පුපුරණ ද්‍රව්‍ය තොගයක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පුපුරණ ද්‍රව්‍ය තොගයක්

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ඇල්ලු සැකකරු 23 දක්වා රිමාන්ඩ්

පුපුරණද්‍රව්‍ය තොගයක් සමඟ අනුරාධපුර නගරයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාෂ් කුරේරා මහත්මිය නියෝග කර තිබේ.


සැකකරු පසුගියදා පුපුරණද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්, ඩෙටනේටර් 2500ක් සහ සේවා නූල් ඇතුළු නීති විරෝධී භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.


සැකකරු අද(15) දින අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දුරකථනය ලබාගෙන ඇති සහ ලැබී ඇති ඇමතුම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබාගැනීමට ද නියෝග කර තිබේ.


ඒ සඳහා අදාළ දුරකථන සමාගම්වලින් ලබා ගන්නා වාර්තාව ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


සැකකරු 53 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන් වෙයි.

(අද‍දෙරන ‍වෙබ් අඩවිය)