අපිට ලෝකේ දිහා බලලා, වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්නම්, බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා, බුදු වෙලා, ධර්මය දේශනා කරන්න ඕනේ නැහැනේ බන්.
ඔය විදියටම තමයි මම කලින් හිතුවේ.
අපි පොඩිකාලෙ ඉඳලා අහලා දැකලා ඉගෙනගෙන තියෙන්නෙ ඕකනෙ. එතකොට අපි හැමදේම හිතන්න පුරුදුවෙලා තියෙන්නෙ ඔය පදනම මත ඔය දේවල් ඇත්ත කියලා. එතකොට ඔය තර්කෙ හරි, බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා, බුදු වෙලා තියෙන්නෙ ඒ හින්දා අපිට එච්චර ගැඹුරු දේවල් ලේසියෙන් අවබෝධ කරගන්න බෑ කියන එක.
ඔහොම තමයි අපේ දෙමව්පියෝ, ඊට කලින් හැමෝම පිලිගත්තෙ අවුරුදු සිය ගාණක් යනකන්. ඒකට විරුද්ධව කාටවත් හිතන්න හේතුවක් තිබ්බෙ නෑ ඒකට අභියෝග කරන්න වෙන ආගමක්, මතවාදයක් තිබ්බෙ නෑ මොකද බුද්ධාගමේ ඉගැන්වීම්වලට කිට්ටුවෙන් තමයි හින්දු ආගමේ ඉගැන්වීම් යන්නෙත්. ඒවාට සාපෙක්ෂව මෙහෙට පස්සෙ ආපු ආගම් සුරංගනා කතා වගේ කියලා හිතෙනවා.
හැබැයි දැන් අපිට ඉස්සර අපේ දෙමව්පියොන්ට ලැබුණෙ නැති තොරතුරු ලේසියෙන් ගන්න ක්‍රම තියෙනවා. අපි දැනට දන්න දේවල් අමතක කරලා ලෝකෙ අනිත් පැත්ත බැලුවොත් ඒ පැත්තෙත් මිනිස්සු ඔය වගේම දැඩි මතේක ඉන්නවා මේ ලෝකෙ දෙවිකෙනෙක් මැව්වා, එයාලව දෙවියො ආරක්ෂා කරනවා, etc. ඒ අයටත් අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙනවා, කතා ගොඩකුත් තියෙනවා. ඒ අයගෙ ජීවිතේ පොඩිකාලෙ ඉඳලම හැදිලා තියෙන්නෙ ඒ විශ්වාස මත. කොච්චර විද්‍යාව ඉගෙනගෙන දැනුම තිබ්බත් එයාලත් එයාලගෙ දෙවියෝ ගැන අපි අපේ බුදුන් ගැන තියෙනවා වගේ දැඩි විශ්වාසයක් තියෙනවා.
ඔය ආගම් දෙවර්ගෙම ඉතිහාසෙ බැලුවොත් පේන පොදු දේ තමයි එකක්වත් pure නෑ. බුද්ධාගම හැදිලා තියෙන්නෙ හින්දු ආගමේ සමහර කොටස් මත, ක්‍රිස්තියානි ආගම හැදිලා තියෙන්නෙ යුදෙව් ආගමේ කොටස් මත. තව ටිකක් ඈතට හොයලා බැලුවොත් ඔය ඔක්කොම ගස් ගල් ඉර හඳ සත්තු වඳින ආගම් විදියට පටන් අරගෙන අවුරුදු දහස් ගාණක එක එක වෙනස්කම් වලට එක එක සිද්ධිවලට, චරිත වලට අනුව වෙනස් වෙලා ආපු ඒවා කියලා පේනවා.
හැමෝම කරන්නෙ ආගමේ තමන් කැමති කොටස අදහලා අකමැති ටික අයින් කරන එක. එහෙම තමයි ආගම් ඇතුලෙ වෙන වෙන කොටස් හැදෙන්නෙ. ඕක බුද්ධාගමටත් අදාලයි අනිත් ආගම්වලටත් අදාලයි.
ඔය හේතුව හින්දා බුද්ධාගමේ කියලා තියෙන හැමදේම හරි කියලා අදහලා ඒකට සාපේක්ෂව ලෝකේ දිහා බලන එක මම නතර කරලා තියෙන්නෙ, ඒ වෙනුවට බුදුන් දේශනා කරා කියන දේවල් වලින් ප්‍රායෝගිකව අත්දකින්න පුලුවන් දේවල් මම පිළිගන්නවා.
Ex: හේතු ඵල, සිත මූලික වෙන එක, එදිනෙදා ජීවිතේ සමාජෙ හොඳින් ඉන්න පන්සිල්වල හරය, තමන්ට වෙනවාට අකමැති දෙයක් වෙන කෙනෙක්ට නොකරන එක, අනිත්‍ය බව, ඕනවට වඩා ඇලීම් නැතුව ඉන්න එක, ක්‍රියාවට ප්‍රතික්‍රියාව etc.
හැබැයි එකකට එකක් ගැලපෙන්නෙ නැති කොටස් ගැන විශ්වාස කරන්නෙ නෑ දැනට.
Ex: ආත්ම, පුනුරුප්පත්තිය, කුසල අකුසල කර්ම, ඍද්ධි බල, පන්සිය පනස් ජාතක, පිරිත් පැන් etc
මං ඔය දේවල් සමච්චලයට ගන්නෙත් නෑ, මොකද ඔවා සම්පූර්ණ ඇත්ත වෙන්න සම්භාවිතාවකුත් තියෙනවා අපි මේ ඉන්නෙ simulation එකක වගේ නම්. ඒත් දැනට පිළිගන්න සාධක මදි