පෙනෙන නොපෙනෙන

hpalpola

Well-known member

  • (7)​

    උදෑසනම රනුක් බුද්ධි අංශයට පැමිණියේ ය. ඔහු පැමිණෙන විටත් අනෙක් නිලධාරීන් යුහුසුළුව කටයුතු කරනවා ඔහු දුටුවේ ය. සාමාන්‍යයෙන් එවැන්නක් පසුගිය කාලයේ දී ඔහු දැක තිබුනේ නැත. ඒකක 5 පිහිටා තිබුනේ පොලිස් මූලස්ථානයේ අනිකුත් ඒකකයන් ද සමග ය. කුමක් හෝ සිදුවීමක් සිදුව ඇති බව රනුක් ට තේරිනි. ප්‍රවෘත්ති ඇසීම අත්හැරීමේ ආනිශංස මේ අවස්ථාවෙදි තමුන් විඳින බව රනුක් තමුන්ට ම සිතින් කියා ගත්තේ ය. පසුගිය කාලයේ සිටි රාජ්‍ය නායකයෝ පවා සමහරක් දේ දැනගෙන තිබුනේ ප්‍රවෘත්ති වලිනි. රාජ්‍ය නායකයන්ටත් එසේනම් තමුන්ට කෙසේ ද? හමුවෙන්නන්ට උදෑසනක් ප්‍රාර්ථනා කරමින් රනුක් ඒකක 5 ට ඇතුල් වූයේ ය.

    "ආ මෙන්න අපේ වීරයා ඇවිල්ලා... තමුසෙ එනකම් අන්න බොස් බලන් ඉන්නවා. ඊයේ මාර චාටරයක්නෙ අයිසෙ තමුසෙ දුන්නෙ අපිට"

    "මන් මොකක්ද කලේ"

    "මන් මොකක්ද කලේ අහන්නෙ මිනිහො තමුසෙ නිසානේ අපිත් වලියට පැටලුනේ. ලැජ්ජාවේ බෑ. අර මොබයිල් එකේ එවුන් ඉස්සරහ. අනික අපි බීලත්නෙ හිටියෙ"

    "ඉතින් හලෝ මන් කිව්වද තමුසෙලාට ගහමරා ගන්න කියලා"

    "ආ අා මල්ලි එනට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕකනෙ. මේ බලන්නකො රණතුංග මූ කියන කතාව. මූට වට කරන් නෙලනකොට අපි පැන්නෙ මූ අපේ එකා නිසා. දැන් මූ අහනවා අපෙන් ම ඌ කිව්වද කියලා"

    "හරි හරි මේ ඕවා වැඩක් නෑ. කොහොමත් තමුසෙ අපිට හරියන්නෙ නෑ ඕයි. යනවා ගිහින් බොස්ව හම්බවෙනවා"

    තමුන් ට බොහෝවිට තම කණ්ඩායමෙන් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිචාරම ය. ඒ වුනත් සහෝදර නිලධාරීන් තමුන්ට ලෙන්ගතු බව රනුක් දැන සිටියේ ය. කරුණු එසේ නිසා තමුන්ට කුමක් කීවත් රනුක් හිත අමනාප කර ගත්තේ නැත. ඔහු ඒකකයේ ප්‍රධානියා වෙත ගමන් කලේ ය. ඔහුගේ නිලමැදිරියේ දොරටුවට තට්ටුවක් දැමූ රනුක් එයට ඇතුල් විය. ඒ වනවිටත් ප්‍රධාන පොලිස් පරීක්ෂක උඩුගම, ලිපි ගොනුවකට අවධානය යොමු කර සිටිනු ඔහු දුටුවේ ය. ඔහු දෙසවත් නොබලා පොලිස් පරීක්ෂකවරයා අසුන් ගන්නා ලෙස අතින් සන් කරන ලදි. නිහඬවම නියෝගය පිළිපදිමින් රනුක් අසුන් ගත්තේ ය. තම කාර්යය අවසන් කර සීනුව නාද කළ පොලිස් පරීක්ෂකවරයා රනුක් දෙසට ඇස් යොමු කලේ 'මොකක්ද කාරණය' යැයි අසමිනි. රනුක් ව හඳුනාගත් විගසම ඔහු පුටුව පෙරලමින් සිට ගත්තේ ය.

    "තමුසෙව මන් අදම අයින් කරනවා. මගේ අවුරුදු 30 කටත් වැඩි පොලිස් ජීවිතේටම නොවුන දෙයක් තමයි මට ඊයේ වුනේ. ලැජ්ජාව උපරිමයි. අර ට්‍රැෆික් එකේ එවුන් ඉස්සරහ චික්.. තමුසෙව මේකට ගත්ත එකට මන් ලැජ්ජා වෙනවා අයිසෙ"

    උඩුගම මහතා කියාගෙන ගියේ ය. රනුක් ප්‍රතිචාර දැක්වූයේ නැත. නමුත් ඔහුගේ සීනු හඬට පැමිණි නිලධාරියා තුෂ්නිම්භූතව උඩුගම මහතා දෙස බලා සිටියේ ය.

    "තමුසෙ මොකද ඕයි බලන් ඉන්නේ"

    "සර් බෙල් කරා නේද"

    "⁣මන් මොකටද ඕයි බෙල් කරන්නේ"

    "නෑ සර්, මන් වාඩිවෙන්න කලින් සර් බෙල් කලා"

    "මන් බෙල් කලාද ඒ කියන්නේ."

    "ඔව් සර්. සර් බෙල් කලා"

    "එහෙම ද, ... ආ හරි මේ ෆයිල් එක IP රණවීරට ගිහින් දෙනවා. එයා කැමැති දෙයක් කරන්න කිව්වා කියනවා."

    "හරි සර්."

    "සර් කේන්ති ගන්න එපා. දැක්කනෙ එතකොට වැඩ අවුල් වෙනවා. ⁣සර් දන්නවානේ මන් ඔහොම කේන්ති ගන්නෙ නෑ නේ"

    "ඕයි තමුසෙ මොකටද කේන්ති ගන්නෙ. තමුසෙ නිසා අපිනෙ කේන්ති ගන්නෙ"

    ඔවුන් කතා කරමින් සිටියදී එක්වරම දොර විවෘත කරමින් කාමරයට කඩා පැන්නේ උනන්දුවා නොහොත් IP රණවීරය. ඔහු පසු පස ඒකකයේ නිලධාරීන් කීප දෙනකු ද සිටියහ.

    "⁣උඹ ආවද මිනිහො. ඊයේ කරපු ලැජ්ජාවට මූව මරලත් මදි."

    "හරි ඉතින් මන් හිතාමතා කලේ නෑ නේ. අනික කව්ද මට පේන්න හරක් ඇහැක් කටේ දා ගත්තේ.?"

    "මීමෝ මට කන්න ඕන දේ මන් කනවා"

    "හරි හරි තමුන්ලා මෙකන රණ්ඩු වෙන්න එපා දැන්. මිනිස්සුත් බලන් ඉන්නවා, මන් රනුක් ගැන තීරණයක් ගන්නම්."

    "තීරණය කියන්නේ බොස් මූව අයින් කරන්න. අනික මට පාට්නර් විදියට මූ නම් එපා. ඊට වඩා හොඳයි පඹයෙක්"

    මේ අතර උඩුගම මහතාගේ නිල දුරකථනය නාද විය. ඔහු ඊට පිළිතුරු දෙන තුරු සියල්ලෝම නිශ්ශබ්ද ව සිටියහ.

    "හරි, මන් IP රණවීරව එවන්නම් ලැබ් එකට"

    දුරකථනය විසන්ධි කල උඩුගම මහතා රණවීරට සොකෝ ඒකකයට යෑමට දැනුම් දුන්නේ ය. ඔහු රනුක් දෙස බලා ඔරවා කාමරයෙන් පිටව ගියේ ය. අනෙක් නිලධාරීන් ගිය පසු රනුක් ද පිටව ගියේ ය. ඔහු ද සොකෝ ඒකකයට ගමන් කලේ ය. එහි යනවිට නිලධාරියකු රණවීර නොහොත් උනන්දුවා සමඟ සාකච්ඡාවක යෙදී සිටිනවා දුටු නිසා ඔහු ද එම ස්ථානයටම ගියේ ය.

    "ආ මෙයා නේ ද මේක හොයා ගත්තා කිව්වේ."

    "හ්ම් හ්ම්"

    "ඔයා මාර දක්ෂයෙක් නෙ ආ..."

    "මෙන්න බොඩි එකෙන් ගත්ත ⁣දේවල් ටිකක්."

    "මේ මොනවද"

    "මෙතනට තියා ගත්තම තේරෙයි මොනවද කියලා"

    නිලධාරියාගේ මෙහෙයවීම මත රනුක් තමුන්ගේ අත්ලේ තබා ගත් අමුතු අයිතමයන් දෙකක් පපුවමත තබා ගත්තේ ය. ඔහුට එක්වරම උනන්දුවා දෙස බැලිනි.

    "හත්වලාමේ මේ ආටිෆිසල් තන් දෙකක් නේ ද?"

    "හරියට හරි. ඒක තේරුන ඉක්මණ."

    "ඒත් ලංකාවේ කොහෙන්ද මේවා?"

    "ඒක හොයාගත්තොත් ඒ ඇටසැකිල්ල කාගෙද කියලත් හොයා ගතෑකි."

    "ඒ කිව්වෙ??"

    "අපි ඕක රිකවර් කලේ ඒ සැකිල්ලෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අපි හිතන්නෙ ඕක ඒ අයිති කෙනාගේ කියලා. ශ්‍රෝණියෙ හැටියට මේ කෙනා එක්කො කෙට්ටු ගෑණු කෙනෙක්, නැත්නම් පිරිමි කෙනෙක්. සැකිල්ලෙ වර්ධනය හැටියට අවුරුදු 50 ක් විතර වගේ. උගුරු ඇටේ තිබ්බනම් හරියටම ගෑණු ද පිරිමි ද කියලා කියන්න තිබ්බා. අනෙක් අතට මේ වගේ දෙයක් කරන්නෙ එක්කො එයාගේ ස්වභාවික පියවුරු වලට හානියක් වෙලා නිසා. නැත්නම් ඒවගේ ප්‍රමාණය ගැන සෑහීමට පත් නොවන නිසා. අනික් අතට වෙන්න පුළුවන් දේ තමයි මේ කෙනා ලිංග විපර්යාසයකට ලක් වෙන්නත් පුළුවන්."

    "මොකක්, ඒ මොන කුණුහරුපයක් ද"

    "ඔව් මන් කියන්නෙ වෙන්න පුළුවන් දේවල් වලින් ටිකක්."

    "ඒ වුනාට සර් ඔය කියපු එකක්වත් ලංකාවේ කරන්න පුළුවන් ද"

    "අන්න එතන අවුලක් තියෙනවා. මේ ඇටසැකිල්ලට දැන් අවුරුදු 15 ට වැඩියි. තාමත් ලංකාවේ සිලිකන් බ්‍රෙස්ට් ජනප්‍රිය නෑ. එතකොට දැනට අවුරුදු 15 ට කලින් අදට වඩා පහලින් එපැයි තියෙන්න. අනික අපි දන්නෙ නෑ, මේවා අයිතිකාරයා මැරෙන්න කොච්චර කලින් හයි කර ගත්තද කියලා."

    "ඇහුවට තරහ වෙන්න එපා සර්, දැන් මෙයා මැරිලා තියෙන්නෙ කෝමයි කියලද අපි හිතා ගන්න ඕනා"

    "ආ ඒක කියන්න බැරි වුනානේ. හිතාගන්නකො මේ කෙනා මැරිලා තියෙන්නෙ කැපෙන ආයුධයකින් බෙල්ල කපලා, පපුවට පිහියෙනුත් ඇනලා කියලා"

    "අප්පට සිරි"

    "ඔව්. ඇටසැකිල්ලෙ ඒකට සාක්ෂි ඕනා තරම් තියෙනවා."

    "දැන් මට දැනෙන දේ තමයි මේ කෙනා කව්රුවුනත් හොඳ සල්ලිකාරයෙක් කියන එක. ඒකට හේතුව තමයි, මේවා හයි කරගන්න අනිවාර්යයෙන්ම දැනට අවුරුදු ගාණකට කලින් යුරෝපියන් රටකට යන්න වෙන එක. එක්කො මෙයාට සල්ලි තියෙනවා. නැත්නම් මෙයා ලංකාවේ කෙනෙක් නෙමෙයි. එහෙමත් නැත්නම් මෙයාට සල්ලි තිබ්බ හොඳ බර කකුලක් තිබ්බා."

    "එහෙමයි කියලා අපි කොහොමද මේ මැරුණ කෙනා හොයන්නෙ සර්"

    "ඒක ඉතින් මට අදාළ නෑ නේ. එහෙම නේද රණවීර?"

    සොකෝ ඒකකයෙන් පිටතට පැමිණි රණවීර, රනුක්ගේ කමිසයෙන් අල්ලා ගත්තේ ය.

    "මේ අහනවා, තමුසෙට මේකෙ ඉන්න ඕනානම් හොයා ගන්නවා මේවා හයි කරලා තිබ්බෙ කාටද කියලා."

    "මොකක්... ඒක මන් කොහොමද කරන්නේ"

    "ඒවා මන් දන්නෙ නෑ. තමුසෙත් බුද්ධි අංශෙනෙ. හොයලා මට කියනවා. එච්චරයි"

    තමා අත තැබූ පොලිතීන් බහාලුම බිම වැටෙන්නට නොදී අල්ලා ගත් රනුක් කේන්තියෙන් උනන්දුවා දෙස බලා සිටියේ ය. 'මූට පිස්සු ද මන් කොහොමද ඒවා හොයන්නෙ'. රනුක් ආපසු සොකෝ ආයතනයට ගියේ ය. මද වේලාවකට පෙර හමු වූ නිලධාරියා සිටිනාතැන සොයාගත් රනුක් එතැනට කිට්ටු විය.

    "සමාවෙන්න සර්"

    "Yes, මොකෝ කොල්ලො"

    "සර් මන් කොහොමද මේකෙ අයිතිකාරයා හොයන්නේ"

    "ඒක අමාරු දෙයක් කොල්ලො. ඒත් try එකක් දා තෑකි. ඕකෙ තියෙනවා සීරියල් නොම්බරයක්. ඒකෙන් ඕකෙ මැනුෆැක්චර් හොයා ගන්න ඕනා. ඉන් පස්සෙ ඕක එතනින් ගියෙ කොහෙටද කියලා හොයා ගන්න ඕනා. එතනින් තමා හොයා ගන්න වෙන්නෙ කාටද ඕක හයි කලේ කියලා. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා."

    "ඒ මෙකක්ද සර්?"

    "ඕකෙ මැනුෆැක්චර් දැන් ඉන්නවාද දන්නේ නෑ. අනික ඔය රෙකෝඩ් තියෙනවාද දන්නෙත් නෑ."

    "අප්පා... මාර අවුලකනෙ මන් පැටලුනේ"

    "හික් හික් හික්... උත්සාහයක් දාලා බලන්න සනා"

    'රණයෝ.. උඹට මන් වෙලාව ආවම රිටර්න් එක දෙන්නම්..'

     
    • Like
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member
  • (8)​

    රනුක් කල්පනා කරමින් ඒකක 5 වෙත පැමිණියේ ය. එහි පැමිණෙද්දී මහා කලබලයක හඬ ඇසීම නිසා හඬ පැමිණි දෙසට ඔහු ගමන් කළේය. ඒ යන විට ඔහු දුටුවේ කාන්තා පොලිස් නිලධාරීන් කීපදෙනකු විසින් එක් තරුණියක් ඇදගෙන මෙන් ගොඩනැගිල්ල තුළට රැගෙන එන අයුරු ය. හොඳින් හා පැහැදිලිව ඇයව නුදුටුවත් ඇගේ, කුමක් හෝ දැක පුරුදු බවක් ඔහුට හැඟිනි. නමුත් ඔහු ආපසු ඒකකයට පිටත් වූයේ ය.

    රනුක් දුටුවේ පොලීසියට රැගෙන එන සිතුමිව ය. ඇයව අත්අඩංගුවට ගෙන තිබුනේ බස්රථයක් පුපුරවා මිනිස් ජීවිත 30 කට වඩා ඝාතනය කිරීමකට අනුබල දීමේ චෝදනාවක ට ය. බල අපරාධ අංශයට රැගෙන යෑමට පෙර ඇයව සුළු පැමිණිලි අංශයේ රඳවා සිටින ලදි. සුළු පැමිණිලි අංශයේ ඇය සිටිනා විට එහි රූපවාහිනියේ විකාශනය වෙමින් තිබුනේ අදාළ බස්රථයේ සිදුවීමයි. එහි දී අවස්ථා කීපයකදීම ත්‍රස්තවාදී ක්‍රියාවට සැකපිට තරුණියක් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ විනි. වසර කීපයකට පෙර ද ලංකාවේ මෙවැනි සිදුවීම් වාර්තා වූ බව ප්‍රවෘත්ති නිවේදිකාව ප්‍රකාශ කළා ය. අවසන් වශයෙන් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වූ මෙවැනි සිදුවීමක් වාර්තා වුනේ 2019 අප්‍රේල් මස 21 වන දින ය. අන්තවාදී ආගමික ඇදහීම් කළ කණ්ඩායමක් විසින් ස්ථාන කීපයක් අරමුණු කොට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එය සිදුවිනි. ඒ ප්‍රහාරය සිදු වී දින කීපයකදී ඊට වගකීම ගන්නා කණ්ඩායමක් ඉදිරිපත් විය. නමුත් පිපිරීම සිදු ව වැඩි කාලයක් ගතවීමට පෙර ආරක්ෂක අංශ විසින් ඊට සැකකරන්නෝ අත්අඩංගුවට ගැනීමට ඇරඹීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් විශාල විනාශයක් වැළැකිනි. ඉන්පසුව සිදු වූ භයානක ම ප්‍රහාරය මෙය බව ප්‍රවෘත්ති නිවේදිකාවගේ ප්‍රකාශය විය.

    “ඒක බොරු, මන් එහෙම කළේ නෑ. මන් ත්‍රස්තවාදියෙක් නෙමේ.“

    සිතුමි තමුන්ට ම කියා ගත්තා ය.

    මේ අතරේ පුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ කාමරයේ සිට පිරිසක් එළියට පැමිණි නි. ඒ පිරිස අතරින් අයකු සිතුමි ඉතා හොඳින් හඳුනා ගත්තා ය. ඇයට තමුන් සිටින්නේ කොහිද යන්න පවා මදකට අමතක කරවීමට මේ රූපය සමත් විය. නමුත් පිටතට පැමිණිවුන්ට සිතුමි, නිමිත්තක් නොවිනි.

    “මේ අහනවාලා. තමුසෙලා සමථයකට එන්නෙ නැති නිසා අපිට වෙන කරන්න දෙයක් නෑ උසාවි දානවා ඇර. එතනදි බේර ගන්නවාලා, මේක මහ වදයක් නේ.“

    “ඔව් මන් අරින්නෙ නෑ. මුන් හිතාගෙන ඉන්නේ කලාකාරයෝ කිව්වම උන්ට අනිත් මිනිස්සු යටයි කියලා.“

    “මේ මහත්තයෝ ඔහෙත් මහා අමුතු මනුස්සයෙක් නේ. මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ මිස් කෝල් එකක් නේ. ඕක අතාරින්න බැරි ද?“

    “අතාරින්න?? එහෙම අතාරින්නෙ කොහොම ද රාළහාමි, මුන් මට බැන්නනේ.“

    “හරි ඉතින් ඒක වරදක් තමා. ඒ වුනාට ඕක උසාවි යන්න තරම් දෙයක් නෙමෙයි නේ. ඇය සමාවක් දීලා සමථ නොවෙන්නේ?“

    “මුන් කොයිවෙලේ ද මගෙන් සමාව ඉල්ලු වේ.“

    “අඩෝ මේ මුන් මුන් කියලා කතා කරන්න එන්න එපා. දත් හලනවා නාකියාගේ“

    “හෝව් හෝව් රණ්ඩු වෙන්න එපා අයිසෙ.“

    “රණ්ඩු වෙන්න එපා කියන්නෙ මොකක් ද? පොලීසිය ඉස්සරහම මට තර්ජනය කරනවා පේනවානේ. නෑ මන් සමථ වෙන්නෙ නෑ, යනවා උසාවි“

    “ඉතිං පල නාකියා“

    ‘චික්‘ මේ යකා සිංදු කියලා ජනප්‍රිය වුනාට මේ වගේ කියලා දන්නවානම් මගේ බල්ලාවත් මූට කැමැති වෙන්නේ නෑ.‘ නිහඬව සහ පුදුමයෙන් මේ සිදුවීම සිතුමි නිරීක්ෂණය කළා ය. ඇයට සිහින ලෝකයෙන් ආපසු වර්තමානයට පැමිණීමට උදව් වූයේ ජනිත් වික්‍රමසිංහගේ හැසිරීම ය. එක් කණ්ඩායමක තරුණයන් තිදෙනකු වූ අතර අනෙක් පස පොලිස් නිලධාරියකු සහ මැදිවියේ අගභාගයේ පමණ සිටින මිනිසකු විය. ඔවුන් කුමක් හෝ හබයක් විසඳා ගැනීමට උත්සාහ කරයි. නමුත් පොලිස් නිලධාරියා ඉදිරියේ ම ජනිත් වික්‍රමසිංහ අර තැනැත්තාට කෑ ගසමින් පහර දීමට සූදානම් වන අයුරුත්, අනෙක් තරුණයන් දෙදෙනා ඔහුව අල්ලා ගන්නා අයුරුත් ඇය බලා සිටියා ය. පසුව ඔවුන් සියලු දෙනාම අසුන් ගන්නා ලදි. එයින් එක් තරුණයකු සිතුමි සිටි ආසන්නයෙන් අසුන් ගත්තේ ය. නමුත් සිතුමි ඔහු සමඟ සිනාසුනේවත් නැත. මේ අතරේ පොලිස් නිලධාරීන් තිදෙනකු කාන්තා පොලිස් නිලධාරිනියක සමඟ සිතුමි සිටිනා තැනට පැමිණියෝ ය.

    “මෙයා තමයි සර් කෙනා.“

    එක් නිලධාරියකු නෝට් පොතක් ද රැගෙන සිතුමි අසලින් අසුන් ගත්තේ ය. තවත් නිලධාරියකු සිතුමි ඉදිරිපස මේසයේ කොනක අසුන් ගත්තේ ය. ඇය නිහඬව පොලිස් නිලධාරීන් දෙස මාරුවෙන් මාරුවට බලමින් සිටියා ය.

    “මේ අහන්න මිස්, මොකක් ද ඔයාගේ නම?“

    “ම් ම්“

    “මොකද ඇහුනෙ නැද්ද, මොකක් ද තමුන්ගේ නම“

    “සිතුමි“

    “සිතුමි විතරද, වෙන කෑල්ලක් නැද්ද අගට“

    “සිතුමි විජේසිංහ“

    “සිතුමි විජේසිංහ, මේ සිද්ධිය වෙන වෙලාවේ ඔයා මොකක් ද බස් ස්ටෑන්ඩ් එකේ කලේ?.... මෙහෙමයි බලන් ඉඳලා වැඩක් නෑ. අපිට තව වැඩ තියෙනවා. කරුණාකරලා කටින් උත්තර දෙන්න.“

    “මන් මාතර යන්නයි ස්ටෑන්ඩ් එකට ගියේ. ඒ බස් එක තමයි හයිවේ එකේ මට යන්න තිබ්බ බස් එක. ඒ නිසා මන් නැගලා ඉඳියේ.“

    සිතුමි පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අතර ජනිත් වික්‍රමසිංහගේ මිතුරා සිතුමි ව නිරීක්ෂණය කරමින් තිබුනි. ඒ සමඟ ඔහුට රූපවාහිනියෙන් විකාශනය වන ප්‍රවෘත්තිය සිහිපත් විය. පුපුරා ගිය බස් රථය සහ සැකපිට අත්අඩංගුවට ගත් තරුණිය.... ඔව් මේ සිටින්නේ ඒ තරුණියයි.

    “එතකොට ඇයි තමුන් බස් එක ඇතුලේ රණ්ඩු කළේ?“

    “මන් රණ්ඩු කළේ නෑ. එතැන හිටපු පොඩි ළමයෙක් මගේ කණ්නාඩිය උදුරා ගත්තා. මන් ඒක ඉල්ලුවා. ඒකට එයාගේ දෙමව්පියෝ වෙන්න ඇති මන් හිතන්නේ, මා එක්ක රණ්ඩු කළා. එතකොට තමයි මන් සිද්ධිය දැක් කේ“

    “මොකක් ද තමුන් දැක්ක සිද්ධිය. අපිටත් ඕනා ඒක දැනගන්න.“

    “ඒක වැඩක් නෑ“

    “මේ අහන්න මිස්, දැනටත් තමුන් ඉන්නෙ පොලිස් අත්අඩංගුවේ ඒ බස් එක පිපිරෙව්වා කියලා සැකපිට. මිනිස්සු මැරිලා. මැරුණු මිනිස්සුන්ගේ, තුවාල වුන මිනිස්සුන්ගේ ඤාතියෝ පොලීසිය ඉස්සරහ උද්ඝෝෂණ කරනවා. තමුන් දැක්ක දේ හංගන් ඉන්නවා. කරුණාකරලා කියනවා අපිට දැක්ක දේ.“

    “මන් ඒක කිව්වාට ඔහෙලා විශ්වාස කරන්නේ නෑ“

    “විශ්වාස කිරීම හෝ නොකිරීම අපේ වැඩක්. තමුන් මුලින් කියලා ඉන්නවා.“

    මදවේලාවක් නිශ්ශබ්දව සිටි සිතුමි කථා කළා ය. පොලිස් නිලධාරීන් මෙන්ම අර තරුණයා ද ඇය කියනා දේ උනන්දුවෙන් අසා සිටියේ ය.

    “මට මිනිස්සු මැරෙන්න කලින් කියන්න පුළුවන්. මැරෙන්න ඉන්න කෙනාගේ ලඟින් මට මරණයේ සෙවනැල්ල පේනවා. මන් දාගෙන ඉන්න කළු කණ්නාඩිය දැම්ම ම මට ඒක පෙන්නෙ නෑ. ඉතින් එදා අර ළමයා ඒක අරගෙන ටිකවෙලාවකින් අපි රණ්ඩු කරන කොට මම දැක්කා වාඩි වෙලා උන්නු හුඟක් අය ලඟින් මරණයේ සෙවනැල්ල. එක තැනක එච්චර සෙවනැලි කවදාවත් මීට කලින් මන් දැකලා තිබ්බෙ නෑ. ඒ අතරෙ අර ළමයා මගේ අතින් ඇල්ලුවා. කෙනෙක් ව අල්ලලා මට කියන්න පුළුවන් සෙවනැල්ල පේනවානම් ඒ කෙනා මැරෙන්නෙ කොහොමද කියලා. ඒ ළමයා පිච්චිලා මැරෙනවා මන් දැක්කා. එතකොට මට හිතාගන්න පුළුවන් වුනා අනෙක් අය ලඟ ඇයි මෙච්චර සෙවනැලි තියෙන්නෙ කියලා.“

    සිතුමි හඬන්නට වූවා ය.

    “ඉතින් මන් කෑ ගැහැව්වා හැමෝටම බහින්න කියලා. ඒත් උනේ ඒක නෙමෙයි. ඉඳපු හැමෝම මට බැනලා මාව අල්ලන් ගිහිල්ලා පොලිස් පෝස්ට් එකට බාර දුන්නා. මාව පෝස්ට් එකට බාර දීලා ගිය කන්ඩක්ටර්ගෙයි, ඩ්‍රයිවර්ගෙයි ලඟත් සෙවනැලි තියෙනවා මන් දැක්කා. ඒ නිසා මන් හිටපු පොලිසීයේ ඔෆිසර්ට කිව්වා බස් එකට යන්න දෙන්න එපා, නවත්තගන්න කියලා. ඒත් ඒ කව්රුවත් මාව විශ්වාස කළේ නැහැ. එච්චරයි. පොඩි ඉඩක් ලැබුන ගමන් මන් බස් එක ලඟට දුවන්නයි හැදුවෙ අවසන් උත්සාහයවත් කරන්න. වැඩක් වුනේ නෑ. මන් යන්න හැදුවා විතරයි. බස් එක් ස්ටාර්ට් කරලා ඉස්සරහට ඇද්දුවා, එහෙම ම පිපිරුනා. ඒ පිපිරිල්ලට මාවත් වීසි වෙලා වැටුනා. පෝස්ට් එකේ වීදුරු පවා කුඩු වුනා. වැටිලා ඇස් ඇරලා බලද්දී මන් දැක්කෙ හෝ ගාලා ගිනි ගන්න බස් එක විතරයි.“

    “මෙහෙමයි මිස්, ඔයා එය කියපු කථාව අපිට මොන්ටිසෝරි කාලේ වගේ නම් විශ්වාස කරන්න තිබ්බා. මැරෙන්න කලින් මැරෙනවා දැක්කා කියලානේ ඔයා කියන්නේ. ඒකෙන් වහන්න බෑ මේ අපරාදේ.“

    “මන් දන්නෙ ඔච්චරයි. මන් කිසිම දෙයක් දන්නෙ නෑ.“

    මේ අතරෙ සුළු පැමිණිලි අංශයට තවත් කාන්තාවක් දුවගෙන ආවා ය.

    “අනේ දෙවියනේ, මොකක් ද මේ කර ගත්තෙ. මන් කිව්වනේ රණ්ඩු කරගන්න එපා කියලා මහත්තයො. ඔහ් මේ අපේ .... සර් සර්ට විරුද්ධව ද මගේ හස්බන්ඩ් කම්ප්ලේන් කලේ.“

    “ඔයා මාව දන්නවා ද?“

    “ඇයි සර් මම සර්ගෙ කම්පැනි එකේ නේ වැඩ කරන්නේ, අනේ සර් මන් හස්බන්ඩ්ට කිව්වා ඕක දුරදිග ගෙනියන්න එපා කියලා. කෝ ඒත් ඇහුවේ නෑ නේ.“

    “මේ ගෑනියේ දැන් උඹ මගේ ගෑනිද උගේ ගෑනි ද? යකෝ මගෙන් කාලා මට ම කෙලින්න හදන්නෙ?“

    “එහෙම නෙමෙයි අනේ ටිකක් ඉවසන්නකො, අපි මේක සමථ වෙමු මහත්තයො“

    “සමථ වෙන්න මුන් එක්ක, සමථ වෙන්න තිබ්බා මිනිස්සු එක්ක නම්. මේ වගේ තිරිසන්නු එක්ක මොන සමථ ද ඕයි. මෙන්න මෙහෙ පැත්තකට වෙනවා.“

    මෙවදන් සමඟ මෙතෙක් වාඩි වී සිටි ජනිත් නැවතත් ඒ මිනිසා වෙත කඩා පැන්නේ ය. එහි නැවතත් ආරවුලක් ඇති විනි. ඒ ආරවුලේ එක් අවස්ථාවකදී අර කාන්තාව ද විසි වී ගොස් සිතුමි අසුන් ගෙන සිටි පුටුව ද පෙරලාගෙන බිම වැටිනි. සිතුමි ද සිටියේ තුෂ්නිම්භූතව, සිටගෙන ආරවුල බලාගෙන ය. ඇය පහත් වී බිම වැටුනු කාන්තාව අතින් අල්ලා ගත්තේ ඇයට නැගී සිටීමට උදව් කිරීමට ය. ඒ ක්ෂණයෙන් ම ඇයට ඒ කාන්තාවගේ මරණය පෙනිනි. අයිස් කැට අතරේ මේ කාන්තාව සිරවී සිටිනවාත්, ඒ වන විටත් ඇගේ කෙස්, මුහුණ ආදී ස්ථාන අයිස් වෙමින් පවතින අයුරුත් ඇයට විදිලි කොටන්නා ක් මෙන් පෙනිනි. ඒ අතර අර කාන්තාව ඇගෙන් අත අරවාගෙන තම සැමියා සිටින තැනටම දුව ගියා ය. සිතුමිව ද පොලිස් නිලධාරියකු විසින් උරහිසින් අල්ලා සිටුවන ලදි.

    “අර ගෑණු කෙනාව මන් අඳුනන්නේ නෑ. ඒත් එයාත් මැරෙන්නයි යන්නෙ.“

    “මොකක්“

    “ඔව් එයත් මැරෙන්නයි යන්නෙ, මන් දැක්කා එයාගේ මරණය. ඒක සැහැල්ලු මරණයක්නම් නෙමෙයි.“

    සිතුමි පොලිස් නිලධාරියාට කී දේ ජනිත් සමඟ සිටි සහ සිතුමි ආසන්නයේ අසුන් ගෙන සිටි තරුණයාට ද ඇසුනු අතර ඔහු එක්වරම හැරී ඈ දෙස බැලුවාය.

    ‘මෙයා සාස්තරකාරියෙක් ද?‘ ඒ ඔහුට ඇති වූ සිතුවිල්ලයි.

    නමුත් ඇගේ කථාව ඇසුණු තවත් අයකු ද ඔවුන් කිසිවකුට නොදැනී ඒ ගැන කල්පනා කළේ ය. ඒ රනුක් ය. රනුක් ඇයව පොලිස් නිලධාරීන් රැගෙන එනවා දුටු පසු ඒකකයට යෑමට සිතුවත් පසුව ආපසු හැරී පැමිණියේ ය. එසේ පැමිණ ඇයට නොපෙනෙන ස්ථානයක සිට ඇයගේ රුව වින්දේ ය. ඒ අතරේ ඔහුට ඇය විසින් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු ඇසිනි. ඒ සමඟ ඔහුට සිහිපත් වූයේ පෙර දින ආහාර අලෙවි සැලේ දී ඇය විසින් තරුණයකුට අනතුරු ඇඟ වූ ආකාර ය ය. ‘ඔව් මෙයා මොනා හරි දෙයක් දන්නවා‘ ඔහු තමාට ම කියා ගත්තේ ය. ඒ සමඟම ඔහුට යමක් සිහිපත් විනි. ‘ඔව් මෙයා හරියනවා‘ තමාටම කියා ගත් රනුක් එතැනින් ඉවත්ව ගියේ ය.



     
    • Like
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member

  • (9)​

    රනුක් නික්ම ගොස් සුළු වේලාවකට පසු සිතුමි රඳවා සිටි පොලිස් කාමරයට තවත් කාන්තාවක් පැමිණියා ය. ඒද නිකන්ම නොවේ. කෑ ගසමිනි.

    ‘මොකක්ද උඹ මේ සැරේ කළේ. මන් දැක්කා උඹව පොලීසියෙන් කුදලන් එනවා. අපේ ජීවිත විනාශ කරන්න ආපු හැතිරි. තමන්ගෙම තාත්තවත් මරා ගත්තා. බැල්ලි‘

    ඇය සිතුමි වෙත කඩා පැන්නේ කොටියකු ගොදුරකට පනින්නාක් මෙනි. පොලිස් නිලධාරීන් ඇයව මෙච්චල් කර නොගන්නට ඇය සිතුමිට පහර දෙනවා සිකුරු ය. පොලිස් නිලධාරීන් පමණක් නොව අසල සිටි තරුණයකු ද ඇයව මෙච්චල් කිරීමට සහාය දැක්වූයේ ය.

    ‘ඇයි උඹ මැරෙන්නෙ නැත්තෙ අපිට පාඩුවෙ ඉන්න දීලා. ශාපයක් වුනා උඹ අපිට. ඔව් මේ සැරේ මන් උඹව බේර ගන්නෙ නෑ. උඹ මැරියන්. තොලොන්චි වෙලාම පලයන්‘

    මෙසේ කෑ ගසමින් සිටි මැදිවියේ කාන්තාව ආ ලෙසින් ම ආපසු පිටවී ගියාය. සියල්ලෝම තුෂ්ණිම්භූතව සිදුවීමට සාක්ෂි දැරූ හ. සිතුමිගේ දෑසින් කඳුළු ගලා වැටේ. ඇය වරින් වර තමන් දෙස බලා සිටින්නන් දෙස බලයි. බිම බලාගනියි. හඬයි.

    ‘කව්ද ඒ ඔයාගේ‘

    ‘හ්ම්.. ඒ මගේ අම්මා.‘

    ‘මොකක්... අම්මා.‘

    ‘ඇයි පුදුම ද ඔයාලට? ඒ මගේ අම්මා‘

    ‘අම්මා කෙනෙක් එහෙම හැසිරෙනවද?‘

    මේ අතරේ ජනිත් වික්‍රමසිංහ ඇතුලු පිරිස පොලිස් ස්ථානාධිපති වෙත රැගෙන යන ලදි. සිතුමි එහිම සිටියා ය.

    *************​

    තමුන්ට තමන්ගේ ම මව පිරිසක් ඉදිරියේ බැන වැදීම ගැන සිතුමි සිටියේ කෝපයටත් වඩා දුකිනි. ඇයට බහ තේරෙන වයසේ පටන් කළු සෙවණැලි පෙනිනි. ඇය ඒවාට බිය විය. බිය වී කෑ ගසද්දී ඇයගේ සහයට පැමිණියේ මව නොවේ. ඇගේ ලෝකය ම වූ පියා ය. ඇගේ පියා ඇයට දැක් වූ ආදරය තරම් ආදරයක් ඇය අසාවත් නොතිබිණි. ඇය පාසැල් ගමන ඇරඹීමෙන් පසුව පාසැලේ දී ඇය දකින සෙවණැලි නිසා අනිකුත් සිසුන්ගෙන් ලැජ්ජාවට පත් විනි. මෙනිසා කුඩා කල පාසැල් යෑමට ඇයගේ කැමැත්තක් නොවී ය. නමුත් දිනක ඇගේ පියා ඇයට උපැස් යුවලක් පැළැන්දවූයේ මින් පසුව සෙවණැලි ඇය සොයා නොපැමිණෙන බව කියමිනි. සත්‍යලෙසම මේ උපැස් යුවල පැළඳ සිටින විට ඇයට සෙවණැලි නොපෙනේ. මෙනිසා ඇය පියාට බෙහෙවින් ආදරය කළා ය. නමුත් ඇයට සිදුවූයේ නොසිතූ දෙයකි. ඇය මේ උපැස්යුවල පැළඳ පාසැල් ගියවිට පෙරට වඩා සිසුන්ගේ පරිභවයට ලක්විනි. ඊට හේතුව වූයේ එහි ඇති විසුළු ස්වභාවයයි. ගුරුවරුන් පවා ඇයට පාසැල් පැමිණෙද්දී අව් කණ්නාඩි පැළඳ නොපැමිණෙන ලෙසින් අවවාද කළත් ඇගේ දෙමාපියන්ගේ මැදිහත්වීම නිසා එය වැළකිනි. දිනක ඇයව මෙසේ සිසුන් විසින් ලැජ්ජාවට පත් කරන විට නොසිතූ දෙයක් සිදුවිනි. එය නම් ඇගේ පාසැලේ ම වැඩිහිටි සිසුවෙකු පැමිණ එය වැළැක්වීමයි. ඇගේ පන්තියේ සිසුවෝ ඔහුට බිය විය. ඒ වන විට ඇගේ උපැස් යුවල පසකට විසි වී තිබිණි. අර සිසුවා එම උපැස් යුවල ගෙනැවිත් ඇයට පැළැන්දුවේ ය.

    ‘මේ අහන්න. මන් දන්නෙ නෑ ඇයි ඔයා මේවා දාගෙන ඉන්නෙ කියලා. ඒ වුනාට පේන විදියට නම් ඔයාගේ ඇස්වල දෝෂයක් නෑ.‘

    සිනහ වෙමින් ඇයගේ හිස අත ගෑ ඔහු පිටව ගියේ ය. නමුත් ආපසු හැරී පැමිණියේ ය.

    ‘තව දෙයක්. මීට පස්සේ කව්රු හරි ඔයාට මෙහෙම කරදර කරන්න හැදුවොත් නිකන් ඉන්න එපා අද වගේ කෑ ගහන්න හයියෙන්. බය වෙන්නත් එපා. සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි එයි. ඒ නැත්නම් මට ඇහුනොත් මම එනවා ඔයා ලඟට. තේරුනා ද‘

    එසේ කියා ඔහු පිටව ගියේ ය.

    එදා පටන් මේ වැඩිහිටි සිසුවා ඇගේ මිතුරෙකු විනි. ඔහු දිනුක් නම් විය. ඔහු ද ඇය සමඟ හැකි සෑම වේලාවකම පාසැලේ දී කාලය ගත කළේ ය. මෙනිසා ඔහුගේ මිතුරන්ගෙන් ඔහු ලැජ්ජාවට පත්වුවත් ඔහු, ඔවුන් කියනා දේ ඇසුවේ නැත. ඔහු ජීවිතය ගත කළේ ඔහුට ම ඕනෑ ලෙසිනි. අනෙක් අතට ඔහු ධනවත් පවුලක දරුවකු විය. මුදල් බලය පුද්ගලයකුට ස්වාධීනත්වයක් එක්තරා ආකාරයකට ඇති කරයි. එය දිනුක්ට ද ලැබී තිබිණි. එකම වෙනස වූයේ මුදල් තිබුනා කියා පොළොවෙන් ඉපිලීමක් දිනුක් තුළ නොවීමයි.

    කල්පනා දැහැනේ වෙලී සිටිනා සිතුමිට තමුන් අවට පරිසරයේ කුමක් හෝ වෙනසක් සිදුවනවා දැනුනි. ඇය වහා හිස ඔසවා බැලුවා ය.

    ‘සමාවෙන්න. මන් කරදරයක් කරන්න හිතුවෙ නෑ. ඔයාගේ මේ කණ්ණාඩි කුට්ටම කැඩිලා තිබ්බ නිසා මන් ඒක හදලා ගෙනාවා. මන් යන්නම්‘

    මේ එදා සවස් යාමයේ ආහාර වෙළඳසැලේ දී හමු වූ තරුණයා බව හඳුනාගැනීමට වැඩි වේලාවක් සිතුමිට ගත නොවිනි. නමුත් ඔහු මෙහි කරන්නේ කුමක් ද? ඊටත් වඩා ඇගේ උපැස් යුවල ඔහු විසින්..... ආහ් බස් රියේ දී රණ්ඩුවෙද්දී එය කැඩී ගිය ආකාරයත්, තමුන් පොලීසියට රැගෙන එන විටත් එය තමුන් සතුව තිබූ ආකාරයත් ඇයට සිහිපත් විනි. ආවාසනාවට මේ වනතෙක් එයට වුනේ කුමක්දැයි ඇයට අවබෝධයක් නොවී ය. නමුත් දැන් එය තමුන් ඉදිරිපිට තිබේ.

    ඇය ඔහු දෙස නිසොල්මන්ව බලා සිටියා මිස කිසිවක් කීවේවත්, ඇඟෙව්වේවත් නැත. ඔහුද ඇයට අතවනා ඇය සිටි කාමරයෙන් පිටත්වා ගියා මිස කිසිවක් කීවේ නැත. නමුත් ඔහු දොරවසනා විටම ඇය ඔහුට ඇමතුවා ය.

    ‘ටිකක් ඉන්න‘

    ‘සමාවෙන්න මන් හැසිරුණ ආකාරයට. මට මේ කණ්නාඩි කුට්ටම හුඟක් වටිනවා. ස්තුතියි හදලා ගෙනාවට.‘

    ඔහු නැවත කාමරයට ඇතුල් විය.

    ‘ඒකට මොකද. මන් හිතන්නෙ මන් ඔයාව ඊයෙ පෙරේදා දැක්කා, අර කෑම කඩේ දී. ඒත් දැන් ඔයා පොලීසියේ.‘

    ‘ඔව්. මගේ කරුමෙ තමයි. මන් මහා පව්කාරියෙක්.‘

    කතා කරමින් සිටියදී ම ඇය උපැස් යුවල පැළඳ ගත්තා ය.

    ‘මෙහෙමයි ඉතින් වරදකට කෙනෙක් සැකකාරියෙක් වෙච්ච පළියටම පව්කාරයෙක් කියලා හිතන්න අමාරුයි නේද? පවකුත් ඇති. ඒ වුනාට ඉතින්..‘

    ‘මොනාද ඉතින්.. ඔයා මන් ගැන දන්නවානම් ඔහොම කියන්නෙ නෑ මිස්ටර්.‘

    ‘ආ මට කියන්නත් බැරි වුනානේ. මගේ නම රනුක්. රනුක් දිසානායක. පොලිස් ඔෆිසර් කෙනෙක්.‘

    ‘මොකක්, ඔයා පොලිස් ඔෆිසර් කෙනෙක්??‘

    ‘ඇය මොකෝ පුදුම වෙන්නෙ... එහෙම පේන්නෙ නැද්ද?‘

    මෙතෙක් වේලා සිටගෙන සිටි රනුක්, ඇය ඉදිරියේ පුටුවක් තබා ගෙන අසුන් ගත්තේ ය.

    ‘ඇත්තටම එහෙම පේන්නේ නෑ. හරියට පියර බබෙක් වගේ.‘

    ‘පියර බබා... මේ ඒවා වැඩක් නෑ. මේ කණ්නාඩි දෙකෙන් ඔයාට මොකක් ද වෙන වෙනස? මේක සාමාන්‍ය අව්කණ්නාඩියක්නේ.‘

    ‘ඒක ඔයාට තේරෙන්නෙ නෑ‘

    ‘තේරෙන්න කියන්න එපැයි. මන් අහන් ඉඳියා ඔයා අර සාජන්ට කියපු කතාව. මොකක් ද ඔයාට මිනිහෙක් මැරෙන්න කලින් පේනවා කිව්වේ. මන් කැමැතියි ඒ ගැන දැනගන්න.‘

    ‘ඔයා දැන ගන්න කැමැති වුනාට මන් කැමැති නෑ ඒ ගැන කථා කරන්න. ඒ විකාර නිසා මට දැන් මේ වෙලා තියෙන ටික හොඳටම ඇති.‘

    ‘එහෙම කියන්න එපා. එදා කඩේදි වෙච්චි සිද්ධියත් එක්ක අද ඔයා කියපු කතා අහද්දී මට නිකම් මඤ්ඤං වගේ. ඒකයි මන් ඇහුවේ.‘

    ‘හ්ම්... සරලවම කියනවානම් මෙච්චරයි. ඒ කියපු ටිකම තමයි. මට සමහරු මැරෙන්න කලින් පේනවා. ඒ වුනාට ඒක පිස්සුවක්.‘

    ‘ඒක මාර කතාවක් නේ. කොහොමද කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ ඔයා? සාස්තරයක් ද?‘

    ‘ගොන් කතාවක්. ඒකනෙ මන් කිව්වෙ මන් කැමැති නෑ කියලා මේවා කතා කරන්න.‘

    ‘ප්ලීස්.. එහෙම කියන්න එපා. මට කියන්න තව ටිකක් විස්තර. පොඩ්ඩක් පැහැදිලි කරන්න.‘

    ‘මේ අහන්න. මට මේ කණ්නාඩි නැතුව මිනිස්සු දිහා බැලුවම පේනවා ඒ මිනිස්සු ලඟ කැරකි කැරකි තියෙන කළු පාට හෙවනැල්ලක්. මේ හෙවනැල්ල තියෙද්දී මන් දන්නවා ඒ කෙනා මැරෙන්නයි යන්නෙ කියලා. තව වෙලාවකට මට පේනවා මිනිස්සු මැරෙන හැටි.‘

    ‘ඒකද ඔයා අර ගෑණු කෙනා ගැන කිව්වෙ.‘

    ‘ඔව්. ඒ මනුස්සයා මැරෙන්නෙ කොහේ හරි අයිස් ගොඩක හිර වෙලා අයිස් වෙලා. ඒක මන් දැක්කා. හැබැයි එහෙම පේන්නෙ ඒ අනිත් කෙනාව ඇල්ලුවොත් විතරයි.‘

    ‘හ්ම්....‘

    ‘මන් දන්නෙ නෑ මේක ලෙඩක්ද, නැත්නම් කරුමයක් ද කියලා. හැබැයි මන් දන්න කාලේ ඉඳන්ම මේක මෙහෙම ම තමයි. මේ කණ්නාඩි දාගත්තම ඒ හෙවනැලි මට පේන්නෙ නෑ. එච්චරයි.‘

    රනුක් ඇය දෙසා බලා සිටියේ ය.

    ‘මොකෝ.. පිස්සියෙක්ගේ පිස්සු කතාවක් නේ ද? යන්න සර් යන්න. අන්තිමට මන් පිස්සි.‘

    ‘ඔය ඉතින් මන් එහෙම මුකුත් කිව්වෙ නෑ නේ. මන් මේ හිතන්නෙ ඇත්තටම ඔයා කියපු දේ ගැන.‘

    ‘ඒ ගැන ඔයා හිතන්න ඕනා නෑ. මන් ම හිතා ගන්නම්.‘

    ****************​

    රාත්‍රී වැඩමුරයෙන් පසුව රනුක් වාහනයට නැග්ගේ නිවසට ගොස් නිදා ගැනීමේ අරමුණෙනි. ඔහු වාහනයේ රේඩියෝව ක්‍රියාත්මක කළේ ය. උදෑසන පත්තරේ විස්තරේ ඒ වන විට විකාශනය වෙමින් තිබිණි. ඒ අනුව බස්රිය පිපිරීම මිනිස් ක්‍රියාකාරීත්වයකින් සිදුවූවක් නොවන බව පොලීසිය විසින් සොයා ගෙන තිබිණි. බස්රථයේ අසුරා තිබූ ප්‍රවාහනය කිරීමට තහනම් ගෑස් සිලින්ඩරයක් පිපිරීම නිසා එය සිදුව තිබේ. කෙසේවෙතත් අවසානයේ වටිනා මිනිස් ජීවිත කීපයක් ම අහිමිවීම එහි ප්‍රතිඵලය විය. රේඩියෝවට සවන් දෙමින් රනුක් තම රථය, රථ ගාලේ සිට මාර්ගය කරා පදවමින් සිටියදී හඳුනන රුවක් මාර්ගය අයිනෙන් ගමන් කරනවා දැක එදෙසට කොට රථය නවත්වන ලදි. නැවැත්වූවා පමණි. ඒ රුව, ඔහුගේ රථයට ගොඩ වී අසුන් ගත්තේ ඔහුගේ අවසරයකින් පවා තොරවය.

    ‘දැක්කනෙ. මන් කිව්වා මන් කරපු දෙයක් නෙමේ කියලා. ඒත් මාව ගෙනත් තියාගෙන මට වද දුන්නා. අන්තිමට නිදහස් කලා. ගෙනාවේ ඒ ගොල්ලො. යන්න ඕනා මම.‘

    ‘හරි හරි. මේ අහන්න. මමත් මේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්. මන් ඔයාව ඔයාගේ ගෙදරට ගිහින් බස්සන්නම්. මට කියන්න කොහෙද ගේ තියෙන්නෙ කියලා.‘

    ‘ඒ මොනවාවුනත් පොලීසියට විරුද්ධව මන් එෆ් ආර් එකක් දානවා. අම්මපා. එහෙම ඕනා ඕනා විදියට මිනිස්සු අල්ලන් හිර කරන් ඉන්න බෑ නේ. හා නැද්ද?‘

    ‘ඒක හරි. ඒත් මිස් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාව අල්ලන් ඇවිත් තියෙන්නෙ සාධාරණ සැකයක් මත. ඒ වගේ වෙලාවට එෆ් ආර් ගියාට වැඩක් වෙන්නෙ නෑ. ඔයාගේ සල්ලියි කාලයයි විනාශ වෙනවා විතරයි. හැබැයි ඒක ඔයාගේ කැමැත්ත.‘

    ‘ඒකත් එහෙම ද... හරි කමක් නෑ. මේ ඔයා මාව ගෙදරට ගිහින් බස්සනවා නේද?

    ‘ඔව්.. ඒකනෙ මන් ඇහුවෙ. කොහෙද ඔයාගේ ගේ තියෙන්නේ.‘

    ‘මන් බෝඩ් වෙලා ඉන්නෙ. කොහුවල. ඔයා මාව ගිහින් බස්සන්න කොහුවල හන්දියට. එතැන ඉඳන් මන් යා ගන්නම්.‘

    ‘හරි.‘

    තමුන්ගේ රථයේ අසුන්ගෙන සිටිනා අපූරු තරුණියට, වාහනය පදවන අතරේ රනුක්ගේ අවධානය යොමු විනි. ඇය ඇස් ඇරගෙන සිටිනවාද නැත්නම් පියාගෙන සිටිනවා ද කියා කිව නොහැක්කේ පැළඳසිටින අව්කණ්නාඩිය නිසාවෙනි. ඉන් ඇගේ ඇස් ආවරණය වී ඇත. නමුත් ඊයේ රනුක් ඇයව දුටුවේ ය. ඇය සිත් ඇදගන්නා පෙනුමක් ඇති තරුණියකි. ඔව් ඇගේ හැසිරීම් ද අපූරු ය. ඒත් ඇය කියා සිටිනා කරුණු... මරණය පෙර කිව හැකි කව්රුන් හෝ සිටී ද?

    බෞද්ධ දර්ශනයට අනුව කෙනකු මැරෙනා ස්ථානය, වෙලාව, මැරෙනා ආකාරය සහ මියයන්නාගේ වයස පුහුදුන්නෙකුට කිව නොහැක. ජ්‍යොතිෂ්‍යයේ දී මුදල් ගරන්නෝ මැරෙන හැටි, මැරෙනා වේලාව කියා මුදල් ගරති. අනෙක් ආගම්වලද එය එසේ මය. නමුත් මැය කියන්නේ ඇයට එය කිව හැකි බවයි. ඇය කියා සිටිනා සෙවණැල්ල විය හැක්කක් ද? ඔහු තමා දන්නා දැනුමින් ඒ ගැන සිතුවේ ය. වක්කලී ස්වාමීන්වහන්සේ මියගිය විට මාරයා දූවිල්ලක් මෙන් ඒ ස්වාමීන්වහන්සේ ඉපැදුනේ කොහේදැයි කියා සොයමින් එහෙ මෙහෙ දුවද්දී බුදුරජාණන්වහන්සේ එය දුටු සේක. මුගලන් මහරහත්න්වහන්සේ නොයෙකුත් අපට නොපෙනෙන ජීවීන් දැක ඇත. අපට නොපෙනුනා කියා තවකෙනකුට ද එසේමැයි කියා සිතිය නොහැක. ඔහු කල්පනාවේ නිමග්නව රථය පදවද්දී එක් ස්ථානයට සෙනග මෙන්ම පොලිස් නිලධාරීන් ද පිරී ඉන්නවා දුටුවේ ය. රනුක් ගමන් කරමින් සිටියේ කොළඹ සිට කොහුවල දෙසට ය. සිදුවීම ඇත්තේ මාර්ගයේ අනෙක් තීරුවේ ය. වාහනයේ වේගය අඩාල කර එදෙස බලද්දී රනුක් දුටුවේ මිනිසකු විදුලි කණුවක නැගී කෑ ගසමින් සිටිනා ආකාරයයි. ටික වේලාවකින් රනුක් ඔහුව හඳුනාගත්තේ ය. ජනිත් වික්‍රමසිංහ නම් ගායකයාගේ වාද්‍ය කණ්ඩායමේ නායකයා මේ ආකාරයට දින ගණනක් හැසිරී ඇත. එක්කෝ ඔහුට මානසික රෝගයකි. නැත්නම් ජනප්‍රියවීමට යොදා ගන්නා මාධ්‍යයකි.

    ‘මොකෝ වාහනේ ස්ලෝ කළේ. පරක්කු වෙනවානේ අප්පා.‘

    ‘අර‘

    ‘ආ කව්ද ඒ.‘

    ‘ඔය මනුස්සයා සතියට දවස් දෙක තුනක් ඔහොම තමයි. පොලීසිය හොඳට දන්න මනුස්සයෙක්. ඔයා අහලා තියෙනවාද ජනිත් වික්‍රමසිංහ කියලා සිංගර් කෙනෙක්. අන්න ඒ සිංගර්ගේ බෑන්ඩ් එකේ ලීඩර් තමා ඔය‘

    ජනිත් වික්‍රමසිංහගේ නම ඇසෙද්දී සිතුමි ඇය පැළඳ සිටි කණ්නාඩිය ඉවත් කර විදුලි කණුවේ නැගී සිටින්නා දෙස බැලුවා ය. රනුක්ගේ වාහනය සෙමින් ගමන් කිරීම නිසා ඇයට ඔහුව පෙනනි. එසේම ඇය එය ද දුටුවේ ය. ඔව්, ඔහු අසල කළු සෙවණැල්ලක් ඇත.

    ‘පව් අසරණයා. අද එයා මැරෙනවා.‘

    ‘මොකක්.‘

    ‘ඔව්. මන් දැක්කා හෙවණැල්ලක් තියෙනවා මිනිහා ලඟ.‘

    ‘විකාර. ඔය යකා මන් කිව්වනේ සතියකට දෙතුන් විඩක් ඕක කරනවා කියලා.‘

    ‘හරි හරි. අපි ඉක්මනට යමු.‘

    සිතුමි ව කොහුවල පිහිටි බෝඩිමට ම රනුක් රැගෙන ආවේ ය. එකිනෙක යාව තිබූ නිවෙස් පෙලක අනෙක්සියක සිතුමි නැවතී සිටියා ය. ඇයව එහි බැස්සූ රනුක් නැවතත් තම නිවසට යෑමට පිටත් විය. රේඩියෝවට කන්දෙමින් වාහනය ධාවනය කළ රනුක්, සිතුමි විසින් විදුලි කණුවේ නැග සිටි මිනිසා ගැන කිව් අනාවැකිය සිහිවිනි. එසේ විය නොහැක. ඔහු අවස්ථා කීපයක දී මේ තරුණයාව මේ ආකාරයෙන් දැක තිබේ. ඔහු කරන්නේ රඟපෑමකි. කෙසේවෙතත් රනුක් රථයේ වේගය වැඩි කළේ ය. සිද්ධිය සිදුවෙමින් පැවැති ස්ථානය කරා ලංවෙන ඔහුට එහි පෙර සේ පිරිසක් රැස්ව සිටිනා බවක් නොපෙනුන අතර විදුලි කණුවේ නැගී සිටින්නකු ද නොමැති බව පෙනිනි. තවත් ලං වෙද්දී එහි නවතා තිබූ පොලිස් පෙට්‍රෝල් රථ දෙක ද ඔහුට දර්ශනය විනි. එසේනම් පොලීසිය පැමිණ තරුණයාව බස්සවා ඇත. අර තරුණිය කටට එන දේ කියනවා විනා විශ්වාසයක් තැබිය හැක්කකු නොවේ. කෙසේවෙතත් රනුක් ස්ථානය අසල රථය නවත්වා පොලිස් කාරය දෙසට පැමිණියේ තත්ත්වය කුමක් ද යන්න විමසීමට යි. ඒ වනවිටත් පොලිස් නිලධාරීන් කීපදෙනකුම මෙන්ම මාධ්‍යවේදීන් කීපදෙනකු ද එහි රැස්ව සිටිය හ.

    ‘මොකෝ මල්ලි වෙලා තියෙන්නේ.‘

    රනුක් ඇසුවේ තොරතුරු දැනගත හැකි හොඳම කෙනා වන මාධ්‍යවේදියකුගෙනි.

    ‘ඇයි සර් දන්නෙ නැද්ද. අර ජනිත් වික්‍රමසිංහ කියලා ගායකයෙක් ඉන්නේ. මිනිහාගේ බෑන්ඩ් එකේ ලීඩර් අර ලයිට් කණුවෙන් පැනලා මැරිලා. ඔළුවමයි වැදිලා තියෙන්නේ. චප්පන්. මොළකෑලි හිටන් පාරේ.‘

    රනුක්ගේ දෙපා පන නැති විනි. ඔහු අසල නවත්වා තිබූ වාහනයකට හේත්තු විය. එදා ආහාර වෙළඳසැලේ දී ඇය මෙවැනිම සිදුවීමක් පුරෝකථනය කළාය. පසුව පිපිරී ගිය බස්රථය. අද උදෑසන තමන් සමඟ ම සිට ඇය මේ සිදුවීම පුරෝකථනය කළත් තමුන් එය ගණන් ගත්තේ නැත. ඔහුට ඇයව විශ්වාස කරන්නට තිබිනි. එසේ වූවා නම් මොහු මියයන්නේ නැත. ඔහුගේ මරණයට තමුන් දායකවූවේ ය යන හැඟීම රනුක්ගේ සිතට ඇතුල්විනි. ඔව්, සෘජුවම නැතත් වක්‍රාකාරයෙන් තමුන් මිනිසකු මරා දමා ඇත.
     
    • Like
    Reactions: Sara531

    hpalpola

    Well-known member
  • (10)​

    නිවසට යෑම වෙනුවට රනුක් සිදු කළේ පොලීසියට ම යෑමයි. නමුත් ඔහු වැඩිවේලාවක් එහි ගත කලේ නැත. ඒ වන විටත් මරණකරුගේ මෘත ශරීරය කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබිණි. මෙතරම් ඉක්මණිනන් මේ දේවල් සිදුවන්නේ ජනිත් වික්‍රමසිංහට පින් සිදුවන්නට බව රනුක් අනුමාන කළේ ය. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගමන් කළේ ඒ වන විට පැවැති තොරතුරු ද අනුමානයට ගනිමිනි. ඔහු එහි යන විටත් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල රැඳී සිටින්න ට විය. පොලිස් හැඳුනුම්පත පෙන්වා එතැනින් ඇතුලට පැමිණි රනුක් පිළිගැනීමේ නිලධාරිනියගෙන් විස්තර අසා දැන ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරී සෙනාල් වික්‍රමසිංහගේ කාමරයට ගමන් කළේ, මෘත ශරීරය පිළිබඳව විස්තර දැන ගැනීමට ය. විස්තර දැනගැනීමෙන් පසුව ආපසු පිටව යන රනුක්ට මරණකරුගේ මවත් සොයුරියත් දක්නට ලැබිණි. ඔවුන් විලාප නගමින් හඬමින් සිටී. මේ සමඟ රනුක්ට දැනුන පරාජිත බව කෙතරම් ද යත් ඔහු තමන්ගේ හිසකෙස් තම අතින්ම උගුලා ගත්තේ ය. ඔහුට තමුන් මිනීමැරුමක් කළේ ය යන වරදකාරීත්වය වද දෙන්නට විනි. එහි අවසානය වූයේ කොල්ලුපිටියේ මැරයින් ඩ්‍රයිව් හි පිහිටි බ්ලූ ඕර්කිඩ් සමාජ ශාලාවයි. සමාජ ශාලාවට වැදුණු රනුක් කළුවර වැටෙන තෙක් ම සිදුකළේ මත්පැන් පානය කිරීමය. දුර්වල සිත් මත් වූ විට මනසට පොම්ප කරන්නේ මනංකල්පිත ඡායාවන් ය. එනිසා මත්වූවෝ සත්‍යයෙන් බැහැර වෙති. ඔවුන් ඔවුන්ගේ කල්පිත ලෝකවල වීරයෝ වෙති. රනුක් ද බලාපොරොත්තු වූයේ එයයි. තමුන්ගේ වරදකාරීත්වයෙන් මිදීම යි. කෙසේවෙතත් ඔහුට සිතුමිගෙන් සහ මරණකරුගෙන් සිත ඈත් කර ගැනීමට නොහැකි විනි. අපහසුවෙන් නමුත් රථයට නැගුණ ඔහු කොහුවල දක්වා රිය පැදවූයේ ය.

    *************​

    සුව නින්දක සිටි සිතුමි අවදිවූයේ මහහඬින් ඇගේ බෝඩින් කාමරයේ දොරට පහර දෙන හඬ ඇසීමෙනි. පසක තිබූ ජංගම දුරකථනයෙන් වේලාව බැලූ ඇයට ඒ වන විට රාත්‍රී 10.30 වී ඇති බව දක්නට ලැබිණි. දොරට ගසන්නා දොර කැඩීමට සැරසෙන්නේදැයි ඇයට සිතිණි. කෙසේවෙතත් සොරකුනම් විය නොහැක. රාත්‍රී නිදන ඇඳුම සකසා ගත් ඇය, කණ්නාඩියුවල ද පැළඳගෙන දොර අසලට ගොස් දොර විවෘත කළාය. දොරට වියරුවෙන් මෙන් පහර දෙන්නා හඳුනාගැනීමට ඇයට ගතවූයේ තත්පර ගණනකි.

    ‘තමුසෙට පිස්සුද මිනිහො රෑ තිස්සෙ තනියම ඉන්න කෙල්ලන්ගේ ගෙවල්වල දොරවල් වලට ගහන්නේ. හිතුවද පොලීසියේ නිසා ඕනා ඕනා දෙයක් කරන්න පුළුවන් කියලා.‘

    ‘අනේ නෑ... එහෙම කියන්න එපා... මට ..... ඔයා ... ට ටිකක් කතා කරන්න ඕනා....‘

    ‘මට බේබද්දෝ එක්ක කතා නෑ. ඒකත් මේ මහ රෑ‘

    සිතුමි දොර වැසීමට උත්සාහ කළද රනුක් ඊට ඉඩදුන්නේ නැත.

    ‘මේ අහන්න.. ළමයා... ඔයාගේ ඇස් දෙක ශාපයක් නෙමෙයි. ඒක වාසනාවක්, පිනක්... අපිට පුළුවන් ඒ ඇස්වලින් මිනිස් ජීවිත බේරගන්න.... අපි එකතුවෙලා...‘

    ‘ඕයි මේ මිනිස් ජීවිත බේරගන්න කලින් තමුසේ මෙතනින් යනවා.‘

    ‘ප්ලීස්... මන් කියන දේ ටිකක් අහන්න. මන් පොලිස්... ඔයාට මට නොපෙනෙන දේ පේනවා. අපි එකතුවෙලා ජිවිත බේර ගමු.... ‘

    මේ අතර සිතුමි යන්තමින් රනුක්ව දොරින් පසකට කර දොර වැසීමට සමත්වූවාය. නමුත් පිටව ගියේ රනුක් නොවේ. ඔහු දොරට තඩිබාමින් බෙරිහන් දෙන්නට විය. සිතුමි ද එය නෑසුනා සේ සිටියා ය. ඇය එය නෑසුනා සේ සිටියත් අසල්වැසියෝ එසේ නොසිටීම නිසා අවසානයේ රනුක් ට සිදුවූයේ පොලිස් අත්අඩංගුවට පත්වීමට යි. කෙසේවෙතත් පොලිස් රියට නග්ගවාගනිද්දීත් රනුක් කෑ ගසමින් සිටියේ සිතුමිගේ ඇස්, ඒ දකින සෙවණැලි මිනිස් ජීවිත බේරා ගැනීමට ඇයට වාසනාව ලබා දී ඇති බව කියමිනි. සිතුමි ද ජනේලයක් මදක් විවෘත කර එදෙස බලා සිටියා ය. ඇයට ඔහුගේ කතා ඇසිනි. ඔහු පොලිස් නිලධාරියකු බව සැබෑ ය. නමුත් තමුන්ට තමන්ගේ පියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විනි. ඉතින් තවත් ජීවිත බේරා ගන්නේ කෙසේ ද?

    *******************​

    උදෑසන අවදි වූ රනුක් දිසානායක ටික වේලාවක් කල්පනා කළේ රාත්‍රියේ සිදුවූයේ කුමක් ද යන්නයි. කෙසේ හෝ පොලිස් නිලධාරීන් ඔහුව පොලීසියට රැගෙන යනවා වෙනුවට නිවසට බස්සවා ගොස් තිබිණි. පෙර දින ඔහුගේ අතින් සිදුවුයේ වරදකි. නමුත් ඔහුට දැන් ඊට කිරීමට දෙයක් නැත. මුහුණ සෝදාගෙන සූදානම් ව රනුක් ඒකක 5 බලා පිටත්ව ගියේ ය. ඔහු එහි යනවිටත් ඔහුගේ කණ්ඩායම දවසේ වැඩ අරඹා තිබිණි.

    ‘ආ මල්ලී... ඊයෙත් ගේමක් ගැහුවා කියලා ආරංචියි... හැබැයි පුතෝ වැඩේ දුරදිග ගියොත් රස්සාවටත් කෙලවෙයි හොඳේ.‘

    ‘පොඩ්ඩක් අවුල් වුනා මචංලා. දැන් ෂේප්.. කෝ අපේ බොස්‘

    ‘හිමින් සැරේ පිටිපස්ස හැරෙන්න මල්ලී. එතකොට ඔබට ඔබගේ ආදරණීය බොස් පෙනේවි.‘

    ‘ආ කොල්ලා... උඹනම් නියම පොලිස්කාරයෙක් තමයි. යකෝ, ඔහොම බීලා පිස්සු කෙලලා කොහොමද බීපු මිනිහෙක්ව අල්ලන්නේ ආ...‘

    ‘සොරි බොස්... ඊයෙ චුට්ටක් වැඩි වුනා..‘

    ‘හොඳ චුට්ට.. මේ ඒක නෙමේ. අර බොඩි එකේ වැඩේ කොහොම ද‘

    ‘ආ ඒක මන් ඩොක්ටර්ට කතා කරලා තියෙන්නේ. අද හෙට විස්තර හම්බ වෙයි.‘

    ‘අද හෙට කියන්නෙ මොකක් ද? යකෝ උඹ පොලිස් කාරයෙක්. අපි, අපිට එක එකා විස්තර කියනකම් බලන් ඉන්නෙ නෑ. අපි ගිහින් අපිට ඕනා දේ හොයා ගන්නවා මිසක්. පරක්කු කරන්න එපා. හොඳට මතක තියාගෙන පොලිස්කාරයෙක් විදියට හැසිරියන්.‘

    රනුක් සොකෝ ආයතනයට කතා කළේ ය. සිලිකන් පියවුරු ගැන විස්තර ඇසුවේ ය. ඔහුගේ වාසනාවට දත්ත සොයා ගෙන තිබිනි. ඉක්මණින් ආයතනයට පැමිණ ඒවා ලබා ගන්නා ලෙසට දැන්විනි. ඒ අනුව සොකෝ ආයතනයට ගිය රනුක්ව යොමු කෙරුනේ පරිගණක දත්ත ගබඩා ආයතනයකට ය. නමුත් එය පිහිටා තිබුනේ ඔරුගොඩවත්තේ ය. උනන්දුවාට විස්තර දැන්වූ රනුක් ඔරුගොඩවත්තට පිටත්ව ගියේ ය.

    බේස්ලයින් පාරට පිවිස ඔරුගොඩවත්තට පැමිණීමට රනුක්ට වැඩි වේලාවක් ගත නොවිනි. අදාළ ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරයෙන් ඔහුව එක්තරා කාමරයකට යොමු කරන ලදි. වසා ඇති දොරට තට්ටු කර මද වේලාවකට පසුව ඔහුට කැඳවීමක් ලැබිණි. ඒ අනුව කාමරයට ඇතුල් වූ රනුක් ට දැක ගැනීමට ලැබුනේ ගොඩගසා ඇති ලිපි ලේඛන රාශියකි. තමුන්ව කැඳවනු ලැබූ තැනැත්තා ඔහුට එක්වරම දැකගන්න ට ලැබුනේ නැත. නමුත් මද වේලාවකින් ලිපි ගොනු රාක්කයක් අතරින් මැදිවියේ තැනැත්තකු රනුක් ඉදිරියට පැමිණියේ ලිපිගොනුවක් ද සමඟ ය.

    ‘රනුක් දිසානායක?‘

    ‘ඔව් මම රනුක් දිසානායක. යුනිට් 5 න්.‘

    ‘හරි. මේ තමයි අපි එකතු කර ගත්ත විස්තර. දන්නවානේ පුතා දැන් මේ ඉන්ටර්නෙට් එක නිසා අපි මේවට බැඳෙද්දී තිබ්බ වගේ නෙමේ පට පට ගාලා වැඩ කරන්න පුළුවන්.‘

    ඔහු රනුක් ට ලිපි ගොනුව ලබා දුන්නේ ය.

    ‘ඔයාලගෙන් ලැබුන අංක අපි පරීක්ෂා කරලා බැලුවා. වැඩේ ටිකක් අමාරුවුනා. මොකද හුඟ කාලෙකට කලින් වෙච්ච දෙයක් නේ. ඒත් අපි අතෑරියේ නෑ. මේ අයිටම් එක හදලා තියෙන කම්පැනි එක ඇමරිකන් බේස් කම්පැනි එකක්. දැන් වහලා. හැබැයි අපේ වගේ නෙමෙයි. ඇමරිකාව දියුණු යි. එයාලා එහෙ මෙඩිකල් ඩිපාර්ට්මන්ට් එකට මේ ඩේටා දීලා තියෙනවා. ඒ අනුව මේ අයිටම් එක ෂිප් කරලා තියෙනවා ෆ්ලොරිඩාවලට. ෆ්ලොරිඩාවල හොස්පිටල් එකකට තමයි ගිහින් තියෙන්නේ. පස්සෙ අපි ඒ හොස්පිටල් එක ට්‍රේස් කලා. එහෙන් විස්තර ගන්න තමයි ටිකක් වෙලා ගියේ. කෝ ඕක දෙන්න ටිකක්.‘

    ‘ආ... හරි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපිට සෙන්ට් මයිකල් හොස්පිට්ල් එකෙන් මේල් කරපු ඩොක්‍යුමන්ට්ස්. මේකෙ හැටියට මේ සිලිකන් යූස් කරලා තියෙනවා ඒසියන් කෙනකුට. දන්නවාද ඒකෙ තියෙන සුපිරිම වැඩේ.‘

    රනුක් මේ තැනැත්තා සිදුකරනා විග්‍රහය අසා සිටියේ පුදුමයෙනි.

    ‘අනේ මිස්ටර් දන්නවානම් මන් එන්නෙ නැහැනේ මෙහෙ. අනික දැනුත් මට හිතාගන්න බෑ මොකක් ද මේ කියන්නේ කියලා.‘

    ‘ඔව්, පොලිස් ඔෆිසර්ස්ලා කොහෙද මේවා දන්නේ... හොක් හොක් හොක්... මේ සිලිකන් යූස් කරලා තියෙන්නේ බ්‍රෙස්ට් එන්ලාජ් කරන්න හරි, වෙච්ච ඩැමේජ් එකක් රිකව කරන්න හරි නෙමෙයි. සෙක්ස් කොන්වර්සන් එකක් කරන්න.‘

    ‘මොකක්??‘

    ‘මොකෝ තරුණයා පුදුම වෙලා. අහලා නැද්ද සෙක්ස් කොන්වර්සන් ගැන.‘

    ‘අහලා තියෙනවා.... ඒත් අවුල් වගේ.‘

    ‘අපිට තාමත් ඒවා ඉතින් අලුත් නේ. ඒත් පුතා ජාත්‍යන්තරේ අපිව පහුකරලා දැන් හුඟක් දුර ගිහින් ඉන්නේ.‘

    ‘කරුණාකරලා ඉක්මණට මේ විස්තර කියනවා ද?‘

    ‘ආ හරි.. මේ අංකයට තියෙන සිලිකන් යූස් කරලා තියෙනවා පිරිමියෙක්ව ගෑණියෙක් විදියට කොන්වර්ට් කරන්න.‘

    ‘අප්පට සිරි ...‘

    ‘පුදුම වෙන්න දෙයක් නෑ. සේරම ඩේටා මෙතන තියෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ අය කොන්වර්ට් කරලා තියෙන්නේ ඉන්දියන් මේල් කෙනෙක්. ඒ කෙනාගේ රූපයක් අපිට නෑ. ඒත් කොන්වර්සන් එකෙන් පස්සෙ රූපයක් අපිට එවලා තියෙනවා. මේ තියෙන්නේ.‘

    රනුක්, තමුන්ට ලබා දුන් ඡායාරූපය දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය. එහි සිටින කාන්තාව පිළිබඳව ඡායාත්මක මතකයක් ඔහුට දැනිනි. කෙසේවෙතත් ටිකවේලාවකදී ඡායාව නිවැරදිව පෙනිනි. ඔව්, ඔහු මේ ඡායාරූපයේ සිටින්නී වරක් දැක ඇත්තේ ය. එසේම රනුක් ට තවත් දෙයක් අනාවරණය විය. ඔවුන් ඇටසැකිල්ල සොයා ගත් පසු අතුරුදන්වූවන් පිළිබඳව විස්තර සොයන්නට විනි. නමුත් ඒ සෙවිල්ල නිවැරදි නොවේ. ඔවුන්ට හමුවී ඇත්තේ ලිංග විපර්යාසයකට ලක් වූ අයකුගේ ඇටසැකිල්ලකි.

    ‘මට එහෙනම් මේ ෆයිල් එක ගන්න පුළුවන් ද‘

    ‘අපෝ ඔව්. ඔයාලට දෙන්න තමයි මේ ඩීටේල්ස් අපි ගෙන්න ගත්තෙ. ලොක්කට කියන්න අපේ වැඩේ අපි කලා කියලා තිතට නූලට හරිද?‘

    ‘ඇත්තටම ඔව්. මට තාමත් හිතා ගන්න බෑ. කොහොම ද මේවා හොයා ගන්තේ කියලා. එහෙනම් මන් යන්නම්.‘

    ඔහුට අතට අත දී සමුගත් රනුක් කාමරයෙන් පිටතට පැමිණ නැවතත් ලිපි ගොනුව පරීක්ෂා කළේ ය. නැත. මේ ඉන්දියානුවෙක් නම් නොවේ. තමුන්ගේ මතකය වරදින්නට හැකියාවක් නැත. ඡායාරූපයේ සිටින්නිය දුටුවේ එක්වරක් වුවද ඔහුට ඇය කිසිදා අමතක නොවේ. ඊට හේතු තිබේ. ලිපි ගොනුව තදින් අල්ලා ගත් රනුක් ඒකක 5 ට යනවා වෙනුවට සිය රථය මාතර බලා වේගයෙන් පැදවූයේ ය.

    *************************​

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගමින් අකුරැස්ස මාර්ගයට සිය රථය හැරවූ රනුක්, එය ධාවනය කලේ එක්තරා නිශ්චිත ගමනාන්තයකට ය. එහි අවසානය එක්තරා අත්හැර දමා තිබුණු කර්මාන්ත ශාලාවකි. රනුක් රථය අසලින් නවත්වා ඒ කර්මාන්ශාලාවට ගමන් කළේ ය. පියවරෙන් පියවර එදෙසට ලං වෙන ඔහුට ක්‍රමයෙන් අතීතය සිහිපත් විනි. දැනට වසර ගණනකට පෙර පාසැල් ළමයකුව සිටි අවදියේ දී ඡායාරූපයේ සිටි ගැහැණිය, තවත් ගැහැණු ළමයකුට මේ කර්මාන්තශාලාව තුළ බිමදමාගෙන පහර දෙනවා කැඩුණු වීදුරු ජනේලයක් අසල සිට ඔහු හොරෙන් බලා සිටියේ ය. ඇය පහර දෙමින් විමසුවේ ‘ඩෙක් පීස් එක කෝ‘ යන්න ය. එය අසමින් අර තරුණියට පහර දෙන ඈ, පරුෂවචනවලින් ද බැන වැදුනා ය. ඒ අනුව ඇය ඉන්දියානු කාන්තාවක් විය නොහැකි බව රනුක් නිගමනය කළේ ය.

    නොදැනීම රනුක් සිට ගෙන සිටියේ එදා ඔහු ඡායාරූපයේ සිටි කාන්තාව විසින් අනෙක් තරුණියට පහර දෙනවා බලා සිටි කැඩුණු වීදුරු ජනේලය අසල ම ය. එහි දූවිලි බැඳී තිබුනත් මේ වීදුරු ජනේලය එදා තිබුනේ ද මෙලෙසින් මය. පළුවක් විවෘත ව තිබූ දොරෙන් රනුක් ශාලාවට ඇතුල් විය. එවිට ඔහුට පෙරට වඩා හොඳින් එදා සිදුවීම සිහිපත් විනි.

    ඡායාරූපයේ සිටි කාන්තාව අනෙක් තරුණියට වැරෙන් කම්මුල් පහර දෙයි.

    ‘බැල්ලී කියපන් මැරුම් නොකා.. කෝ ඩෙක් පීස් එක.‘

    ‘මන් ... මන් ..... මන් දන්නේ නෑ, වඳින්නම් මැඩම් මට ගහන්න එපා මන් දන්නේ නෑ..‘

    ‘දන්නෙ නෑ. එහෙනම් මමද යකෝ දන්නෙ. කියපන් අන්තිම වතාවට අහන්නේ.. කෝ ඩෙක් පීස් එක..‘

    කාන්තාව ගැසූ පහරකින් අර තරුණිය විසිවී අසල තිබූ රාක්කයක වැදී බිම වැටිනි. රනුක් ඒ රාක්කය අසලට ගමන් කළේ ය. රාක්කය අල්ලා බැලුවේ ය. ඔව් ... එදා ඒ තරුණිය වැදුනේ මේ රාක්කයට ම බව ඔහුට විශ්වාස ය. එහි දූවිලි පිරී තිබිණි. හිමින් සීරුවේ පහත් වූ රනුක් රාක්කය අවට පිරික්සී ය. අවුරුදු ගණනකට පසුව ඔහුට යමක් රාක්කය යටට ගොස් තිබී හමු විනි. එය නම් එක්තරා පාසැලක ශිෂ්‍ය නායිකාවකට පලන්දා තිබූ පදක්කමකි. පදක්කමේ හිමිකාරියගේ නම ද එහි මුද්‍රණය කර තිබිණි. නමුත් එය දූවිලි වලින් වැසී ගොස් ය. රනුක් එය හිමින් සීරුවේ පිහිදා කියැවීමට උත්සාහ කළේ ය. ‘එස්.එල්. ගුණසේකර‘. ඔහු නම කියැව්වේ ය. එසේම පාසැල ද හඳුනා ගත්තේ ය. තවදුරටත් එහි රැඳී සිටීමේ පලක් නැති බව තීරණය කළ ඔහු පදක්කමෙන් හඳුනා ගත් පාසැලට වාහනය පැදවූයේ ය. මේ පාසැලද ඔහු අසා තිබූ පාසැලකි. නමුත් කිසිදිනෙකට එයට ඇතුල්ව තිබුනේ නැත. එය ප්‍රසිද්ධ බාලිකා පාසැලකි. ගේට්ටුවේ මුරකරුවන්ට තමා කව්දැයි හඳුන්වා දී රනුක් විදුහල්පතිනිය මුන ගැසී අවශ්‍යතාවය දන්වා සිටියේ ය. ඒ අනුව ඔහුව නිලධාරිනියක වෙත යොමු කෙරිනි. ඇය පාසැලේ අධ්‍යාපනය ලැබූ ළමුන් සම්බන්ධයෙන් ලේඛන නඩත්තු කරන තැනැත්තිය වූවා ය. ඇය හමුවට පැමිණි රනුක් දැනට වසර 15 කට පමණ පෙර නාමලේඛනයන්හි එස්.එල්. ගුණසේකර නමින් ළමයකු සිටී දැයි සොයා බැලීමට ඉල්ලා සිටියා ය. ඒ අනුව ලේඛන පරීක්ෂා කල නිලධාරිනිය විසින් ඒ නමට අදාළ නාම ලේඛනයක් සොයා ගන්නා ලදි.

    ‘ඔය කියන්නේ ශෝබා ලක්මාලි ගුණසේකර වෙන්න ඕනා. ප්‍රිෆෙක්ට් ලිස්ට් එකත් එක්ක ගත්තම ඒක තමයි ඔය විදියට තියෙන එකම නම.‘

    ‘මිස් මට මේ ළමයාගේ පොටෝ එකක් බලන්න පුළුවන් වෙයිද?‘

    ‘අපෝ ඔව්. හැම අවුරුද්දෙම ප්‍රිෆෙක්ට්ලාගේ ගෘප් ෆොටෝ එකක් අපි ලඟ තියෙනවා. ඉන්න මන් අරන් එන්නම්. අපිට ඕනා වෙන්නේ 90 ගණන්වල ඒවා.‘

    නිලධාරිනිය විසින් ඡායාරූප බැඳ සකස් කර තිබූ ඇල්බමයක් රනුක් ට ලබා දුන්නා ය. රනුක් වේගයෙන් එහි පිටු පෙරලන්නට විය. එහි 1997 වසරට අදාළ පිටුව හැර අන් සියළුම පිටු තිබිණි.

    ‘මේ 1997 පිටුව හැර අනික් සේරම තියෙනවානේ මිස්.‘

    ‘කෝ බලන්න.. ඇත්තමයි. ඒක කව්රුහරි කඩලා අයින් කරලා වගේ..‘

    ‘ඔව් ඉරලා වගේ පේන්නේ. චැක්.... අපිට වෙන ක්‍රමයක් නැද්ද මේ ළමයාගේ ෆොටෝ එකක් හොයා ගන්න.‘

    ‘ම් ම්.... තව අපිට බලන්න තියෙන්නෙ එකයි. මේ ළමයා 1997 ප්‍රිෆෙක්ට් වුනා නම්, ඔව් වාර්ෂික කලා උළෙලට අපි සමරු කලාපයක් ගහනවා. ඒකෙත් ප්‍රිෆෙක්ට්ලා ගැන විස්තර තියෙනවා. අපි බලමු ලයිබ්‍රියට ගිහින්...‘

    රනුක්ව පුස්තකාලයට කැඳවාගෙන ගිය ඒ නිලධාරිනිය, පුස්තකාලයේ සිටි තවත් කාන්තාවක සමඟ විස්තර කතා කොට එක් පොත් අල්මාරියක් කරා ගොස් එය අවුස්සා පොතක් රැගෙන ආපසු ආවා ය.

    ‘මේක තමයි ඔෆිසර් අන්තිම චාන්ස් එක. ටිකක් බලමු.‘

    ඇගෙන් පොත තමන් වෙත ලබා ගත් රනුක් එය පෙරලා බලාගෙන ගියේ ය. එසේ පෙරලාගෙන යන ඔහුට එක්වරම ශෝබා ලක්මාලි ගුණසේකර යන නම සඳහන් ඡායාරූපයක් දක්නට ලැබිණි. ඡායාරූපයේ සිටියේ පාසැල් නිල ඇඳුමින් සැරසුණු ප්‍රියමනාප තරුණියකි. එය දුටුවහාම අද, මේ තරුණිය කව්දැයි රනුක් හඳුනාගත්තේ ය. ඔහුගේ අතින් පොත ගිලිහිනි. නමුත් ඔහු එය වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.

    ‘ඇයි ඔෆිසර්. එයාව දන්නවා ද‘

    ‘න්.. නෑ ... මිස්... අතින් පොත ලිස්සුවා එක පාරටම.. හරි එහෙනම් මේක ආපහු තියන්න... දැන් අපි දන්නවානෙ මේ ඉස්කෝලෙ මෙහෙම කෙනෙක් ඉඳියා කියලා...‘

    ඒ නිලධාරිනියටත් විදුහල්පතිනියටත් ස්තූති කල රනුක් නැවතත් තම රථය කොළඹ බලා පැදවූයේ ය. ඔහුගේ හිස යකාගේ කම්මල මෙන් වී තිබිණි.

    ‘ශෝබා ලක්මාලි....... ශෝබා ලක්මාලි...‘

    ඔහු තමන්ට ම කියා ගත්තේ ය.
     

    hpalpola

    Well-known member
  • (11)​

    එදින උදෑසන පටන් සිතුමිගේ දවස වෙනදා මෙන් නොවිනි. ජනේලයෙන් පිටත බැලූ විට ඇයට පෙර දින රාත්‍රියේ රනුක්ගේ හැසිරීම් සිහිපත් විය.

    ‘අපි දෙන්න එකතු වෙලා ජීවිත බේරමු‘

    ඔහු කීවේ එයයි. ඇයට ඇගේ පියා සිහිපත් විය. ඔහු ඇයට කෙතරම් ආදරය කළා ද? ඇය ඔහුට කෙතරම් ආදරය කළා ද? එහෙත් ඔහු මිය ගියේ ඇය දැනුවත්ව ය. ඔහු වෙනුවෙන් ඇයට කළ හැකි කිසිවක් තිබුනේ නැත. සත්‍යලෙසම ඇයට ඔහුගේ සෙවණැල්ල නොපෙනිනි. එදා පටන් ඇයට පෙනෙන සෙවණැලි කරදරයක් විය. ඇගේ මව ද එය ශාපයක් ලෙසින් හැඳින්විය. එය එසේ නොවේ කියා ඇයට කීවේ ඇගේ පියා සහ දිනුක් පමණි. පියා ද ඇය අතැර ගිය අතර දිනුක් ද ඇය හැර ගියා ය. දැන් රනුක් ඇයට කියන්නේ ඇය දකින සෙවණැලි ශාපයක් නොවන බවයි. ඔහු ඇයට ආරාධනා කරන්නේ ඔහුත් සමඟ එක්ව මිනිස් ජීවිත බේරා ගැනීමට ය. ඇය තීරණයක් ගත්තා ය. ඇය සූදානම් වී පාරට පැමිණ මාතර බලා යෑමට පිටත් වූවා ය. ඇය අධිවේගී මාර්ගයේ මාතර බලා යන බස් රථයකට ගොඩ නැග්ගා ය. ජංගම දුරකථනයේ ජනිත් වික්‍රමසිංහගේ ගීත ඇල්බමය ක්‍රියාවට නංවාගත් ඈ ඇස් පියා ගත්තා ය. මෙනිසා රනුක් ගමන් ගත් රථය මාතර සිට කොළඹ බලා යනවා ඇය දැක්කේ නැත. ගොඩගමදී බස් රථයෙන් බැස ගත් ඇය ඒ අසල ඇති කිරල කැළයට ත්‍රී රෝද රථයක ආධාරයෙන් ගමන් කළා ය. කිරල කැළයේ අතරින් පතර ගමන් ගන්නා මිනිසුන් සමඟ ඇය ද මුසු විනි. ඇගේ පියා සමඟ කුඩා කාලයේ කුරුල්ලන් බැලීමට ඈ මෙහි පැමිණ තිබේ. ඒ මතකයන් ඇය තුළ වෙයි. කිරල කැළයේ කාලය ගත කල ඈ ආපසු මාතර නගරයට ගියා ය. මාතර මුහුදු වෙරළේ පිහිටි බංකුවක ඇය වාඩි ගත්තා ය. වෙරළ මිනිසුන්ගෙන් පිරී තිබිණි. ඇය පියා සමඟ මෙහි පැමිණෙන විට මෙවැනි බංකු හෝ උද්‍යානමය ස්වභාවයක් මෙහි තිබුනේ නැත. දැනට වසර කීපයක දී මේ වෙනස සිදුව තිබේ. එහෙත් ඇය ඒ වෙනස අත්වින්දේ නැත. පියාගේ මරණයෙන් පසුව ඇයට මාතර අත්හැරීමට සිදුවිනි. කෙසේවෙතත් පැයක දෙකක පමණ කාලයක් මාතර ගත කළ ඇය නැවතත් අධිවේගයේ බස් රථයකට ගොඩ නැග්ගේ කොළඹ බලා ගමන් කිරීමට ය.

    ************​

    කොළඹ පිහිටා ඇති පුද්ගලික ආරෝග්‍යශාලාවක සේවය කළ දීපිකා විජේසූරිය, එයට ම බැඳී සිටිනා දක්ෂ වෛද්‍යවරියක විය. ඇය රූමත් ය. විනීත ය. ඇයට සිටින ඥාතීන් ගැන කිසිවකු දැන සිටියේ නැත. ඇය සිටියේ රෝහලෙන් ලබා දී තිබූ නවාතැන්පළකය. මේ රෝහල පැරණි රෝහලකි. එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටිනා එක්තරා කාන්තාවක් දීපිකාගේ හොඳම මිතුරියක් විය. පසුගිය කාලයේ සිදුවූ යම් සිද්ධි දාමයක් හේතුවෙන් මේ අධ්‍යක්ෂකවරියගේ පුත්‍රයා සමඟ දීපිකාගේ සම්බන්ධතාවයක් ඇති විනි. නමුත් ඒ සම්බන්ධතාවය ඇති වන විට පුත්‍රයාගේ මව රෝහලේ අධ්‍යක්ෂකවරියක් බව දීපිකා දැන සිටියේ නැත. එය ඇය දැන ගත්තේ පසුව ය. අද ඒ අධ්‍යක්ෂකවරියගේ පුත්‍රයා තමන්ව බැලීමට රෝහලට පැමිණ සිටී. වෛද්‍යවරුන්ට විවේකයෙන් සිටීමට ඇති කාමරයට වී දීපිකා කොණ්ඩය පීරා, පියර තවරා ඔහු මුන ගැසීමට සූදානම් වූවාය. සාමාන්‍යයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත්නම් ඔහු මෙහි එන්නේ නැත. තමුන්ව හමුවීමට පවා ඔහු මුල් කාලයේ පැමිණියේ බොරු අසනීප මවා පාමිනි. මේ අතරේ ඇයගේ දුරකථනය නාද විනි. එහි රනුක් දිසානායකලේ රුව මැවිනි.

    ‘රනුක්, මන් හොස්පිට්ල් එකේ ඉන්නේ.‘

    ‘මන් දන්නවා. උඩට එද්දී රෙසිප්සනිස්ට්ගෙන් අහලා තමයි ආවේ. ඔයා එන්න උඩට. මන් රූෆ් ටොප් එකේ ඉන්නවා බලාගෙන‘

    ‘හරි මන් ඉක්මනට එන්නම්‘

    නැවතත් කණ්නාඩියෙන් බලා කොන්ඩය සකසා ගත් දීපිකා, ඉක්මණින් උඩුමහලට යෑමට විදුලි සෝපානයට නැග්ගා ය.

    ඇය උඩුමහලට ගොස් විපරම් කරද්දී මුහුද දෙස බලා, කල්පනාවේ වෙලී සිටින රනුක් දක්නට ලැබිණි. ඔහුට නොදැනෙන සේ ඔහු අසලට ගිය ඈ, ඔහුගේ ඉනවටා දෑත් යවා ඔහුට තුරුල් විය. එසැනින් ම ඇයව පසකට තල්ලු කරමින් රනුක් ආපස්සට හැරුනේ ය.

    ‘මේ අහන්න දීපිකා. මන් කැමැති නෑ. ඔයා මාව අල්ලනවාට‘

    දීපිකා එක්වරම පුදුමයට පත් වූවා ය.

    ‘ඔව් තමුසේ වගේ බොරුකාරියෙක් මාව අල්ලනවාට මන් කැමැති නෑ.‘

    ‘මොකක් ද රනුක් එක සැරේම ඔයාට වුනේ. භූතයෙක් වැහිල ද‘

    ‘ඔව් මට භූතයෙක් නෙමෙයි දැන් යකෙක් වැහිලා ඉන්නේ තමුසේ නිසා.‘

    ‘මන් මොකක් ද ඔයාට කලේ රනුක්... මන් මොකක් ද ඔයාට කලේ‘

    ‘කලේ ද..... තමුසේ මාව රැවැට්ටුවා. ඔව් මාව විතරක් නෙමේ. අපි හැමෝව ම රැවැට්ටුවා‘

    ‘රැවැට්ටුවා .... මන් මොකක් ද රනුක් කළ රැවටීම‘

    ‘රැවටීම ද ..... මේක බලනවා. මොකක් ද මේ.‘

    රනුක් විසින් ඇය දෙසට වීසි කළ පදක්කම ඇගේ සිරුරේ වැදී බිම වැටිනි. එය අසුලා ගැනීමටත් පෙර එහි හැඩයෙන් ම එය කුමක් දැයි ඇය හඳුනා ගත්තා ය. ‘දෙවියනේ...‘ ඇය දෑතින් මුහුණ වසාගෙන එහිම බිම හිඳ ගත්තා ය. ඒ අතරේ ඇය දෙසට පැමිණි රනුක් වැටී තිබූ පදක්කම අසුලා ගත්තේ ය.

    ‘ශෝබා ලක්මාලි ගුණසේකර.... ශෝබා ලක්මාලි..... දීපිකා විජේසූරිය.. ශෝබා.. දීපිකා..‘

    ‘මොකද අඬන්නේ... ආ තමුසෙ හිතා ගෙන ඉඳියේ ශෝබා දීපිකා වෙලා අපිව අන්දන්න ද....‘

    ‘අනේ රනුක්....‘

    දීපිකා, රනුක්ගේ පාදයේ වෙළුනා ය. ඔහු ඇයව පසකට තල්ලු කර දැමුවා ය.

    ‘දීපිකා නැගිටිනවා. මගේ යකා අවුස්සන්නෙ නැතිව.‘

    හඩමින් ඇය නැගිට්ටා ය.

    ‘අනේ රනුක්.... ඔයා කොහාමද මේ.... දැන ගත්තේ‘

    ‘මන් දැනගත්ත ඒවා වැඩක් නෑ. මට කියනවා තමුසෙ මා එක්ක යාළු වුනේ දැන දැනම නේද? ආ.... කෝ එදා තමුසෙගන් අහපු ඒ ටේප් එක‘

    ‘මොනවද මේ කියන්නේ රනුක්.... මම ද ඔයා හොයාගෙන ආවේ... අනික ටේප් එක.... මොන ටේප් එකද?‘

    ‘දීපිකා මාව යකා කරන්න එපා... මට කියපන් කෝ ඒ ඩෙක් පීස් එක.‘

    රනුක් දීපිකාගේ උරහිසින් අල්ලා සොලවමින් ඩෙක් පීසය ඉල්ලන්න ට විය. ඇයට දැනට වසර ගණනකට පෙර මෙවැනිම සිදුවීමක් සිදු වූ අයුරු සිහිපත් විනි. එය ඇය අමතක කර දමා තිබුනත් දැන් ආපසු ඇය ඉදිරියට ම පැමිණ තිබේ.

    දීපිකාගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබි තැන, රනුක් ඇයව පසකට තල්ලු කර දැමුවේ ය.

    ‘හොඳයි ඒකත් මන් ම හොයා ගන්නම්... අපේ කථාව අදින් ඉවරයි දීපිකා... හැම දේම ඉවරයි....‘

    ඇයට ඇඟිල්ල උළුක් කර තර්ජනාත්මක ස්වරූපයක් පෙන් වූ රනුක් කෝපයෙන් පිටව ගියේ ය. දීපිකා දෑත් හිසේ බැඳගෙන හඬමින් බිම ඉඳ ගත්තා ය. ඇගේ ලෝකය ඇස් පනා පිටම කැඩී සුනුවිසුනුව ගොස් ඇත.

    ******************​

    සියල්ල සිදු වී සතියක් පමණ ගත ව තිබේ. රනුක් දිසානායක කිසිවිටක දීපිකාගේ ඇමතුම් වලට පිළිතුරු නොදුන්නේ ය. ඔවුන්ගේ සබඳතාවය නැවතී ඇති සෙයකි. මේ අතරේ සිතුමි එදින උදෑසන අවදි වී ජනේලයෙන් පිටත බලා සිටියා ය. තවමත් ඇයට රනුක්ගේ වදන් ඇසේ. ජීවිත බේරා ගැනීම, ඔහු අදහස් කලේ එයයි. සිදුවීමෙන් සතියකට පමණ පසු ඇය ජීවිත බේරා ගැනීම ඇරඹීමට තීරණය කළා ය. මුහුණ සෝදා සූදානම්වීමෙන් පසුව අවසන්වරට ඇගේ රුව කැඩපතෙන් බලා කළු කණ්නාඩියත් පැළැඳ ඇය සම්පූර්ණ විය. නමුත් පසුව නැවතත් කණ්නාඩිය ඉවත් කළාය.

