පෘථිවියෙන් පිට intelligent life එකක් ඇති බවට ලත් ප්‍රභලම සාක්ෂිය?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    80 දශකෙ අග භාගෙ වෙද්දි ලෝකෙ තාක්ෂණික වශයෙන් වගේම දේශපාලනික වශයෙනුත් ඊට කලින් අවුරුදු වලට වඩා ගොඩක් වෙනස් වෙලා තිබුන. සීතල යුද්දේ ඉවරයි, රොනල්ඩ් රේගන් සහ මීහයිල් ගෝබචෙව් දෙරට අතර සාමය සහයෝගය ස්ථිර කරද්දි ලෝකෙ තාක්ෂණය අතිනුත් ඉතාම ඉහළට ගිහින් තිබුනා.

    1988 සෝවියට් අභ්‍යවකාශ ඒජන්සියෙන් Phobos 1 & 2 නමින් යානා දෙකක් අභ්‍යවකාශගත කරන්නේ ඇමරිකාව ජර්මනිය ඇතුලු බටහිර රටවල් ගොඩක සහය ඇතුවයි. හඳට මිනිස්සුත් ගියාට පස්සෙ ඊලඟ ටාගට් එක උනේ අඟහරු. මේ යානා යවන්නෙ අඟහරු ග්‍රහයා ගැන වගේම අඟහරුගෙ චන්ද්‍රයෙක් වෙන Phobos ගැන හදාරන්න. යානා වලට දාන්නෙත් මේ නම මයි.. සාමාන්‍ය කැමරා වගේම අධෝරක්ත කැමරා අඩංගු තාක්ෂණයෙන් ඉහළ කැමරා පද්ධතියක් මේවා සතු වුනා. මේ යානා ද්විත්වයෙන් පළවෙනි යානාව වෙන Phobos 1 තාක්ෂණික දෝෂයක් නිසා අභ්‍යවකාශගත කරලා මාසයක් ඇතුලත අක්‍රිය වෙනවා. තාක්ෂණික දෝෂයක් කිව්වට ඇත්තටම මේකට හේතු වුනේ පෘථිවි කමාන්ඩ් සෙන්ටර් එකේ අය අතින් උන දෝෂයක්. human error එකක්.

    මේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන Phobos 2 යානාව පිටත් කරන්නෙ 1988 ජූලි 12 වෙනිදා. මාස 6ක ගමනකින් පස්සෙ 1989 ජනවාරි 29 වෙනිදා අඟහරු වටා කක්ෂයකට ඇතුලු වෙනව මේක. මේකෙ අංක එකේ කර්තව්‍ය උනේ Phobos චන්ද්‍රයා අධ්‍යනය කිරීම. ඒ චන්ද්‍රයට සමාන්තර කක්ෂයකට ඇතුලු වෙලා ඒ චන්ද්‍රයගේ දත්ත එකතු කරන්න පොඩි පොඩ්ස් දෙකක් ඒ මතට ලෑන්ඩ් කරවීමත් මේකෙ මිෂන් එකේ ඔබ්ජෙක්ටිව් එකක්.

    ඉතින් මේ විදියට චන්ද්‍රයා එක්ක සමාන්තර කක්ෂයකට ඇතුලු වුනාට පස්සේ 1989 මාර්තු 28 වෙනිදා එකපාරටම යානය එක්ක තිබුණ රේඩියෝ ලින්ක් එක නැති වෙනවා. පෘථිවි කමාන්ඩ් සෙන්ටර් එකේ අයට මේකට හේතුව හොයාගන්න බැරි වෙනවා.

    හැබැයි මේ විදියට කන්ටෑක් එක නැතිවෙන්න ඉස්සරින් යානාව අඟහරු ග්‍රහයාගෙ ෆොටෝ ටිකක් ට්‍රාන්ස්මිට් කරල තියෙනවා. මේ ෆොටෝ වලින් සමහරක් විශේෂයි.

    martian surface phobos 2.JPG



    මේ ෆොටෝ එකෙන් පෙන්වන්නෙ අඟහරුගෙ මතුපිට තියෙන අතිශය අසාමාන්‍ය භූවිද්‍යාත්මක පිහිටීමක්. එදා වගේම අදටත් මේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න විද්‍යාව සමත් නෑ. මේ පිහිටීම කිලෝමීටර් 20x25 පමණ දිග පළලකින් යුක්තයි. අමුතුම සීන් එක තමා මේ පිහිටීමෙ අධෝරක්ත නැත්නම්IR signature එක.


    martian surface phobos 2 1.JPG


    මේකෙ IR signature එක බොහෝදුරට පෘථිවියෙ නගරයකට සමාන බව කියවෙනවා. අමුතුම දේ මේක නෙමෙයි. මේ යානයෙන් පෘථිවියට ට්‍රාන්ස්මිට් කරල එවනවා අඟහරුගෙ පෘෂ්ඨය මත තියෙන හෙවනැල්ලක ෆොටෝ එකක්. දිග සිහින් වස්තුවකින් ඇති වුන මේ හෙවනැල්ල දිගින් කිලෝමීටර් 300ක් වගේ වෙනවා කියලයි කියන්නේ. චන්හ්‍රයාගෙ හෙවනැල්ලත් වැටෙන නිසා වගේම මේ කළුවර ඒරියා එක හරහා අඟහරුගෙ පෘෂ්ඨයෙ තියෙන දේවල් දකින්න පුළුවන් නිසා මේක හෙවනැල්ලක් බව පැහැදිලිවම අඳුරගන්න පුළුවන්.

    martian surface phobos 2 2.JPG


    මේ ෆොටෝ ටික ට්‍රාන්ස්මිට් කරන්නෙ එක පාර නෙමෙයි. දවස් කීපයක් තිස්සේ. අඟහරු පෘෂ්ඨයෙ තව ෆොටෝ ගොඩක් එක්ක එවපු විශේෂ කීපය තමයි මේ. කරල ඉවර වෙලා Phobos 2 යානය අක්‍රිය වෙනවා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නෙ නැහැ.

    1991දි සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර තිබ්බ කන්ෆරන්ස් එකකදි රුසියන් ජාතික කර්නල් මරීනා පොපොවිච් මේ එකෙන් එවපු අන්තිම ෆොටෝ සෙට් එකේ එතෙක් කල් පබ්ලිෂ් නොකරන ලද ෆොටෝ කීපයක් එළි කරනවා.


    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG



    මේ sequential ෆොටෝ ටිකේ පේනවා යම්කිසි සිලින්ඩරාකාර වස්තුවක් Phobos චන්ද්‍රයාටට මුවා වෙලා යන හැටි. මේ වස්තුවෙ දිග ආසන්න ලෙස කිලෝමීටර් 20ක් වශයෙන් සහ පළල කිලෝමීටර් 1.5ක් වශයෙන් ගණනය කරල තියෙනව. මේ වෙලාවෙ මේ වස්තුව පිහිටන්නෙ Phobos ට එහායින්. Phobos ඉන්නෙ යානය සහ වස්තුව අතර.


    7.JPG


    මේ ෆොටෝ එක ඇත්තටම සැලකෙන්නෙ Phobos 2 යානයෙන් අවසානෙටම ගත්ත චා‍යාරූපය හැටියට. මේ වෙලාවේ මේ දිගටි හැඩයක් තියෙන වස්තුව පිහිටන්නේ Phobos චන්ද්‍රයා සහ යානය අතර. බහුල වශයෙන් කියවෙන මතය තමයි මේ UFO එකෙන් එල්ල කරපු ප්‍රහාරයක් නිසා එක්කො Phobos 2 විනාශ වුනා, නැත්නම් EM pulse එකක් වගේ එකකින් Phobos 2 ගෙ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් විනාශ වුනා කියලා. මේ ෆොටෝ විශ්ලේෂණය කරල බලපු චායාරූප පිළිබඳ විශේෂඥයො කියල තියෙන්නේ මේවා ජෙනුයින් ෆොටෝ බව. දෘශ්‍ය කැමරා විතරක් නෙමෙයි IR කැමරා වගේ උපකරණත් පාවිච්චි කරල තියෙන නිසා.

    මම මුකුත් conclusions වලට එන්නෙ නෑ මේක සම්බන්ධව, නමුත් මෙහෙම සිද්ධියක් ඇත්තටම මේ ලෝකෙ වෙලා තියෙනවා.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    TFS, සහෝ. :) (y) ඔය උඩ තියෙන ෆොටෝස්වලින් පේන ඒවා නම් අඟහරුගෙ තියෙන Sand Dunes වලට ටිකක් විතර සමානයි.

    jpegPIA25552-2000x1200.jpg


    jpegPIA24420.jpg
    පෘෂ්ඨයට යටින් තියෙන ඍජුකෝණාශ්‍රාකාර හැඩේ ස්ට්‍රක්චර්ස් පෙන්නන IR ෆොටෝ එකක් තියෙනවා, මට ඒක පැහැදිලි ෆොටෝ එකක් හොයාගන්න බැරි වුනා. ඒවානම් කොහෙත්ම ස්වභාවිකව හැදුන දෙයක් කියල හිතන්න අමාරුයි. මොකද පැහැදිලි ජ්‍යාමිතික හැඩ තියෙනවා.