පූර්ණ චනද්‍රග්‍රහණයක් අද රෑට

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පූර්ණ චනද්‍රග්‍රහණයක් අද රෑට

    (කොළඹ, ලංකාපුවත්) – 2011 වසරේ දී ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි පළමු පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ජුනි මස 15වනදා දර්ශනය වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
    ඒ මහතා සඳහන් කර සිටියේ මෙම වසරේදී පූර්ණ චන්ද්‍ර ග්‍රහණ 2ක් සිදුවන බවයි.

    ශ්‍රී ලංකා වේලාවෙන් මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය 15වනදා රාත්‍රී 11.30ත් අළුයම 2.30ත් කාලය තුළ දී දර්ශනය වනු ඇත.

    එසේම 2011 වසරේ ප්‍රථම ග්‍රහණය, අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ජනවාරි 04වනදා යුරෝපය, උතූරු අප්‍රිකාව, මැදපෙරදිග සහ මධ්‍යම අසියාවේ රටවල් කිහිපයකට දිස්වූ අතර එය ශ්‍රී ලංකාවට දිස් නොවීය.

    චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ලබන ජූලි 01වනදා අර්ධ සූර්ය ග්‍රහණයක් ද ඇතිවන බවයි.


    ගත්තෙ : http://www.lankapuvath.lk/sinhala/i...le&id=15838:-------15&catid=90:--2&Itemid=555
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් නං රතු පාට හඳක් පේන්නෙ. ඒකත් වැහෙන්න ගොඩක් ලඟයි.