

    පේලි 5යි. 3ක්ම දේශපාලනේ වෙනුවෙන්. බෞද්ධයට ගිය කලක්. උඩ බලන් කෙල ගහන්නත් බෑ. ලැජ්ජයි බන්.




    රෙප් බැක්



    ube hari, munta hamavelema poltics
    :sorry::sorry::sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දැන් කියන්න එපා කොටින්ට කඩේ යනව කියල .. ඒ උනත් මේකත් බලන්න ..


    යාපනේ ලයිබ්රිය ගිනි තියල අදට වසර 36යි :sorry:

    නෑ නෑ කවුරුත් එහෙම කියන්නෙ නෑ බන්.

    ශ්‍රී මහා බෝධිය, දළඳා හමුදුරුවො, සංඝරත්නය අපේ රටේ බෞද්ධයා තමන්ගෙ ගිහි ජීවිතේ පවා කැප කරලා මේ රටේ ආරක්ෂ කරපු දේවල්නේ බන්. ඉතින් අනිත් දේවල් වලට සාපේක්ෂව අපිට ඒ දේවල් ගොඩක් සංවේදියි. ඒකයි මම මේක දැම්මෙ. උබ දානකම් මට ඕක මතක් උනෙත් නෑ.

    රෙප්+



    ube hari, munta hamavelema poltics
    :sorry::sorry::sorry:

    :(:(
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දැන් කියන්න එපා කොටින්ට කඩේ යනව කියල .. ඒ උනත් මේකත් බලන්න ..


    යාපනේ ලයිබ්රිය ගිනි තියල අදට වසර 36යි :sorry:



    baudda virodi sahajivana jeppek detected, bola oya library eka gini tiyanna hetuwa kiyanna issella...:yes::yes::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Own aparada Mona.tharam.unada ban okata sambanda.karuna.porata kawada Jo vidawanna labeyi.

    Own nathara karapu mahindawane ubala.ellanna on kiwuwe
    Dan kiyayi
    Karunawa mahindawane hurathal karanawa kiyala eth.pora ekiya ratak kiyanna thanata awaane

    Niwan.suea.labewa
    තූ... නොද්දකිං :growl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    baudda virodi sahajivana jeppek detected, bola oya library eka gini tiyanna hetuwa kiyanna issella...:yes::yes::yes:


    ලොල් .. එහෙනං මං ඔබතුමා නියෝජනය කරන සිංහල බෞද්ධ ජාතිකවාදී දේශහිතෛශී ජාතිමාමක දේශප්‍රේමී බලවේගයේ හිත් රිදෙන්නේ නැති විදිහට සහ එලකිරියෙන් තව ටිකක් රේප් එකතු කරගන්න පුළුවන් විදිහට මගේ රිප්ලයි එක දාන්නද ? :lol: හා ඔකේ ..


    "හුරේ ... මීට වසර 36කට කලින් අද වගේ තවසක තමයි පර දෙමල්ලු අපේ සහෝදර සිංහල පොලිස් නිලධාරීන් තුන් දෙනෙක්ව මැරුව එකේ පලිය ගන්න අපි ජාතියක් විදියට එකතු වෙලා යාපනේ ලයිබ්රිය ගිනි තියල අපේ හයිය පෙන්නුවේ :cool: එකෙන් ඒ පරයෝ තේරුම් ගත්ත අපි එක්ක හැප්පෙන්න බැරි බව" :cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අරන්තාලාව හරහා වසර 5 ක් කියල පොතක් තියනවා කියවල බලපන්

    එත් එතින් මරපු මිනීමරුවෝ අද ජාතික වීරයෝ වෙලානේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම මේක දැම්මේ කිසිම දේශපාලකයෙක්ව පුම්බන්න හෝ පාගන්න නෙවෙයි. අපේ ස්වාමීන්වහන්සෙලාව එදා LTTE අමනයො අපවත් කරපු විදිහ නොදන්න අයට දැනගන්නත්, දන්න අයට මතක් කරලා දෙන්නයි මම මේක දැම්මේ.

    ඒත් උබ?

    පේලි 5යි. 3ක්ම දේශපාලනේ වෙනුවෙන්. බෞද්ධයට ගිය කලක්. උඩ බලන් කෙල ගහන්නත් බෑ. ලැජ්ජයි බන්.




    රෙප් බැක්

    Ubata mathak wenna.thamyi damme kade.giye Naha kiyanna ona.tika kiwuwa apita.owa amathaka nathi.ubalata kiyanne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ubata mathak wenna.thamyi damme kade.giye Naha kiyanna ona.tika kiwuwa apita.owa amathaka nathi.ubalata kiyanne

    rnil_ltte_support.jpg