පින් අනුමෝදන් නොවන්නෝ යමකු මැරීගොස් මනුෂ්‍ය ලෝකයෙහි උපන්නා නම් ඔහුට පින් ලැබෙන්නේ නැත, බලාපොරොත්තුවක් නැති හෙයිනි. මිනිස් ලොවැ උපන් අප කවුරුන් වත් ගිය ජාතියේ අපේ නෑයෝ කවරහු දැ යි නොදන්නා හෙයින් ඔවුන් ගැන බලාපොරොත්තුවක් නැත.
යමකු තිරිසන් ජාතියෙහි උපන හොත් ඔහුට ද පින් ලැබෙන්නේ නැත. බෝසත් තිරිසනකුට හැර සාමාන්‍ය තිරිසනුන් හට ගිය ජාතිය ගැන තබා මේ ජාතිය ගැන වත් හැඟීමක් නැති හෙයිනි, නරකයෙහි උපන්නහුට ද බලාපොරොත්තුවක් නැති නිසා පින් ලැබෙන්නේ නැත. නානා වීධ ප්‍රේතයන් අතර පරදත්තූපජීවී නම් ප්‍රේත නිකායක් වෙයි. ඔවුහු හැම විට ම පින් බලාපොරොත්තු වෙති. එහෙයින් ඔවුනට නම් නො වරදවා ම ලැබෙයි.
දෙවියන් අතර උපන හොත් බලාපොරොත්තුවෙන් සිටිය හොත් පින් ලබාගත හැකි වෙයි. දෙවියන් අතර උපදින බොහෝ දෙනාට අධිකතර සම්පත් නිසා මේ ලොවත් නෑදෑ හිතවත්තුන් අමතක වෙති. ඉදින් බලාපොරොත්තු වුව හොත් ලබාගත හැකි ය.
http://www.buddhistculture.net/3512353835143484353835143520354035053530-35243495-3508353835053530-350335393512.html