ට්‍රම්ප් පරිපාලනය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් නායකත්ව ව්‍යුහයේ විශාල වෙනස්කම් සිදු කර ඇති අතර, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඉවත් කර ඔවුන් වෙනුවට ජනාධිපතිවරයාට පක්ෂපාතී පාක්ෂිකයින් පත් කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම් මාක් එස්පර් සේවයෙන් පහ කිරීමෙන් දළ වශයෙන් පැය 24 කට පසුව ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද වෙනස්කම් පෙන්ටගනය තුළ නිලධාරීන් අවිනිශ්චිත තත්වයකට ඇදදමා ඇති අතර හමුදා සහ සිවිල් නිලධාරීන් විසින් එය අනතුරුදායක පෙරනිමිත්තක් ලෙස සලකයි.
එස්පර් (Secretary of Defense), ඔහුගේ මාණ්ඩලික ප්‍රධානී (Chief of staff) සහ බුද්ධි ප්‍රතිපත්ති (Intelligence- policy) හා බුද්ධි ආරක්ෂක (Intelligence-Defense) අධීක්‍ෂණය කරන ඉහළ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරීන් සිව්දෙනෙකු සඳුදා සිට සේවයෙන් පහ කර හෝ ඉල්ලා අස්වී තිබේ. කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කළ හිටපු ජනාධිපති බරක් ඔබාමා ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වූ මතභේදාත්මක චරිතයක් ද ඇතුළුව ට්‍රම්ප්ගේ පාක්ෂිකයන්ව ඔවුන් වෙනුවට පත් කරන ලදී.
CIA හි මුලසුන හොබවන ජීනා හැස්පල් ගේ දෛවයද පවතින්නේ අවිනිශ්චිත තත්වයකය. ට්‍රම්ප් ඇමරිකානු හමුදා, ඇමරිකානු නගරවලට මුදාහරින තත්වයකට ඉඟිකරන බවටද මතයක් පවතී.
Last edited:




