පෘථිවියට_සමාන ග්‍රහ ලොවක් හමුවෙයි
පෘථිවියට වඩා ත් සමාන නව ග්‍රහ ලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් මෙම ග්‍රහ ලෝකය සොයාගෙන ඇති අතර එහි පාරභෞමික ජීවයක් පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.Kepler-186f ලෙස නම් කර ඇති මෙම ග්‍රහ ලෝකය විශාලත්වයෙන් ද පෘථිවියට සමාන බව අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෙඩ් ඇඩම්ස් පවසයි.ඔහු ප්‍රකාශ කළේ, මෙම ග්‍රහ ලෝකය මත ජලය ද්‍රව බවට පත්වීමට අවශ්‍ය උෂ්ණත්වයක් ද පවතින බව ය.
එම ග්‍රහ ලෝකයෙහි ගංගා සහ මුහුදු පවතින බව අනාවරණය කර ගතහොත් එහි පාරභෞමික ජීවයක් පැවතීමට වැඩි ඉඩකඩක් පවතින බව ඔහුගේ අදහසයි.මෙම සොයා ගැනීම තාරකා විද්‍යා ක්ෂේත්රයේ සන්ධිස්ථානයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.
source:newsfirst
පෘථිවියට සමාන ග්‍රහ ලොවක් හමුවෙයි: එහි ජීවය පවතින බවට විශ්වාසයක්

Last edited: