~~~ පෙට්ටිය කලුයි අනේ ~~~

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ~~~ පෙට්ටිය කලුයි අනේ ~~~

    ◄''කළු පෙට්ටිය''►

    399922_282037218525983_228131663916539_783359_377585568_n.jpg


    “කළු පෙට්ටිය” මාතෘකාව දැක්ක ගමන් ටිකක් හරි අහලා පුරුදුයි නේද? ඔව් ! ඇත්තටම මේ ඒ ගැන තමා. අපි දන්න විදියට ඒ කියන්නේ “පේලේන් එකේ කළු පෙට්ටිය”

    ලෝකයේ මුල්ම ‍ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවුනු අතර එය වුනේ කොහොමද කියන්න කවුරුවත් ‍ඉතිරිව සිටියේ නම් නෑ. මොකද අනතුරින් සියලුම දෙනා මිය ගිය නිසා. මේ ගැන සොයා බලමින් සිටි පුද්ගලයෙක් 1956 දී ඔහුගේ මුලු දැනුමම එක් කොට කඩා වැ‍ටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්, ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ සිද්ධවන්නා වු කතා, තොරතුරු ඔක්කොම ඉබේම රැස් වෙන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය (FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder) මේ මොන විදියට කිවුවත් අපි දන්න නම “කළු පෙට්ටිය” නිම වන ලදි.

    Flight Data Recorder (FDR) නැතිනම් (ADR, Accident Data Recorder) එක කියන්නේ ගුවන් යානයේ විස්තර (උස) වගේ දේවල් වල වාර්තා ගන්න එක. Cockpit Voice Recorder (CVR) කියන එකේ ගුවන් නියමු කතා හා පාලක මධ්‍යස්ථානය හා කල කතා record වෙනවා. බොහෝ වේලාවට දැන් මේ දෙකම එකතු කරලා හදපුවා තමා තියෙන්නේ.

    “කළු පෙට්ටිය” කියා කිව්වට මෙය උපතින්ම තැඹිලි පාට වුනු කුඩා පෙටි‍ටියකි.මේ පෙ‍ටිටිය කෙතරම් ශක්තිමත් විදිහට හදලා තියෙනවද කිව්වොත්. කාලතුවක්කුවක දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් හානියක් නොවෙන්නත්, සෙන්ටිග්‍රේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්, අඩි 20000ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්‍ටිය ක්‍රියා විරහිත කිරිමට, විනාශ කරන්නට හැකියාවක් නෑ. ඒත් තැඹිලි පාට පෙට්ටියට කළු පෙට්ටිය කියන්නේ මොකද??? ඒ තැඹිලි පාට පෙටි‍ටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන හින්දා ඒකට “කළු පෙට්ටිය” කියලා තමා කවුරුත් කියන්නේ.

    මුල්ම කා‍ලයේදී “කළු පෙට්ටියෙන්” ගුවන් නියමු කටහඩ, අනතුර සිදුවෙන කොට ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වුනත් දැන් නම් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී. ගුවන් අනතුරක් කියන්නේ ජිවිත විශා‍ල ගණනකට මරු කැඳවන නිසා ඒ අනතුර තවත් එක් ගුවන් අනතුරක් කියා අත්හැර දමන්නක් නොවේ. ඒ අනතුරට හේතු වෙච්ච කරුණු දැනගෙන ඒ මගින් තවත් ගුවන් අනතුරක් වලක්වා ගන්නට මේ “කළු පෙට්ටිය” මනා වු සේවයක් ඉටු කරනවා.

    මේ වු සේවයක් ඉටු කරන මේ “කළු පෙට්ටිය” අවුරුදු 3 ක් වෙහෙස වී සොයා බලමින් සාදනු ලැබුවේ නම් ඕස්ට්‍රේලියානු සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු ඕස්ට්‍රේලියානු ගගන යානා පරීයේෂණ ආයතනයේ විද්‍යාඥයකු වු ඩේවිඩ් වොරන් මහතා විසිනි.

    ඔබ දන්නවාද???
    මේ සෑම “කළු පෙට්ටියකම” ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත. ඒ, (Flight Recorder, Do not Open) “ගුවන් ගමන් විස්තර, විවෘත නොකරන්න” යන්නයි‍.

    “කළු පෙට්ටිය” සොයාගන්නා ලද ඕස්ට්‍රේලියානු විද්‍යාඥ ඩේවිඩ් වොරන් 2010 ජුලි 19 වැනිදා අවුරුදු 85ක් ව සිටියදී අවසන් ගමන් ගිය අතර, ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහු ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි.

    එනම්, ''Flight Recorder Inventor. Do not Open'' යන්නයි‍


    Source:
    Code:
    Lowethnaa.com
     
    • Like
    Reactions: nad253