ඉස්සර ඉඳලම ලොකු රාජපක්ශ ෆෑන් කෙනෙක් නං නෙමේ
ඒත් මෙච්චර අනයි කියල නං හිතුවෙ නෑ
හිතපං කො කර කර ඉන්න රස්සාවට අත්‍යාවශ්‍ය දෙයක් එක පාර නැති කරාම වෙන දේ.
හරියට අයිටී කරන එකාට , එකපාර ඉන්ටර්නෙට් නැති කරා වගේ
ඩිලිවරි කරන එකාට එක පාර පෙට්‍රල් නැති කරා වගේ
වාහන බිස්නස් කරන එකාට , එකපාර වාහන ඉම්පෝට් කරන එක නැවැත්තුව වගේ
කිසි විශ්වාසයක් තියන්න බැරි සිස්ටම් එකක් බං ලංකාවෙ තියෙන්නෙ
පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් පට්ටිය දිහා බැලුවාම ඉතිං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
එක අතකට එතන ඉන්නෙත් ජනතාවගේම තේරීම නෙ
කුට්ටි ල
රෝහිත ල
විමල් ල
බැසිල් ල
ලංස ල
රනිල් ල
සජිත් ල
විතරක් නෙමේ රට මෙච්චර විනාසෙක දැම්ම මහින්ද රාජපක්ශ ට උනත් මිනිස්සු චන්දෙ දෙනව නෙ අන්ධ බක්තියෙන්. ඊලඟ පාරත් දෙනව.