පෘතුවියට පිටතින් පිපුණු සීනියාස් මල

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    පෘතුවියට පිටතින් පිපුණු සීනියාස් මල

    කලින් දාපු නූලේ පොඩි වැරදීමක් වෙලා තිබුනා කියලා යාලුවෝ කියුවා. වැරෑද්දක් උනානම් සමාවෙන්න කියලා මුලින්ම කියනවා...

    අද මම කියන්න යන්නේ මම ඉන්ටෙර්නෙට් එකේ පොඩි වටයක් ගහද්දි දැකපු දෙයක්. මේ ගැන දන්න යාලුවොත් ඇති. මම මේක දන්න නොදන්න ඔක්කොටම බලන්න දානවා. මේ කියන්න යන්නේ අභයවකාශයේ පිපිච්ච මලක් ගැනයි. ටිකක් විතර පුදුමයි නේද? මුලින්ම කියන්නම් මට මේක හම්බ උනේ විද්‍යා ගවේෂණ කියන සයිට් එකෙනුයි.
    Capture.JPG
    පසුගිය සතිය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාසය කරන ගගනගාමීන්ට සතුටුශායක සතියක් වුනා. ඒ ප්‍රථම වතාවට පෘථිවි කක්ශයේදී සුන්දර සීනියාස් මලක් පෙති දිගහැර හිරුඑලිය විඳින්නට පටන්ගත් නිසයි. "වෙජී" ලෙස නම්කොට ඇති ව්‍යාපෘතියේ අභ්‍යවකාශ උයන්-පල්ලා වූයේ නාසා ගගනගාමී ස්කොට් කෙලී. පසුගිය වසරේ අවසාන භාගයේදී ISS ගගනගාමීන් අභ්‍යවකාශය තුල ගෝවා වගාකොට සලාදයක් සාදා ආහාරයට ගත් අතර මෙවර ඔවුන් ගෝවා වලට වඩා වගාකොට මල් ලබාගැනීමට අපහසු සීනියාස් මල් වගාකිරීමට තෝරා ගත්තා. මෙම සීනියාස් පැලවලින් මල් ලබාගැනීමට දින 80ක් පමණ ඒවා ඉතා හොඳින් රැකබලාගැනීමට සිදුවුනා. මෙහි සාර්ථකත්වය මත ඉදිරියේදී තක්කාලි වගාවක් ආරම්භකිරීමට බලාපොරොත්තු වනවා. මීට පෙර ISS මධ්‍යස්ථානයේ සූරියකාන්ත මල් හා බාර්ලි වගාකොට තිබූ අතර බාර්ලි වගාවේ අස්වැන්න පෘථිවියට එවා බීර නිශ්පාදනය කිරීමේ සැළසුමකුත් තිබුණා.

    අනාගතයේ අඟහරු වැනි ග්‍රහයන්වෙත යන දීර්ඝ ගමන්වලදී අභ්‍යවකාශගාමීන්ට අවශ්‍ය ආහර වගාකරගැනීමේ තාක්ශණයන් බිහිකිරීම මෙම පරීක්ශණවල අරමුණ වනවා. දැනට අභ්‍යවකාශයේ වසරක් ගතකොට ඇති ස්කොට් කෙලී මාර්තු මාසයේ ඒ කියන්නේ මේ මාසයේ පෘථිවිය බලා පැමිණීමට බලාපොරොත්තුවනවා.


    CZK22joUsAITPBu.jpg


    CY8d84sUMAAt-6C.jpg:large
     
    Last edited:

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ස්තූතියි හැමෝටම... අපෝ රේප් පාරකුත් දාපල්ලකො යාළුවනේ මම තාම අලුත්නේ. ඉතින් රේප් පොඩ්ඩකුත් දෙන්නලා.... :lol::P
     
    • Like
    Reactions: RottenCOLT