පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

  • ඔව්

  • නැත

  • බෞද්ධයන් නිසා විශ්වාස කරනවා

Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ඒ බව පිළිගන්න කවුරු අකමැති වුණත් ඒක තමයි ඇත්ත
    ඕක තමයි හැම ආගම් අදහන මනුස්සයම කියන්නේ. ඕක ඔලුවේ තියන් ඉන්නකන් දෙයක් දිහා හරියට බලන්න බෑ .
    මම කියපු දේට කියන්න දෙයක් නැති උනාම ගැලපුනේ නෑ කියමු. ඊලග භවයේදී වෙන ආගමක් මුල් කරගෙන ඉපදුනොත් ඒක තමයි ඇත්තම ඇත්ත එදාටත් ඔය වගේ හිතුවොත්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    ඔයා ඉන්නෙ කවදාවත් කවුරුවත් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නෑ වගේ දෘෂ්ඨියක.
     
    • Love
    Reactions: Udenit

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ඔයා ඉන්නෙ කවදාවත් කවුරුවත් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නෑ වගේ දෘෂ්ඨියක.
    කවුද එහෙම කිව්වේ. අන්ද භක්තියෙන් විෂවාස ඔලුවේ තියන් ඉන්න මිනිස්සුන්ට සත්‍ය අවබෝද වෙන්නේ කොහොමද ?
    සත්‍ය කියන්නේ සත්‍ය . ඒක කොහෙන් ගියත් සත්‍ය වෙන්න ඕනේ. ඒක මේ පාලි ගාථ පාඩම් කරල ගන්න පුලුවන් දෙයක් නවෙයි. අවබෝද කරගන්න ඕන දෙයක්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කවුද එහෙම කිව්වේ. අන්ද භක්තියෙන් විෂවාස ඔලුවේ තියන් ඉන්න මිනිස්සුන්ට සත්‍ය අවබෝද වෙන්නේ කොහොමද ?
    සත්‍ය කියන්නේ සත්‍ය . ඒක කොහෙන් ගියත් සත්‍ය වෙන්න ඕනේ. ඒක මේ පාලි ගාථ පාඩම් කරල ගන්න පුලුවන් දෙයක් නවෙයි. අවබෝද කරගන්න ඕන දෙයක්.
    හරි එහෙනම් ඔයා ඒ විදිහට අවබෝධ කරනවානෙ.

    අපි තිසරණයේම පිහිටලා, බුද්ධ දේශනා ඉගෙන ගනිමින්, ශාස්තෘ ගෞරවය ඇතිව, ශ්‍රද්ධාවෙන් යුතුව, වීර්යය ඇති කරගෙන ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරනවා. මට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඒ තරම් පැහැදීමක් ඇති වුණේ කොහොමද කියලා දැනගන්න යම් දවසක අවශ්‍ය වුණොත් pm එකක් එවන්න.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආත්මයක් නොවන නැවත නැවත ඉදිරියට යන මුල සිට අද දක්වා අප කල කී දේ සියල්ල සටහන් වූ, නව උපතක් ලෙස කුමන ආකාරයක ජීවියෙක් හෝ සත්වයෙක් තුලට බැස ගත හැකි සිතක් හෝ සූක්ෂම ශක්තියක් තියෙනව කියල විශ්වාස කරනව.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    මචන් පුනර්භවය සහ පුනුරුප්පත්තිය කියන දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. මොකද මට තියෙන්නෙ උබේ මතයට සම්පූර්ණ විරුද්ද්ධ මතයක්. හැබයි ඔය දෙකේ වෙනස ගැන හරි අයිඩියා එකක් නෑ.

    සියල්ලටම පෙර පුනුරුප්පත්තිය කුමක්දැයි විමසා බලමු. මෙම සංකල්පයේදී විමසා පවසන්නේ යම්කිසි සත්වයෙක් මරණයෙන් පසු නැවතත් යම තැනක ඉපදෙන බවය. එනම්, මෙම සත්වයන් දෙදෙනා වෙනත් කාලයන්ට අයත් වූවත් එකම සත්වයෙකු බවය. පෙර සිටි සත්වයා කල දේ අනුව ඔහු නැවත උපදින තැන තීරණය වේ. ඇතැම් විට මනුෂ්‍යයෙකු මියගොස් බල්ලෙකු වී ඉපදීමට මෙම සංකල්පය ඉඩ දේ. නියමිත ජීවිත කාලය තුලදී ශරීර ස්වභාවය මනුෂ්‍යයෙකු වුවත්, පූසෙකු වුවත්, පනුවෙකු වුවත්, සිටින්නේ එකම සත්වයෙකි. බැලූබැල්මට මෙම සංකල්පය ධර්මයේ එන ජාතක කතා සමග මනාව ගැලපේ. බොහෝ බෞද්ධයන් මෙම වැරදි සංකල්පයේ පැටලෙන්නේද මෙම ස්වභාවය නිසාය. මෙම සංකල්පය හේතුවෙන්, මෙම සියලුම ජීවිත වලට පොදු දෙයකුත් (ආත්මය), එය අවකාශයේ සැරිසරන ආකාරයකුත් (මනෝ කාය), ජීවිත දෙකක් අතර ඉඩ පරාසයකුත් (අන්තර භවය) යන බොහෝ වැරිදි සංකල්ප බිහිවී තිබේ.

    එසේනම් පුනර් භවය යනු කිමෙක්ද? පුනර්භවය යනු අනෙක් වචනයකින් කියැවෙන හේතු පළ දහමයි. සත්වයෙකුගේ මරණයෙන් පසු නැවත ඇතිවන යම සත්වයෙක් වීද, එම දෙවන සත්වයා පළමු සත්වයා නොවන බව පුනර්භවය තුල පැහැදිලිවම කියවේ. එසේ වේනම්, දෙවන සත්වයා පළමු සත්වයා නොවේද? එයත් එසේ නොවන බව පැවසීම වටී. එසේ නම කීම?

    මෙම කාරණය විස්තර කිරීමෙහිලා පහන දැල්ලක් උදාහරණ කොට ගැනීම සුදුසු යි මට සිතේ. දැල්වෙන පහනක දැල්ල උපකාර කරගෙන තවත් පහනක් දැල්වීමට හැකි බව අප සියලු දෙනාම දනිමු. එසේනම්, දෙවන පහනෙහි ඇත්තෙත් පෙර පහනේම දැල්ල යි කෙනෙකුට අභියෝග කල හැකිද? එය එසේ නොවේයි තවත් කෙනෙකුට අභියෝග කල හැකිද? නැත. මෙහිදී සිදුවූයේ පෙර පහන දැල්ලේ උණුසුම උපකාර කරගෙන දෙවන පහන තමන්ගේම දැල්ලක් නිර්මාණය කරහෙන පවත්වාගෙන යාමයි. දෙවන පහන දැල්ලක් පවත්වාගෙන යාමටඅවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ කර තිබුනත් පෙර පහන් දැල්ල නොවීනම් දෙවන දැල්ල හට නොගනී. පෙර දැල්ල තිබුනත් දෙවන පහන නිසි පරිදි සකස්වී නොතිබුණි නම්, දැල්ල හට නොගනී.

    පුනර්භවය යන්නත් එවන්මය. දෙවන භවය හටගන්නේ පළමු භවය තුල සත්වයා ඇතිකරගන්නා විපාක දීම පිණිස සකස්වූ කර්ම හේතු කරගෙන ඇතිවන චුති සිතයි. එය දැල්වීමට සුදුසුකම් සපුරා ඇති ගැලපෙන පහනක්‌ දල්වාලයි.

    පුනර්බවය තුල මෙම හේතු නිසාම අන්තරාභවයක් නොපවතී, අවකාශයේ හැසිරෙන මනොකායක් ද නොපවතී, භවයෙන් භවයට ගමන කරන ආත්මයක් ද නොපවතී. පවත්නා එකම දෙය කර්ම-පළ සම්භන්දය පමණි.

    මේ අනුව, පුනර්බහවය සහ පුනුරුප්පත්තිය අතර ඇති පරස්පරතාවය හංසයන් දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් වෙන්කර ගැනීමට ධර්මය තුලින් විමසා පැහැදිලි කරහනීමට, හැකිය….

    මෙතනින් ගත්තේ ඕක තමයි කතාව
    මොනවද මේ කියන්නෙ? කොතනද එහෙම තියෙන්නෙ? (තමන් කැමති නම් තමාගේ බුද්ධියට ගෝචර වෙනවනම් පමණක් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලා). සාමාන්‍ය කෙනෙකුගෙ බුද්ධියට ගෝචර වෙන්නැති දේවල් අවබෝධ කරන්න තමයි බුදු කෙනෙක් පහල වෙන්නෙ. සූත්‍රය මුල, මැද, අග පිළිවෙලට කියවන්නැතුව ඉතාම පොඩි කොටසක් විතරක් අල්ලා ගෙන.... සර්පයාගෙ වලිගෙන් අල්ලා ගත්තා වගේ තමයි.

    ශාස්තෘන් වහන්සේ තමයි තමන් වහන්සේගේම ඥානයෙන් ධර්මය අවබෝධ කළේ. (සම්මා සම්බුද්ධ)
    ඒ අවබෝධ කරපු ධර්මය මනාව දේශනා කරලා තියෙනවා. (ස්වාක්ඛාත)
    ඉතින් අපිට අලුතෙන් සොයාගැනීම් කරන්න දෙයක් නෑ. කැමති කෙනෙකුට ධර්ම මාර්ගයේ යන්න හෝ නොයන්න පුලුවන්. ඒ මාර්ගයේ යන කෙනා ළඟා වෙන්නෙ නිවනට.
    ubata තාම මේකේ අදහස තේරිලා නෑ. බුදු දහමේ තියෙන කරුණු කවුරුත් කියපු පලියට හෝ පොතක තිබ්බ නිසා පිළිගන්න එක වැඩක් නෑ. ඒක තේරුම් අරන් අපිම අවබෝධ කරගෙන පිළිගන්න ඕන නැත්නම් උබට කවදාවත් නිවනට ළගා වෙන්න ba. ඉස්ලාම් වල වගේ නීති සනග්‍රහයක් බුදු දහමේ නෑ මේවා කරන්න එපා ආරව කරන්න කියලා එක එක නීති නෑ. බුදු දහමේ තියෙන්නේ එක මාර්ගයක් ඒ මාර්ගයේ යන්න ධර්මය අවබෝධ වෙන්න ඕන පිළිපැදීමෙන් පමණක් එක වෙන්නේ නෑ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ubata තාම මේකේ අදහස තේරිලා නෑ. බුදු දහමේ තියෙන කරුණු කවුරුත් කියපු පලියට හෝ පොතක තිබ්බ නිසා පිළිගන්න එක වැඩක් නෑ. ඒක තේරුම් අරන් අපිම අවබෝධ කරගෙන පිළිගන්න ඕන නැත්නම් උබට කවදාවත් නිවනට ළගා වෙන්න ba. ඉස්ලාම් වල වගේ නීති සනග්‍රහයක් බුදු දහමේ නෑ මේවා කරන්න එපා ආරව කරන්න කියලා එක එක නීති නෑ. බුදු දහමේ තියෙන්නේ එක මාර්ගයක් ඒ මාර්ගයේ යන්න ධර්මය අවබෝධ වෙන්න ඕන පිළිපැදීමෙන් පමණක් එක වෙන්නේ නෑ.
    මචං,
    කාලාම සූත්‍රයේ තියෙනවාලු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්වත් පිළිගන්න එපා කිව්වා කියලා. අන්න ඒ ගැනනෙ අපි කතා කළේ. කාලාම සූත්‍රයේ ඇත්තටම තියෙන්නෙ එහෙම දෙයක් නෙමේ. නමුත් සමහර අය නොදැනුවත්කම නිසා හෝ වාසිය සඳහා ඒක එහෙමයි කියලා කියනවා. මේ ත්‍රෙඩ් එක පටන් ගන්න කොටම ඒ වැරදි පණිවිඩය සමාජගත වෙන හින්දා මුලින්ම අපි ඒ ගැටේ ලිහා ගන්න ඕනෙ.
    https://elakiri.com/threads/කාලාම-සූත්‍රයේ-ඇත්තටම-එහෙමද-තියෙන්නෙ.1951947/

    ධර්මය අපිම අවබෝධ කරගන්න ඕනෙ තමයි. ඒ සඳහා බුද්ධ දේශනාව ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි. බුද්ධ දේශනාවෙන් පිටත ධර්මාවබෝධය සඳහා මාර්ගයක් නෑනෙ. බුද්ධ දේශනාව ලියලා තියෙන පොත තමයි ත්‍රිපිටකය. ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරලා බුද්ධ දේශනාවක් ගැන හිතන්න නම් බෑ.

    නීති ගැන නම් මම කතා කළේ නෑ.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,528
    113
    punaruppathithiya = meme jeewithaya athmayak hatiyata salaka maranin pasu nawatha ema pudgalayama ipadenawa yai sitheema.

    punarbhawaya = bawayak pawathinne eka jeewitha kalayak pamani,maranayedi ema bawaya thawath aluthma bawayak hadala nathiwela yanawa,aluthin hadena bawaya parana bawayama nowe,namuth parana bawayama nowe yai kiyannath baha,eka hariyata ginikurakin thwa ginikurak paththu karala kalin ginikura niwala danawa wage,aluth ginikura paththu wune parana ginikura nisa,namuth aluth ginikure thiyenne aluth ginnak,eka parana ginna newei,namuth aluth ginikura paththu une parana ginikura nisa,emanisa nawatha bawayak sakas nowena widihata jeewath weema saha maranayata pathweema nirwanayai
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    විස්තරේ දාපං බොක්ක
    මොකක්ද උනේ?

    මෙහෙමයි මචන් ලා. අම්මලා කියන විදිහට මම බහ තොර ගත්ත කාලේ ලු මේ සිද්දිය උනේ ඊට පස්සේ එක පාරටම කියවන්න ගත්තාලු , කලින් හිටපු හිටපු විදිහ මැරිච්ච විදිහ එයාගේ අම්මා තාත්තා ඔය අනන් මනං හැම දේම , හොදම් දේ කියන්නේ අම්මල තාත්තා තෙරුන් අරන් තියෙනවා මෙය මේ කලින් ජිවිතේ දේවල් කියන්න පටන් අරන් තියෙන්නේ කියලා, පස්සේ අම්මල මට බල කරලා එහෙම මුකුත් කරලා නැහැ ළමයාගේ ඔලුවට එන දේවල් නේ කියලා හිතලා. (අපේ අම්මා මචන් එයාගේ higher studies වලට කරලා තියෙන්නේ මනෝ විද්‍යාව) එක හින්ද හොදට දන්නවා මේ වගේ දෙයක් උනාම කොහොමද මුහුණ දෙන්නේ කියලා , එයා ඒ කාලෙත් කියල තියෙනවා ඔහොම කියවන්න ගත්තාට හිමිට හිමිට ඔය සිද්දි අමතක වෙයි අපි මුකුත් බලෙන් කරන්න ඕනි නැහැ කියල. කිව්වා වගේම සතියකින් දෙකකින් මම කියවන එක නතර කරලා.

    මේ කතා ඔක්කොම කියෙව්වේ පස්සේ කලෙක ඒ කියන්නේ මම ඔ ලෙවල් කරන කාලේ (2006-2007) මට එතකොට හෙන උණක් තිබ්බ ඉරිදා පත්තරේ යන ආටිකල් එකක් තිබ්බ මරණාසන්න අත්දැකීම් කියලා ඕක මම කියවනවා පිස්සෙක් පිස්සෙක් වගේ (ලොල්, ඒ කාලෙනේ ඉතින් ) මන් ඉතින් ඕක කියවලා අම්මත් එක්ක හැමදාම කියවනවා ඔහොම කියවද්දී තමා අම්මා කිව්වේ උබත් පොඩි කාලේ මෙන්න මෙහම කියවන්න ගත්තා කියලා.....😲 මට නිකන් ඉද්ද ගැහැව්වා වගේ උනා යකෝ මමත් එහාමද කියලා .පස්සේ අම්ම ඔක්කොම විස්තරේ කිව්වට පස්සේ මම සැහෙන්න කල්පනා කරා මට පොඩ්ඩක් හරි මතකද කියලා..... සැහෙන්න දේවල් කරා ඒ දේවල් මතක් කරගන්න කොහෙද මෙලෝ මල දානයක් මතක නැහැ බන් . මට සැහෙන්න දුක හිතුනේ මගේ ජිවිතේ කලින් එක්කෙනා මැරිලා තියෙන්නේ ගින්නකට අහු වෙලා මුළු පවුලම . ඒක හින්දද මන්ද මගේ පස්සේ 🧅 තියෙනවා බන් හෙන පිච්චිච පැල්ලමක් වගේ සින් එකක් .... අම්මා නං කියන්නේ එක මේ මගේ උපන් ලපේ (ඒ උනාට එක ලපයක් වගේ තිබ්බට පොඩි ඔස්ට්‍රලියාවක් වගේ බන් මුළු පස්සම වහ ගෙන තියෙන්නේ එකෙන්😫😫😂😂)

    ඕන්න ඔහොමයි ඉතින් තොරණේ විස්තරේ..

    තවත් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා පස්සේ කියන්නන් ඔෆිස් එකේ බන් ඉන්නේ.

    ප:ලි - මම මේක ගැන සැහෙන්න අද්‍යන කරා බන් ඊ මේක සැහෙන්න interest නේ .. ඒවත් ලියන්නන් පස්සේ ...........

    ජායින් ජයම වේවා පුතී!!!!
     
    Last edited:

    Udenit

    Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    මම කියපු දේ ඔයා තේරුම් අරන් තියෙන්නේ වැරදියට. බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. මොකද බුදු කෙනෙක්ට වඩා ශ්‍රේෂ්ට කෙනෙක් මේ මිහිපිට නෑ. බුදු කෙනෙක් කියන්නේ සියල්ල දත් කෙනෙක් වගේම මේ සසර ගමනින් එතෙර වෙන විදිහ ගැන මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න එන බොහොම කලාතුරකින් මේ ලෝකෙට පහළවෙන කෙනෙක්. අපි බුදු හාමුදුරුවො හිටපු කාලේ උන් වහන්සේගෙන් බණ අහලා ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් තරමට මනස හැදිලා තිබුනා නම් අපි කවදාවත් ප්‍රශ්න කරන්න යන්නේ නෑ ඒ ගැන. ප්‍රශ්නේ තියෙන්නෙ දැන් අපි ඉන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2600 කටත් එහා. බුදුන් වහන්සේම දේශනා කරපු පිරිසිදු ධර්මය දැන් අපිට ඇවිත් තියෙන්නෙ ත්‍රිපිටකයෙන්. ත්‍රිපිටකයේ යම් යම් වෙනස්වීම් නිසා අපිට ගත යුත්ත ගන්න වෙන්නේ filter කරලා නුවනින් විමසලා. මම කියන්නෙ අන්ධ භක්තියෙන් ධර්මය පිළිගන්න කියන එක නෙමෙයි. දැන් අපි ඉන්න තත්ත්වෙත් එක්ක අපි දක්ෂ වෙන්න ඕනේ ඇත්ත සහ බොරුව අදුරගෙන ධර්මය අපේ ජිවිතයට ගලපගන්න.
    බෞද්ධයෙක් හැටියට ඔයා කියන දේට මම ගරු කරනවා. ප‍්‍රශ්නෙ තියෙන්නෙ කි‍්‍රස්තුභක්තිකයාත් ඉස්ලාම් භක්තිකයාත් හිතන්නෙත් ඔයා හිතන විදිහටම තමයි ජේසු කියපු දේ තමයි පරම සත්‍ය මහම්මත්තුමා කියපු එක තමයි පරම සත්‍යය. මේ අයට කියන්නෙ මූලධර්මවාදීන් කියලා. බෞද්ධයෙක් හැටියට මට බුදුන්ව පේන්නෙ ඊට වඩා වෙනස් කෙනෙක් හැටියට. .‘‘ මම තමයි ඇත්ත කියන්නෙ මගේ එක තමයි පරම සත්‍යය ඒක අනිවාර්යෙන්ම උඹලා පිළිගත යුතුයි’’ කියලා නෙවෙයි. ‘‘ මම කිව්වත් උඹේ තාර්කිකභාවය අනුව පිලිගනිං . උඹේ බුද්ධියට ඉඩ දීලා පිලිගනිං එහෙම නැතිව අන්ධානුකරණයෙන් මගේ පස්සෙ එන්න එපා ’’ කියලා . අදටත් බුදු දහම යුරෝපය පුරා පැතිර යන්නේ ඔයා කියන අන්ධානුකරණයෙන් මිදිච්ච තර්කානුකූල ලෙස අපේ හාමුදුරුවරු ඒ රටවල දහම් ප‍්‍රචාරනයේ යෙදෙන හින්දා. ඔයා කියන කතන්දර කියන්න ගියා නං සුද්දො පැත්තවත් බලන එකක් නෑ මේකත් අනිත් ආගම් වගේ කියයි
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    ඉතින් මම කියන්නෙත් තාර්කිකව නුවනින් විමසලා ධර්මය පිලිගන්න කියන එකම තමයි. මම මෙතන කියලා නෑනෙ බුදු හාමුදුරුවො දේශනා කර කියලා ත්‍රිපිටකයේ තියෙන හැම දෙයක්ම පිලිගන්න කියලා. අන්න එහෙම කිව්වා නම් මමත් ධර්මය නැතුව ආගම ඔලුව උඩ තියාගෙන ඉන්න කෙනෙක් කියලා කියන්න පුලුවන්. මම හැමතැනම කියලා තියෙන්නෙ කාලෙන් කාලෙට ත්‍රිපිටකයේ යම් යම් වෙනස්වීම් සිද්දවෙලා තියෙන හින්දා අපි දක්ෂ වෙන්න ඕනෙ ඒවගෙ හරි වැරද්ද තෝරලා බේරලා ගන්න.
     
    හරියටම හරි සම්පූර්ණයෙන් එකගයි :love: