පූතෙක් ගේනවා

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අද දවස කරපු ක්යපු හාමදේම අව්ල් ගියා,
    උදේ උසාවියට ගියා නඩුව ඉවර වෙයි කයල හිතාගෙන එත් එකට් කල් ගියා, ඒ මිනිස්සු උඩින් හොඳට කතා කලාට යටින් අපිට කෙලවන්න එන්නේ.
    හැමදෙමටත් කරලා අපිටම අනිත් උන් කපද්දී හිතට මාරම දුකයි.
    එතනින් පස්සේ කරපු කියපු කිසම දෙයක් අරිගියේ නැ.
    ඕවත් හිත හිත දැන් ට්කකට කලින් වැස්සේ තෙමි තෙමි bike එකේ ඇවිත් අපේ පාරට හරවල ටිකක් දුර අවා (බෝකුන්දර/ මකුලුධුව පාර).

    ඔහොම එද්දී මේ පාරේ ටිකක් අදුරු හරියක පුස් පට්ටෙක් කෑගහන සද්දේ ඇහුන ඒක පාරක්. පහුකරන් ගියා, එත් හිත වවන්නේ නැතුව ගියා නිසා ටිකක් දුරට ගිහින් බයිසිකලේ නවත්තන් කල්පනා කළා ගෙදරට ගහින් කෑම ටිකක් එක්ක කාඩ්බෝඩ් පෙට්ටියක් ගෙනත් තියන්න තිබ්බ, ඒත් මේ වැස්සේ ඒ වැඩෙන් කිසම පලක් නැ. එත් හිත හදන් එතනින් මට එන්නත් බැ, ගෙදර අවත් 1000ක් දේවල් වලට දුක් වෙනවට වඩා ඕන මගුලක් කියල හරවගත්ත බය්සිකලේ ගියා ඒ සද්දේ ආපු තැනට. වෙලුනු තනකොල ගොඩක් අස්සෙන් ඔලුව දාගෙන පුස් පට්ටෙක් කැගානවා. ටිකක් bike ඒක එහයින් නවත්තල බැහැල අවිත් චූස් චූස් ගාල කොහොම හරි උව එලියට ගත්ත.
    ඒ වෙලාවේ හිතට ආපු දුක කියල නිමකරන්න බැ බන්.
    මු කැ ගහන්නේ බඩගින්නේ කීයට මෙතනට ගෙනත් දැම්මද දන්නේ නැ,
    හොඳටම තෙමිලා හීතලේ වෙව්ලනවා,
    මෙලෝ දෙයක් නොදන්නා මේ පොඩි ඒක එතනින් එහා මෙහා යන වහනෙකට යට නොවුනොත් තම පුදුම,
    අනික අද එලි වෙනකන් වැස්සොත් අනිවර්යේම්ම තෙමිලා හීතලටම මැරිලා යාවි.
    ඔය වගේ දේවල් හිත හිත පට්ටව bike එකේ සීට් ඒක උඩින් තියල කල්පනා කළා මොකද කරන්නේ කියල. ඒ හරියේ කියන්න කෙනෙකුත් නැ දුන්නට කව්රුත් ගන්න එකකුත් නැ. එත් මේකව දාල එන්නත් බැ.
    ඕන එකක් වෙන්න කියල මේකව ගෙනියන්න විදියක් කල්පනා කළා. අඩු තරමේ බැග් එකක් වත් නැ, මුව අතට ගත්ත ගුලි ගැහිලා වෙව්ලනවා. උව ගෙනියන්න වෙන විදියක් නැ, ඇරලා ජැකට් ඒක දාගත්ත ඇතුලට, ඇඟේ උනුහුමටත් එක්ක උ ගුලිවෙලා කැගහනවා. නැගල bike එකට ගෙදරට ඇවිත් අම්ම ලඟට ගිහින් ෂිප් ඒක ඇරලා ගන්න කිව්වා, මම ම කිව්වා තියා ගන්න ඕන නැ අපි කාට හරි දෙමු දැනට මොකක් හරි කරන්න අම්මේ කියල මම ආව කාමරේට.

    26731427_1723226984406630_5285716341739773078_n.jpg

    අද දවස උදේ ඉඳන් උන හැමදෙයක්ම මුස්පේන්තු උනාට දැන් නම් හිතට මාරම සතුටක් දැනෙන්නේ. පාරේ ඉන්න අහිංසක සත්තුන්ට උදව්වක් කරපු පලවෙනි පාර නෙමේ මේ.
    එත් හිතට ගොඩක් දැනුනා නිසා උඹලට කියන්න හිතුන.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පූසො වෙනුවෙන් දෙයක් කරපු මනුස්සයෙක්ට වරදින්නෙ නෑ සයිමෝ. :love: