තරුව = ආත්මය![]()
ඒ දෙකේ වෙනස මොකද එහෙනං

Edit : ආය පාරක් කියෙව්වා, ඔයා කියන තරුව වෙනස් තමා
ඒ කියන්නේ මිනිස්සු හැමෝගෙම තරුව එක සමානද ? වෙන්කරලා අඳුරගන්න ID එකක් එකට නැද්ද 
Last edited:
තරුව = ආත්මය![]()

ඒ කියන්නේ මිනිස්සු හැමෝගෙම තරුව එක සමානද ? වෙන්කරලා අඳුරගන්න ID එකක් එකට නැද්ද 
පුනරුප්පත්තිය සහ පුනර්බවය කියන්නේ දෙකක්. .
වචන දෙකේ තේරුම වෙනස්. .
පුනර්බවය ගැන මෙම දර්ම දේශනාවේ විස්තර කරනවා. .
මෙතනිනුත් තේරුම් ගන්න පුලුවන්. .
"පුනර් භවය යනු කිමෙක්ද? පුනර්භවය යනු අනෙක් වචනයකින් කියැවෙන හේතු පළ දහමයි. සත්වයෙකුගේ මරණයෙන් පසු නැවත ඇතිවන යම සත්වයෙක් වීද, එම දෙවන සත්වයා පළමු සත්වයා නොවන බව පුනර්භවය තුල පැහැදිලිවම කියවේ. එසේ වේනම්, දෙවන සත්වයා පළමු සත්වයා නොවේද? එයත් එසේ නොවන බව පැවසීම වටී. එසේ නම කීම?
මෙම කාරණය විස්තර කිරීමෙහිලා පහන දැල්ලක් උදාහරණ කොට ගැනීම සුදුසු යි මට සිතේ. දැල්වෙන පහනක දැල්ල උපකාර කරගෙන තවත් පහනක් දැල්වීමට හැකි බව අප සියලු දෙනාම දනිමු. එසේනම්, දෙවන පහනෙහි ඇත්තෙත් පෙර පහනේම දැල්ල යි කෙනෙකුට අභියෝග කල හැකිද? එය එසේ නොවේයි තවත් කෙනෙකුට අභියෝග කල හැකිද? නැත. මෙහිදී සිදුවූයේ පෙර පහන දැල්ලේ උණුසුම උපකාර කරගෙන දෙවන පහන තමන්ගේම දැල්ලක් නිර්මාණය කරහෙන පවත්වාගෙන යාමයි. දෙවන පහන දැල්ලක් පවත්වාගෙන යාමටඅවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ කර තිබුනත් පෙර පහන් දැල්ල නොවීනම් දෙවන දැල්ල හට නොගනී. පෙර දැල්ල තිබුනත් දෙවන පහන නිසි පරිදි සකස්වී නොතිබුණි නම්, දැල්ල හට නොගනී.
පුනර්භවය යන්නත් එවන්මය. දෙවන භවය හටගන්නේ පළමු භවය තුල සත්වයා ඇතිකරගන්නා විපාක දීම පිණිස සකස්වූ කර්ම හේතු කරගෙනය. "
ඒ දෙකේ වෙනස මොකද එහෙනං
Edit : ආය පාරක් කියෙව්වා, ඔයා කියන තරුව වෙනස් තමාඒ කියන්නේ මිනිස්සු හැමෝගෙම තරුව එක සමානද ? වෙන්කරලා අඳුරගන්න ID එකක් එකට නැද්ද
![]()

ඒ දෙකේ වෙනස මොකද එහෙනං
Edit : ආය පාරක් කියෙව්වා, ඔයා කියන තරුව වෙනස් තමාඒ කියන්නේ මිනිස්සු හැමෝගෙම තරුව එක සමානද ? වෙන්කරලා අඳුරගන්න ID එකක් එකට නැද්ද
![]()

හැබැයි මචං මම කියන කෙනා නිකම්ම නිකං පණ කෙන්දක් විතරයි.. ඒකට විවිධ මානසික ලක්ෂණ ශාරීරික ලක්ෂන එකතු වෙලා තමයි විවිධ පුද්ගලයො නිර්මාණය වෙන්නෙ..
ගෑනු පිරිමි
සුදු කලු
කරුණාවන්ත නපුරු
බුද්ධිමත් මෝඩ
මේ හැම දෙයක්ම
ඉතිං මේ හැම ලක්ෂණයක්ම එයාගෙමයි කියල ස්ථිරව භවයෙන් භවයට පවතින්නෙ නෑ..
ඒකයි බුද්ධාගමේ ආත්මයක් නෑ කියල කියන්නෙ..
අපි හැමෝගෙම තියෙන මේ පන කෙන්ද එක සමානයි..
අපි මොකක්හරි පවක් කරාම ඒකත් අපේ නෙවෙයිද එතකොටමොකද මම කියල කෙනෙක් නැත්තන්, මම කියල හිතාගෙන ඉන්න කෙනා කරන කියන දේවල් වලින් මට බලපෑමක් වෙන්න විදිහකුත් නෑ, මොකද බලපෑමක් වෙන්න මම කියල කෙනෙක් නෑනෙ.
හැබැයි කියන්නෙ මම යමක් කරොත් කර්මය ගොනා පසුපස එන කරත්තේ වගේ එනවා කියල. ඉතින් ගොනා කියල කෙනෙක් නැත්තන් කරත්තේ මොකක් පස්සෙද යන්නෙ![]()



මොලයේ රසායනික ක්‍රියාකාරිත්වය අනුව තමයි අපේ සිතුම් පැතුම් එන්නේ.. හැබැයි භාවනා කරද්දී.. බන අහද්දී වගේ හිත තැන්පත් වෙනවා නමුත් තාවකාලිකයි.. අයෙත් ටික කාලෙකින් අර පරණ සිතුවිලිම එනවා.. මම කියල කෙනෙක් නැහැ කියල කියන්නේ හැබැයි ශරීරය මුලික කරගත් මම කියල කෙනෙක් නැහැ කියල නමුත් දැනීම මුලික කරගත් ශක්තියක් තියනවා.. එක තමයි ඔය විඤ්ඤානය කියන්නේ .. ඒ වගේම තවත් අපැහැදිලි තැන තියනවා කර්මය ගැන.. කර්මයට අනුව ප්‍රතිපල එන්නේ කොහොමද කියන එක ගැන.. එහෙමනම් අධ්රුශ්යමන බලවේගයක් තියෙන්න ඕනේ.. හොඳ ත්‍රෙඩ් එකක් ..
මම නං කර්මයට කියන්නෙ හිතේ ස්වභාවය කියල..
උඹ මේ භවයෙ යහපත් විදියට ජීවත් වෙන්ඩ පුරුදු වුණානං, ඊළඟ භවයෙදිත් ඒ පුරුදු මතු වෙනව..
ඒ වගේ තැනක උත්පත්තිය ලබන්ඩ හේතු වෙන්නෙ අපේ මේ ආත්මෙ ස්වභාවය නිසා..
ඒකෙන් තමා උඹ ලබන භවයෙ කොතනද ඉපදෙන්නෙ කියන එක තීරණය කරන්නෙ.. උඹට සුදුසු ජාන තියෙන තැන නැවත උපදිනව
ඔව් එක වෙන්නත් පුළුවන්.. මාරම සංකීර්ණයි.. කර්මය කියන්නේ පුරුද්දම කියල කොහොමද කියන්නේ..උදාහරණයක් හැටියට අපි ලබන ආත්මේ මානසික රෝගයක් තියන කෙනෙක් ළඟ ඉපදෙනවා එතකොට ජන වලින් අපිටත් එක එනවා..එතකොට මනස නෙමෙයි නේද මුලික වෙන්නේ..



හින්දු ආගමේ කියන මිනිස්සු වෙනස්වේවි දිගටම ඉපදී ඉපදී ගියාට ස්ථිර ආත්මයක් තියෙනවය කියන කතාවම නේද ඔයාගේ ත්‍රෙඩ් එකේ කියන්නේ(ඔයාගේ තරුව = ආත්මය). බුදුහාමුදුරුවෝ කීවේ ඕකමද කියල මට සැකයි. හින්දු ආගමේ ආත්මය ගැන කතාව බුද්ධාගමේ කෙලින්ම ප්‍රතික්ෂේප කරනව කියලයි මම අහල තියෙන්නේ. ඒ දෙකේ වෙනස මට තාම තේරෙන්නේ නෑ.![]()



කර්මය සෑම දේටම මුල් නොවේ, ජාන තමයි ඉතින් ...![]()
ඒ වගේ තැනක උත්පත්තිය ලබන්ඩ හේතු වෙන්නෙ අපේ මේ ආත්මෙ ස්වභාවය නිසා..
ඒකෙන් තමා උඹ ලබන භවයෙ කොතනද ඉපදෙන්නෙ කියන එක තීරණය කරන්නෙ.. උඹට සුදුසු ජාන තියෙන තැන නැවත උපදිනව
ඔය පහන්දැල්ලේ උදාහරනේ හරි ලස්සන එකක්, එත් ඒ උදාහරනේ මේ කතාව හරියට විස්තර කරන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. දෙවැනි පහන්දැල්ල පටන්ගන්න හේතුවුනේ පලවෙනි දැල්ල, හැබැයි එතනින් එහාට දෙවැනි දැල්ල එක්ක කිසිම සම්බන්ධයක් ඒකට නෑනෙ. දෙවැනි පහන්දැල්ල කොච්චර වෙලාවක් පත්තු වෙනවද, පත්තුවෙන්නේ මොන පාටින්ද, කොච්චර ලොකු ආලෝකයක් ඒකෙන් විහිදුවනවද කියල අර පලවෙනි පහන්දැල්ල තීරණය කරන්නේ නෑ. වැදගත්ම දේ වෙන වෙනම පහන් දෙකකින් තුන්වෙනි පහනක් දැල්වොවුත් අර තුන්වෙනි පහන පත්තු කරේ මොකෙන්ද කියල කිසිම කෙනෙක්ට හොයන්න බෑ. ඒව තනිකරම ඒ පහනේ ගතිගුණ මත රඳාපවතින දේවල්.
හැබැයි පුනර්භවය කියන එකේදී කලින් කරපු පව් පින් එහෙම දිගටම අරන් යනව නේද ඊළඟ පියවරට. ඒ පව් පින් ඊළඟ පියවරේ ස්වභාවයත් තීරණය කරන්න දායක වෙනව. සමහරවෙලාවට මුළු ජීවිතේම අර කලින් කරපු දේක කර්මය පලදීමෙන් වෙනස්වෙනන් පුළුවන්. එතකොට බාහිර ස්වරුපයෙන් වෙනත් කෙනෙක් ඉන්නව කීවට ඒ ඉන්නෙ අර කලින් හිටපු කෙනාම තමයි නේද ? ඉතිං පුනරුප්පත්තියයි පුනර්භවයයි දෙකම ඒ විදිහට බලපුවම එකයි වගේ නෙ.


එල...mewa tamai discuss karnna oona ban nathnum piyumi,sandri,bade giniyama oya wage wal pal ... pitu dahas gaanak giyath kiyawanna watinama thread ekak
punuruppattiya punarbawaya atara wenasa kiyala denna