පුළුවන් අය වචනෙකින් හරි උදවුවක් කරන්න...

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    කරුණාකරලා විලාප thread එකක් විදිහට හිතන්න එපා. කොල්ලෙක් විදිහට මට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. විනාඩි 5ක් වැය කරලා පුළුවන් අය කියවලා පුළුවන් උදව්වක් කරන්න.

    මචන්ලා මම වයස 28ක කොල්ලෙක්. තාම unmarried. marry කරන්න කෙල්ලෙකුත් නැහැ. software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා.

    ප්‍රශ්නේ මේකයි බන්. ලොකුම ප්‍රශ්නය ජොබ් එක තමයි. මුලින්ම ප්‍රශ්නේ පටන් ගත්ත තැන ඉඳන්ම කියන්නම්.

    මම A/L down. second shy කරන්න class යද්දී scholarship එකක් හම්බවෙච්ච නිසා private campus එකකට ගියා. foundation කරලා diploma එකක් කලා. ඒක ඉවර කරලා පොඩි software development ජොබ් කට්ටකට ගියා. දැන් අවුරුදු 7ක් experience තියෙන නිසාම company එකකට කතා කරලම මාව ගත්තා හොඳ salary එකකට. මුලින් නම් පොඩි කැමැත්තක් තිබ්බට දැන් නම් මේ job එකට කිසිම කැමැත්තක් නැහැ. ජොබ් එක කියන්නේ කොටින්ම software field එකම දැන් මට එපා වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් A/L කාලෙත් මේකට ආවේ මට හම්බ වෙච්ච short cut එකක් නිසා. නැත්නම් ඇත්තටම මම මොනා කරයිද කියලා මම වත් දන්නේ නැහැ. මම එහෙම කියන්නේ අම්මලා පොඩි කාලේ ඉඳන් ඔලුවට දාලා තිබ්බ ඉංජිනේරු සහ ඩොක්ටර් සිහිනය නිසා. ඒගොල්ලන්ගේ බලකිරීම නිසා A/L කරන්න ගිහිල්ල එහෙම්පිටින්ම අතරමන් උනා. අදටත් ඒ අතරමන්විල්ල එහෙම්මම දැනෙනවා.

    ඔෆිස් එකේ වැඩ ගැන කිව්වොත් බාගෙට බාගයක් delay ගොඩක් වෙලාවට. දැන් නම් assign කරන task එකක් වත් කරන්න හිතෙන්නේ නැති තරමටම අවුල් වෙලා තියෙන්නේ. කිසි දෙය හිතන්න බැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් ගැන focus කරලා ඔලුවෙන් හිතන්න බැහැ. තනිකර හිර වෙච්ච ගතියක් දැනෙන්නේ. ඔලුව දුවන්නේ වෙන වෙන දේවල් වලට. වැඩක් ගැන හිතන්න හිතෙන්නෙම නෑ. ඒ කියන්නේ එච්චරට එපා වෙලා තියෙන්නේ. කිසිම තෘප්තියක් නැහැ ජිවිතේ. ඔහේ ගෙවෙනවා. උදේ ඇහැරෙනවා, ඔෆිස් වැඩ කරනවා රැට කරනවා නිදා ගන්නවා. ඔච්චරයි ජිවිතේ.

    මම කලින් දවසක thread එකකත් කිව්වා වගේ මට පොඩි පොඩි talent ටිකක් තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් කාලෙකින් පුහුණු කරලා පොලිෂ් කරලා නැහැ. සමහර talent තියෙනවා කියලා මම විතරයි දන්නේ. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ වගේම ආසාවක් තියෙනවා 3D animation & VFX වගේ දෙයක් ඉගෙන ගන්න. කලින් degree එකක් කරන්න ගත්තා 3D animation & VFX. ලක්ෂ 10 ක loan එකකුත් ගත්තා course fee ගෙවන්න. එත් මේ job එක නිසා එකත් මග නතර උනා. දැන් තිබ්බ සල්ලි ඔක්කොම ගෙදරට වියදම් වෙලා නිකන් loan එක ගෙවනවා බැංකුවට. ඔන්න ඔහොමයි මචන් මගේ life එක තනිකරම අච්චාරුවක් වෙලා තියෙන්නේ. කොතනින් පටන් ගන්නද මොකක් කරන්න කියලා හිතා ගන්නවත් බැරුව ඉන්නේ.

    මම ඉන්නේ සතුට කියන දේ පේන තෙක්මානෙකවත් නෙවේ. ජොබ් එකෙන් අයින් වෙන්නත් බයයි income එක නැති වෙන නිසා. ඒ උනාට මගේ සතුට තියෙන්නේ වෙන තැනක. මේ ජොබ් එකේ නෙවේ. පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මම ඒ ආස කරන තැනට යන්නේ කොහොමද කියන එක, මන් මේ ඉන්න තත්ත්වේ එක්ක කොහොමද මගේ targets වලට යන්නේ කියන එක, ඒ ආසාවල් ඉෂ්ට කරගන්නේ කොහොමද කියන එක. උඹලට ලොකු පිනක්.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මටත් ටිකක් විතර උඹේ ජීවිතේට සමාන එකක් තියෙන්නෙ. උඹ කියල තියෙන විස්තරේ හැටියට හොඳ කෙල්ලෙක් ලැබෙයි. ජොබ එපා කියල හිතෙනව නම් දිගටම කරන්න එපා! ඒත් එකපාරට අත අරින්න කලින් ප්ලෑන් එකක් තියාගෙන අත ඇරපන්!
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    Bump, Life advice dennanam danne naha, Karana deyak eka para karanne nathiwa, shape eke ubage path eka wenas karanam hari, Stress adu karaganin, karanna bari tharam wada baraganne nathiwa, karanna barinam ba kiyapan
    කරන්න බෑ කිව්වත් මුන් පළිගන්නේ නැහැ බන්. එක එක දේශනා දෙනවා. භාවනා කරන්න කියනවා, පන්සල් යන්න කියනවා. එච්චරයි. දවස් දෙකක් සද්ද නැතුව ඉන්නවා. ආපහු මොකුත් උනේ නැහැ වගේ කතා කරන්නේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උදේ ඇහැරෙනවා, ඔෆිස් වැඩ කරනවා රැට කරනවා නිදා ගන්නවා. ඔච්චරයි ජිවිතේ.
    දවසට ඇඟෙන් පැය බාගයක් වත් දාඩිය පිටවෙන්න මොකුත් කොරන්නෙ නැද්ද ? 🙄
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    දවසට ඇඟෙන් පැය බාගයක් වත් දාඩිය පිටවෙන්න මොකුත් කොරන්නෙ නැද්ද ? 🙄
    මම කලින් thread එකක් දැම්මා වගාවක් කරනවා කියලා. අන්න ඒකේ තමා බන් ඉතිරි වෙලාව ගත කරන්නේ. එකත් කරන්නේ ජොබ් එකෙන් එන pressure එක නැති කරන්න. එත් වැඩක් නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    උබේ ජිවිතේ ඔහොම හරි අල්ලන් තියෙන්නෙ උබෙ ජොබ නිසා. ඔකෙන් අයින් වෙන්න එපා. වැඩ ටික ආසාවෙන් සාර්ථකව කරගන්න අවශ්‍යවෙන වෙනස්කම් ටික හොයන් කරගන්න. අවශ්‍ය නම් තෙරපිස්ට් කෙනෙක් ගවට යන්න. ලංකාවෙ හොඳ සයිකොලොජිස්ට්ලා ඉන්නවද කියලා මම දන්නෑ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඕක කරං ඉඳපං!!! උබට රස්සාව එපාවුනාට තාම සල්ලි එපාවෙලා නෑනෙ ඒ හන්දා භාවනා කරලා හරියන්නෑ. ඕනනම් අර විජය ග්‍රැෆික් එකේ මල්ටිමීඩියා එක කරන්න 🙂
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම කලින් thread එකක් දැම්මා වගාවක් කරනවා කියලා. අන්න ඒකේ තමා බන් ඉතිරි වෙලාව ගත කරන්නේ. එකත් කරන්නේ ජොබ් එකෙන් එන pressure එක නැති කරන්න. එත් වැඩක් නැහැ.
    අහපු එකට උත්තර දුන්නෙ නෑනේ, ඇඟෙන් වතුර වගේ බේරෙන්න රෙදි පෙඟෙන්න දාඩිය වැටෙන්න අඩුම තරමින් පැය බාගයක් වත් මහන්සි වෙන්නෙ නෑ නේද ?
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    Bump.
    Software engineering වල burnout කියල කියනවා නේද ඕකට. හැම filed එකේම තියෙනවා මං හිතන්නේ.
    මගෙත් ටිකක් විතර ඔය වගේ තමයි. හැබැයි තාම IT එපා වෙලා නැ😅
    වැඩ වැඩි වෙනවකොට ඔය පර්ශන අමතක වෙනවා මට නම්. MSC එකක් කරනවා company එකෙන් සෙට් කරපු certificate course එකක් කරනවා. ඒ වල වැඩ තියෙන ඒව මතක් වෙලා stress උනාම අනිත් ප්‍රශ්න අමතක වෙනවා මට,😂

    https://www.revelo.com/blog/software-engineer-remote-burnout
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    Fiver vage ekata set vela balapan ube skills valata demand ekak thiyenavada kiyala,tika tikavada karana gaman free course ehema karala skill hada ganin
    Uba hodayi kiyala hithuna kaleka design valata degree ekakata join vela final year valata rata yanna balapan