පුරා වසරක් බුකිය ගඳ ගැස්වූ ටොයි බයි වාදය
පුරා වසරක් බුකිය ගඳ ගැස්වූ ටොයි බයි වාදය අලුත් අවුරුද්දේද අලුත් වෙමින් බුකියට වසුරු හෙලයි. එහි අලුත්ම වසුරු පිඩ BL PRESIDENT ලෙස කරලියට පැමිණ ඇත. මේවා දකින විට මාගේ සිහියට නැගෙන එක් ඉංග්‍රිසි කියමනකි “Small minds discuss people, Average minds discuss events, and Great minds discuss ideas”. මිනිසුන් සංවාද කිරීම හොඳය. එහෙත් අද බොහෝ විට පවතිනුයේ සංවාද නොව වාදය. එහිදී බොහෝ දෙනෙකු කතා කරන අතර එක් අයෙක් හෝ ඇහුම් කන් නොදෙති. කණගාටුවට කරුණ නම් ටොයි බයි වාදය ඇතුළු අප රටවලට ආවේනික බොහෝ වාද පුද්ගල කේන්ද්‍රීයව සිදුවනවා විනා සංකල්ප වටා සිදු නොවීමයි. සරලව කියතහොත් ඔවුනට බුද්ධ ධර්මයට වඩා බුදු පිළිමයක් ලොකුය. මාක්ස්වාදයට වඩා මාක්ස්ගේ රැවුල ලොකුය. සංකල්ප ගැන සංවාදයකට නොගොස් පුද්ගල කේන්ද්‍රීය වාද නම් පටු කුහරයේ අපේ මනස කොටුකර ගැනීම නිසා සමාජය තවමත් එක තැන පල් වෙමින් පවතී. උදාහරණයක් ලෙස අප යොවුන් වියේදී ඇස ගැටුන බොහෝ සටන් වැකි වල තිබුනේ “ ජේ.ආර්. මරමු”, “ප්‍රේමදාස පන්නමු” වැනි දේය. අද ඔවුන් නැත. එහෙත් ඒ ව්රෝධයට පාදක වූ සංකල්ප තවමත් සමාජය තුල මුල් බැස ඇත. මෙහිදී මෙයට වසර 25 ට පෙර මවිසින් සම්මොනමාද ජාතකය ඇසුරින් ලියැවුන ජාලා නම් නාටකය සිහියට නැගේ. නමුත් මෙහිදී වැද්දා වටුවන්ට දැලක් නොඑලයි. ඔවුනට රිදී දැලක් ප්‍රදානය කරයි. ඉන්පසු වටුවන් දැල තුලට වි දැල ගැන වාද කරමින් සිටිනු විනා එයින් ගැලවීමක් ගැන නොසිතයි. වැද්දා පහසුවෙන් තමන්ගේ කාර්යය කරගෙන යයි. එම නාටකයෙන් කපා කොටා ගත් කොටසක් පහත ලින්කුවෙන් බාගත හැක.
https://goo.gl/jyMRbV
ටොයි බයි වාදකරුවන්ට නැවතත් ආදරයෙන් මතක් කරමි. “Small minds discuss people, Average minds discuss events, and Great minds discuss ideas”. ඔබ සියලු දෙනා වාද කරන්නේ රට ගැන ආදරයෙන් විය හැක. එම වාදය පටු පුද්ගල කේන්ද්‍රීය වාද වලින් සංකල්පමය සංවාදයකට මේ අලුත් අවුරුද්දේවත් හරවා ගත හැකි නම් කාටත් වැඩක් වනු ඇත.
උපුටා ගැනුමකි ..ෆ්‍රොම් ජානක විජයකුලසුරිය ... කථිකාචාර්ය ඉංජිනේරු පීටය ,,,පේරාදෙණිය විශ්වවිද්‍යාලය..

Last edited: