පුල්මුඩේ ගැන ඇමති රිෂාඩ් කතා කරයි
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ඛනිජ වැලි සමාගම හෝ සමාගම සතු පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පුද්ගලික අංශයට පැවරීමට හෝ විකුණා දැමීමට කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
එසේම ලංකා ඛනිජ වැලි සමාගම විසින් පසුගිය වසරේදී ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1 ක් ඇමරිකානු ඩොලර් මිලියන 145.25 කට අළෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව සිදුකළ බවද ඔහු සඳහන් කරයි.
එම ගනුදෙනුව අදාල කටයුතු කැබිනට් මණ්ඩලය අනුමත ටෙන්ඩර් කමිටුවක් විසින් තීරණය කළ බවත්, එම අවස්ථාවේදී අන්තර් ජාතික වෙළඳපළේ ටයිටේනියම් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 47.7 වන ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1 ක් සඳහා ලබාගත හැකි හොඳම මිල ලබාගත් බවත්, අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉහළම මිල ගණන් ඉදිරිපත් කළ ඉන්දියානු ගැනුම්කරුවෙක් හට එම ඉල්මනයිට් තොගය 2018 ජුනි 22 දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත විධිමත් ක්‍රියාපටිපාටියකට අනුව ලබාදුන් බවත් රිෂාඩ් බදියුදින් මහතා වැඩිදුරටත් පැවසීය
http://nethnews.lk/article/64602