වවුල්පනේ හුණුගල් ගහාව (Waulpane Lime Cave) ගවේශණ චාරිකාව.

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    වවුල්පනේ හුණුගල් ගහාව (Waulpane Lime Cave) ගවේශණ චාරිකාව.

    වවුලන්ගෙන් පිරුණු ගුහාවක මුව විටේ කූඩාරම් ගසා ගෙන රැයක් ගතකිරීම ගැන අත්දැකීම් අපට ඇත්තේය. ඒ නකල්ස් රක්ෂිතයේ පිහිටා තිබෙන වෙඩිලුණු ගුහාව නැරඹීමට ගිය චාරිකාවේදිය. වවුල්පනේ හුණුගල් ගුහාව නැරඹීමට යාමේ චාරිකාවට අඩිතාලම වැටුනේද එම චාරිකාවේදීමය.

    ගමන සංවිධානය කරන අවස්ථාවේදී 8 දෙනෙකු පමණ සහභාගී වන බව පැවසුවත් අවසානයේ චාරිකාවට සහභාගි වූයේ සය දෙනෙකු පමණය. ගමන ආරම්භ වන්නේ මහරගම මාතර කඩය අසලිනි. උදෑසන 4.15ට කොළඹින් පිටත් වන මාර්ග අංක 122 ඇඹිලිපිටිය බසය මහරගමට පැමිනෙන විට 4.45 පමණ වන්නට ඇත. ඒ බසයට ගොඩවුනු අපිට කෙටි දුරකදී වාඩි වීමට ආසන ලැබුනේය. වේගයෙන් ගමන් කල බස් රථය තුංතොට මංසන්ධියට පැමිනෙන විට උදෑසන 8.15 පමණ වන්නට ඇත.

    මෙතැන් සිට වවුල්පන හුණු ගල් ගුහාව දක්වා කිලෝ මීටර් 13 පමණ දුරක් ගමන් කිරිමට ඇත. මුල් කිලෝ මීටර් 10 සදහා බස් රථයක් ධාවනය වන නමුත් අප ගමන් ගන්නේ පොහොය දිනයක නිසා බස් රථ ධාවනය පවතින්නේ අවම මට්ටමක බව අසල වූ කඩයකින් විමසීමේදී දැනගන්නට ලැබුනේය. බසයක් එනතුරු බලා සිටීම කාලය කා දැමීමක් වන නිසාවෙන් අපි පා ගමනින් යාමට තීරණය කලෙමු. කිලෝ මිටර් 2ක පමණ දුරක් පයින් ගමන් කල අපිට ඒ මාර්ගයේ ගමන් කල ලොරියක් නවත්වා ගැනීමට හැකියාවක් ලැබුනේය. ලොරියේ සුලු දුරක් ගමන් කරන විටය අපිට කල ගොන් කමක මහත තේරුනේ. අලුත්වැඩියා කරමින් පවතින දුශ්කර මාර්ගයක ලොරි රථයේ රියදුරා හැටට හැටේ පාගන්නට වූයේය. අප අමාරුවෙන් පිටුපස එල්ලී ගෙන සිටියෙමු. විනඩි 15කින් පමණ අපට වවුල්පනේ සංවර්ධන මාවත අසලින් බැස ගැනීමට හැකි වුනේය.

    එතැන් සිට වවුල්පනේ ගුහාව දක්වා කිලෝමීටර් 3ක දුර යා යුත්තේ පා ගමනින්ය. කොන්ක්‍රීට් දමා සකස් කරන ලද මාර්ගයක් වුවත් ෆෝ වීල් වාහන හැර අනෙක් වාහන ඒ මාර්ගයේ ගමන් කිරිම අතිශය දුශ්කර වනු ඇත. කිලෝ මීටර් 3ක් වූ සමස්ථ දුරෙන් කිලෝ මීටර් 2.5 පමණම ඇත්තේ දල බෑවුමක්ය. තැනින් තැන වවුල්පන හුණුගල් ගුහාවට පාර කියන නාම පුවරු දක්නට තිබුනේය. අවසාන මීටර් 500ය පමන යාමට ඇත්තේ අඩි පාරක්ය. ඒ අවට පරිසරය අතිශයින් සුන්දරය. වවුල්පනේ හුණුගල් ගුහා එතරම්ම සංචාරක ආකර්ෂණය දිනාගෙන නැති නිසාදෝ සුන්දර පරිසරය අසුන්දර කරවන කුණු ගොඩවල් නම් දක්නට නැත. නමුත් ඉදහිට තැනක දෙකක පොලිතින් කවර නොතිබුනාම නොවේ. අඩි පාර දිගේ ගමන් කල අපිට පාර දෙකට බෙදෙන ස්ථානයකදී යා යුතු දිශාව තීරණය කරගත නොහැකි වූයේය. දිනුක විසින් නිවැරදි මාර්ගය සොයා ගැනීමේ වගකීම රුපියල් දෙකේ කාසියකට පැවරූ අතර, කාසිය පෙන්වූ දිශාව නිවැරදි නොවන බව අපි විසින් සොයා ගන්නා ලදී. හිරු රැස් බිමට නොවැටෙන තරම් ගන වූ තුරු වියනක් යටින් සොඳුරු වටපිටාවක සිරි නරඹමින් ගමන් කිරීම එතරම් අමාරු කාර්යයක් නොවන නිසා හොඳය, පොඩි වටයක් ගැසූ අපි නැවතත් නිවැරදි මාර්ගයට අවතීර්ණ වුයෙමු. තවත් මීටර් 200 පමණ ගමන් කිරිමෙන් පසුව අඩිපාරේ වම් පසට වෙන්නට පහලට බැසිම පහසු කරවන්නට බැද ඇති පඩිපේලියක් තිබූ අතර ඒ ඔස්සේ ගමන් කිරීමෙන් හුණුගල් ගුහාව නැරඹුම් වේදිකාව මතට පැමිනිමට හැකිවිය.

    483646_546106795430235_1973571546_n.jpg

    වේදිකාව මතට පැමිණි විට ගුණුගල් ගුහාවේ මුවවිට හොදින් දර්ශනය වූයේය.

    600226_546106712096910_394343595_n.jpg

    හනි හනිකට සූදානම් වූ අපි, බෑග් මලුද කරගසාගෙන විදුලි පන්දම් සූදානම් කරගෙන ගුහාවේ ඉදිරිපස පිවිසුම් දොරටුව වෙත ගමන් කලෙමු.

    64323_546107065430208_1159593797_n.jpg

    ගුහාවට ඇතුල් වීම තරමක් දුශ්කර වූයේය. ඇතුල් වන මාර්ගය හරහා ගලා ගිය හල්විනි ඔය නිසාවෙන් ගුහා මුවවිටේ තිබූ ගල් ලිස්සන සුලු වූ අතර ඒ මත වැටි තිබූ වවුල් වසුරු ඒම ලිස්සන සුලු බව දෙගුණ තෙගුණ කලේය.

    529975_546107082096873_2046060542_n.jpg


    599408_546107228763525_1566802909_n.jpg

    ලිස්සන සුලු බව නිසාම අප ගමන් කලේ පාවහන් රහිතවය. මුලින් මුලින් අපි එම වවුල් වසුරු වලින් වැසි තිබූ ගල් ඇල්ලීමට මැලි කමක් දැක්වූවත්, පසුව එසේ නොකර බැරි තත්වයක් ඇති වූයේය. සමහර තැන් වල අඟල් තුනක් හෝ හතරක් පමණ ගනකමට වවුල් වසුරු තට්ටුවක් තිබුනේය. දැන දැන වුවත් අපට එවැනි ස්ථානයන් වලද ගමන් කිරිමට සිදු වූයේය. පයට පැගේදිද් පයේ ඇඟිලි කරු අතරින් චිරිස් හඩක් නගිමින් වවුල් වසුරු මතු වන්නේය. දෙපස හුණුගල් බිත්ති මත දහස් ගනනකගෙන් සැදුම් ලත් කැරපොත්තන්ය.

    599768_546107178763530_2008309326_n.jpg

    හිසට ඉහලින් පියාඹන්නේ වවුලන්ය. (වවුප්පනේ මිලියනයකට අධික වවුලන් ප්‍රමාණයක් වාසය කරතැයි සැලකේ) ගුහාවේ වහලයෙන් සිහින් දිය බිඳු වෑස්සෙයි. දිය බිඳු අතරටම මුසුව වැටෙන වවුල් වසුරුද නිමක් නැත.

    ගුහාව තුලට මද දුරක් ගමන් කල විටය අභ්‍යන්තර දිය ඇල්ල හමු වන්නේ. අඩි 60ක් පමණ උස වූ එම දිය ඇල්ල අලංකාර දර්ශනයක් මවා පාන්නේය. (ආසියාවේ දෙවන උසම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල ලෙස සැලකේ)

    580412_546107332096848_1275365292_n.jpg

    දිය ඇල්ල පසු කර මදක් දුර ගමන් කිරීමෙන් ගුහාවේ අනෙක් පස පිහිටි දොරටුවෙන් පිටතට පැමිනිමට හැකියාව ලැබෙන්නේය. නමුත් ඒ සදහා වවුල් වසුරු පිරුනු ජල තටාකයක අඩි 4ක් හෝ 5ක පමණ ගැඹුරේ බැස ගමන් කිරිමට සිදුවන්නේය.

    300134_546107922096789_433213033_n.jpg


    526943_546108005430114_892034417_n.jpg


    නෙතෙමෙන පිනිස බෑග් මලු කරේ තබාගෙන අපි ඒ වවුල් වසුරු මුසුවූ ජලයේ ගමන් කලෙමු. දියට බැසගත් පසු පිටවිමේ දොරටුව දර්ශනය වෙයි.

    578185_546107988763449_415773547_n.jpg

    එයත් පහසු ගමනක් නෙවේ. පිටවිමට නම් ජලයේ දනගාමින් ගමන් කල යුතුය.

    10179_546108015430113_731044028_n.jpg

    නැවතත් හිරු එළියට පැමිනිමෙන් පසුවය අපට අපේ තත්වය වැටහුනේ. ඇඳුම් වල, බෑග් වල මෙන්ම විදුලි පන්දම් වලද වවුල් වසුරු ගෑවී තිබුනේය. මැක්කන්ද සිටියේය. ජලයේ බැස ගමන් නොකලානම් තවත් මැක්කන් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ලැබෙන්නට ඉඩ තිබුනේය.

    අවට පරිසරය රූස්ස ගසින් පිරුන වැසි වනාන්තරයක සිරියක් ගත්තේය. නම් නොදන්නා මුත් සමහර වෘක්ෂයන් අඩි 100කටත් වඩා උස වුයේය.

    63045_546108615430053_93621621_n.jpg

    අපගේ ගමන් මග වැටී තිබුනේ අප තරණය කල හුණුගල් ගුහාවේ වහලය මතිනි. හුණුගල් ගුහාව ගවේශනයෙන් පසු අප මේ යන්නේ කිවුල් දිය උල්පත සොයාය. උල්පත සොයා යන අපිට මුලින්ම හමු වූයේ පීල්ලකි.

    300231_546109262096655_313879472_n.jpg

    කිවුල් දිය නෑමට පහසු වනු පිනිස සකස් කර ඇති මේ පීල්ල සකසන්නට ඇත්තේ මේ කිවුල් ජලයට සමේ රෝග සුව කිරීමේ හැකියාවත් ඇතැයි සැලකෙන නිසා වන්නට ඇත. පීල්ල ට තරමක් ඉහලින් කිවුල්දිය උල්පතත්.

    535944_546109102096671_150718499_n.jpg

    තරමක් පහලින් කිවුල් ජලය හුණුගල් ගුහාවට ඇතුල්වන ස්ථානයත් දක්නට පිළිවන.

    600215_546108758763372_347056741_n.jpg

    ඒ ඇතුල් වන ජලයෙන්ය සුන්දර වූ අභ්‍යන්තර දිය ඇල්ල නිර්මාණය වන්නේ.

    කිවුල් දිය නෑමෙන් පසු අප නැවතත් ගමන් ආරම්භ කලේ යෝධයා කැපූ වල නමින් හදුන් වන ජල තටාකයක් සොයාය. හුණුගලු ගුහාව සොයා ආ මාර්ගයේ ආපස්සට ගමන් කිරීමෙන් එම ස්ථානය සොයා ගැනීමට හැක. අඩි පාරෙන් තවත් අතුරු පාරකට හැරී වනය තුල සුලු දුරක් ගමන් කිරීමෙන් පසුවය අපට යෝධයා කැපූ වල හමුවූයේ. හල්විනි ඔයේම එක්තරා ස්ථානයක අඩි 10ක පමණ විශ්කම්භයක් ඇති වෘත්තාකාර වලක්ය මේ නමින් හැදින්වෙන්නේ.

    600330_546109498763298_368770797_n.jpg

    මිනිස් අතකින් සැදුවක් තරම්ම අපූර්ව වූ නිර්මානයක් නිසාවෙන්ම ගම්වාසීන් මේ ස්ථානය යෝධයා කැපූ වල නමින් හදුන්වන්නට ඇත.

    අප දෙවන වරටත් මේ ස්ථානයෙන් දිය නෑවෙමු.

    වවුල්පනේ සංවර්ධන මාවත දිගේ කිලෝ මිටර් 3ක පමණ දුර පා ගමනින්ද, එතැන් සිට මාර්ගයේ ගමන් කල ලොරි රථවල පිහිටෙන් හා දෙපයේ පිහිටෙන් පල්ලේබැද්ද තුන්තොට මංසන්ධියටද, එතැන් සිට බස් රථයකින් මහරගමටද පැමිනීමෙන් චාරකාව නිමා විය



    බණ්ඩාගේ විත්ති බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    සුපිරි ගමනක් නෙ මචො...:cool:
    මේ එක නෙවේ උබල ගිය ඔක්කොම උන් ටික අව්ලක් නැතුව ඉන්නව නෙ....:confused:
    ඔය මොන ජරාවද දන්නෙ නෑ නෙ බන්, අර එකෙක්ගෙ කටෙත් තියෙනවද කොහෙද :baffled: