පූර්වයේ කරන ලද කර්ම

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පූර්වයේ කරන ලද කර්ම

    1511411_658079097592749_1821690912846857728_n.jpg


    දශබලධාරී බුදුරජාණන් වහන්සේට ද පූර්වයේ කරන ද කර්ම දොළහක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී පන්සීයක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේ ය.

    1. සුන්දරී පරිබ‍්‍රාජිකාව නො කල්හි විහාරස්ථානයට එන යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගුනා. ඊට හේතුව පෙර මුනලීධුර්තකව සිටිය දී සරභූ නම් පසේබුදු රජුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.


    2. පෙර ලොව පහල වූ සබ්බාභිඟු නම් බු
    දු රජුන් ගේ නන්ද නම් ශ‍්‍රාවකයන් වහන්සේට කාම භෝගියා කියා දොස් නැගීම හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර කරන ලද කර්මය, බුදුබව ලබා ද බඩදරු අම්මා ගේ වෙස් ගත් චිංචිමානවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් වුණා.

    3. පසු කලෙකදී සුන්දරී පරිබ‍්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදුරජුන් ඇයව දූෂණය කොට මරා සඟවන ලද්දේ යැ යි මහත් දෝෂාරෝපණයක් දින හතක් තුල පැවතුණි. දින හතකින් පසු සත්‍ය හෙලි වූ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් සෘෂීන් වහන්සේට බැණ වැදීම බව දත යුතු ය.


    4. මහබෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දෙන් පහලට තල්ලූකර ගලක් දමා මරා දැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත්තෙර ගල් පෙරළු බව දත යුතු ය.


    5. බෝසතුන් දිනක් කුඩා ළමයෙකුව සිටිය දී පසේබුදු කෙනෙක් දැක ගලකින් ගැසුවා. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ බුදුන් ගේ ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙද වූ බව දත යුතු ය.


    6. පෙර බෝසතුන් ඇත් ගොව්වකුව සිටිය දී පසේබුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙය වූ නමුත් උන්වහන්සේ සෘද්ධියෙන් වැඩිසේක. නමුදු පහත් සිතින් කල කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාළාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළා.


    7. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුලූ පව්වේදී මහගලක් සක්මන් කරන බුදු හිමියන් ගේ හිස මතට පෙරළු නමුදු පෙර පිරූ පාරමී බලයෙන් මහ ගලක් පොලොවෙන් මතු වී ඒ ගල වැටෙන්න නොදී රඳවා ගත්තා. නමුත් ගල් පතුරක් ගැලවී විත් ශ‍්‍රී පතුලේ ගැටී මහපට ඇඟිල්ල තැලී ලේ කැටි ගැසුනා. ජීවක වෛද්‍යතුමා ශ‍්‍රී පතුල පලා ලේ අස්කල ද මෙසේ ශ‍්‍රී පතුල පලන ලද්දේ පෙර පෘථිවීශ්වර රජව සිටිය දී මිනිසෙකු මරවන ලද පවින් බව දත යුතු ය.


    8. තථාගතයන් වහන්සේ ගේ සුව නො වන හිස රුදාවට හේතුව පෙර කෙවුල් පවුලක ඉපිද සිටිය දී තම ඥාතීන් බොහෝ මසුන් ගොඩදා තිබෙනු බව දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු ය. එදා ඒ මසුන් මැරූ සියලූ ඥාතීන් මේ ජීවිතයේ ද ඥාතීන්ව ශාක්‍ය කුලයේ ඉපදුනා. ඒ සැමටද ඒ ප‍්‍රාණඝාත කර්මය විපාක දීම් ලෙස විඩූඪභ කුමරු අතින් මිය යන්නට වූ බව දේශණා කර ඇත.


    9. තුන් ලෝකය පුරා පැතිරුණු දායක උපස්ථායක, ශ‍්‍රාවක, ශ‍්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස් කාලයේ එක් බත් ඇටයකුදු නො ලැබුණි. අශ්වයන්ට දෙන යව හාල් වැළදීමට සිදු වුණා. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදුරජාණන් වහන්සේට ”ඔබ වහන්සේ මේ ප‍්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි, යව හාල් වැළඳුවානම්” කියා දොස් නැගු පාපය බව දත යුතු ය.


    10. සුගතයන් වහන්සේට සුව නො වන කොන්දේ ආබාධයක් පැවතුණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය උත්සන්න වූ විට සැරියුත් හිමිට දහම් දෙසුම පවරා විවේක ගැනීමට වඩිනා බව සඳහන් වේ. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයෙකුව සිටිය දී විරුද්ධවාදී මල්ලව පොරකරුවෙකු ගේ කොන්ද කැඩූ පාපය බව දත යුතු ය.


    11. බුදුරදුන්ට වැළඳුනු ලෝහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයෙකුව සිටිය දී සිටුවරයෙකුට බෙහෙත් කළ නමුත් නියමිත මුදල් නො ගෙවූ බැවින් පසුව විරේක බෙහෙත් දුන්නේ ය. ඔහුට ලේත් සමග විරේක වූ බැවින් සිටුවරයා බියව නියමිත මුදල් ගෙවී ය. ඒ කර්මය විපාක දුන් බව මෙයින් දත යුතු ය.


    12. මහා බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සය අවුරුද්දක් දුෂ්කර ක‍්‍රියා කිරීමට සිදු වූයේ පෙර ජෝතිපාල මානවකයාව සිටිය දී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට ”ඔය මුඩු මහණාට බුද්ධත්වයක් කොයින් ද? එය අතිශයින් දුර්ලභ එකකැයි ” දොස් කී පාපය යැයි දත යුතු ය.


    සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසස් ඇති මහ රහත් වූ පිරිවර සම්පත්තියක් ඇති මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් සෘද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද පූර්වේ කරන ලද කර්ම සඳහා එන විපාක වලින් බේරී සිටීමට නො හැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක් නුවණක්, පිරිවරක් සෘද්ධි බලයක් නැති ඔබ අප වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදුවන දෑ නො කරන්න. කිසි දිනක කාහටවත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවෙකුට හිංසාවක්, පීඩාවක්, දුකක්, දොම්නසක්, කරදරයක්, විපතක්, වෙහෙසක් නො කරන්න.



    path to nirwana (fb)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    බුදුහාමුදුරුවන්ටත් කර්මය පඩිසන් දුන්නා නම් අපි ගැන කවර කතාද.. :( :(
    ගොඩක් වටිනා ත්රෙඅඩ් එකක් මචන්..
    බුදුසරණයි..