පුන්නක්කු මිලත් නගී

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පුන්නක්කු මිලත් නගී

දේශීය වෙළදපොළේ පුන්නක්කු මිල ඉහළ යෑම නිසා කිරි කර්මාන්තය පවත්වාගෙන යෑමට ගැටළු රැසක් මතුවී ඇතැයි කිරි ගොවීහු පවසති.

මෙතෙක් දේශීය වෙළදපොළේ රුපියල් දෙදහස් පන්සීයක මිලකට පැවති පුන්නක්කු මිටිය, එක්වරම රුපියල් තුන්දහස් එකසීය දක්වා ඉහළ යෑම හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් කිරි ගොවීහූ පවසති.

දිනකට කිරි ගවයෙකුට පුන්නක්කු කිලෝ විස්සක් පමණ දෙවතාවක් ලබා දිය යුතු බවත්, ඊට අමතරව කිරි ගවයන් සදහා නිෂ්පාදිත විශේෂ සත්ත්ව ආහාර ද්‍රව්‍යද ලබා දිය යුතුව තිබේ.

දේශීය වෙළදපොලේ පුන්නක්කු නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලට අපනයනය කිරීම හමුවේ දේශීය වෙළදපොළේ පුන්නක්කු මිල ඉහළ යන බවද ගොවීන් පවසති.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට මිල වැඩි වෙන එක ප්‍රශ්නයක් උනේ මේකෙදි විතරයි නේ...:lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එහෙනම් ඉතින් උඹ කාලා හමාරයි නේ බන්..කොස් කොල හරි ක්‍රෝට්න් කොල හරි කාපන්..නොකානම් ඉන්ඩ එපා මචන් ගනන් ගියා කියලා... මොන දේ කරන්ඩත් කාලා බීලා ඉන්ඩ එපෑ...

    Joke හොඳේ :P
     
    Last edited:

    Similar threads