පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡාය

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡාය

    zdxy.jpg

    ඉරාක සිරකරුවා සහ පුතු 2003 වසරේදී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡායාරූපය ඇසෝසියේටඩ් පේ‍රස් හි ඡායාරූප ශිල්පියෙකු වන ජීන් මාක් බූජුගේ කැමරා කාචයේ සටහන් වූවකි. ඉරාක සිරකරුවකු වූ අන් නජාෆ් යුද කටයුතුවලදී සිදු කළැයි සැලකෙන වැරදි කීපයකට වරදකරු වීම නිසා ඔහුට ඇමෙරිකානු රජයෙන් මරණ දඬුවම උරුම වී තිබිණි. ඔහුට තම ජීවිතයේ අවසන් වතාවට පුතු දැක ගැනීමට ලැබුණු අවස්ථාව මෙයයි. මේ පිළිබඳ කිසිත් නොදත් දරුවා පිය උණුසුමට තුරුළු වී සුවසේ නිදා ගත් ආකාරය ජීන්ගේ කැමරාවට හසු විය. දරුවා සමග කතා කිරීමට විනාඩි 2ක් පමණක් ලබා දුන් හමුදා නිලධාරීන් මෙම අවස්ථාව දුටු පසු නජාෆ්ට විනාඩි 20ක පමණ කාලයක් ලබා දී තිබිණි. මෙම දසුන අවසානයේ අන් නජාෆ් ඇමෙරිකානු 101 වෙනි එයාබෝන් හමුදාංශය විසින් දඬුවම් දීම සඳහා රැගෙන යන ලදී. ඉන්පසු ඔහු කිසි දිනෙක සිය අඹුදරුවන් හෝ මව්බිම දුටුවේ නැත. මෙම ඡායාරූපය වෙනුවෙන් 2013 වසරේ මාර්තු 31 වන දින පුලිට්සර් සම්මානය ලබා ගත් ජීන් මාක් බූජු 1995 සහ 1999 වසරවල ද පුලිට්සර් සම්මාන ලැබූ ඡායාරූප ශිල්පියෙකි.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,104
    113
    ඔය වගේ ළමයි කී දාහක් මරපු, කී දාහක් පුංචි ළමයි බලෙන් හමුදාවට බඳවාගත්තු එකෙක් ද දන්නෙ නෑ ඔය .... :frown::frown: මොනව උනත් ළමය පව් :yes::yes:
     
    Last edited: