boru noda hitapn huthho
moo maanasika asahana karayk
just check his recent threads


මචන් උඹේ අවශතාවය සෙක්ස් විතරයි නම් එහෙම කසාදයක තේරුමක් නැහැ. සෙක්ස් වලට නම් ඕන තරම් ගැනු හොයාගන්න පුළුවන් සල්ලි තියෙනවනම්. විවාහයක් කියන්නේ සෙක්ස් වලට වැඩි තේරුමක් තියෙන දෙයක්. විවාහයක් ගෙනියන්න අනිවාර්යයෙන්ම ආදරයක් තියෙන්න ඕන. මචන් මගේ අත්දැකීම් අනුව කෙල්ලෝ ආදරය දිහා බලන්නේ කොල්ලෝ විදිහට නෙමෙයි. මටත් ඔය හා සමාන අත්දැකීමක් තියෙනවා. අපි කොච්චර ආදරය කලත්, කොච්චර හොඳින් කතා කලත්, අපිට ඒ හා සමාන ආදරයක් ලැබෙන්නේ නැහැ වචනෙකින්වත්. මේ දේවල් වලින් මම තේරුම් ගත්ත දේ තමයි ගැනියෙක්ගේ ආදරය ටිකින් ටික විශ්වාසය හා ගරුත්වය මත කාලයත් සමග ගොඩ නැගෙන එකක්. අපි වගේ දැක්ක පමණින් දවසක් දෙකක් කතා කරපු පමණින් කෙල්ලෝ ආදරය කරන්න යොමු වෙන්නේ නැහැ. එක නිසා තව උත්සහ කරල බලන්න එයාව තේරුම් ගන්න. උඹ ගැන එය හිතන විදිහ එයාගෙන් කෙලින්ම අහන්න. දෙන්නගේ අදහස් ගොඩක් වෙනස් කියල තේරෙනවනම් අත්හැරලා දාන එක වඩා හොඳයි තවත් දුර දිග ගිහින් දෙන්නම දුක් විඳිනවට වඩා.
PS. My story is also very similar to this. I am 28. I loved only once for all these years. I love her so much but she has no value for it. She is like a machine. No feelings at all. So finally I decided to give up. Now I don't even text her. I deleted the number also. I am waiting to see if she will change her mind someday and call me. Till then I decided I'll wait and go forward with my life.

ලසන්ත පෙරේරා;16874565 said:නැහ මචන්.. වැඩිමලා.. නන්ගී කෙනෙක් විතරයිලු ඉන්නේ.. ඒත් අපේ අම්මලා මුලුවෙලාවේම කියන්නේ අක්කට වඩා නන්ගී කටකාරයිලු කියලා. අක්කා අහින්සක පාටයිලු කියලා. ඒත් මට මහා ලොකු ඩොමිනන්ට් පර්සනැලිටි එකක් පේනවා මෙයාගෙන්. මාව අල්ලේ නටවයි මචන්.. මට භයයි![]()


ලසන්ත පෙරේරා;16874387 said:මචන්ලා.. මම බදින්න ඉන්න කෙල්ල (ප්‍රපෝසල් එකකින්) මට කතාකරන හැටි චුට්ටක් කචල් මචන්. පොඩි උපදෙසක් බලාපොරොත්තුවෙන් මේක ලියන්නේ.
උඹලට මතක ඇති මම කලිනුත් ත්‍රෙඩ් එකක් දාල ඇති මෙයා ගැන.
මචන් මේකයි සීන් එක. කෙල්ලට මම මුලින්ම කැමතිවුනේ නැහ. ඒත් අපි කතාකරගෙන කතාකරගෙන යනකොට (ස්කයිප් එකෙන්… මොකද මම ඉන්නේ පිටරටක), මගේ හිත ටිකක් මෙලෙක් වෙලා ඒකිට ආදරේ කරන්න පටන් ගත්තා. දැන් මම ඒකිට ආදරේ කරනවා. මේ ඔක්කෝටම ඕනනම් මාස 2ක් විතර ඇති.
මේ සතියේ මම වයිබර් හරහා ටෙක්ස්ට් එකක් යැව්වා, "ඔයා මුලුවෙලාවෙම මගේ හිතට එනවා, ගිය සෙනසුරාදා අපේ දිග ස්කයිප් ටෝක් එක නියමයි කියලා…" කඩ්ඩෙන්.
එයත් රිප්ලයි කලා මෙහෙම "මටත් එහෙම තමයි" කියලා.
මමත් ඉතින් බූරුවෙක් වගේ ඒකිගේ අම්මා වගේ අපෝ මචන්… මටම ලැජ්ජයි.. ඒකිට කතා කලේ ඊට පස්සේ මගේ දුවෙක්ට වගේ. ඇත්තමයි මචන්ලා.. මට මන් ගැනම හිරිකිතයි.
අනික මම ඒකිට කතා කරන්නේ "බබා" කියලා. ඒත් ඒකි නෙමෙයි මට එක ආදර වචනයකින්වත් කතා කරන්නේ.
ඊයේ රෑත් මචන් මගෙත් එක්ක ටිකක් ඔරොප්පුවෙන් වගේ කතාව. හරී නෙගටිව් ගතියක් මට දැනුනා. ඒත් මම ඉවසගෙන කතා කලා. මම ඔහොම නෙමෙයි, මෙන්න මෙහෙම හැදෙන්න කියලා උපදෙස් දුන්නම "අයියෝ එහෙම මටනම් ඉන්න බැහ…" කියලා කියනවා.
මචන්ලා.. මට දැන් දැන් හිතෙනවා මෙයාව මට ගැලපෙන්නේ නැහ කියලා. අනේ මන්දා. මොකද මම ආස කරන්නේ මට පිස්සු වැටිලා ආදරේ කරන අහින්සක කෙල්ලෙක්ට.
මම ආස, මගේ වයිෆ් මට ආදරෙන් කතා කරලා, මගේ දුක සැප අහලා මම කියන දේට ඇහුන්කම් දීලා.. අඩුම ගානේ "හොදයි ලසන්ත.. මම ඔයා කියන විදිහට හැදෙන්න උත්සාහ ගන්නම්කෝ" කියලාවත් කියන කෙල්ලෙක්ට.
ඒත් මෙයා, මුලුවෙලාවේම එයාගේ මතේමයි!
මම අද රෑ කිව්වා.. "ඔයා කතා කරනකොට අහන් ඉන්න එක්කෙනාගේ හිත රිදෙන හැටියට කතා නොකරන්න උත්සාහ කරන්න. මම වගේ ඉන්න කියලා.. ඔයා දැකලා තියෙනවද මම ඔයාට තරහෙන් කතා කරලා තියෙනවා මොනවෙලාවේ හරී?" කියලා.
මේකී ගත් කටටම "ඔව්.. ආපෝ ඔයා එහෙම කතා කරලා තියෙනවා" කියලා. මට හරීයට දුක හිතුනා මචන්. මෙච්චර මම මගේ දරුවෙක්ට වගේ කතා කරපු මේ ගර්ල්.. මට මෙහෙම කිව්වනේ. ඒත් මම හාර හාර අහනකොට කියනවා "නැහ.. මම නිකම් කිව්වේ" කියලා.
මමනම් හිතන්නේ මෙයා ඕනකමින් එහෙම කිව්වේ.
මට හිතෙන්නේ මම නිකම් කිච වෙලා ඉන්නේ කියලා. මම ඒකිගේ මිනිහා නෙමෙයි.. ගෑණි වෙලා. මම කියලා කියලා, දැන් බොරුවට හැමදෑම උදේට වයිබර් ටෙක්ස්ට් එකෙක් එවනවා "ගුඩ් මෝර්නින්" කියලා. ඒකත් ලන්කාවේ වෙලාවෙන් 11ටත් කිට්ටු කලාම. ආදරේ කරන කෙල්ලෙක් මෙහෙම කරයිද මචන්?
දැන් අවස්තා 2කදී මගේ හිත හරීයට රිදවලා තියනවා මෙයා.
මචන්ලා.. මට දැනගන්න ඕනා… ඇත්තටම උඹලගේ කෙල්ලොත් මේ වගේද කියලා. "බබා", "පැටියා" කියලා උඹලා උන්ට කතා කරනවද? පුන්චි ළමයෙක්ට වගේ ඇදලා අහින්සක විදිහට කතා කරනවද?
මම නිකම් ඕනවට වඩා මෙහෙම කරලා දැන් මේකි මාව පොන්ස් කෙනෙක් වගේ හිතාගෙනද ඉන්නේ?
මේ මගුල මම කරගන්නද? මම කොහොමද ගෑණිට භය නොවී ඉන්නේ? මේකි කියන කියන දේට මම හිස නොනමා ඉන්නේ කොහොමද?
ඇත්තටම කිව්වොත් මචන්.. මට වයස 33යි. ඒකිට 30යි. මම ජීවිතේට හු*ලා නැහ. මට හිතෙනවා මම මේ ගර්ල්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සෙක්ස් කීයලා. ඒත් මචන් බදින්නේ සෙක්ස් වලට නම්.. ඒක චා මගුලක් වෙයි නේද කියලා මට මහා භයක් දැනෙනවා.
උඹලට පුන්චි උපදෙසක් හරී මට දෙන්න පුලුවන්නම ගොඩාක් පින්.![]()







