පූර්ව න්‍යෂ්ටික සංඥා පද්ධති රට වටා

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    පූර්ව න්‍යෂ්ටික සංඥා පද්ධති රට වටා

    පූර්ව න්‍යෂ්ටික සංඥා පද්ධති රට වටා

    අසල්වැසි ඉන්දියාව මේ වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් පවතින අතර ඉන්දීය නාවික හමුදාව විසින් පසුගියදා න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක්ද සිය බල ඇණියට එකතුකරා.

    තමිල්නාඩුවේ "කුඩන්කුලම්" න්‍යෂ්ටික බලාගාරය ලංකාවට කිලෝමීටර 250ක් පමණ දුරින් පිහිටා තිබෙන අතර එයද ලබන මාසයේදී න්‍යෂ්ටික උත්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    එමඟින් සුළු හෝ විකිරණ බලපෑමක් ශ‍්‍රී ලංකාවට එල්ලවන්නේ නම් එය කල් තියා හඳුනාගැනීමටත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමටත් දිවයිනේ න්‍යෂ්ටික පූර්ව සංඥා පද්ධති ස්ථාපිත කිරීමට පරමාණු ශක්ති අධිකාරිය බලාපොරොත්තු වෙනවා.

    මේ සඳහා ජාත්‍යන්තර පරමාණු බල නියෝජිත ආයතනය මඟින් යුරෝ 72,000 ක් පමණ වටිනා "පූර්ව සංඥා පද්ධති" 08ක් ලබාලෙන තිබෙනවා. ඒවා රට වටා පිහිටි නාවික කඳවුරු 06 ක, බස්නාහිර පළාතේ සහ රට මධ්‍යයේ මහනුවර ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතයි.

    ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වන ඔරුගොඩවත්තේ පිහිටි ශ‍්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරියේ සිට ඒවා පාලනය වන අතර පරමාණු ශක්ති අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මකවේ.

    එම උපකරණ වලින් 5ක් ස්ථාපිත කිරීම පසුගියදා සිදුකෙරුණ අතර එහි පළමු සංඥා පද්ධතිය ස්ථාපිත කෙරුනේ පරමාණු ශක්ති අධිකාරියේ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ය.

    ඉතිරි ඒවා පුත්තලම ලක්විජය තාප විදුලි බලාගාර පරිශ‍්‍රයේත්, තෙලෙමන්නාරම ඌරමෙලෙ ප‍්‍රදේශයේත්, ඩෙල්ෆ් දූපතේත්, කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේත් ස්ථාපිත කර තිබෙනවා.

    ඉතිරි තුන ඉදිරියේදී ත‍්‍රිකුණාමල සහ ගාල්ල නාවික වරාය කේන්ද්‍ර කරගනිමින්ද, රට මධ්‍යයේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින්ද ස්ථාපනය කිරීමට නියමිතයි.

    මෙම කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටින්නේ මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි.

    ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මිට අවුරුදු දෙකකට කලින් මේ ගිවිසුම ඩ්‍රාෆ් කරලා, විදේශ අමාත්‍යාංශය හරා ඉන්දියානු රජයට යැව්වත් මේ ගැන ඉන්දියානු රජයෙන් කිසිදු දැනුම්දීමක් දී නොමැති බවයි.

    දැනට පෘතුවි තලයේ භූ තල 12ක් තිබෙන අතර අලුත් භූ තලයක් ලංකාවට දකුණු මුහුදේ ඇතිවෙමින් පවතින නිසා භූ කම්පන වලදී තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයට හානියක් නොවේයැයි කීමට බැරිය.
    මෙම භූ තල පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මෙවැන්නක්.

    ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර 7ක් තිබෙන අතර ඒවා පිහිටා තිබෙන්නේ මේ ආකාරයටය

    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මීටත් ගොඩක් කලින් කරන්න ඕන දෙයක් පහුවෙලා හරි කරන එක අගය කරන්න ඕන. හැබැයි අර සුනාමි අනතුරු ඇගවීමේ කුළුණු වගේ වැඩ කරන්නේ නැති උනොත් නම් ප්‍රශ්නයක් වෙනවා. ඕව හයි කරනවා වගේම නිතරම සෙවිල්ලෙන් ඉන්න ඕන ඒවගේ ක්‍රියාකාරීත්වය ගැන.

    ස්තුතියි අපිව දැනුවත් කලාට.

    මගෙන් රේප් 4+
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඉන්දියාවේ භාගෙට භාගයකට හරි හැටි කෑමක්වත් නෑ.... ඒ උනාට වැඩ උඩින්......!!
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    බඩුම තමා

    මේක හයි කරාට ඕක වැඩකරන විදිය දන්නවද දන්නෙ නෑ ඕකෙ ඉන්න උන්

    අන්තිමට ඉතින්

    බඩුම තමා......
     
    33000W

    Member

    539419_487644627913828_1435592257_n.jpg

    ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව හෙළිව තිබේ. මෙම මර්මස්ථාන අතර, කොළඹ හා හම්බන්තොට වරායයන්, කටුනායක, මත්තල හා රත්මලාන ගුවන්තොට, ආරක්ෂක මූලස්ථාන පුත්තලම ගල් අඟුරු බලාගාරය මෙන්ම කෙරවලපිටිය හා කැළණිතිස්ස බලාගාරයන් ද වන බව පැවසේ.

    ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබන මිසයිල අත්හදා බැලීමේ වැඩසටහනක් යටතේ කිලෝමීටර 1000ත් 8000ත් අතර දුරකට කිලෝග්‍රෑම් 1000 සිට 2000 දක්වා වූ බරක පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි මේ අග්නි මිසයිල වලට දකුණු ආසියාව තුළ ඕනෑම ආරක්ෂක හෝ වෙනත් ස්ථානයක් ඉලක්ක කොටප් රහාර එල්ල කිරීමට සමත් බවද පැවසේ.

    චීනයෙන් හෝ පාකිස්ථානයක් ඇතිවිය හැකි තර්ජන සඳහා මුහුණ දීමට ඉන්දියාව සූදානම් වීමේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, ඇමෙරිකාව සමග එක්ව ඉරානය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා මියන්මාරය යා කරන චීන සැපයුම් මාර්ගය අවහිර කිරීමට රහසිගතව ඉන්දියාව විසින් ක්‍රියාත්මක වූ බව ද වැඩිදුරටත් සඳහන් ය.

    පාකිස්ථානය සමග න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වල යෙදෙන බවට මෑතක දී ශ්‍රී ලංකාවට චෝදනා කල ඉන්දියාව, තම න්‍යෂ්ටික අත හදාබැලීම් වඩාත් ඉදිරියට ගෙනයමින් බැලස්ටික් මිසයිල පද්ධතියක් ද පිහිටුවීමට පිඹුරුපත් සකසන බව වාර්තා වේ.

    මේ සියළු තොරතුරු හෙළිදරව් වී ඇත්තේ ඉන්දීය ඔත්තු සේවය විසින් එහි චීනයේ බීජින් නුවරට පත් කර සිටි ප්‍රධානියෙකු වන අම්‍රීත් අහුවාලියා ව ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. ඉන්දියාවේ යුධ රහස් හෙළි කිරීම ඔහුට එල්ලවූ චෝදනාවයි.

    :frown::frown::frown::frown::frown::frown:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    meka aththak da ban? :shocked::shocked:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    අපිටත් එකක් හඳන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රලා සේරගේම වැටුප සහ දීමනා මාස තුනකට නතරකරලා අන්න ඒ මුදලින්....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕකෙන් අපිට Warn කරාට පස්සෙ මොකද කරන්නෙ කියල මේක ගෙන්නපු ගොනා හිතුවද දන්නෙ නෑ.
    ඇයි යකො සුනාමියක්නම් කොහෙ හරි උඩකට වත් දුවල බේරෙන්න පුලුවන්..මේකෙන් බේරෙන්න පුලුවන්නද බන් එහෙම.. අයියෝ සල්ලි !!
    දුප්පත් එඋන්ට ගෙවල් හදල දෙන්න තිබ්බ
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle

    539419_487644627913828_1435592257_n.jpg

    ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව හෙළිව තිබේ. මෙම මර්මස්ථාන අතර, කොළඹ හා හම්බන්තොට වරායයන්, කටුනායක, මත්තල හා රත්මලාන ගුවන්තොට, ආරක්ෂක මූලස්ථාන පුත්තලම ගල් අඟුරු බලාගාරය මෙන්ම කෙරවලපිටිය හා කැළණිතිස්ස බලාගාරයන් ද වන බව පැවසේ.

    ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබන මිසයිල අත්හදා බැලීමේ වැඩසටහනක් යටතේ කිලෝමීටර 1000ත් 8000ත් අතර දුරකට කිලෝග්‍රෑම් 1000 සිට 2000 දක්වා වූ බරක පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි මේ අග්නි මිසයිල වලට දකුණු ආසියාව තුළ ඕනෑම ආරක්ෂක හෝ වෙනත් ස්ථානයක් ඉලක්ක කොටප් රහාර එල්ල කිරීමට සමත් බවද පැවසේ.

    චීනයෙන් හෝ පාකිස්ථානයක් ඇතිවිය හැකි තර්ජන සඳහා මුහුණ දීමට ඉන්දියාව සූදානම් වීමේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, ඇමෙරිකාව සමග එක්ව ඉරානය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා මියන්මාරය යා කරන චීන සැපයුම් මාර්ගය අවහිර කිරීමට රහසිගතව ඉන්දියාව විසින් ක්‍රියාත්මක වූ බව ද වැඩිදුරටත් සඳහන් ය.

    පාකිස්ථානය සමග න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වල යෙදෙන බවට මෑතක දී ශ්‍රී ලංකාවට චෝදනා කල ඉන්දියාව, තම න්‍යෂ්ටික අත හදාබැලීම් වඩාත් ඉදිරියට ගෙනයමින් බැලස්ටික් මිසයිල පද්ධතියක් ද පිහිටුවීමට පිඹුරුපත් සකසන බව වාර්තා වේ.

    මේ සියළු තොරතුරු හෙළිදරව් වී ඇත්තේ ඉන්දීය ඔත්තු සේවය විසින් එහි චීනයේ බීජින් නුවරට පත් කර සිටි ප්‍රධානියෙකු වන අම්‍රීත් අහුවාලියා ව ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. ඉන්දියාවේ යුධ රහස් හෙළි කිරීම ඔහුට එල්ලවූ චෝදනාවයි.

    :frown::frown::frown::frown::frown::frown:

    ඉන්දියාවට හෙන ගහන්න ඕන බන් ඔය යක්කු කරන වැඩ වලට. මම හිතන්නේ මේ කාතාවේ ඇත්තක් තියෙනවා...
     
    :yes::yes: