පුලුවන්නම්_ලක්ෂ_10

uditha224

Well-known member
  • පුලුවන්නම්_ලක්ෂ_10

    පුලුවන්නම් ලක්ෂ 10ක්

    [FONT=&quot]
    kalo-main.jpg
    [/FONT]

    කොවුර්ගේ අභියෝගය කාලෝ අලුත් කරයි!

    අත්භූත යමක් ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරමින් රට පුරා යමින් අත්භූත සිද්ධීන් බොරු කල ඒබ්‍රහම් ටි. කොවුර් ගැන ඔබ බොහෝ දෙනා දැනටමත් දන්නවා ඇත. ඒබ්‍රහම් ටි. කොවුර් මහතා ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය සමග එක්ව 1964 දී ආරම්භ කල මෙම මුල්‍යමය අභියෝගයට අත්භූත කාරනා 21 ඇතුලත් විය.

    එම කරුණු 21 ඔප්පු කල හැකි කිසිවෙක් වේනම් කොවුර් මහතා තමා සතු මුදල ඔහුට ලබා දීමට සැදී පැහැදී සිටියේය. විවිධ පුද්ගලයන් කොවුර් ගේ අභියෝගය බිඳ හෙලීමට පැමිණියත් ඒ මහතා මිය යනතෙක් කිසිවෙක් එම අභියෝගය බිඳ හෙලීමට සමත් වුයේ නැත.

    මෙම අභියෝගය හා සම්බන්ධ වැඩිදුර විස්තර කොවුර් මහතා විසින් ලියු දෙවියෝ සහ භූතයෝ පොතේ ඇතුළත්වෙයි.

    කොවුර්ගේ මෙම අභියෝගය අලුත් කරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා හේතුවාදීන්ගේ සංගමය එක්ව මෙම අභියෝගය නැවතත් ජනතාවට ඉදිරිපත්කොට ඇත.

    මෙවර අභියෝග ගණන 12 ක් දක්වා අඩු කර ඇති අතර ඉන් එක් අභියෝගයක් හෝ ඔප්පු කිරීමට සමත් වුවහොත් මුදලින් ලක්ෂ 10 ක් ලබාදීමට එකඟ වී තිබේ. මෙම අභියෝග බිඳ හෙලීමට ඉදිරිපත්වන පුද්ගලයා මුලින්ම රුපියල් 10,000 ක ඇප මුදලක් තැන්පත්කොට කල යුතුය.

    එම අභියෝග 12 නම්

    1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගන සිටීම. :oo:

    2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම. :confused:

    3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ
    මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම. :P

    4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවන ලද වාහනයක් "ගුප්ත බලයකින්" නතර කිරීම.
    :frown:

    5. අධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම.
    :rolleyes:

    6.විනිශ්චය මන්ඩලය විසින් දෙනු ලබන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.

    7. විනිචය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරඟ කරු විසින්ම පිළියෙළ කළ "හූනියමක් වුව" කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩ දිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්‍රොනෙ උපාංග භාවිතා කළහොත එය තරඟකරුගේ හාස්කමකින් නොවන නිසාය)

    8 වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත්කිරීම.

    9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නෙට් (අන්තර්ජාලය) අත්හිටුවීම.
    :P:P

    10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම.

    (අ) ස්ත්‍රී පුරුෂ භාවය
    (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද
    (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද?
    (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද?
    (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත්ත්වය, වෘත්තිය, රැකියාව

    11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.

    12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) ඒ අතුරින් තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.

    (10, 11 හා 12 සම්බන්ධව තරඟකරුවන්ට ජ්‍යෝතිෂ පොත්පත්, ලිත් කැලන්ඩර් හෝ පරිගනක භාවිත කළ හැක)

    අභියෝග භාර ගැනීමට ඉදිරිපත්වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කරගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට) විනිශ්චයකට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දස දහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්‍රචාරක වාසියක් බලාපොරොත්තුවෙන් පමණක් ඉදිරිපත්වන්නන් වලක්වාලීමට බවත් සංගමය පවසයි.

    මෙම අභියෝගය පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්ය නම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය, 226 සයිමන් දියෙස් මාවත, මාදුපිටිය, පානදුර යන ලිපිනයේ තාරක (0727449599), අමුණුගොඩ (0773119398), සූරපාල (0777295200) යන මහත්වරුන්ට ඇමතිය හැක.

    විනිශ්චය මණ්ඩලය සඳහා හේතුවාදී සංගමයේ නියෝජිතයෙකු, මාධ්‍යවේදියෙකු සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කෙරෙන බව ශ්‍රී ලංකා හේතුවාදී සංගමය පවසයි.

    ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය ඒබ්‍රහම් ටි කොවුර් විසින් ගෙන ආ අභියෝගය නැවත අලුත් කෙරෙනුයේ ලංකාවේ නැවතත් මිත්‍යාව පැතිරී ඇති යුගයකය.

    එහෙයින් මින් පසුව කිසියම් අත්භූත හැකියාවක් බලයක් ඇත්නම් පුවත්පත් වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ වීමට ප්‍රථම මෙම අභියෝගයට මුහුණ දී තමාගේ හැකියාව සනාථ කිරීම වඩා සුදුසු බව අපගේ අදහසයි. :D:yes:

    පසුගිය කාලයේ මාධ්‍යය මගින් ප්‍රචාරය වූ "කනප්පුවෙන් හොරු ඇල්ලීම" "බෝතල් ඇතුලට භූතයන් දමා සිර කිරීම" වැනි දේවල් කාටත් කුතුහලයක් ගෙන දීමට සමත් වුනා. නමුත් ලංකා හේතු වාදීන්ගේ සංගමය විසින් එලෙස මායාව හා සැබෑව අතර වෙනස පෙන්වා දීමක් සිදු කලේ මෙලෙසින්.

    ========================================

    නිකන් කියවල විතරක් යන්නේ නැතිව කොමෙන්ටුවක් දාලා පලයන්..:rolleyes:
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    එක නෙව්ට්‍රෝනයක් පෙන්නන්න මේ නපුන්සකයන්ට බැහැ . හොර කැපුවො ඉන්නවා තමයි. එත් බෞතිකව දකින්න බැරි හැමදේම බොරුද ?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම.
    (අ) ස්ත්‍රී පුරුෂ භාවය
    (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද
    (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද?
    (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද?
    (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත්ත්වය, වෘත්තිය, රැකියාව
    sahena pirisakage rakiyaawalata tharjanayak meka
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    කොවුර් මහත්තයට පිං සිද්ධවෙන්න තමා අදටත් මහරෑක බය නැතුව තනියම යන්න පුලුවන් වෙලා තියෙන්නේ.. මම මෑන්ස්ගෙ ගොඩක් කතා කියෝල තියෙනව..
    Rep added
     
    • Like
    Reactions: uditha224

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Menna Niyama wada ...... Mama Dr Kovoor ge poth asawen kiyawapu kenek .Umbalath kiyawapalla hoyagena maru habai ah............:yes:

    Makala gaweshana-by Abraham T.Kovoor
    Deviyo saha Bhoothayo-by Abraham T.Kovoor

    :yes:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:
    Kathawa aththa ban.......... eth me wage wada agaya karannda one. meken wadiyenma para wadinne Deva vadee agam walata... KOvoor wadiyennma gahala thiyenne Crithiyani agamata. umba ahapu quescton eka KALO ahuwada nam danne na .But Dr.A.T KOVOOR asked that for sure
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    Kathawa aththa ban.......... eth me wage wada agaya karannda one. meken wadiyenma para wadinne Deva vadee agam walata... KOvoor wadiyennma gahala thiyenne Crithiyani agamata. umba ahapu quescton eka KALO ahuwada nam danne na .But Dr.A.T KOVOOR asked that for sure

    මචන් උඹ කියන කතාව ඇත්ත . එත් මුන්ගේ වැඩ තේරුම් ගන්න නම් ඉතාම ශුක්ෂමව නිරීක්ෂණය කල යුතු වෙනවා. මම මුන්ගේ අලුත් පොතක් කියෙව්වා " එලොවින් ආ ජීවකයා හා වෙනත් අය " කියල. එකේ ලිපි ලියල තියෙනවා නීතිඥයෙක් දර්මපාල සේනාරත්න කියල . හැබැයි ඌ බුදු දහම විවේචනය කරන්න ගියාට ඌම දාල තියෙනවා පටිච්ච සමුප්පාදය පිලිබඳ දන්නේ නැහැ කියල . ඉතින් මේ වගේ උන් කොහොමද හේතුවදියෝ වෙන්නේ ? සෑම බෞද්දයෙක්ම හෙතුවදියෙක් . එත් මුන් බෞතිකව පේන දේවල් විතරයි විශ්වාස කරන්නේ ? ඔබ බෞද්දයෙක් නම් පුනර්භවය ගැන මුන් කියන කතා අහන ඉන්න පුලුවන්ද? අනික මේ සංගමය ලංකාවේ ගොන්නු හිතුවට ලෝකයේ අනෙක් මේ වගේ සංගම් වල තිබෙන තවත් ශාකා වලින් එකක් පමණයි. මුන් පැහැදිලි භෞතිකවදියෝ . එත් හොරුන්ට විරුද්දව කරන වැඩේට නම් මමත් එකඟයි. එත් ඒවායේ යටි අරමුණු හොයන්න ඕනේ .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: