පුපුරණ ද්‍රව්‍ය තොගයක්
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ඇල්ලු සැකකරු 23 දක්වා රිමාන්ඩ්
පුපුරණද්‍රව්‍ය තොගයක් සමඟ අනුරාධපුර නගරයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාෂ් කුරේරා මහත්මිය නියෝග කර තිබේ.
සැකකරු පසුගියදා පුපුරණද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්, ඩෙටනේටර් 2500ක් සහ සේවා නූල් ඇතුළු නීති විරෝධී භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු අද(15) දින අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දුරකථනය ලබාගෙන ඇති සහ ලැබී ඇති ඇමතුම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබාගැනීමට ද නියෝග කර තිබේ.
ඒ සඳහා අදාළ දුරකථන සමාගම්වලින් ලබා ගන්නා වාර්තාව ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සැකකරු 53 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන් වෙයි.
(අදදෙරන වෙබ් අඩවිය)