" පුළුවන්නම් කෙලපන් ඒකටත්..."
දහම් පාසල් ගුරුවරුන්ට අකුල් හෙලනා බන්දුල ඇමති.
පසුවදන:

ජනපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජය වසර දෙක තුනක සිට නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සහ බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කිරීම පිළිබඳවයි.
මීට පෙර සිටි අගමැති රත්නසිරි වික්රමනයක මහතා ප්‍රකාශ කළේ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් උසස් පෙළ සහ ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන්ට, ඔවුන් බුදුදහම වෙනුවෙන් කළ අමිල සේවය වෙනුවෙන් රජයේ බුද්ධදර්මය ගුරු පත්වීම් ලබා දෙනබවයි.
ඒ වෙනුවෙන් 2009 වර්ෂයේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලුම්පත්ද කැඳවන ලදී. මේ 2012 වර්ෂයයි. එහෙත් මේ වනතෙක් බුදුදහමට මෙතරම් අමිල සේවයක් කරන කිසිදු දහම් පාසල් ගුරුවරයෙකුට පාසල් ගුරුපත්වීම් ලබාදී නැත.
දැනගන්නට ඇති ආකාරයට මෙම ගුරුපත්වීම් ලබා දීම සඳහා මීට බොහෝ ඉහතදී ජනපතිතුමන් සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුනද අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඇමතිවරයා තමන්ගේ අමාත්‍යංශය හරහා මෙම පත්වීම් ලබාදීමට විරුද්ධ වීම නිසා දහම් පාසල් ගුරුවරුන් කළ අමිල සේවය ඇගයීමට තිබු මේ අගනා අවස්ථාව අහිමි වී ඇත.
රජයේ පාසල්වල බුද්ධදර්මය ගුරු හිඟයක් පැවතුනද, බුද්ධදර්මය ඉගැන්වීම සඳහා ඉතාම සුදුසුම පිරිසක් වන උසස් පෙළ සහ ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන්ට එම අවස්ථාව අහිමි කිරීම බන්දුල ගුණවර්ධන මහතා තුල පවතින තවත් එක කුහක මානසිකත්වයක් බව කිව යුතුය.
එසේම අපේ රටේ මහා සංඝනයකවරු ගණනාවක් සිටියද බුදුදහම වෙනුවෙන් කළ අමිල සේවයක් කරන දහම් පාසල් ගුරුවරු ගැන උන්වහන්සේලා කිසිවෙක් කතානොකරන්නේ මන්ද යන්න ගැටළුවකි. ඒ උන්වහන්සේලාට කිසිදු ගැටළුවක් නොමැති නිසාද යන්න ගැටළුවකි.
රටේ අගමැතිතුමා, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමතු වූ අපේ රටේ දහම් පාසල් ගුරුවරුන්ට මෙතෙක් සාධාරණයක් වී නැත.
වැටුපක් හෝ නොගෙන රටේ දුවාදරුවන් ධර්මයෙන් පෝෂණය කරන දහම් පාසල් ගුරුවරුන්ට සැලකුම් ලැබෙන්නේ මේ ආකාරයටයි. බුද්ධ සාසනයේ චිරස්ථිතිය සඳහා කටයුතුකරන බවට රජය මොනතරම් කෑමොර දුන්නද සත්‍ය තත්වය මෙයයි.
බුද්ධශාසන අමාත්‍යංශයක් තිබුනද, බෞධ්‍ය කටයුතු පිලිබඳ කොමසාරිස්වරයෙක් සිටියද බුදු සසුනට වෙන යහපතක් පෙනෙන්නට නැත

බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයාගේ කෙරුවාව රටම දන්නා අතර බෞද්ධ රාජ්‍යයයේ බුදු දහම පෝෂණය කරන බවට ව්‍යවස්ථාව මගින්ම දක්වා ඇති මුත් බෞද්ධ යයි කියාගන්නා අබෞද්ධ රජයේ කෙරුවාවද මෙවැනි දේ මගින් පිළිබිඹු වේ.
දඹුල්ල සිදුවීම සම්බන්ධයෙන් රජය දක්වන ඇල් මැරුණු ප්‍රතිචාරය හා එහි සිටින බෞද්ධ විරෝධී අමාත්‍යවරයාගේ හැසිරීම සම්බන්ධයෙන්ද ජනතාව අවධානයෙන් සිටී.
ලෝකයේ එකම ථේරවාදි බෞද්ධ රාජ්‍යයට ගිය කළ දසාව ගැන හදවතින්ම කම්පා වෙමි.