පෙට්‍රල් බලන්න ගිය චාරිකාව.......
පෙට්‍රල් බලන්න ගිය චාරිකාව.......
මා ඊයේ රාත්‍රියේ නින්දට ගියේ ඉතාමත් සතුටිනි මන්ද යත් අද දින ප්‍රෙටල් ගැසීම සදහා චාරිකාවක් උදෑසන යාමට තිබෙන නිසාවෙනි.උදෑසනනින්ම පිබිදුණ මා ඇතුළු පිරිස වාහනයට නැගුණේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගනිමිණි.කෙසේ වෙතත් උදෑසන හතට පමණ ශෙඩ් එකේ පෝලිම් චාරිකාවට එකතු වූ අප ගී සිංදු කියමින් ඉතා සතුටින් වාහනය තුල කල් ගත කලේ පෙට්‍රල් දැකීමට නොඉවසිල්ලෙනි.අප කෑ රටකජු එහා පැත්තේ වාහනයේ සිටි අක්කලාටද ලබාදුන්නේ අක්කලාද පෝලිම සදහා ගෙනා බිබික්කම් අපිට දෙමිනි. ඉතාමත් සාමකාමිව පෙට්‍රල් චාරිකාවට සියල්ලන් ම පෙලගැසුනි.වෙනසකට මනාපය දුන් මාගෙ මිතුරන්ද ආදරයෙන් මෙවැනි වෙනසක් ලබා ගැනීමට බෙහෙවින් අපේක්ශා කලහ.
මන්ද යත් මෙවැනි චාරිකා පෙර කල කිරීමට හැකියාවක් නොතිබූ නිසාවෙනි.සැබැවින්ම මෙය වෙනසකි.වාහනය තුල කිරිටොපි ,බූන්දි ආදි රසවත් ආහාර වලින් සපිරුණු තෝතැන්නක් විය.හැතැප්ම ගණනක් දිවයන පෝලිම පාරට අලුත් පන්නරයක් ලබා දුන්නෙ මෙතරම් ජනතාව පෝලිමේ සිටින්නෙ ජනතා අභිලාශ ඉටු කල නිසි බලධාරින්ගේ සැමටම වාහනයක් සංකල්පය ක්‍රියාත්මක වූ බවක් පෙන්නුම් කරමිනි.
සැබැවින්ම මේ පෝලිම අලංකාර හා මනස්කාන්තය.ඈත පොම්ප මාමා දුටි සියල්ලෝගේම සිත් ආශාවෙන් පිරී ඉතිරුණහ.බෝතල් පෝලිම දෙසින් ඇසුණු රණ්ඩුව සියල්ලෝම ප්‍රසංගයක් ලෙසින් වින්දනය කල අතර අපිද එය මැඩ පැවැත්වීමට ගියේ නැත.අවසානයේ පොම්පය වෙත ලගා වූ අප පොම්ප මාමාට රුපියල් පන්සීයක් දී පෙට්‍රල් ගසා ගත්තේ නහය කඩාගෙන යන ඒ සුවදත් සමගින් ය.මෙලෙස අප නැවත ගෙදර බලා එනවිට සවස හය වූ අතර මෙය මාගේ විනෝදම චාරිකාවයි

Last edited: