පුළුවන් නම් තෙරුම් කියන්න

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පුළුවන් නම් තෙරුම් කියන්න

    දෙගොඩ හරියේ කල්පනාවක වැටිලා ඉන්නකොට සුභාශිතයේ කවි ටිකක් මතක් උනා-කට්ටිය කියන්න බලන්න පුළුවන් නම් මේ කවි වල තෙරුම්...;)

    බලමු අපි තෙරුම් කියන්න පුළුවන් සිංහලයා...:dull:
    ඔක්කොම ඔන නැ එකක් හරි පුළුවන් නම් කියන්න බලන්න...:rofl:

    නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
    උතුම් මුව නැබෙහි තැබි බඔ නැණ විකල
    විනම් මෙ මට මහ බඹු පදවි යම් කල
    තබමි බොරු කියන දුදනන්ගේ දිව මුල


    ..........................

    කවි පද බැඳුම් ගුණ දොස් කවිඳුන්ම මිස
    නැණ මඳ කුකවි දැන ගත හෙති කවර ලෙස
    දරු ලද අඟනන්ම මිස පසවෙහි වෙහෙස
    වඳ ළද ඟනෝ දැන ගත හෙති කවර ලෙස


    ..........................


    සඳුන් කපුරු සමගින් පිනි දිය නොමඳ
    සොඳින් කලල් කරමින් සුවඳ මුව මද
    නිතින් හිම'ඔ ඉස ඉස ලුහුනු වැව් වද
    තමන් ගුණය නොහරින වැනි දුදන හද


    ..........................

    සසොබන මහතුන්ට වන් නොමඳ ගරුතර
    දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර
    නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර
    හිම වන වසන වැඳි අඟනෝ කෙරෙති දර

    ....................................................

    :D:D:D:D
     

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0

    නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
    උතුම් මුව නැබෙහි තැබි බඔ නැණ විකල
    විනම් මෙ මට මහ බඹු පදවි යම් කල
    තබමි බොරු කියන දුදනන්ගේ දිව මුල

    නැණ විකල්වූ මහාබ්‍රඃමයා සුවඳවත් කස්තුරි මැව්වේ මුවාගේ නාභියේය.
    (මේ නිසා කස්තුරි ලබාගැනීමට කැමති මිනිසුන් අතින් උතුම් වූ මුවෝ මැරෙති.)
    යම් කලෙක මට මහා බ්‍රඃමයාගේ පදවිය ලැබුනොත් මම නම් කස්තුරි මවන්නේ බොරු කියන දුර්ජනයන්ගේ දිව මුලය.
     
    • Love
    Reactions: Piyathissa

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නැණ විකල්වූ මහාබ්‍රඃමයා සුවඳවත් කස්තුරි මැව්වේ මුවාගේ නාභියේය.
    (මේ නිසා කස්තුරි ලබාගැනීමට කැමති මිනිසුන් අතින් උතුම් වූ මුවෝ මැරෙති.)
    යම් කලෙක මට මහා බ්‍රඃමයාගේ පදවිය ලැබුනොත් මම නම් කස්තුරි මවන්නේ බොරු කියන දුර්ජනයන්ගේ දිව මුලය.


    එළකිරිය හරියට හරිය :yes::yes::yes::):):)

    සමහරු කස්තුරි මොනවද කියලා දන්නෙ නැතුව ඇති-එතනදි තව ප්‍රශ්නයක් පැන නැගෙනවා...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ube gama dabaneda?


    ඔව් එ පැත්තෙ තමයි.ඔයත් එ පැත්තෙ ද ?
    :confused:

    ආ නැ නේ ඔබතුමා ඩියුක් නේ නෙද,ඩියුක් ඔෆ් එඩින්බරෝ වත් ද ලොල් :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    tikak hitahan malli..
    type karann welawa madi...re wela dennam OK

    එළකිරි අයියා :),හිමිට දාන්නකෝ-අපේ කි දෙනෙකුට මෙවා පුළුවන්ද කියලා බලන්නයි මම මෙක දැම්මෙ...බලලා වැඩියි ප්‍රතිචාර අඩුයි...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mata issara daham paasala matak unaaa...
    subashitaye siyaluma kavi teruma ekka kata paadam gannawa .. loku haamuduruwoooo'

    එළකිරි පොතක් අයියා,අපිට දහම් පාසලේ ඉගැන්නුවේ ඇමරිකන් හාමුදුරුවෝ කෙනෙක්-අනික් ඉගැන්නුව කට්ටිය ගොඩක් ගිහි පිරිස්,එයාල ඔය කවි අහන්න ගියේ නම් නැ :(...නියම කවි ටික-ඇහැව්වා නම් මෙලහවකට කට පාඩම් වෙලා තියෙයි...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    එළකිරි පොතක් අයියා,අපිට දහම් පාසලේ ඉගැන්නුවේ ඇමරිකන් හාමුදුරුවෝ කෙනෙක්-අනික් ඉගැන්නුව කට්ටිය ගොඩක් ගිහි පිරිස්,එයාල ඔය කවි අහන්න ගියේ නම් නැ :(...නියම කවි ටික-ඇහැව්වා නම් මෙලහවකට කට පාඩම් වෙලා තියෙයි...
    මට තේරුම එක්ක කවි සියල්ලම පාහේ මතකයි මලේ...:yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිත, කය, වචනය හසුරුවා ගෙන ,,,,
    උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගනිත්වා...!
    - අලගියවන්න මුකවෙටි තුමන් -

    :):):)