ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මත පදනම්ව එම අනුමැතිය දී තිබුණි.
ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලා, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට ජුලි 15 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත.
ඔවුන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ මත පදනම්ව ඉහත අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
Ada derana
