පුරණ ඊජිප්තු පිරමීඩ පිළිබද ආකර්ශනීය තොරතුරු …
ලෝකයේ මේ වන විටත් විසඳගන්න බැරිවුණු අභිරහස් වගේම අති විශිෂ්ට නිර්මාණ ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ අතරිනුත් ඊජිප්තුවේ පිරමීඩ වලට හිමිවන්නේ සුවිශේෂී වු ස්ථානයක්. බොහෝ දෙනා මේ අසහාය නිර්මාණය ගැන විවිධ මතවාද ඉදිරිපත් කළත් නිවැරදිම තොරතුරු දැන ගැනිමට වගේම සොයාගැනීම් කිරිම තවමත් සිදුවෙමින් පවතින නිසා අදටත් මොනයම් හෝ වැදගත් තොරතුරක් ඊජිප්තු පිරමීඩ ගැන ලෝකයට එකතු වෙනවා.
ඊජිප්තු පිරමීඩ කියන්නේ ඉතාම සංකීර්ණ මාර්තෘකාවක්x හදුනාගෙන ඇති ආකාරයට ඊජිප්තු පිරමීඩ 118ක් පිළිබඳව මුලාශ‍්‍ර උපුටා දක්වා තිබෙනවා. නමුත් තව දුරටත් සොයා නොගත් පිරමීඩ ඇතැයි යන්න පුරාවිද්‍යාඥයන් විස්වාස කරනවා. ඒ ආකාරයට සොයාගත්ත පිරමීඩ අතුරින් බොහෝ දෙනා වැඩිපුර කතා කරන්නේ ඊජිප්තුවේ කයිරෝ නගරයට නුදුරින් ගීසා නිම්නයෙහී පිහිටා තිබෙන ගීසා පිරමීඩ ගැනයි. මේ පිරමීඩ අතරින් උසම පිරමීඩය කුෆු ලෙසත් පසුබිම කෆ්රේ සහ ඉදිරිසප මැන්කෞරේ ලෙස හැදින්වෙන පිරමීඩ තුන පිහිටා තිබෙනවා. ලාහුන් පිරමීඩය, උසර්කාෆ් පිරමීඩය, හවාරා පිරමීඩය, ටෙටී පිරමීඩය, මීඩියම් පිරමීඩය, බෙන්ට් පිරමීඩය, රෙඞ් පිරමීඩය ආදි වු ඊජිප්තුව පුරාම විසිරි තිබෙන තවත් පිරමීඩ ගැනත් සොයාගැනීම් කර තිබෙනවා. දැනට සොයාගෙන තිබෙන පැරණි’තම පිරමීඩ ලෙස හැදින්වෙන්නේ සකාරාහී ජෝසර් පිරමීඩය.
කෙසේ නමුත් පිරමීඩ ගැන කතා කිරිමට නම් ඊට පෙර අපට සිදුවෙනවා එකල ඊජිප්තුවෙහි පැවති සමාජීය ආර්ථික දේශපාලනික සහ ඔවුන් සතුව තිබු ලේඛන කලාව ගැන තරමක් දුරට සොයා බලන්න. මෙහි වැදගත්ම අංගයක් ලෙස සැලකිය හැක්කේ පුරාණ ඊජිප්තු ලේඛන කලාවයි. එවකට පැවති ජිවන තත්වයන් සහ පරිසරය ගැන දැන ගැනිමට ඇති හොඳම ආකාරය තමයි ඊජිප්තු රූපාක්ෂර. මේ රූපාක්ෂර ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා පෙන්විය හැකි. ඒවා නම් අයිඩියෝග‍්‍රැම් (චිත‍්‍ර ලිපි) මොනෝග‍්‍රැම් (නාමාක්ෂර) . මෙන්න මේ ඊජිප්තු අක්ෂර වල මේ ආකාර දෙකම දැක ගන්න හැකියාව ලැබෙනවා. ඔයාලා ගොඩක් අවස්ථාවල දැකලා ඇති මේ රූපාක්ෂර විවිධ හැඩතල මිනිස් රූප කුරුල්ලන්ගේ රූප ආදිය තිබෙනවා. මේ රූප මගින් ඒ කාලයේ මිනිසුන් ජිවත් වු ආකාරය වගේම ඔවුන් ජිවත් වු පරිසරය ගැන පිරමීඩ කියන්නේ මොනවද ඒවා නිර්මාණය කළේ ඇයි යන්න වැනි කාරණා ගැන තොරතුරු අනාවරණය කරන්න හැකියාව ලැබෙනවා.
ඊළඟට මේ ඊජිප්තු සමාජය ගැන කතා කරද්දි මේ ඊජිප්තු සමාජය කියන්නේ පුරාණ ඊජිප්තු ආගම විදිහට හදුන්වන සංකල්ප රාශියක් වටා ගෙතනු දියුණු සංස්කෘතියක්. මේ පුරාණ ඊජිප්තුවේ ස්වභාවික සංසිද්ධි වගේම සමාජ විපර්්‍යාස වල එකතුවකින් නිර්මාණය වුණු දේව සංකල්පවලින් පිරුණු දෙයක් කිව්වොත් නිවැරදි. පුරාණ ඊජිප්තුවේ ජිවත් වු වැසියන් විවිධ දෙවිවරුන් ගණනාවක් ඇඳහු බවට සාධක ලැබී තිබෙනවා. එලෙස ඇඳහූ දෙවිවරුන් ප‍්‍රමාණය සියයකට ආසන්න යි. මේ අතරින් ප‍්‍රධාන පෙළේ දෙවිවරුන් වගේම ඊජිප්තු දේව මණ්ඩලයේ සිටි දෙවිවරුන් ලෙස රා, අයිසීස්, අමුන්, හොරේස්, ඔසිරිස්, බැස්ට්, සෙත්, අනුබිස්, යන දෙවිවරුන් ගැන සඳහන්. මේ දෙවිවරුන්ට වෙන් වෙන් වු කාර්යන්ද තිබුනු බවත් දෙවිවරුන් බොහෝ දෙනෙකුගේ ස්වරුප ගත් විට අපට දකින්න ලැබෙනවා විවිධ සතුන්ගේ මුහුණු ආදේශ කර ඇති ආකාරයක්. පාරාවරුන් විසින් මෙම සතුන් සංකේත ලෙස එම සතුන් අනුකරණයට ආකර්ශණිය බවින් යුක්ත නිසා සුරතලයට ඇති කරන්න සහ ගෞරවාන්විත බවක් පිළිඹිඹු කිරිමට යොදාගෙන ඇති බවට මතයන් තිබෙනවා. උදාහරණ ලෙස පුසා, බල්ලා, කිඹූලා, හිපපොටේමස්, කුරුමිණියා, අයිබස්.
පුරාණ ඊජිප්තු ආගම ගැන කතා කරන විට අපට ඇසෙන නමක් තමයි මේ පාරාවෝ කියන නම. කව්ද මේ පාරාවෝ කියන්නේx ඇත්තටම පාරාවෝ කියන්නේ ඊජිප්තු සංස්ථාවේ පාලකයා එහෙමත් නැතිනම් නායකයා. ඒ කියන්නේ දෙවිවරුන් සමඟ ගණුදෙනු කරන මැදිහත්කරුවා එහෙමත් නැතිනම් ප‍්‍රධාන පුජකයා විදිහටත් සලකනවා. මේ හේතුව නිසාම ඔහුට ඊජිප්තු වැසියන් දෙවියන්ට හා සමානව දේවත්වය උදෙසා කළ යුතු පුද සත්කාරයන් කරමින් ඉතා යටහත් පහත්ව ඔහුගේ අණට කීකරුව සැලකුම් කර තිබෙනවා. ඊජිප්තුවේ ජිවත් වු වැසියන් තුළ විශ්වාසයක් ආකල්පයක් පැවතියා මරණින් මතු ජිවිතයක් ගැන. එයට මූලිකම හේතුව වුණේ මේ පාරාවන් නැතිනම් රජවරුන් විසින් නිර්මාණය කරන ලද පිරමීඩ. මේ කියන පිරමීඩ භාවිතා කර තිබෙන්නේ රජවරුන්ගේ සුසාන කටයුතු සදහා. පාරාවෝවරුන්ට පුජකයන්ට රදළයින්ට සමාජයේ වැදගත් තැනක් හිමි වී තිබු නිසා ඒ අසීමිතය බලය භාවිතා කරමින් ඔවුන් දේවත්වයක් ආරූඩ කරගෙන සමාජයේ දෙවිවරුන් මෙන් පෙනි සිට තිබෙනවා.
මේ විදිහට පළමු පිරමීඩය වන සකාරාහී ජෝසර් පිරමීඩය නිර්මාණය කළ ජෝසර් රජතුමාත් පාරාවෝ කෙනෙක් ලෙස සඳහන් වෙනවා. ජෝසර් පිරමීඩය දලවශයෙන් කි‍්‍රස්තුපූර්ව 2670-650 අතර කාලයේ නිර්මාණය කරන්නේ ඉම්ෆොටෙෆ් කියන නිර්මාණකරුවා අතින්. මීටර් 62×2ක් උස පඩිපෙළක් ආකාරයට හුණුගල් 40000ක් පමණ මේ සඳහා යොදාගෙන තිබෙනවා. මේ නිර්මාණය නිසාම පසු කලෙක ඊජිප්තු ජනතාව ඉන්ෆොටෙෆ් කියන නිර්මාණකරුවත් දේවත්වයෙන් ඇඳහූ බව සඳහන් වෙනවා. ඒ විදිහට දිගින් දිගටම රැල්ලක් විදිහට නිර්මාණය කරගෙන ආපු ගමන්මගේ උච්චතම අවස්ථාව විදිහට ගීසා හි පිරමීඩ සදහන් කළ හැකි. මේ පිරමීඩ සංකීර්ණයේ පිහිටි පැරණිතම සහ විශාලතම පිරමීඩය කුෆු පිරමීඩයයි.
මෙහි විශාලතම පිරමීඩය නිර්මාණය කරන ලද්දේ කුෆු නම් පාරාවෝ විසින්. ඒ කි‍්‍රස්තුපුර්ව 2550 කාලයේ. මෙය උසින් අඩි 481 (මීටර් 147) න් පමණ වේ. ඇස්තමෙන්තු ගල් කුට්ටි ප‍්‍රමාණය මිලියන 2×3 ක් වන අතර ඒ ඒ ගල් වල බර සාමාන්‍යයෙන් ටොන් 2×5 ත් 15 ත් අතර ප‍්‍රමාණයක බව සදහන් වෙනවා. මේ කුෆු පාරාවෝගෙ පුතා කෆ්රේ ගීසාහී දෙවන පිරමීඩය නිර්මාණ කරනවා. එය දළ වශයෙන් කි‍්‍රස්තුපූර්ව 2520x මෙම විශාල සුසාන භූමියේ අන්තර්ගත කර තිබෙනවා සිංහයෙකුගේ සිරුරක් සහ පාරාවෝ කෙනෙකුගේ හිස සහිත අත්භූත හුනුගල් ස්මාරකයක්. මේ නරසිංහ රූපය මුරකරන ආකාරයෙන් සොහොන් සංකීර්ණයේ පෙනි සිටිනවා. ගීසාහී පිරමීඩ තුනෙන් එකක් සැලකිය යුතු තරම් කූඩා වෙනවා අනෙක් පිරමීඩ දෙකට වඩා. මෙය ඉදිකර තිබෙන්නේ මැන්කෞරේ පාරාවෝ විසින්. ඒ ආසන්න වශයෙන් කි‍්‍රස්තුපුර්ව 2490 කාලයේ. මෙය හැඩරුවෙන් වඩාත් සංකීර්ණ මෘතශරිරාගාරයක් ලෙසයි ගැනෙන්නේ.
ඊලඟ දැනගත යුතු කාරණාව විදිහට කතා කරන්න යන්නේ මෙම පිරමීඩ නිර්මාණය කරන්න වුණ හේතුකාරණාව. මේ සම්බන්ධව විවිධ අදහස් උත්තර මත ඊජිප්තුව පිළිබඳ සොයාගැනීම් සිදුකරන පුරාවිද්‍යඥයින් ඉදිරිපත් කර තිබෙනවා. සොයා ගැනිම් වලින් වගේම ඔවුන් ඉදිරිපත් කරන මතවාදත් මේ ගොන්නට එකතු වෙනවා කියන්නත් අවශ්‍යයි. කෙසේ නමුත් මොනවාද මේ කියන මතයන් නැතිනම් ඔවුන්ගේ සොයාගැනීම්… මින් පෙරත් සඳහන් කරා වගේම ඊජිප්තුවේ වැසියන් ඇඳහිලි කරපු දේවිවරුන් අතරින් මුල් තැන ගත් දෙවි කෙනෙකු ගැන සඳහන් කළා මතක ඇති. ඔහු දේව මණ්ඩලයේ ප‍්‍රධානීයා රේ නැතිනම් අමන් ලෙසද එම දෙවියන්ව හදුන්වනු ලබනවා. පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කළා මරණින් මතු ජිවිතයක් තිබෙන බව. ඒ කියන්නේ සදාකාලික පැවැත්ම පිළිබඳ විශ්වාසය. ඊජිප්තු වැසියන් මේ පිරමීඩ තුළ ඇති ”කා” කියන දෙය නිසා මරණින් මතුවට දෙවියන් සමඟ සම්බන්ධ වෙන්නට හැකි රහස් මාර්ගයක් ලෙස පිරමීඩය දක්වනවා. මේ දෙවිවරුන් අතරන් ප‍්‍රධානපෙලේ දෙවි කෙනෙක් ලෙස ඔසයිරස් එහෙමත් නැතිනම් මළවුන් පිළිබද විශ්වාසය හා සම්බන්ධ දෙවියා හදුන්වන්න පුළුවන්. මේ දෙවියන් විසින් තමයි තිරණය කරනු ලබන්නේ මිය ගිය පුද්ගලයෙක් පෙර සඳහන් කළ ”කා” කියන ශක්තිය භාවිතයෙන් තව දුරටත් ජිවත් වෙන්න පුළුවන්ද නැතිනම් එතනින් ඔහුගේ ගමන නවතා දමනවාද යන්න. එතකොට මේ කාරණාව රජවරුන්ට ගලපන විට ඔවුන් විශ්වාස කළා මේ කා කියන දේ ශරිරයෙන් ගියාට පසු ඒ හරහා නැවතත් රජවරුන්ට පැමිණිමට ඇති සම්භාවිතාවක් තියෙනවා කියන දේ. ඒ සදහා රජතුමාගේ සුසානභූමිය ලෙස පිරමීඩ නිර්මාණය කළා වගේම මෙම මියගිය සිරුරු දුරු වර්ග කැවූ ලිනන් රෙදි වලින් ඔතා දිගු කල් ආරක්ෂා කිරිමක් කර තිබෙනවා. නැවත ජිවිතයක් ගැන සදහන් කරන නිසාම ඒ ජිවිතයට අවශ්‍ය ආහාර ඇදුම් ආභරණ තවත් වටිනා වස්තූන් වගේම පණ ඇති සේවකයන් පවා භුමිදානය කර තිබෙනවා.
එවන් වු මත ගණනාවක් මේ සදහා විද්‍යාඥයින් ඉදිරිපත් කර තිබුනත් එහි සත්‍ය අසත්‍යභාවය ගැන සඳහන් කිරිමට වඩා ඉදිරිපත් කරන කරුණුවලින් ගොඩ නගන තර්ක, මත මගින් යම් අදහසක් ගැනීමට අපට හැකියාවක් තිබෙනවා කිව්වොත් නිවැරදි.