පුනරුත්පත්තිය හා පුනර්භවය

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo
    පුනරුත්පත්තිය හා පුනර්භවය

    jeewana-chakraya.jpg


    ලෝකයේ සියලු ආගම් ගොඩනැඟී තිබෙන්නේ මිනිසාගේ ජීවිතය හා මරණය පදනම් කරගෙන ය. මරණයෙන් පසු ජීවිතය සදහටම කෙළවර වන බවත්, මතු පැවැත්මක් නොමැති බවත් පිළිගන්නා සමාජයක ආගමක් රඳා පවතින්නේ නැත. මරණයෙන් පසු මිනිසකුට සිදුවන්නේ කුමක් ද? යන්න තමන්ට යමක් ගැන සිතන්නට හා කියන්නට හැකි වූ දා සිට ම මිනිසුන් විසින් පිළිතුරු සොයනු ලබන ප්‍රශ්නයකි. ලෝකය පුරා විහි දී ඇති මානව සමාජ ඒ පිළිබඳව දරන නිගමන අනුව බිහි වූ විවිධ ආගමික විශ්වාස හා ඒ වටා බැඳුන ගුප්ත අවමංගල චාරිත්‍ර දහස් ගණනක් තිබේ.

    මරණයෙන් පසු කිසිම ආකාරයක ජීවිත පැවැත්මක් නැත යනු භෞතිකවාදීන්ගේ පිළිගැනීම යි. එම ඉගැන්වීම උච්ඡේදවාදය යනුවෙන් ද හැඳින්වෙයි. පුද්ගලයකුගේ මළසිරුර සොහොනට ගෙනගොස් දැමූ පසු ජීවිතය සදහටම නිමවෙයි. එම නිසා ජීවත්වන කාලය තුළ සැපසේසැප විඳින්න. මුදල් නැති නම්, ණයට හෝ ගන්න යැයි අතීතයේ භාරතයේ විසූ උච්ඡේදවාදීයකු වන චාර්වාක පවසා ඇත. අද වුව ද, ලොව බොහෝ දෙනා රුචිකත්වයක් දක්වන්නේ එම චින්තනයට යි. නමුත් ජීවිතයේ යථාර්ථය ඔවුන් සිතන ආකාරයේ දෙයක් නොවීම පොදුවේ අප කවුරුත් මුහුණපා තිබෙන ගැටලුව යි.

    මරණයෙන් පසු මිනිසාගේ පැවැත්මක් තිබේ. මිනිසා මරණයෙන් මතු නැවත උපදියි යන මතය පිළිගන්නා ආගම් ලෝකයේ බහුල ය. ඒවා එකිනෙකට වෙනස් වන්නේ එම පැවැත්ම සිදුවන්නේ කුමන ආකාරයට ද? එහි පදනම කෙබඳු ද? වැනි කාරණා සම්බන්ධයෙන් දක්වන විග්‍රහයන් මුල්කරගෙන ය. හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ප්‍රධාන ආගම් සියල්ලම මිනිසා මැවුම්කාරයකුගේ නිර්මාණයක් බව විශ්වාස කරයි. මිනිසා සහ මැවුම්කරුවා සම්බන්ධ කරන්නේ ආත්මය මගිනි. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල දැක්වෙන්නේ හොඳ ජීවිතයක් ගතකරන පුද්ගලයා මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වන බවත්, පව්කරන්නා සදහට ම අපායට යන බවත් ය. ඒ අනුව මිනිසා නැවත උත්පත්තිය ලබන්නේ එක්වරක් පමණි.

    හින්දු ආගමේ මතය ඊට වඩා පුළුල් ය. මරණින් පසු ජීවිතය එක් අවස්ථාවකට පමණක් සීමා නොවේ. කිළිටි වූ ආත්මය යාග,හෝම, තපස් ක්‍රම ආදිය මගින් පිරිසිදු කරගන්නා තුරුම අනන්ත වූ ආත්මභාව ගණනක් මැරෙමින් නැවත උපදිමින් මිනිසාට සංසාරයේ ගතකරන්නට සිදුවෙයි. පුද්ගලයකු වර්තමාන ජීවිතයට පැමිණ සිටින්නේ මීට පෙර අනන්ත ජීවිත ගණනක් ගතකිරීමෙන් පසුව යි. මේ සසර ගමන නිමවන්නේ පුද්ගල ආත්මය ශුද්ධාත්මය හා එක්වීමෙනි. එය මෝක්ෂය යි.

    ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය දුෂ්කර ය. ශරීරයට දුක් දීමෙන්, යාග හෝම පැවැත්වීමෙන් පාපකර්ම නිමා කළ යුතු ය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල ඒ සඳහා තිබෙන්නේ තරමක් සරල ක්‍රමයකි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ පිළිබඳව පූර්ණ විශ්වාසය තබා යාඥා කොට පව් සමාකරගැනීමෙන් සිත පිරිසුදු වේ. එය මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වීමට මාර්ගයයි.

    ජීවිතය සමඟ ගමන් කරන සදාකාලික ආත්මයක් පිළිබඳ අදහසක් බුදුදහමේ නොමැත. එසේම අද බොහෝ දෙනා පුනරුත්පත්තිය යන හින්දු වචනය බුදුදහමට සම්බන්ධ කරති. පුනරුත්පත්තිය යනු මේ ජීවිතයේ සිටින තැනැත්තා මරණයෙන් පසු ඒ අයුරින් ම උපත ලැබීමයි. පුද්ගලයාගේ ආත්මය අලුත් ඇඳුමක් ඇඳගැනීමට නැතිනම් නව නිවසක පදිංචිවීමට එය උපමා කොට ඇත. ආත්මය නොපිළිගන්නා බෞද්ධ ඉගැන්වීම්වලට එය නොගැලපෙයි. එමනිසා, මරණින් පසු නැවත ඉපදීම හැඳින්වීමට බුදුදහම සෑම විටම භාවිතා කර තිබෙන්නේ “පුනබ්භව“ යන වචනයයි.

    මිනිසා පමණක් නොව සියලුම සත්ත්වයන් අනන්ත වාර ගණනක් උපදිමින් මැරෙමින් සසර සැරිසරන බව හින්දු ආගම මෙන්ම බුදුදහම ද පිළිගනියි. එහි පටන්ගැන්ම හෝ අවසානය පැහැදිලි කළ නොහැක. සංසාර චක්‍රය යන වචනය ඒ සඳහා යෙදේ. චක්‍රයක අගක් මුලක් පෙන්විය නොහැක. හේතු ඵල නියාමයට අනුව සත්ත්වයන්ගේ සසර පැවැත්ම සිදුවන බව කීම බුදුදහමේ විශේෂත්වයකි. අවිද්‍යාව, තණ්හාව, කර්මය ආදිය පුනර්භවයට මුල්වෙයි. පුද්ගලයකු කර්මානුරූපව මරණින් මතු උපදින තැන් රැසකි. මනුෂ්‍ය ලෝකය, සදෙව් ලෝක සහ සතර අපාය සත්ත්වයන්ගේ උපත සිදුවන කාමලෝක ලෙස හැඳින්වෙයි. තිරිසන් ලෝකය සතර අපායට අයත් ය. ධ්‍යානලාභීන් උපදින රූපාවචර බ්‍රහ්මලෝක 16 කි. අරූපාවචර බ්‍රහ්මලෝක 4 කි. මිනිසා මිනිසකු ලෙස ම උපදින බවට නියතියක් නැත. සිදුකළ කර්ම අනුව උපදින තැන් නියම වෙයි. කර්මය ගෙවුන පසු තවත් තැනක උපදියි. ජීවිතය සදාකාලිකව එකතැනකට සීමා නොවේ. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අනුව නම් මරණින් පසු අපාය හෝ දෙවියන් වහන්සේ සමඟ එක්වූ පසු ජීවිතය සදාකාලික ය.

    බුදුදහමේ කිසිම ආකාරයක ආත්මයක් ගැන උගන්වන්නේ නැත. ඒ නිසා වෙනස් නොවී භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් නොපිළිගනියි. මරණයෙන් පසු පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම ද? වෙනත් කෙනෙක් ද? යන ප්‍රශ්නයට බුදුදහම දෙන පිළිතුර නම්, ඔහුත් නොවේ. වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වැනි ය.

    පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් ඇත. එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයා ම යැයි කිව නොහැක. නොවෙනස්ව ගමන් කරන ආත්මයක් ඇත යන අදහසින් බැහැරවීම සඳහා පුනර්භවය විස්තර කිරීමේ දී බුදුහාමුදුරුවන් ප්‍රවේශමෙන් වචන හසුරුවා ඇති බව අපට පෙනී යයි. කෙනකුගේ මරණය සිදු වූ මොහොතේ ම තවත් තැනක උපදිනවා ද? යන්න පිළිබඳව මතවාද ඇත. වෙනත් භවයක හටගැනීම සත්ත්වයකුගේ මිය ගිය මොහොතේ ම සිදුවේ යනු ථේරවාද බෞද්ධ මතය යි.

    පුද්ගලයකුගේ මරණය හා පුනර්භවය අතර අන්තරාභවය නමින් හැඳින්වෙන මනෝමය වූ පැවැත්මක් ගැන විශ්වාස කරන පිරිසක් ද බෞද්ධයන් අතර සිටිති. එයින් අදහස් වන්නේ පුනර්භවය ලැබීමට සුදුසු තැනක් සොයමින් මියගිය තැනැත්තාගේ ප්‍රතිසන්ධි ශක්තිය පාවෙමින් තිබෙන කාල සීමාවකි. මෙය දැඩි මතභේදවලට ලක් වූ මාතෘකාවකි. මරණය සිදුවී හත් දවසකින්, දින දාහතරකින්, තුන් මාසයකින් ආදී වශයෙන් නිශ්චිත දින වකවානුවල මළවුන්ට පින්දීමේ පින්කම් පැවැත්වීමට බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මළ තැනැත්තා අන්තරාභවයේ ජීවත්වන කාල සීමාව පිළිබඳ නිගමනය අනුව යි. චුතුපපාත ඥානය හා පුබ්බේනිවාසානුස්සති ඥානය ලබාගත් කෙනකුට අනෙකුත් සත්ත්වයන් මැරී උපදින තැන් සහ තමන් පෙර ජීවිතවල ඉපදී සිටි තැන් දැනගැනීමට පුළුවන. මැරුණ තැනැත්තාගේ හිස් කබලට තට්ටු කර ඉපදුන තැන කිවහැකි ශාස්ත්‍රයක් බුදුන් දවස විසූ වංගීස බමුණා දැන සිටියේ ය.

    පුනරුත්පත්තිය නොහොත් පුනර්භවය ගැන පර්යේෂණ කරන විද්වතුන් ඒ සඳහා භාවිතා කරන එක් ක්‍රමයක් නම්, පුද්ගලයන් මෝහන නිද්‍රාවට පත්කර ඔවුන්ගේ මතකය අතීත භවයන්ට ගෙනයාමයි. ඇමෙරිකාවේ සිටි එඩ්ගා කේසි ස්වයං මෝහනය මගින් අනුන්ගේ පෙර ජීවිත, ඔවුන් එම ජීවිතවල දී සිදුකළ කර්ම හා ඒ අනුව මෙලොව විඳින විපාක පිළිබඳ විග්‍රහ කළ කෙනෙකි. ජිනා සෙර්මිනාරාගේ සංසාර මන්දිර පොතේ ඒ ගැන විස්තර වෙයි.

    නැවත ඉපදීම ගැන පර්යේෂණ කළ ලොව ප්‍රකට පුද්ගලයා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා ය. පෙරභවය ගැන කියූ ලංකාවේ ළමුන් ගණනාවක් හමු වී පර්යේෂණ පවත්වා ඇත. මෝහන නිද්‍රාව හා පෙර භවය ගැන කියන අය ඇසුරෙන් පර්යේෂණ සිදුකෙරුණත්, නැවත ඉපදීම තහවුරු කිරීමක් විද්‍යාව මගින් තවම එවැන්නක් තහවුරු කර නොමැත. ඉන්ද්‍රිය ශක්තිය දියුණු කිරීමෙන් ලැබූ විශේෂ ඥානයකින් බුදුරදුන්, රහතුන් සහ ධ්‍යානලාභී තවුසන් දැනගත් දේ සාමාන්‍ය බුද්ධියෙන් වටහාගැනීමට නොහැකි ය.

    මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් නැවත ඉපදීමක් තිබිය හැකි බවට අදහස් ඉදිරිපත් කරන අතර, එය ස්ථීර කිරීමට හෝ එය සිදුවන්නේ කෙසේ දැ යි කීමට නොහැකි බව පවසයි. ඇතැම් ළමුන් තම පෙර ජීවිත ගැන කරන ප්‍රකාශන සම්බන්ධයෙන් පිළිතුරක් දීමට විද්‍යාව අපොහොසත්ය. එපමණකින් ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකි ය.

    අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
    මැදගම ධම්මානන්ද හිමි
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo
    පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය පිළ&a

    පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි
    කැලණිය විශ්වවිද්‍යාලය, නූතන භාෂා අංශය

    බුද්ධ ධර්මයට අනුව සියලුම සත්ත්වයෝ නිරන්තර වෙනස්‌කම්වලට හසුවෙමින් ඉපදීම හා මරණයත්, මරණින් පසු නැවත ඉපදීමත් උරුමකරගත් ස්‌ථිර ආත්මයක්‌ නැති, ඉන්ද්‍රියන් එකට එකතු වීමෙන් හටගන්නා ජීවය ඇති අය වෙති. මේ සත්ත්වයින්ගේ ස්‌වභාවය නිසි පරිදි විස්‌තර කොට නැවත ඉපදීම නොහොත් පුණර්භවය දුරු කිරීමේ මාර්ගය විස්‌තර කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය විය. මෙහිදී උන්වහන්සේ විසින් වටහා ගෙන පැහැදිලි කරන ලද ප්‍රධාන කරුණු තුනක්‌ මූලික වශයෙන් හඳුනාගත හැකිය. එම කරුණු තුන නම්, පින් පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය යි. මේ පිළිබඳ මූලික හා සරල අවබෝධයක්‌ ලබා ගැනීම ඉතාම වැදගත් වන්නේ බුද්ධ ධර්මයෙහි සඳහන් දාර්ශනික කරුණු හා වර්තමාන අත්දැකීම් පිළිබඳ හැදැරීමට එය අත්‍යවශ්‍යවන බැවිsනි.

