පුල්මුඩේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි කාලේ පරිසරය විශය ඔයාලාත් හදාරලා ඇති. ලංකාවේ සම්පත් ගැන චූටි කාලේ උගන්වනකොට ඛනිජ වැලි අඩංගු මුහුදු තීරයක් ලෙස ලංකාවේ නැගෙනහිර වෙරළ ගැන ඔයාලාට කියලා දීලා ඇති. පුල්මුඩේ කියන්නේ ලංකාවට ආර්ථික අතින් ඉමහත් වටිනාකමක් ඇති වෙරළ තීරයක්. එහෙම වෙලා තියෙන්නේ එහි ඇති මිල කල නොහැකි තරමේ වටිනා ඛනිජ වැලි නිධි නිසයි. පුල්මුඩේ ඛනිජ වැලි මගින් වටිනා ලෝහයක් වෙන ටයිටේනියම් ලෝහය නිපදවීම ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා පසු ගියදවසක ඩේලි මිරර් පුවත්පත වාර්ථා කරලා තිබුනා. එලකිරි සංචාරකයා හිතුවා පුල්මුඩේ ගැන පොඩ්ඩක් කතා කරීම කාලෝචිතයි කියලා.

    පුල්මුඩේ තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉහල කෙරවලේ. කොකිලායි කලපුව ආසන්නයේ තමයි පුල්මුඩේ පිහිටලා තියෙන්නේ. පුල්මුඩේ බලන්න යන කෙනෙකුට කෝකිලායි කුරුලු පාරාදීසය බලන්නත් යන්න පුලුවන්. ඒ නිසා ත්‍රිකුණාමලය පැත්තේ හරි නිලාවැලි හරි ස්අංචාරය කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ පැත්තෙත් පොඩ්ඩක් කැරකිලා යන්න අමතක කරන්න එපා. සෑහෙන කාලයක් මේ ප්‍රදේශ කොටි ග්‍රහනයේ තමයි තිබුනේ. නමුත් යුද්ධයේ නිමාවත් එක්ක මේ ප්‍රදේශ වල සංචාරයට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබිලා තියෙනවා.

    ඒ වගේම මේ ත්‍රෙඩ් එකට මට කරුණු හොයලා සහයෝගය ලබා දීපු Dharatha සහෝදරයාව මතක් කරන්නට ඕනා මුලින්ම. පුල්මුඩේ ගැන ගොඩාක් මාව දැණුවත් කරා. ඡායාරූප ලබා දුන්නා. ගොඩාක් ස්තුතියි මචං.

    පුල්මුඩේ යනවා නම් හොඳම මාර්ගය තමයි ත්‍රිකුණාමලය හරහා යන එක.

    මේ ත්‍රිකුණාමලයට යන අතරමග. කැබිතිගොල්ලෑව. :( මතකද කැබිතිගොල්ලෑව බස් බෝම්බය. අද වෙනකොට මේ මිනිස්සු හිතේ බයක් නැතිව ජිවත් වෙනවා. :)

    33927_110267882368653_100001563261148_96669_7118592_n.jpg


    67348_110267959035312_100001563261148_96671_4902692_n.jpg


    ත්‍රිකුණාමලයට එන ඔයාලා B424 මාර්ගය ඔස්සේ පුල්මුඩේට ලඟාවෙන්න පුලුවන්. B424 කියන්නේ ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගය. කිලෝ මීටර 55.11ක දුරකට මේ මාර්ගය විහිදෙනවා. ත්‍රිකුණාමලය-පුල්මුඩේ මාර්ගයේ සංවර්ධන කටයුතු පසු ගිය කාලයේ සිදු කෙරුනා. ඒ යටතේ ඉදිකෙරුනු Puduwekatta
    පාලම තමයි මේ තියෙන්නේ.

    44247_110268295701945_100001563261148_96677_7944910_n.jpg


    මේ පාලම මීටර 300ක් දිගයි.
    Puduwekatta කලපුව හරහා තමයි මේ පාලම ඉදි වෙලා තියෙන්නේ. මේ පාලම නිසා ඛනිජ වැලි ප්‍රවාහනය තවත් ලේසි වෙලා තියනවා.

    මේ තියෙන්නේ පුල්මුඩේ වෙරල තීරය හා ජැටිය

    33746_110268255701949_100001563261148_96676_8261819_n.jpg


    මේ ජැටියට තමයි ඛනිජ වැලි ප්‍රවාහනය කරන නැව් පැමිනෙන්නේ.

    65799_110268189035289_100001563261148_96675_7274172_n.jpg


    ඛනිජ වැලි පිරිපහදු ක්‍රියා වලියේ නිරතවෙන නැවක් තමයි ඔය ජැටියට ගහල තියෙන්නේ.

    44933_110268129035295_100001563261148_96674_6406342_n.jpg


    36041_110268019035306_100001563261148_96672_8324205_n.jpg


    මේ ස්ථානය ගැන අපේ Dharatha පොඩි කතාවක් කිව්වා. පසුගිය යුධ සමයේ ඛනිජ වැලි ප්‍රවාහනයට පැමිනි නැවක් මිලියන ගනනක් වටිනා ඛනිජ වැලිත් එක්ක කොටි ත්‍රස්තයන් මේ ස්ථානයේ ගිල්වලා තියෙනවාලු. මේ නැව ඇවිත් තියෙන්නේ ඒ ගිල්වා තියෙන නැවේ අඩංගු ඛනිජ වැලි කොටසක් හෝ නැවත ලබා ගැනීමට කියලා තමයි Dharatha මට කිව්වේ.

    picture.php




     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ෂි! ත්‍රිකුණාමලේ ගිය වෙලේ ඕක බලන්න යන්න බැරි වුනා නේ..මාත් මේ පිළිඹදව කලින් දැනුවත් වෙලා හිටියේ නෑ..

    Dharatha ටත් මාගේ ස්තූතිය පිරිනමනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ado maxaa...uba giyada ban..naththam me dharatha gaththa pics tikakda
    u e tika dunna mata balannath bari una :(
    ela pot ekak wage..yapane yanna set unama yanna ona :)

    ඌ මට මේ ගැන කියලා ගොඩාක් දවස්. මට වැඩ නිසා මේක පෝස්ට් කරන්න බැරි උනා.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අහ් මේ Dharatha නේද කිවුවේ අර කොළඹින් පිට ** හොයාගන්න අමාරුයි කියල..දැන් මීටර්