මචන් පුනර්භවය සහ පුනුරුප්පත්තිය කියන දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. මොකද මට තියෙන්නෙ උබේ මතයට සම්පූර්ණ විරුද්ද්ධ මතයක්. හැබයි ඔය දෙකේ වෙනස ගැන හරි අයිඩියා එකක් නෑ.
සියල්ලටම පෙර පුනුරුප්පත්තිය කුමක්දැයි විමසා බලමු. මෙම සංකල්පයේදී විමසා පවසන්නේ යම්කිසි සත්වයෙක් මරණයෙන් පසු නැවතත් යම තැනක ඉපදෙන බවය. එනම්, මෙම සත්වයන් දෙදෙනා වෙනත් කාලයන්ට අයත් වූවත් එකම සත්වයෙකු බවය. පෙර සිටි සත්වයා කල දේ අනුව ඔහු නැවත උපදින තැන තීරණය වේ. ඇතැම් විට මනුෂ්‍යයෙකු මියගොස් බල්ලෙකු වී ඉපදීමට මෙම සංකල්පය ඉඩ දේ. නියමිත ජීවිත කාලය තුලදී ශරීර ස්වභාවය මනුෂ්‍යයෙකු වුවත්, පූසෙකු වුවත්, පනුවෙකු වුවත්, සිටින්නේ එකම සත්වයෙකි. බැලූබැල්මට මෙම සංකල්පය ධර්මයේ එන ජාතක කතා සමග මනාව ගැලපේ. බොහෝ බෞද්ධයන් මෙම වැරදි සංකල්පයේ පැටලෙන්නේද මෙම ස්වභාවය නිසාය. මෙම සංකල්පය හේතුවෙන්, මෙම සියලුම ජීවිත වලට පොදු දෙයකුත් (ආත්මය), එය අවකාශයේ සැරිසරන ආකාරයකුත් (මනෝ කාය), ජීවිත දෙකක් අතර ඉඩ පරාසයකුත් (අන්තර භවය) යන බොහෝ වැරිදි සංකල්ප බිහිවී තිබේ.
එසේනම් පුනර් භවය යනු කිමෙක්ද? පුනර්භවය යනු අනෙක් වචනයකින් කියැවෙන හේතු පළ දහමයි. සත්වයෙකුගේ මරණයෙන් පසු නැවත ඇතිවන යම සත්වයෙක් වීද, එම දෙවන සත්වයා පළමු සත්වයා නොවන බව පුනර්භවය තුල පැහැදිලිවම කියවේ. එසේ වේනම්, දෙවන සත්වයා පළමු සත්වයා නොවේද? එයත් එසේ නොවන බව පැවසීම වටී. එසේ නම කීම?
මෙම කාරණය විස්තර කිරීමෙහිලා පහන දැල්ලක් උදාහරණ කොට ගැනීම සුදුසු යි මට සිතේ. දැල්වෙන පහනක දැල්ල උපකාර කරගෙන තවත් පහනක් දැල්වීමට හැකි බව අප සියලු දෙනාම දනිමු. එසේනම්, දෙවන පහනෙහි ඇත්තෙත් පෙර පහනේම දැල්ල යි කෙනෙකුට අභියෝග කල හැකිද? එය එසේ නොවේයි තවත් කෙනෙකුට අභියෝග කල හැකිද? නැත. මෙහිදී සිදුවූයේ පෙර පහන දැල්ලේ උණුසුම උපකාර කරගෙන දෙවන පහන තමන්ගේම දැල්ලක් නිර්මාණය කරහෙන පවත්වාගෙන යාමයි. දෙවන පහන දැල්ලක් පවත්වාගෙන යාමටඅවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ කර තිබුනත් පෙර පහන් දැල්ල නොවීනම් දෙවන දැල්ල හට නොගනී. පෙර දැල්ල තිබුනත් දෙවන පහන නිසි පරිදි සකස්වී නොතිබුණි නම්, දැල්ල හට නොගනී.
පුනර්භවය යන්නත් එවන්මය. දෙවන භවය හටගන්නේ පළමු භවය තුල සත්වයා ඇතිකරගන්නා විපාක දීම පිණිස සකස්වූ කර්ම හේතු කරගෙන ඇතිවන චුති සිතයි. එය දැල්වීමට සුදුසුකම් සපුරා ඇති ගැලපෙන පහනක් දල්වාලයි.
පුනර්බවය තුල මෙම හේතු නිසාම අන්තරාභවයක් නොපවතී, අවකාශයේ හැසිරෙන මනොකායක් ද නොපවතී, භවයෙන් භවයට ගමන කරන ආත්මයක් ද නොපවතී. පවත්නා එකම දෙය කර්ම-පළ සම්භන්දය පමණි.
මේ අනුව, පුනර්බහවය සහ පුනුරුප්පත්තිය අතර ඇති පරස්පරතාවය හංසයන් දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් වෙන්කර ගැනීමට ධර්මය තුලින් විමසා පැහැදිලි කරහනීමට, හැකිය….
මෙතනින් ගත්තේ ඕක තමයි කතාව
මොනවද මේ කියන්නෙ? කොතනද එහෙම තියෙන්නෙ? (තමන් කැමති නම් තමාගේ බුද්ධියට ගෝචර වෙනවනම් පමණක් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලා). සාමාන්‍ය කෙනෙකුගෙ බුද්ධියට ගෝචර වෙන්නැති දේවල් අවබෝධ කරන්න තමයි බුදු කෙනෙක් පහල වෙන්නෙ. සූත්‍රය මුල, මැද, අග පිළිවෙලට කියවන්නැතුව ඉතාම පොඩි කොටසක් විතරක් අල්ලා ගෙන.... සර්පයාගෙ වලිගෙන් අල්ලා ගත්තා වගේ තමයි.
ශාස්තෘන් වහන්සේ තමයි තමන් වහන්සේගේම ඥානයෙන් ධර්මය අවබෝධ කළේ. (සම්මා සම්බුද්ධ)
ඒ අවබෝධ කරපු ධර්මය මනාව දේශනා කරලා තියෙනවා. (ස්වාක්ඛාත)
ඉතින් අපිට අලුතෙන් සොයාගැනීම් කරන්න දෙයක් නෑ. කැමති කෙනෙකුට ධර්ම මාර්ගයේ යන්න හෝ නොයන්න පුලුවන්. ඒ මාර්ගයේ යන කෙනා ළඟා වෙන්නෙ නිවනට.
ubata තාම මේකේ අදහස තේරිලා නෑ. බුදු දහමේ තියෙන කරුණු කවුරුත් කියපු පලියට හෝ පොතක තිබ්බ නිසා පිළිගන්න එක වැඩක් නෑ. ඒක තේරුම් අරන් අපිම අවබෝධ කරගෙන පිළිගන්න ඕන නැත්නම් උබට කවදාවත් නිවනට ළගා වෙන්න ba. ඉස්ලාම් වල වගේ නීති සනග්රහයක් බුදු දහමේ නෑ මේවා කරන්න එපා ආරව කරන්න කියලා එක එක නීති නෑ. බුදු දහමේ තියෙන්නේ එක මාර්ගයක් ඒ මාර්ගයේ යන්න ධර්මය අවබෝධ වෙන්න ඕන පිළිපැදීමෙන් පමණක් එක වෙන්නේ නෑ.