    පින් පව් පිළිබඳ විග්‍රහය

    "පින්/ පුඤ්ඤ - සසර සැප විපාක ගෙන දෙන ක්‍රියා පින් නම්, පුඤ්ඤ කිරිය වත්ථු දහයක්‌ ධර්මයේ ඉගැන්වේ. දානය, ශීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම (වෙයHdවච්ච), පිදිය යුත්තන් පිදීම, දම් දෙසීම, බණ ඇසීම, දෘෂ්ටිය සෘජු කිරීම (නිවැරදි දැකීම) යනු යි. පින යනු සැපයට නමක්‌ බව පෙළ දහමෙහි දැක්‌වේ". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය. 170 පි, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

    "පාප- දුගතිගාමී වීමට, දුක්‌ විපාක ගෙනදීමට, සැපයෙන් පහවීමට හේතුවන ක්‍රියා පාප නම් වේ. පුඤ්ඤ යන්නට ප්‍රතිපක්‍ෂ වූ ක්‍රියාය".

    (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 168 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

    නැවත උපත පිළිබඳ විග්‍රහය

    පුනරුත්පත්තිය

    පුනර් යනු නැවත යන අර්ථයයි. උත්පත්තිය යනු උපතයි. නැවත උපත යන්න මෙහි වචනාර්ථයි. මේ වචනය පෙළ දහමෙහි යෙදී නොමැති නමුත් සසර පිළිගන්නා බෞද්ධයෝ පුනරුත්පත්තිය යන වචනය භාවිත කිරීමට පුරුදු වී සිටිති. පුනර්භව යන්න නිවැරැදි වචනය ලෙස දැක්‌විය හැකිය. පුනරුත්පත්තිය යන්නෙහි දී ආත්ම ධර්මයක පැවැත්මක්‌ අපේක්‍ෂා කෙරෙන බැවිනි.

    උපනිෂද් චින්තනය සසරක්‌ දකින අතර එහි ආත්මය නැවත නැවතත් ශරීරයකට සම්බන්ධ වනබව උගන්වන බැවින් පුනරුත්පත්තිය යන ව්‍යවහාරය එම චින්තනයට ගැළපෙන්නකි.

    පුනර්භව

    නැවත වීම යනු මෙහි වචනාර්ථ යි. පුනර්භව යන ව්‍යවහාරය ප්‍රතීත්‍ය සමුත් පන්න ධර්මතාවට ගැළපේ. පුද්ගලයකු මරණයට පත්වන අවස්‌ථාවේ ඇති වන චුති චිත්තයට අනුරූප ව ප්‍රතිසන්ධී විඥනය ඇතිවීමෙන් නැවත භවයකට පැමිණීම පුනර්භවයයි. මේ ක්‍රියාවලිය පැහැදිළිව දැක ගත හැකිවන්නේ චුතුපපාත Æණයෙනි". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 171-172 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

    මරණින් පසු ජීවිතය පිළිබඳ විග්‍රහය

    1. මා විසින් මෙසේ අසන ලදී. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ෙ-තවන නම් අනේපිඬු සිටුහුගේ ආරමයෙහි වැඩවාසය කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි, භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්‍ෂූහු 'පින්වතුන් වහන්සැයි' භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

    2. මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක්‌ වෙත්ද එහි ඇස්‌ ඇති පුරුෂයෙක්‌ මැද සිටියේ ගෙට ඇතුළු වන්නාවූද, ගෙයින් පිටවන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබමොබ යන්නාවූද, මිනිසුන් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීණ වූද, ප්‍රණීත වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තා වූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස්‌ ඇස ඉක්‌ම පැවැත්තා වූ දිවැසින් දකිමි".

    (දේවදූත සූත්‍රය)

    ඉහත සඳහන් උපුටා ගන්නා ලද විග්‍රහ ඇසුරෙන් පින්පව්, නැවත උපත හා මරණින් පසු ජීවිත පිළිබඳ මූලික අවබෝධය ඇතිකර ගැනීමට පුලුවන.

    වර්තමාන අත්දැකීම් පිළිබඳ විග්‍රහය

    වර්තමාන අත්දැකීම් ලෙස මෙහිදී අදහස්‌ කරනුයේ මෑත භාගයේ ලෝකයේ ජීවත් වූ සුවිශේෂ පුද්ගලයන් විසින් ඉහත සඳහන් කරන ලද කරුණු තුන පිළිබඳ ලබා ගත් පෞද්ගලික අත්දැකීම් සමූහයකි. එම පුද්ගලයන් තුළ දක්‌නට ලැබුණ සුවිශේෂ හැකියාවන් නිසා ඔවුන්ගේ අත්දැකීම් ද බොහෝ වැදගත් තොරතුරු ලෙස සැලකිය හැක. උදාහරණයක්‌ ලෙස පින් පිළිබඳ එඩ්ගා කේ. සී. විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සංසිද්ධීන් බොහෝ සේ සාකච්ඡාවට ලක්‌ වෙයි. විසිවන සියවසේ ඇමරිකා එක්‌සත් ජනපදයේ විසූ එඩ්ගා කේ. සී. ස්‌වයං මෝහනයෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ අතිවිශේෂ පුද්ගලයෙකි. ඔහු තුළ තිබූ සුවිශේෂ ලක්‍ෂණය නම් භෞතික වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීමට අමතරව රෝගියාගේ අතීත ජන්ම පිළිබඳ විස්‌තරයක්‌ ද ඉදිරිපත් කිරීම යි. මේ නිසා බොහෝ සුව කළ නොහැකි රෝගවල නිධානය අපට නොපෙනෙන උපතක කිසියම් ක්‍රියාවක්‌ යෑයි පැහැදිලි කරගත හැකි විය. ඒ අතර පින් පලදීම නිසා උසස්‌ තත්ත්වයන්ට පත්වෙන බව ද ඔහු විසින් පන්වා දෙන ලදී. නිව්යෝර්ක්‌ නගරයේ විසූ නිරුපිකාවකගේ විස්‌තරය මෙහි දී ඉතා වැදගත් කොට සැලකිය හැක.

    "මේ වනාහී නිය පොලිෂ්, අත් සේදීමේ දියර හා ස්‌වර්ණාභරණ විකුණන්නන් විසින් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට මහත් උනන්දුවක්‌ දැක්‌වූ. ඉතාමත් ම අසාමාන්‍ය වූ ලස්‌සන අත් තිබුණු නිව්යෝර්ක්‌ නගරයේ විසූ නිරූපිකාවකගේ සිත් ඇදගන්නා සුලු සිද්ධිය යි. ඇගේ ලස්‌සනට හේතුවූ කර්මයට පදනම වැටුණේ. ඇය ඉංග්‍රීසි කන්‍යාරාමයක තාපසියක්‌ ලෙස ගත කළ මීට ප්‍රථම ආත්මභාවයේ දීය. අනික්‌ අය පහත් හා අප්‍රසන්න දේ ලෙස සලකනු ලැබූ කටයුතු තම අත්වලින්ම කරමින් ඇගේ ජීවිතය ගෙවා දැමුණි. අතිශය කැපවීමෙන්, පරාර්ථකාමී ව, සේවාවක්‌ ලෙස ඇය මෙම දේවල් කළ අතර, කෙසේ වුවද ඇගේ මෙම ආධ්‍යාත්මික කැපවීම කරණකොට ගෙන අසාමාන්‍ය රූසපුවක්‌ හා ලස්‌සන අත්යුගලක්‌ ඇයට උරුමවිය."

    වර්තමාන අත්දැකීම් ඇසුරෙන් පව හා පව්වල විපාක ලැබෙන ආකාරය විමසා බලන විට සෑම අයෙකුම බොහෝ සේ පවට බිය විය යුතු බව කිවයුතුය. පව්වල විපාක එතරම් ම බියකරු බව අප සිහියේ තබාගත යුතුය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් සිදුකරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ අතිශයින් ම වැදගත්ය. එක්‌ අවස්‌ථාවක එතුමා ඌරු පැටවුන් හදා වඩා විකිනූ මිනිසකු පිළිබඳ අධ්‍යයනයක්‌ කළේය. මේ මිනිසා ඌරන් හැදූ අතර හෝටල්වල ඉතිරිවූ ආහාර රැගෙන විත් උන් පෝෂණය කළේය. එක්‌තරා ඊරියක ඔහු පසුපස නිතර යන්නට පුරුදු වූ අතර උගේ පැටවුන් ද ලොකු කර මරා මස්‌ විකුණු මුදල් වලින් තවත් ඌරු පැටවුන් මිලට ගෙන ඔහු ජයටම මේ ඌරන් මැරීමේ රැකියාව කරගෙන ගියේය. ඔහු ඌරන් මැරුවේ ගෝනියක දමා පොලුවලින් පහරදී තලාපෙලාය. ඒ සඳහා බල්ලන් දෙදෙනකු ද ඔහුට උදව් වූ අතර එම සතුන් මරණ විට උන්ගේ කෑ ගැසීම සැතපුමක්‌ දෙකක්‌ දුරට ඇසිණි.

    "ඌරන් ඇතිකරන මිනිහා හදිසියේ ඔත්පල විය. තමාට කවුරුන්හෝ පොල්ලකින් පහර දෙන්නාක්‌ මෙන් දැනෙන බව හේ කීය. ඔහුට නිදාගත නොහැකි විය. නිදාගත් වහාම හේ අවදිවෙයි. මේ ඌරන් මාව කනවා මාව බේරා ගන්න යෑයි කෑගසයි. ඔහුට අසනීපය හැදුනාට පසු ගොවිපලේ ඌරන් නැතිවිය. ඒත් ඔහුට හීනෙන් ඌරන් පෙනේ.

    දවසේ නැගිට සිටින වේලාවේත්, ඔහු ඌරන්ට බිය වී කෑගසයි. 'මෙන්න මේ ඌරෝ මාව ගෝනියක දාගෙන ගහනවා· යයි කියයි. 'මූ මට පිහියෙන් අනින්න යනවා· යෑයි ගෝරනාඩු දෙයි".

    (මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 12 පි., ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

    "මාස කීපයක්‌ ම දුක්‌ වින්ද ඔහු අවසාන දින කීපය ඉතා උග්‍රවේදනාවෙන් කෑ ගැසුවේය. ඔහු මිය ගියේ මෙසේ බලවත් වේදනා විඳීමෙන් පසුවය. ඔහු නැගූ වේදනා හඬ ඌරන් නැගූ හඬට සමාන බව මිනිස්‌සු කීහ."

    (මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 13 පීá ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

    කෙසේ වුවද කර්මය වනාහී මේ ආත්මභාවයේදීම පලදෙන එකක්‌ම නොවන බවත් එය බූමරංගයක්‌ මෙන් තමන් පසුපස එන බවත් වර්තමාන අත්දැකීම් ඇසුරින් බටහිර චින්තකයෝ පවා අවබෝධ කරගෙන සිටිති. මේ නිගමන සඳහා වඩාත් පැහැදිළි නිදසුන් ඉදිරිපත් කළ අයෙකු ලෙස එඩ්ගා කේසි නම් කළ හැකිය. ඔහුගේ ස්‌වයං මෝහන හැකියාවෙන් අසරණ ලෙඩුන් සිය ගණනකට සම්පූර්ණ සුවය ලැබුණා පමණක්‌ නොව තවත් දස දහස්‌ ගණනකට කර්මය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගැනීමට ඔහුගේ මෙම ජීවිත කියවීම් ඉවහල් විය. මේ පිළිබඳ ඉතාමත් ම සිත්ගන්නා සුලු නිදසුනක්‌ මෙසේය.

    "මෙබඳු කර්මවලට නිදර්ශන රාශියක්‌ කේසිගේ වාර්තාවල තිබේ. එක්‌ උදාහරණයක්‌ නම්, "මනසේ හාස්‌කම්" නම් කේසි පිළිබඳ ගුවන් විදුලි වැඩසටහනක්‌ ශ්‍රවණය කළ සම්පූර්ණයෙන් ම අන්ධ ව උපන් විද්‍යාලයක මහාචාර්යවරයෙක්‌ය.

    ඔහු කායික කියවීමක්‌ ඉල්ලා සිටි අතර, එහි උපදෙස්‌ මත ක්‍රියා කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වය හා ඇස්‌වල පෙනීම පැහැදිළිව ම වැඩිදියුණු විය. අස්‌ථිවේදී සැකසීම්, විද්යුත් ප්‍රතිකර්ම හා ආහාරයේ වෙනස්‌කම් ඊට ඉවහල් විය. මාස තුනක්‌ ඇතුළත ඔහුගේ වම් ඇසේ සියයට 10 ක පෙනීමක්‌ ඇති විය. එය අක්‍ෂි විශේෂඥයන් විසින් බලාපොරොත්තු තැබිය නොහැකියෑයි සලකන ලද එකකි. මහාචාර්යවරයාගේ ජීවිත කියවීම පෙර ජීවිත හතරක්‌ සඳහන් කොට තිබුණි. එකක්‌ ඇමෙරිකාවේ අභ්‍යන්තර යුද සමයේදීය. තව එකක්‌ කුරුස යුද්ධ කාලයේ ප්‍රංශයේය. අනෙක ක්‍රි.පූ. 1000 දී පර්සියාවේ වන අතර ඊළඟ එක අවසාන ගිලාබැසීමට පෙර අත්ලන්තික්‌ දූපතේය. ඔහුගේ වර්තමාන අන්ධභාවයට හේතු වූ ආධ්‍යාත්මික කර්ම ක්‍රියාව සිද්ධ කරන ලද්දේ පර්සියාවේදීය. සතුරන්ගේ ඇස්‌ රත්වූ යකඩවලින් අන්ධ කළ ම්ලේච්ඡ ගෝත්‍රයක සාමාජිකයකු වූ ඔහුගේ කාර්යය වූයේ ඇස්‌ අන්ධ කිරීමයි". (many mansions, p.50 - 51 Neville Spearman, 1983) කයින්, වචනයෙන් හා මනසින් කරන්නා වූ බලවත් අකුසල ක්‍රියා නිසා උත්තරීතර මිනිස්‌ ආත්මභාවයෙන් පිරිහී තිරිසන්, ප්‍රේත හෝ නිරය යන තැන්වල බොහෝ වර්තමාන මිනිසුන් උත්පත්තිය ලබන බව ඇතැම් භික්‍ෂුන් වහන්සේලා ලැබූ වර්තමාන අත්දැකීම්වලින් මනාව පැහැදිලි වේ. මේ ඒ සඳහා හොඳ උදාහරණයකි.

    "එක මනුෂ්‍යයෙක්‌ ජීවත් වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත්වන දරු මුණුපුරන් ඇති තාත්තා කෙනෙක්‌. මොහු මියයන විට අවුරුදු අනූවක්‌ විතර ඇති. මොහු බොහෝ හොඳින් ගමේ ජීවත් වුන කෙනෙක්‌. ගමේ පන්සලට උපකාර කළා, උදව් කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයැමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමඟ කුමක්‌ හෝ හේතුවක්‌ නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බනිනවා. පන්සලට බනිනවා. පුදුමාකාර වෛරයක්‌ ඇතිකර ගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු සීලයෙන් පිරිහුණා. එක සිල්පදයක්‌ ගිලිහෙන කොට අනෙක්‌ සිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක්‌ වුණත් මොහු තුළ කාම සිතුවිලි ඇති වුණා. තමාගේ වැඩිහිටි බව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ සිල්පදවල හීනභාවයක්‌ ඇතිවුණා. ඊර්ෂ්‍යාවෙන් දිවෙමින් සිටියදීම මොහු මිය යනවා. භික්‍ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළ දී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා. භික්‍ෂුවට දර්ශනය වෙන්නේ උතුම් සමාධිය තුළ දී කිඹුලෙකු ගේ කුසක්‌. ඒ කියන්නේ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැත්නම් කිඹුල් කුසක ප්‍රතිසන්ධිය ලබලා".

    (මහරහතුන් වැඩිමග ඔස්‌සේ, අතහැරීම 3, 62-63 පි. චැනල් ලින්ක්‌ පුද්ගලික සමාගම, 2013 ජුනි).

    ඉහත සඳහන් කරන ලද වර්තමාන අත්දැකීම්වලින් මනාව ප්‍රකට වනුයේ බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දෙසන ලද කර්මයේ ස්‌වභාවය හා නැවත උපත පිළිබඳ යථාස්‌වරූපයයි. අප විසින් සෙච්තනිකව සිද්ධ කරනු ලබන සියලු කර්ම පින් හෝ පව් බවට පත්වෙන බව මෙම අත්දැකීම්වලින් පැහැදිලි වෙයි. එම කර්ම එසේ වන්නේ සිතේ ඇතිවන කුසල් මූලික හෝ අකුසල් මූලික සිතුවිලි නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. කුසල් මූලික සිතුවිලි නම් පරිත්‍යාගය, මෛත්‍රිය හා Æණවන්ත භාවය යි. අකුසල් මූලික සිතුවිලි නම් ඉහත සඳහන් කරන ලද කුසල් මූලික සිතුවිලිවලට ප්‍රතිවිරුද්ධ ලෝභය, තරහ හා නොදන්නාකමයි. මෙම සිතුවිලිවලට අනුව අප සිදුකරන ක්‍රියාවන් කර්ම බවට පත්වී පින් හෝ පව් ලෙස පලදෙන බවත්, ඒ අනුව ඊළඟ උපත සකස්‌වෙන බවත් වටහා ගැනීමට අපහසු නැත.

    සත්ත්වයාගේ මරණින් පසු ජීවිතය, නැවත උපතත් සමඟම සකස්‌ වන්නක්‌ බව තේරුම් ගැනීම ඉහළ බුද්ධියක්‌ සහිත මනුෂ්‍යයන් වශයෙන් ඔබ අප සැමට වැදගත්වන බව තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම තමන් විසින් කරන ලද කුසල ක්‍රියා නිසා මරණින් පසු ජීවිතය වඩා උසස්‌ තත්ත්වයන්ට එනම් දිව්‍ය හෝ බ්‍රහ්ම ස්‌වභාවයන්ට පත්වේ. මෙබඳු තත්ත්වයන් පිළිබඳව තමන් ලත් අත්දැකීම් මැනවින් විස්‌තර කළ මහෝත්තමාවියක්‌ ලෙස විසිවන සියවසේ තායිලන්තයේ වැඩ විසූ සිල්මාතාවක්‌ වන කායිම් මාතාව හඳුන්වා දීමට පුලුවන. බුද්ධංගල භික්‌ඛු ආනන්ද හිමියන් විසින් පරිවර්තනය කරන ලද කායිම් මැණියන්ගේ චරිත කතාවට අනුව මෙතුමිය රහත් ඵලයට පත් වූ උත්තමාවියකි. ඇය එම තත්ත්වයට පත්වීමට පෙර අවුරුදු දහයක්‌ පමණ කාලයක්‌ සමාධි බලයෙන් විවිධ තලවල වෙසෙන භූත, ප්‍රේත, දේව හා බ්‍රහ්ම සත්ත්වයන් සමඟ අදහස්‌ හුවමාරු කර ගත්තාය. ඒ උත්තමාවියගේ ධ්‍යාන බලය පිළිබඳ විස්‌තරයක්‌ මෙසේය.

    "සිල්මාතා කායිව්ගේ සමාධි භාවනාව වෙනත් උසස්‌ ලෝකෝත්තර දර්ශන පථයන්ට ද ඇයව සම්බන්ධ කොට හඳුන්වා දුණි. සමහර විටක ඇගේ විඥනය කයෙන් ගිලිහී ඉවතට යයි. එසේ ඉවතට යන ඇගේ විඥනය නා නා දිව්‍ය ලෝක සහ විවිධ වර්ගයේ බ්‍රහ්ම ලෝක ආදී තලයන්හි ගවේශනයක යෙදෙයි. ඇය දේව නමින් හඳුන්වන ඉතා සියුම් ව සකස්‌ වුණු විවිධ අද්භූත ජීවීන් හමුවීමට ද ගියාය.

    මෙම දේව නමින් හඳුන්වන ජීව කොට්‌ඨාසය, දිව්‍යමය ආධිපත්‍යයක අතිශයෙන් සියුම් වූ පිරිසිදු තත්ත්වයකින් පෙර යහපත් කර්ම විපාක හේතුවෙන් වාසනාවන්තව ප්‍රීතියෙන් වෙසෙන ජීව කොටසකි. ඇය භූමාට දෙවිවරු හමුවූවාය. එනම් - ගස්‌වලට, වනාන්තර වලට, තරුවදුලුවලට අධිගෘහිත ආලෝකවත් දෙවිවරුය. මොවුන් පෘථිවි තලයට අතිශයින් ඇල්මෙන් සම්බන්ධ වූ ජීවීන් නිසා එසේ ඉපදී ඇත. මෙම දෙවිවරු සාමාන්‍ය මනුෂ්‍ය ඇසට නොපෙනුණ ද සිල්මාතා කායිව්ගේ දිවැසට ඔවුන් පැහැදිලි ව පෙනුණි. මෙම දේව කොට්‌ඨාසය හැම මොහොතකම ඉන්ද්‍රියන් පිනවමින් සතුටින් තෘප්තිමත් ව හැසිරෙන ජීව කොටසක්‌ ලෙසින් සිල්මාතා කායිව් දුටුවාය. මෙම අතිශය ප්‍රීතිමත් ස්‌ථාවරය ඔවුන් රැස්‌ කළ පින් හේතුවෙන් ලද තත්ත්වයන් ය. මොවුන් මිනිසුන් ව සිටිය දී බොහෝ පින් රැස්‌කර සිල්රැක, භාවනාකර එකතු කරගත් කුසල්වල විපාක හේතුවෙන් ලද දිව්‍ය ආත්මයන් ය. මේ දේවතාවන්ගේ පින් මහිමය කෙසේවුවත් එම දේවත්වයෙහි ම දිගින් දිගටම රැඳී සිටිමින් අලුතින් කර්ම රැස්‌ කිරීමට ඇති අවස්‌ථා අල්ප විය. දේවත්වයේ රැඳී සිටීමට පාදක වූ මූලික කුසල් විපාක තුනී වී අහෝසි වූ පසු, නැවත මනුෂ්‍ය ලෝකයේ උපත ලැබ කුසල් රැස්‌කර ගැනීමට අවස්‌ථාව ඇත." (සිල්මාතා කායිව්, 93 - 94 පී. සී/ස කරුණාරත්න සහ පුත්‍රයෝ සමාගම, 2011 ඔක්‌තෝම්බර්)

    මරණින් පසු ජීවිතයේ අත්විඳීමට සිදුවන අකුසල විපාක එම කාලය තුළ කරනු ලබන කුසල් ක්‍රියාවලින් යම්තාක්‌ දුරකට හෝ වෙනස්‌ කළ හැකි බව මේ පිළිබඳ දක්‌නට ලැබෙන වර්තමාන අත්දැකීම්වලින් පැහැදිළි වේ.

    සමස්‌තයක්‌ වශයෙන් ගත් කල බහුතරයක්‌ මනුෂ්‍යයෝ තමන්ගේ වර්තමාන ජීවිතය වඩාත් සැපවත් බවට පත්කර ගැනීම සඳහා වෙහෙස වෙති. නමුත් මරණින් පසු තමන්ට උරුමවන ජීවිත ස්‌වභාවය මොනවගේ දැයි බොහෝවිට ඔවුහු කල්පනා නොකරති. විශේෂයෙන්ම බෞද්ධයන් ලෙස මේ ලෝකයේ උත්පත්තිය ලබා සසර හා කර්මය පිළිබඳ වැටහීමක්‌ ලබා ගැනීමට හැකියාව තිබෙන අය වුවත් මෙසේ පටු ආකල්ප වල ගැලෙමින් තමන්ගේ අනාගත ජීවිතය විනාශකර ගැනීම අතිශයින්ම ශෝක ජනකය, බොහෝ දෙනා මෙම ලෞකික ජීවිතය තුළ සැප සොයමින් මිරිඟුව පිටුපස දුවන මුවන් සේ වෙහෙසටපත් ව, අවසානයේ අපේක්‍ෂා භංගත්වයෙන් ම මරණයට පත් වන අතර නරක, ප්‍රේත, අසුර හෝ තිරිසන් අපායවල උත්පත්තිය ලබා ගනිති. මේ නිසා මෙම කෙටිකාලීන මනුෂ්‍ය ජීවිතය තුළ අසීමිත ලෙස අකුසල් සිද්ධ කරගෙන අවසානයේදී කල්ප ගණන් දුගතියේ දුක්‌ විඳිනවාද, නැතහොත් වැඩිපුර පින් රැස්‌කරගෙන මරණින් මතු ජීවිතය හැකිනම් ධර්මාවබෝධයෙන් කෙළවර කර ගන්නවාද, එසේත් නැත්නම් සුගතිගාමී වෙනවාද යන්න තීරණය ගත යුත්තේ තම තමන් විසිනි. සත්ත්ව ජීවිතවල යථා තත්ත්වය තේරුම් ගැනීමට මීට වඩා නිදසුන් අවශ්‍ය නොවන බව නිසැකවම පැවසිය හැකිය.
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo
    පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය!

    පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය!

    මෙම මාතෘකාව සඳහන් කළ විගසම කෙනෙකුගේ මනස තුල ජනිත වන්නේ ‘නැවත ඉපදීම’, ‘පුනර්භවය’ යන වචන වලින් අදහස් වන සංකල්පයන්ය. මෙම වචන වැඩි වශයෙන් බෞද්ධ සංස්කෘතියට බැඳී ඇති හෙයින් පළමුව එම කෝණයෙන් එහි අර්ථය විමසා බලමු. එසේ කිරීමෙන් ඉතා නිවැරදි ලෙස ඉස්ලාමීය සංකල්පය අවබෝධ කරගැනීමට මෙය උපකාරී වේ යැයි අපේක්ෂා කරන්නෙමු. පහත සඳහන් කොටස උපුටා ගත්තේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි විසින් සම්පාදනය කොට ප්‍රකාශිත ‘බුදු දහමේ පැන විසඳුම් – දෙවන කොටස’ යන ග්‍රන්ථයෙනි.

    20. ප්‍රශ්නය: පුනර්භවය, පුනරුත්පත්තිය යනු එකම අර්ථයක් දීම සඳහා යෙදෙන වචන දෙකක්ද?

    පිළිතුර: අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ පුනර්භව යන වචනය මිස පුරුත්පත්ති යන වචනය යෙදී නැති බවයි මගේ වැටහීම. පුනරුත්පත්ති යන වචනය නැවත ඉපදීම යන අදහස දෙයි. පසුකාලීනව ලියවී ඇති ඇතැම් පොත්වල පුනරුත්පත්ති යන වචනය සමහර විට තිබිය හැකිය. විශේෂයෙන් හින්දු ආත්මවාදී ආගම් වල භවයෙන් භවයට යන වෙනස් නොවන ආත්ම භාවය පිළිබඳව කියවෙයි. එම ආගමේ මිනිසාගේ ජීවිතය හා සම්බන්ධ විනාශ කළ නොහැකි සදාකාලික ආත්මයක් ඇති බවත්, එක් ගෙයක් අතහැර තවත් ගෙයකට රිංගන්නා සේ මරණින් පසු එම ආත්මය තවත් ආත්මයකට රිංගා සිටිමින් මේ ක්‍රමයෙන් ආත්ම මෝක්ෂය දක්වාම ආත්මය දිගින් දිගටම ගමන් කරන බව කියවේ.

    බුද්ධ දේශනාවේ එබඳු ආත්මයක් ගැන සඳහන් නොවේ. සත්වයා යනු මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින නාම රුප පුඤ්ජයක් බවත්, එහි කිසිදු ආත්ම සාරයක් නැති බවත් දැක්වේ. “පුනබ්භව” යන්නෙන් පැහැදිලි කෙරෙනුයේ නැවත වීමයි නොහොත් හට ගැනීමයි. ඒ අනුව මේ වර්තමාන භවයෙන් කිසිදු භෞතිකයක් හෝ වෙනත් ශක්තියක් දෙවන භවය කරා නොයයි. එහෙත් කරන ලද කර්මවලට අනුරුප විපාක ශක්තියෙන් පුනර්භවයක් ලබා දෙයි. කර්ම වේගය අනුව හට ගන්නා හේතු ඵල පරම්පරාවකි පවතිනුයේ.” (44-45 වැනි පිටු)

    ඉහත පැහැදිලි කිරීම අනුව බෞද්ධ මෙන්ම හින්දු දහමේ මරණින් පසු නැවත ඉපදීමේ සංකල්පයන්හි මුලික අදහස් විග්‍රහ කොට ඇත. ඉස්ලාමීය සංකල්පය මෙයට වඩා බෙහෙවින් වෙනස් වුවකි. මරණින් මතු ජීවිතය සැබැවින්ම පාරභෞතික එනම් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්පයකි. එහෙයින් ඒ පිළිබඳව මිනිසාට දැනුමක් ලබාගත හැකි වන්නේ ආගමික මුලාශ්‍රයන්ගෙන් හා මිනිසාගේ ස්වභාවික විචාර බුද්ධිය උපයෝගී කර ගැනීමෙනි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මිනිසාට මිහිතලය මත ඇත්තේ එක් වරක් පමණක් ජීවත්වීමට ඇති අවස්ථාවක් පමණි. මෙම ජීවිතය ඔහුට මරණින් මතු ලැබෙන්නට ඇති තත්වය පිලිබඳ පරීක්ෂණයක් බව ද විග්‍රහ වන්නේය. මිනිසාට තෝරාගැනීමේ නිදහස, විචාර බුද්ධිය, සදාචාරය, හොඳ නරක පිලිබඳ හැඟීම, මෙන්ම විශ්වයේ නිර්මාතෘ හා පාලකයෙකු සිටින බවට ඇති හැඟීම ඔහුට ජන්මයෙන්ම ලබාදී තිබේ. මෙහිදී විශ්වයේ නිර්මාතෘ හා පාලක යෙකු සිටින බවට ජන්මයෙන් ලබාදී ඇති හැඟීම පිලිබඳ මතය සමහර අයගේ විවේචනයට ලක්විය හැකි අදහසකි. එය තවත් ලිපියකින් සවිස්තරව සාකච්චා කරන්නට අදහස් කරන හෙයින් ඒ පිළිබඳව ඇති තොරතුරු මෙම ලිපියට ඇතුලත් නොකිරීමට තීරණය කළෙමු.

    “සෑම ආත්මයක්ම මරණය භුක්ති විඳිය යුතු වන්නේය. යහ හා අයහ ක්‍රියාවන් කළ හැකි තත්වයෙන් අපි ඔබව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල්-කුර්ආන් 21: 35)

    “නුඹලාගෙන් කවුරුන් ක්‍රියාවෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨද යන්න පරීක්ෂා කිරීම පිණිස ජීවිතයද මරණයද නිර්මාණය කර ඇත්තෙමු. ඔහු (අල්ලාහ්) අති බලසම්පන්න වන අතර අති ක්‍ෂමාශීලීය.” (අල්-කුර්ආන් 67: 2)

    “නුඹලා කෙසේ නම් අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නේහුද? නුඹලා අජීවීව සිටි කල්හි ඔහු නුඹලාට ජීවය ලබා දුන්නේය. පසුව නුඹලාට මරණය පමුණුවා නැවතත් (මතුලොව) නුඹලාට ජීවය ලබා දෙන්නේය. පසුව නුඹලා ඔහු වෙතම යලි පමුණුවනු ලබන්නේහුය” (අල් කුර්ආන් 2:28)

    ඉහත අල්-කුර්ආන් වැකිවලින් මිනිසාගේ මෙලොව ජීවිතයේ හරය මෙන්ම ඔහු නියත වශයෙන්ම මිහිතලය මත කළ ඔහුගේ ක්‍රියාකාර කම් ගැන මරණින් මතු විනිශ්චය දිනයක පෙනී සිටිය යුතු බව සහතික කරයි. ඔහුට යහකම් කරන්නට ඇත්තේ මෙම ජීවිතය පමණක් බව ඉස්ලාමය උගන්වන හෙයින් මිනිසා තම සිතේ මතුවන ආශාවන් හා තෘෂ්ණාවන් හි වහලෙකු බවට පත්නොවී මෙම පහත් හැඟීම ඔහුගේ පාලනයට ගෙනැවිත් බිය භක්තියෙන් යුත් ජීවිතයක් ගොඩ නගා ගන්නට ඔහු නිරන්තරයෙන් උත්සුක වන්නට මෙම සංකල්පය බෙහෙවින් ඉවහල් වන්නේය. මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය සෑම දහමකම උගන්වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි. පළමුව මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමු.

    සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිලිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක කිහිපයක් ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වන්නේය. නමුත් මෙම දුරාචාරයන් තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට ආසා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නාවු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා විශේෂිත වු ප්‍රයන්තයක මිනිසාට නියැලෙන්නට සිදුවේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨාන ශිලි ප්‍රයන්තය සදහා යහ විපාක ප්‍රධානය කිරිමක් මිනිසාට සිදුවිය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රධානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන් මිනිසාගේ යහ ක්‍රියාවන් සදහා වු නැඹුරුව වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහවිපාක ප්‍රධානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි සිදුවන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැලෙමින් තම හැගිම්වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදුවිය යුතුය.

    මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේදි නිසි පරිදි සිදුවන්නක් නොවේ. සමහර දුරාචාර කටයුතු වැළැක්විම සදහා මිනිසා විසින් නිති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද අපි ඉතා හොදින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සඳහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොළඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබාදෙන තැනක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. මෙය නිසිලෙස මිහිතලය මත වු ජිවිතයේදි සිදුනොවන නිසා මරණින් මතු ජිවිතයේදි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රධානය කිරිමක් පිළිබඳව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ටද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදුවන තත්ත්වය අමතක කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත් මිනිස් සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටිමයි.

    “(නබිවරයාණෙනි) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිදුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයිද නැත හොත් එය වටහා ගන්නේ යැයිද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගිය වුන් ලෙස සිටින්නන්ය”. (අල්-කුර්ආන් 25 වන පරිච්ඡේදය – 43/44 වාක්‍යයන්)

    මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නාවු පහත් හා දුරාචාර හැඟීම් වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියළු ක්‍රියාවන් සදහා විපාක විඳින්නට සිදුවන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳව විශ්වාසයක් නිශ්චිත වශයෙන්ම මිනිසාව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සළස්වන්නේය.

    අනිත් අතින් අපරාධය හා දඩුවම පිළිබදව නීතිරීති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයනට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම ලබාදෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවයක් තිබිය නොහැක. එයද සිදුවිය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිලිගන්නට සිදුවේ. මෙම දඬුවම් දිම සදහා සියළුම දහම් අපායක් පිලිබදව සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙයද පාරභෞතික සංකල්පයකි. අවාසනාවට සමහර දහම් මෙම පාර භෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට එය භෞතික තත්ත්වයට පත්වන්නේය. එයට අමතරව මිනිසාගේ මෙලොව ක්‍රියාකාරකම් නිසිලෙස සටහන් කොට ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ සර්ව බලධාරී, පරම යුක්ති සහගත, සර්වඥ, බලයක් පිලිබඳ විස්වාශයක් හෝ මෙය ක්‍රියාත්මක කරවන මිනිසාගේ විචාරයට පිළිගත හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ඉදිරිපත් නොකරයි. අන් දහම් වල මෙම සර්ව ක්‍රියාවලිය පිළිබඳව ඇත්තේ ව්‍යාකුලත්වයකි.

    ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන කරන්නාවු ඉදිරිපත් කිරිමකි. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකටද ඉස්ලාමිය මරණින්ද මතු ජිවිතය පිලිබදව වු සංකල්පය දිරිගැන්විමක් කරයි. පළමුව මරණින් පසු ජිවිතයත් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කල ක්‍රියාවන්ට විපාක විදින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල්-කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති ආකාරය විමසා බලමු.

    “(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇගිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්-කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo
    මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක් එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් ඔහුව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින් මිනිසාට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්-කුර්ආනය පිලිතුරු සපයයි. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලිතුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමුවරට සොයා ගනු ලැබුවේ 1880දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේනම් අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථකරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි.

    මෙම ප්‍රාතිහාර්ය ජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබදව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ මියගිය මිනිසාම බව සහතික කරන පණිවිඩයක් මෙම කුර්ආන් වැකිය තුළ ගැබ්වි තිබෙනවා නොවේද? එසේ නම් මිහිතලය මතවු තමාගේ ජිවිතය සම්බන්ධව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේද යන්න ගැන අප අනිවාර්යෙන්ම සිතා බැලිය යුතු නොවන්නේද?

    අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ස්ථානයක් ‍නොකියන අල්කුර්ආනය එය පාර භෞතික වුවත් මිනිසාට අපහසුතාවයකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබදව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.

    “කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සඳහා ඒ වෙනුවට අළුත් සමක් බාර කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (අල්-කුර්ආනය 4: 56)

    ඉහත අල්-කුර්ආන් වැකිය දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන් (Pain Receptors) ඇති බවත් ඒවා සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන්ට (Prof. Tagatat Tejesen) මෙම කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන්වු අවස්ථාවේදි අල්-කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැනගත් විට මවිතයෙනුත් මවිතයට පත්විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනිමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි විමසුවේය. කුර්ආනයේ ‍ඓතිහාසික කරුණු පැහැදිළි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබාගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ අල්කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද් නුවර පවත්වනු ලැබු අටවැනි වෛද්‍ය සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැළඳ ගත්තේය.

    උපතින් බෞද්ධයෙකු වු ඔහු ඉස්ලාමය වැළඳ ගනිමින් ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිලිගැනිමට මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් YouTube.com වෙබ් අඩවියෙන් ඔබට දැක අසා ගන්නට හැකියාව තිබේ.


     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :yes: පුනරුත්පත්තියක් ගැන බුදුන් වහන්සේ දේශනා කරලා නෑ. පුනර්භවය තමයි උන් වහන්සේ උගන්වල තියෙන්නේ.

    " energy can be transformed from one form to another, but cannot be created or destroyed"
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?
    මෙකට බුද්ධ ධර්මයේ කියන්නේ පුනර් භවය කියලා. නැවත වෙන භවයක මිනිසෙකු දෙවියෙකු තිරිසනෙකු හෝ අමනුෂ්‍යක් වෙලා ඉපදීම.

    මිනිසෙකු දෙවියෙකු වෙලා ඉපදීම:lol::lol::lol::lol::lol:
    giphy.gif
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka


    “(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇගිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්-කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)

    මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක් එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් ඔහුව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින් මිනිසාට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්-කුර්ආනය පිලිතුරු සපයයි. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලිතුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමුවරට සොයා ගනු ලැබුවේ 1880දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේනම් අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථකරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි.

    මාෂාඅල්ලහ් ඔයාට මෙච්චර ඉස්ලාම් ගැන දැනුමක්. :):):)
    ඔයාට අල්ලහ් හිදායත් නම් යහමාර්ගය පෙන්වා දෙත්වා!!! ආමීන්:yes::yes::yes:
     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    මාෂාඅල්ලහ් ඔයාට මෙච්චර ඉස්ලාම් ගැන දැනුමක්. :):):)
    ඔයාට අල්ලහ් හිදායත් නම් යහමාර්ගය පෙන්වා දෙත්වා!!! ආමීන්:yes::yes::yes:


    කුරාණයේ ඇඟිලි තුඩු මිසක් ඇඟිලි සලකුනු කියල කොහොමවත් සඳහන් වෙන්නෙ නෑ. ඇයි මේ කුරානය එතකොට ඇඟිලි තුඩු එක්කරන කතාවක් ගැන කියන්නෙ.
    ඒ තමයි ඇට සැකිලි එකට එකතු කරනව කියන එක නබී විසින් ෆලෝවර්ස්ලට දුන්න එක ප්‍රොමිස් එකක්. මේ ඇට සැකිලි එකතු කිරිල්ලේ ප්‍රිසිෂන් එක ඒත්තු ගන්වන්න තමයි ඔය වගේ දෙයක් කියන්නෙ. මොකද ඇට සැකිල්ලක ඇගිලි කොටස් විසිර ගියාට පස්සෙ එකට එකතු කරන එක අමාරුයි පැටලෙනව ඒ ප්‍රමානයෙන් කුඩාම ඇස්ති කොටස් නිසා. මේක සාමාන්‍ය දැනුම මිසක් නබීට තිබ්බ සුපර් නැචුරල් නෙවෙයි.:lol:
    ඔය ශුක්‍රානු හැදෙන්නෙ පෙනහැල්ලෙ කියල කියපු ගොයියෙක් කොහෙද ජෙනටික් ගැන දන්නෙ :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    චිම්පන්සියටත් ඇඟිලි සලකුණු තියෙනව :oo: එහෙනං උනුත් දිව්‍යලෝකේ යනව ඇති මැරුණම :lol:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ස්ථානයක් ‍නොකියන අල්කුර්ආනය එය පාර භෞතික වුවත් මිනිසාට අපහසුතාවයකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබදව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.

    “කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සඳහා ඒ වෙනුවට අළුත් සමක් බාර කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (අල්-කුර්ආනය 4: 56)

    ඉහත අල්-කුර්ආන් වැකිය දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන් (Pain Receptors) ඇති බවත් ඒවා සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන්ට (Prof. Tagatat Tejesen) මෙම කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන්වු අවස්ථාවේදි අල්-කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැනගත් විට මවිතයෙනුත් මවිතයට පත්විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනිමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි විමසුවේය.

    කුර්ආනයේ ‍ඓතිහාසික කරුණු පැහැදිළි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබාගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ අල්කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද් නුවර පවත්වනු ලැබු අටවැනි වෛද්‍ය සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැළඳ ගත්තේය.

    උපතින් බෞද්ධයෙකු වු ඔහු ඉස්ලාමය වැළඳ ගනිමින් ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිලිගැනිමට මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් YouTube.com වෙබ් අඩවියෙන් ඔබට දැක අසා ගන්නට හැකියාව තිබේ.




    මාෂාඅල්ලහ් ඔයාට මෙච්චර ඉස්ලාම් ගැන දැනුමක්. :):):)
    ඔයාට අල්ලහ් හිදායත් නම් යහමාර්ගය පෙන්වා දෙත්වා!!! ආමීන්:yes::yes::yes:
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උපතින් බෞද්ධයෙකු වු ඔහු ඉස්ලාමය වැළඳ ගනිමින් ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිලිගැනිමට මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් YouTube.com වෙබ් අඩවියෙන් ඔබට දැක අසා ගන්නට හැකියාව තිබේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    thred එකේ පලවැනි කොටසේ තියෙනව. බුදුදහම ආත්මය හා විඤ්ඤානය පිලිගන්නේ නැ කියල. ඒක වැරදි.
    බුදු දහම පිලිගන්නේ නැත්තේ ආත්මය විතරයි. විඤ්ඤානය පිලිගන්නව.
    පටිච්චසමුප්පාදය කියවන්න...
    බුදුරදුන් බුදුවුනේ විඤ්ඤානය දියුනු කරල. නැත්නම් එක පාරට බුදු වෙන්න බැ.
     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0

    (අල්-කුර්ආනය 4: 56)
    ඉහත අල්-කුර්ආන් වැකිය දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන් (Pain Receptors) ඇති බවත් ඒවා සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය.

    කව්ද බන් උබට මේ ගොන් ජෝක්ස් ටික එව්වෙ. පේන් නර්ව්ස් ගැන පහලින් තියන ටික කියවපන්. ඕක කුට්ටියකට ප්‍රසිද්ධියේ ඉස්ලාමය මාරු කරපු ගෝතයෙක්.


    In mammals, nociceptors are sensory neurons that are found in any area of the body that can sense noxious stimuli either externally or internally. External examples are in tissues such as skin (cutaneous nociceptors), cornea and mucosa. Internal nociceptors are in a variety of organs, such as the muscle, joint, bladder, gut and continuing along the digestive tract. The cell bodies of these neurons are located in either the dorsal root ganglia or the trigeminal ganglia.[2] The trigeminal ganglia are specialized nerves for the face, whereas the dorsal root ganglia associate with the rest of the body. The axons extend into the peripheral nervous system and terminate in branches to form receptive fields.