පුල්ලේයාර චමින්දත්

අනුරාධපුර ඝාතනය ගැන පුල්ලේයාර චමින්දත් කට අරියි!
සිය දියණිය නිරුවත් කිරීමට උත්සාහ කළ පුද්ගලයන්ගෙන් දියණිය බේරා ගත්තේ යැයි කියන පුද්ගලයෙකුගේ ඝාතනය ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.
අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරික තිදරු පියකු මෙලෙසින් ඝාතනය කර තිබූ අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද නමැත්තා පසුගිය දින අත්අඩංගුවට ගත්තා.
දෙපාර්ශ්වය අතර කලක් තිස්සේ පැවැති ආරවුලකින් මෙලෙසට ඝාතනයට ලක්වූයේ සුජීවන් ප්‍රසංග කුමාර හෙට්ටිආරච්චි නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයායි. එම ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය සහ බිරිඳ මාධ්‍යයට පැමිණ දැක්වූ අදහස්ද දැඩිලෙස කතාබහට ලක්වූවා.
මේ අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පුල්ලේයාර් චමින්ද යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 37 හැවිරිදි සැකකරු ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබුනි.
"මගේ අත කඩුවෙන් කපලා තුවාල කරපු එකේ පළිය ගන්න දකුණු අත කපලා අතට අතක පළිය ගන්න වුවමනාව තිබ්බා. මට ප්‍රසංගව මරන්න වුවමනාවක් තිබ්බේ නෑ. නාලක (බට්ටා) අතට අත අරන් දෙනවා කියලා මට සිද්ධිය වුණු දවසෙම පොරොන්දු වුණා."
"ප්‍රසංගගේ දුවගේ ඇඳුම් ගැලෙව්වා කියන සිද්ධිය බොරුවක්. අනුරාධපුර පුබුදුපුර පැත්තේ හෝටලයක විවාහ මංගල උත්සවයක් තිබ්බා. ඒකට මරණකරුගේ පවුලේ අය ඇවිල්ලා හිටියා. දුව කොට ඇඳුමක් ඇදගෙන ඇවිල්ලා හිටියා. මගේ බිරිය ඒක දැකලා මරණකරුගේ බිරියට කියලා තිබ්බා මේ වගේ තැන්වලට දුවට ඔය වගේ ඇඳුම් අන්දගෙන එන්න එපා කියලා. ඒ අවස්ථාවේ මරණකරුගේ බිරිය හා මගේ බිරිය අතරේ බහින්බස් වීමක් වෙලා ගුටිබැට හුවමාරුවක් ඇති වුණා. ඒකට අපිත් මැදිහත් වුණා.
ඒ අවස්ථාවේ මරණකරුගේ දුව ඔවුන්ගේ මෝටර් රථයේ තිබ්බ කඩුවක් අරගෙන ආවා. පුතා පොල්ලක් අරගෙන ආවා. දෙපැත්තේ ගුටිබැට හුවමාරුවක් වුණා. නමුත් මරණකරු ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් ඇති කර ගත්තේ නෑ. ඊට පස්සේ අප්‍රේල් මාසයේ අපි දෙපාර්ශ්වය අතර අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේදී ගැටුමක් ඇති වුණා. ඔහු එල්ල කරපු කඩු ප්‍රහාරයෙන් මගේ දකුණු අත වෙන්වෙන තරමට කැපුණා. දැනටත් අතට ටිකක් අමාරුයි. හැබැයි මම එදා හිතා ගත්තා මට එල්ල කරපු කඩු ප්‍රහාරයට අතට අත ගන්නවා කියලා. නාලක (බට්ටා) ඒක කරනවා කියලා මට පොරොන්දු වුණා.
ඒ සිද්ධියට මම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. මරණකරු හා ඔහුගේ බිරිය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කළා. දින හතරකට විතර පස්සේ මරණකරු ඇප අරගෙන එළියට ආවා. ඔහු නිවෙසට එද්දී මල්මාලා දාලා අහස් වෙඩි පත්තු කරලා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. මේ සිද්ධියත් එක්ක මගේ තරහ තවත් වැඩිවෙලා තිබ්බෙ. නමුත් ප්‍රසංගව මරනවා කියලා කිසිම චේතනාවක් තිබ්බේ නෑ. අතට අතෙන් පළිය ගන්නවා කියන වෛරය තිබ්බා.
ඒ අනුව තමයි පසුගිය 05 වැනිදා අපි ඔහුට ප්‍රහාරය එල්ල කරන්න ගියේ. අතට අත ගන්න තමයි ගියේ. නමුත් කඩුවෙන් ගහපු පාරවල් ඔහුගේ බෙල්ලටත් වැදුණා. කේන්තියත් වැඩිවුණු නිසා කඩු පහරවල් කිහිපයක්ම ඔහුට එල්ල කළා. ඔහුව මරනවා කියලා සිතුවිල්ලක් තිබ්බේ නෑ" යනුවෙන් ඝාතකයා පොලිසියට පවසා තිබිණි.

අනුන්ගෙ රෙදිවල වැරදි හොයන් නැතිව වෙඩිමකට ආව නම් කාලා බීලා හිනා වෙලා යන්න එපැයි. අනුන්ගෙ හු# වල දිග මනින්න ගිහින් අන්තිමට එකෙක් මැරිලා තමන්ගේ මිනිහා ජීවීතාන්තෙටම හිරේ...... 