පූසන්ට හොල්මං පේනවද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ආගම් පැත්තක තියමු, මනුස්සයෙක් මැරුනාම, එකෙ next level එක අපිට පෙන්නෙ දැන්නෙ ඇහෙන්නෙ 'nathi' energy state එකක ඉන්නවාද දන්නෙ නෑ, හැබයි පූසො බල්ලො වගෙ සතුන්ට දැනෙන

    Edited: corrected and added 'nathi'
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,785
    1
    6,648
    113
    Yesterday I learnt that cats dream when they sleep.

    That random sleepy roars + paw moves - they dream about hunting or being with their lovely HUMAN 🐈 😺 🥰

    ආගම් පැත්තක තියමු, මනුස්සයෙක් මැරුනාම, එකෙ next level එක අපිට පෙන්නෙ දැන්නෙ ඇහෙන්නෙ 'nathi' energy state එකක ඉන්නවාද දන්නෙ නෑ, හැබයි පූසො බල්ලො වගෙ සතුන්ට දැනෙන

    ආගම පැත්තකින් තියන්නෙ නැතුව ආගම පැත්තෙන් දෙන්නම් උත්තරයක්. 🙂

    මනුෂ්‍ය තිරිසන් තලයේ ඉන්න සත්වයින් හැමෝටම තියෙන්නේ පංචේන්ද්‍රිය - ඇස කන නාසය දිව සම

    දේව යක්ෂ ප්‍රේත නිරි සත්වයින් ඉන්නේ වෙනම තලයක ඔවුනට තියෙන්නේ වෙනත් "ආයතන"

    ඉතිං ඒ නිසා තල දෙකක සත්වයින් ගැටෙන්න විදියක් නෑ

    හැබැයි මේක "hack" කරන්න විදියක් තියෙනවා.
    ඒ තමයි භාවනා සමාධි ආදිය වඩා - ධ්‍යානාදීගමනය කොට "සයවැනි ඉන්ද්‍රිය වන ප්‍රඥාව" මගින් වෙනත් අන්තර් තලීය සත්වයින් සමග ගනුදෙනු කිරීම.

    සරලවම විශුද්ධි මාර්ගයේ ඕකට තියනවා මෙහෙම ක්‍රමයක්

    ආනාපානසති භාවනාව චතුර්ථ ධ්‍යානය දක්වා වඩා
    ඒ සමාධියේ උච්චතම අවස්ථාවේ එන ආලෝක නිමිත්ත ඔස්සේ අප අවට පරිසරය "මනසින්" ආලෝකමත් කොට සැරි සරන අන්තර් තලිය බහුමාණික ජීවීන් සමඟ සන්නිවේදනය කිරීම - ඔවුන්ව අපට ගෝචර වන රූපයකින් නිරීක්ෂණය වීම වගේ නිමිති තියෙනවා කරන්න පුළුවන්.

    යෝගාවචරයින්ගේ අත්දැකීම් තියෙනව එසේ ප්‍රේත අසුර නිරි සත්වයින් දැක භීතියට පත් වුණු

    තව තියෙනවා දේව බ්‍රහ්ම තල සත්වයින් සමග අත්දැකීම් ලැබුණු - සමහර දේව කොට්ඨාශ "උද්දච්චයිලු" - සන්නිවේදනය කරන්න එන්නේ නෑලු ලේසියෙන් 😅

    සමහර සත්ව කොට්ඨාස - මම ඔබගේ පෙර භවයේ මව පියා කියා අපගේ ආධ්‍යාත්මික ගමන් මග , මාර්ගය වැඩීම වෙනස් කරන්න උත්සාහ කරනවාලු.

    ( ගොඩක්ම බටහිර Pa - ok භාවනා ක්‍රමවල මම කියවලා තියෙනවා මේ වගේ testimony )

    ඇත්තද බොරුද කියලා බලන්න වෙන්නේ මාර්ගය වඩා ම තමා - කරන්න ඕනේ මොනවද ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද කියලා විශුද්ධි මාර්ගයේ පැහැදිලිව දැක්ව තියෙනවා. + අටුවා ටීකාවල.

    හැබැයි බුදුරජාණන් වහන්සේ මේව ප්‍රතික්ෂේප කරලා තියෙනවා නිවන් මාර්ගයට බාධාවක් කියා.
    සත්වයා මුලාවීමට ඇ ති හැකියාව නිසා.
    ------ Post added on Apr 2, 2026 at 8:47 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo

    Similar threads