පුරාතන ලෝකයේ පුදුම හත - 1 කොටස

Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පුරාතන ලෝකයේ පුදුම හත - 1 කොටස


sevenwondersmap.gif


පුරාතන ලෝකය ලෙස සලකනු ලබන්නේ ක්‍රිස්තු වර්ශ වල ආරම්භයට ප්‍රථම කාලවකුවානුව වේ. එම කාලය ජේසුස් වහන්සේගේ උපත්තියට ප්‍රථම කාලවකවානුව ලෙසද සලකන අතර ,විවිධ ගනයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාර එම යුගයේ විටින් විට විවිධ කාල වල පහළ වී තිබේ. එම කාලයේදි ගොඩනගන ලද විස්මිත ගොඩනැගිලි පුරාතන ලෝකයේ පුදුම හතට ඇතුලත් වෙනු ලැබේ, ඒවා අතර ගීසා හී දැවැන්ත පිරමීඩය, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, ආර්ටිමිස් දෙවොල, සියුස් දෙවියන්ගේ දැවැන්ත ප්‍රතිමාව, හාලිකාර්නසස් සොහොන් ගැබ, කොලෝසොස් ප්‍රතිමාව, ඇලෙක්ස්‍රැන්ඩියාවේ ප්‍රදීපාගාරය දැක්වීමට හැක.

ගීසා හී දැවැන්ත පිරමීඩය

Pyramids-Giza-Egypt.jpg


පුදුම හතෙන් ,පැරණිතම වගේම තවමත් ඉතුරු වී ඇති එකම නිර්මාණය ගිසා හී දැවන්ත පිරමීඩය ලෙස දැක්වීමට හැක. මෙය ක්‍රිස්තූ පූර්ව 2584–2561 යන කාලවකවානුවේ ඊජිප්තුවේ නයිල් ගගට යාබදව, ගීසා නෙක්‍රෝපෝලිස් යන ස්ථානයේ ඊප්ත්තු ශිෂ්ඨාචාරය විසින් ගොඩනගා තිබේ. තවමත් නොනැසි ඉතිරි වුවද ,කාලාන්තරයක් තිස්සේ රැකවරණයක් නොලැබීම හේතුකොටගෙන විවිධ අකාරයේ සූරාකෑම් වලට ලක්ව තිබේ. එම නිසා වර්තමානයේ කෞතුක වස්තූන් විශාල ප්‍රමාණයක් ගොඩනැගිල්ල තුළ දක්නට නැත, ඉතිරව ඇති සමහර කෞතුක වස්තූන් යටත් විජිත සමයේ විවිධ බටහිර රටවලට ගෙනගිය අතර, සමහරක් අදටද ඊජීප්තු කෞතුකාගාරයේ දක්නට ලැබේ. ඊජීප්තු කෞතුකාගාරය ඊජීප්තුවේ කයිරෝ නුවර පිහිටා ඇත.


බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය

towerofbabel-shutterstock.jpg


බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ටයිග්‍රීස්, යුප්‍රටීස් ගංගාවට යාබදව පිහිටා තිබූ පුරාතන මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ, බැබිලෝන් නගරයේ ගොඩ නගා තිබේ. මෙය දෙවැනි නෙබුචැඩ්නීසාර් විසින් තමන්ගේ බිරිද වෙනුවෙන් ගොඩනංවන ලද්දක් බව සදහන් වේ. දෙවැනි නෙබුචැඩ්නීසාර්ගේ බිරිද ,ඇමිටිස් ඔෆ් මිඩියා, බැබිලෝන් නගරය කාන්තාරයක් වූ බැවින් එය ශාක වලින් සාරවත් කිරිමට, මෙය ගොඩනැංවීමට ඇයගේ ස්වාමියාට යෝජනා කර තිබේ, එයට පිළිතුරක් වශයෙන් දෙවැනි නෙබුචැඩ්නීසාර් විසින් මෙය පසුව ගොඩනංවා තිබේ. දෙවැනි නෙබුචැඩ්නීසාර් 634 – 562 BC කාලයේ බිහිවූ නව බැබිලෝන් ශිෂ්ඨාචාරයේ පාලකයා වේ. 600 BC කාලයේ ගොඩනංවන ලද මෙම නිර්මාණය ,පළමු සියවසේදි ඇතිවු භූමිකම්පාවක් නිසා සදහටම විනාශවීම් තිබේ.

ඉතිරි කොටස පසුවට...

 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
2 වැනි කොටස free වුනාම දාන්නම්. 2 වැනි කොටසේ මම ඔක්කොම ඇතුලත් කරන්න ඉන්නේ. ඊට පස්සේ එකින් එක වෙන වෙනම ලිපි මගින් හැම එකම මම විස්තර කරන්නත් ඉන්නවා. ගොඩක් වෙලාවට මේ ලිපි දාන්නේ ඉස්කෝලේ යන ළමයින්ට target කරලයි, ඉතිහාසය ගැන කියවන්න කැමති අයටයි.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    ඉතුරු ටිකත් දාපන් මචෝ..


    You must spread some Reputation around before giving it to Radioactive again.
     
    Status
    Not open for further replies.