පුනර්භවය සහ පින්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පින් අනුමෝදන් නොවන්නෝ යමකු මැරීගොස් මනුෂ්‍ය ලෝකයෙහි උපන්නා නම් ඔහුට පින් ලැබෙන්නේ නැත, බලාපොරොත්තුවක් නැති හෙයිනි. මිනිස් ලොවැ උපන් අප කවුරුන් වත් ගිය ජාතියේ අපේ නෑයෝ කවරහු දැ යි නොදන්නා හෙයින් ඔවුන් ගැන බලාපොරොත්තුවක් නැත‍.

    යමකු තිරිසන් ජාතියෙහි උපන හොත් ඔහුට ද පින් ලැබෙන්නේ නැත. බෝසත් තිරිසනකුට හැර සාමාන්‍ය තිරිසනුන් හට ගිය ජාතිය ගැන තබා මේ ජාතිය ගැන වත් හැඟීමක් නැති හෙ‍යිනි, නරකයෙහි උපන්නහුට ද බලාපොරොත්තුවක් නැති නිසා පින් ලැබෙන්නේ නැත. නානා වීධ ප්‍රෙ‍්තයන් අතර පරදත්තූපජීවී නම් ප්‍රේත නිකායක් වෙයි. ඔවුහු හැම විට ම පින් බලාපොරොත්තු වෙති. එහෙයින් ඔවුනට නම් නො වරදවා ම ලැබෙයි.

    දෙවියන් අතර උපන හොත් බලාපොරොත්තුවෙන් සිටිය හොත් පින් ලබාගත හැකි වෙයි. දෙවියන් අතර උපදින බොහෝ දෙනාට අධිකතර සම්පත් නිසා මේ ලොවත් නෑදෑ හිතවත්තුන් අමතක වෙති. ඉදින් බලාපොරොත්තු වුව හොත් ලබාගත හැකි ය.

    http://www.buddhistculture.net/3512353835143484353835143520354035053530-35243495-3508353835053530-350335393512.html
     
    • Like
    Reactions: handysameera

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මමත් උඹ හිතන විදියට තමයි මචන් හිතන් හිටියේ මේ ලඟක් වෙනකම්ම. ඊට පස්සේ ඔය පින් දීම ගැනම තියෙන ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. බුදුන් වහන්සේ දේශනා කරපු සුත්‍රයක් විස්තර කලේ. ඒකෙ ඔක්කොම විස්තර ටික පැහැදිලිවම කියල තියෙනවා මචන්. තියෙන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායයෙහි ප්‍රේත වත්ථු වල.

    එකට අනුව පින් ගන්න පුළුවන් පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයට පමණයි.

    :)
    :) :)
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මල ගිය අයගෙන් පින් ලබෙන්නෙ අයට පමනක් වේ.නමුත් මගෙ අදහස නම් අපට ජීවත් වන ඔන කෙනෙක්ට පින් දීමට පුලුවන් වීමට පුලුවන්.

    මොකද අපි පන්සලේ දානයක් ආදී පිනක් කල විට අප පවුලේ සියලු දෙනට මෙ පින් ලබෙවා යනුවෙන් ප්‍රර්තනා කරයි.එසේ කරන්නේ එම පින් සියලු දෙනාටම අනුමොදන් වීමට හකි නිසාය.

    අනෙක බුදු හාමුදුරුවන්ගේ කාලයේ වාසය කල එක් බමුනෙක් මිය ගිය පසු එම ගෙදරම බල්ලෙක් වී ඉපදුන අවස්තාවක් ඈත.පසුව බුදු හාමුඩුරුවන් එය පෙන්ව දීමෙන් පසුව ඔහුගේ පුතා දාන මාන කර ඊ පින් අර බල්ලට අනුමොඅදන් කල බව සදහන් වේ.එයින් පහදිලි වන්නේ තිරිසනුන්ටත් පින් අනුමොඅදන් කල හකි බව නේද?
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    rep