    ‘මේක තියෙද්දී හෙවනැලි පේන්නේ නෑ නේ... වුවමනාවක් වුනොත් දාගන්න හෑන්ඩ් බෑග් එකට තියා ගත්තනම් ඇති.‘

    ඇය හිමින් සීරුවේ පාරට පැමිණ දෙහිවලට ගොස් කොල්ලුපිටියට බස් රියේ ගමන් කළා ය. ඇය කොල්ලුපිටියට පැමිණෙන විට වේලාව මධ්‍යහ්නයට ආසන්නව තිබිණි. ලිබර්ටි ප්ලාසා, ලිබර්ටි වටරවුම, කොල්ලුපිටිය දුම්රිය පොළට ගමන් කරනා මාර්ගය ආදිය ජනාකීර්ණය. ඇය, ඇයට හැකි ලෙසින් එක් එක් මිනිසුන් ගැහුණුන්ගේ සෙවණැලි සෙවුවා ය. ඇයගේ ඇසට අසුවුන මුල් ම සෙවණැල්ල හමුවූයේ කඩා දරුවකු සමඟ ගමන් කරනා ගැහැණියකගෙනි. ඒ වන විට ඇය වෙළඳ සංකීර්ණයේ දරුවා ද සමඟින් ගමන් කරමින් සිටියා ය. සිතුමි, ඇයව ස්පර්ශ කිරීමේ අවස්ථාවක් එනතුරු ඇය පසුපසින් හොරගල් අහුලන්නට විය. අවසානයේ ඇය වුවමනාවෙන් ම ඇගේ ඇඟේ හැපිනි. ඒ අවසරයෙන් ඇගේ අත ස්පර්ශ කිරීමට ඇය සමත් විය. එසේම ඇය දෙස ඔරවා බැලූ කාන්තාවට ඇය ඉතා කාරුණිකව සමා ආයාචනයක් ද සිදු කළා ය. සිතුමිට, ඇගේ මරණය පෙනිනි. ඇය මිය යන්නේ හදිසි අනතුරකින් වැනි අස්වාභාවික ක්‍රියාවකින් නොවේ. ඇය නිදන්ගත හෘද රෝගයකින් පෙළෙයි. සිතුමිට කළ හැකි දෙයක් නොමැත. එනිසා ඇය, ඒ කාන්තාව ගැන නොසිතා වෙනත් සෙවණැල්ලක් සෙවීමට තීරණය කළා ය. ඇය ගාළු පාරට පැමිණ ගෝල් ෆේස් දෙසට ඇවිදින්නට වූවා ය. ඇය මෙසේ ගමන් කරනා විට, ජංගම දුරකථනයකට අමතමින් එක්තරා තැනැත්තකු ඇයගේ ඇඟේ හැපෙමින් ඇය පසු කර ගමන් කළේ ය. මෙයින් ඇය කෝපයට පත්වුවද, එම අවස්ථාවේ දී ඇයට දැනුන ස්පර්ශය මරණයේ හැඟීම් ඇය වෙත රැගෙන ආවේ ය. පිටේ එල්ලාගත් බෑගයක් ද සහිතව එම තැනැත්තා අරලියගහ මැඳුර දෙසට ගමන් කරයි. ඇය හොඳින් බැලුවා ය. එම තැනැත්තා සමඟ ගමන් කරන කළු සෙවණැල්ල ඇයගේ ඇසට අසුවූයේ එවිට ය. ස්පර්ශ්වය අනුව ඇයට, මේ තැනැත්තාට හිමි මරණය ස්වභාවික මරණයක් නොවන බව දැනිනි. ඇයද ඔහු පසුපසින් ගමන් කරනා අතරේ එක්තරා අංකයකට ඇමතුමක් ලබා ගත්තා ය.

    ************​

    රනුක්ගේ ජංගම දුරකථනය නාද වන විට ඔහු සිටියේ ඒකක 5 සිය කණ්ඩායමද සමඟිනි. ඒ වන විට රූපවාහිනියේ විකාශනය වෙමින් තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු සම්බන්ධ ප්‍රවෘත්තියකි. මේ පුත්‍රයා, පියාගේ බලපුළුවන්කාරකම් පාවිච්චි කරමින් හමුදා සේවයට බැඳී, හමුදා නිලධාරිනියන්ට සිදුකළ ලිංගික බලහත්කාරකම් පිළිබඳව මාධ්‍යට කීමට දේවල් ඕනෑතරම් තිබේ. ප්‍රවෘත්තිය යද්දී අවස්ථා කීපයකදී ම රනුක්ගේ දුරකථනය නාද වුන අතර එක් අවස්ථාවක දී එය කණ්ඩායමේ උප නායකයා වූ නාමල්ගේ ඇසට අසු විනි.

    ‘දීපිකා... කොල්ලා මොකෝ කෙල්ල එක්ක වලියක් ද ආ... යකෝ බඳින්නත් නේද ඉන්නේ... කතා කරලා බලපන් මොකෝ වෙලා තියෙන්නේ කියලා... උස්සන්නැතිව ඉන්න එපා...‘

    රනුක් සිනා සෙමින් දුරකථනය නිහඬකරවා සාක්කුවේ දාගත්තේ ය. නැවතත් එයට ඇමතුමක් ලැබිණි. රනුක් දුරකථන තිරය බලද්දී එහි සටහන්වූයේ දන්නා අංකයක් නොවේ. ඒ අනුව ඔහු ඝෝෂාකාරී වටපිටාවෙන් මදක් ඈත්ව ඊට පිළිතුරු දුන්නේ ය.

    ‘හෙලෝ...‘

    ‘මේ හෙලෝ... ඉක්මණට ක්‍රෙස්කැට් එකට එන්න පුළුවන් ද?‘

    ‘කව්ද මේ, වැරදීමක් වෙලා ඇති. මන් මේ පොලිස් ඔෆිසර් කෙනෙක් කතා කරන්නේ.‘

    ‘අයියෝ මාව අඳුනන්න බැරිද.... මන් සිතුමි. ඉක්මණට ක්‍රෙස්කැට් එකට එන්න.‘

    ‘සිතුමි.... අප්පා... ඔයා කොහොමද මගේ නම්බර් එක ගත්තෙ... අනික මන් මොකටද ක්‍රෙස්කැට් එකට එන්නේ?‘

    ‘ඇයි මනුස්සයො තමුසෙමනෙ මට කිව්වෙ අපිට එකතු වෙලා ජීවිත බේරා ගතෑකි කියලා. දැන් මන් මේ මිනිහෙක් පිටිපස්සෙ යන ගමන්. ඒ මිනිහා ක්‍රෙස්කැට් එකට ගියා. ඒකයි කතා කලේ.‘

    ‘පොඩ්ඩක් ඉන්න මිස්... මන් කොහෙද, කවද්ද කිව්වෙ ජීවිත බේර ගන්න කතාවක්... ‘

    ‘ඇයි අනේ ඔයාමනේ ගිය සතියේ ගෙදරට ඇවිල්ලා දොරට ගගහ කෑ ගැහුවේ අපිට එකතුවෙලා ජීවිත බේරගතෑකි කියලා....‘

    ‘ආහ් එදා වෙරිවෙලා කෑ ගැහුව එකනෙ ඔය කියන්නේ. හරි ඉතින් කාපු බීපු වෙලාවට මිනිස්සු ඔයවගේ ඒවා කියනවා තමා. ඒවා සීරියස් ගන්න එපා.‘

    ‘මොකක් ද ඕයි තමුසෙ කියන්නේ... රෙද්ද... බම්බු ගහගන්නවා... ආයත් තමුසෙ මට කතා කරන්න එපා. මගේ ඉස්සරහට එන්නත් එපා. අම්මපා මට අහුඋනොත් තමුසෙගෙ ඇස් බෝල ගලොනවා මගේම ඇඟිලි වලින්...‘

    ‘හෙලෝ.. හෙලෝ... චැක් මේකි කට් කලානේ..‘

    ‘ඒයි සනා... මට මේ නම්බර් එකෙන් කෝල් එක ආවේ කොහෙන්ද කියලා ට්‍රේස් කරලා දියන්කො කොල්ලො..‘

    ‘මොකක්ද අයියේ මට මේ නිව්ස් බලන්න දෙනවකො..‘

    ‘අනේ පුතා ඉක්මනට බලපන්.‘

    *****************​

    මහලොකු පොලිස්කාරයා.. මට ජීවිත බේරගමුයි කියලා දැන් මගෙන් අහනවා කොහෙදිද එහෙම කිව්වෙ කියලා... හොඳයි රනුක් බලාගමු... සිතුමි තමන්ටම කියා ගත්තා ය. ඇය කල්පනා කළේ තමුන්ගේ ඉදිරියෙන් සිටිනා තැනැත්තා ට කුමක් කරන්නේ ද යන්නයි. රනුක් නැති වුනත් ඔහුගේ ජීවිතය තමුන් විසින් ම බේරා ගන්නා බවට වන අධිෂ්ඨානයකින් යුතු ව ඇය ක්‍රෙස්කැට් වෙළඳ සංකීර්ණයට ඇතුල් වූවාය. වෙළඳසැලෙන් වෙළඳසැලට අවධානයෙන් ගමන් කළ ඇයට එක්තරා වෙළඳසැලක සිටින මිනිසා හඳුනාගැනීමට හැකිවිනි. ඇය ඔහු වෙත ගමන් කලා ය.

    ‘මේ එක්ස්ක්‍යුස්මී මිස්ටර්.‘

    ‘ආ... මට ද මිස් කතා කලේ..‘

    ‘ඔව්... මන් කතා කළේ ඔයාට.. මට ටිකක් කතා කරන්න පුළුවන් ද?‘

    ‘මොකෝ බැරි මේ වගේ ලස්සන කෙල්ලෙක් කතා කරන්න අහද්දි කතා නොකර ඉන්නෙ කොහොම ද...අපි මොනා හරි බොන ගමන් කථා කරමු... මිස් මොනාද බොන්නේ?‘

    ‘අනේ තෑන්ක්ස්... මට මුකුත් එපා. ටිකක් කතා කරන්න තිබ්බනම් ඇති.‘

    ‘එහෙම බෑ නේ... ඉන්න....‘

    ඔහු ඇයටත් සිසිල්බීම මිලට ගත්තේ ය.

    ‘අපි අතනින් වාඩි වෙලා ම කතා කරමු.‘

    ‘ඒක හොඳයි.‘

    ඔවුන් දෙදෙනා පාරිභෝගිකයන් ට අසුන් ගැනීමට තිබූ ස්ථානයට ගොස් මේසයක දෙපත්තේ වාඩි විය.

    ‘ඉතින් මිස්.. මමනම් මිස්ව අඳුනන්නෙ නෑ. මිස් මාව දන්නවා ද‘

    ‘අනේ නෑ. මමත් අදම තමයි මිස්ටර්ව දැක්කෙ. ඒත් හිතුනා කතා කරන්න.‘

    ‘වව්... ඒක මාරයිනේ.... මොකෝ දුටු පමණින් ම ආදරේ හිතිල ද....‘

    ‘අනේ එහෙම නෙමෙයි...‘

    ‘එහෙනම් එහෙනම්...‘

    ‘මේකයි මිස්ටර්... මන් කතා කරන්න ඕනා කිව්වෙ ඔයාගේ ජීවිතේ ගැන දෙයක්.‘

    ‘මොකක්.... මගේ ජීවිතේ ගැන.... ඔයාට මොනාද මගේ ජීවිතේ ගැන කතා කරන්න තියෙන්නේ.‘

    ‘අද දවසෙ ඔයාට පුළුවන් ද මා එක්ක ම ඉන්න?‘

    ‘මොකක් ද මොකක්ද? ... ද දවසෙ ඔයත් එක්ක ඉන්න... යකෝ මේක මාර කතාවක් නේ...මිනිස්සු ගෑනුන්ගෙන් නම් ඔහොම අහනවා මන් අහලා තිබුනා. හැබැයි ගෑණියෙක් මිනිහෙක්ගෙන් අහනවා ඇහුවමයි... අම්මපා..‘

    ‘ප්ලීස් වැරදියට හිතන්න එපා... අද දවසෙ ඔයා එහෙ මෙහෙ ඇවිද්දොත් ඔයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒකයි මන් එහෙම කියන්නේ.‘

    ‘මගේ ජීවිතේ නැතිවෙන්න?.... ඒ මොන හරුපයක් ද... මේ මිස්... මන් මේ කතා කරන්න ඕනයි කිව්වම මනුස්සකමට ලස්සන කෙල්ලෙක්නෙ කියලා කතා කලේ. මොනාද මේ කියන පිස්සු කතා...‘

    ‘කරුණාකරලා මන් කියන දේ අහන්න.... ඇත්තටම කතාව මේකයි.... මට සාස්තර කියතෑකි.‘

    ‘හික්ස්..... සාස්තර.... ඉතින් මට මොකක් ද ඒකෙන් ඇති වැඩේ...‘

    ‘මගේ දැනුමට අනුව අද දවස ඔයාට මාරකයි.. ඒකයි මන් කිවුවේ..‘

    ‘අනේ මේ නංගී... නිකන් ඉන්න අප්පා මගේ කාලේ නොකා... මන් මේ කරන්න තියෙන වැඩ ටික කරගන්න වෙලා මදිවෙලා ඉද්දි මෙයා එනවා සාස්තර කියන්න. මන් යනවා යන්න.‘

    මිනිසා ඇය දෙස අවඥාවෙන් බලා නැගී සිටිද්දී සිතුමි ද නැගිට්ටා ය.

    ‘මේ අහන්න.. මන් කියන දේ අහන්න.‘

    එසේ කියමින් ඇය මිනිසාගේ අතින් අල්ලා ගත්තා ය.

    ‘මොන විකාරයක් ද මේ..‘

    මිනිසා ඇයව පසෙකට තල්ලු කලේ ය. ඒ සමඟ සිතුමි විසි වී ගොස් පුටුවක් පෙර ලා ගෙන බිම වැටිනි. අසල සිටියවුන් ද ඒ ශබ්දය සමඟ සිදුවීමට අවධානය යොමුකළ හ. තමා දෙස බලා සිටින්නන් සිද්ධියට අවධානය යොමු කළ බව වටහා ගත් සිතුමි කෑ ගසන්නට පටන් ගත්තා ය.

    ‘යන්න දෙන්න එපා ඔය මිනිහාට.. මට කරදර කරලා පැනලා යන්න හදන්නේ... යන්න දෙන්න එපා...‘

    ඇය කෑ ගැසුවාය. මිනිසා බිරන්තට්ටු වී ඇය දෙස බලා සිටියේ සිදුවූයේ කුමක් දැයි වටහා ගැනීමට නොහැකි වීමෙනි. ගැහැණියකට සිදු වූ කරදරයකදී එහි සත්‍ය අසත්‍යතාවය කෙසේවෙතත් සමාජය තුළදී පිරිමියාට වරදකරුවකු වීමට ගත වන්නේ තප්පර කීපයකි. ඔහුද එය දන්නේ ය. අවාසනාවට දැන් ඔහු මුහුණ දී සිටින්නේ එම තත්ත්වයට ය. කිසිදින නොදන්නා, කිසිවික් නොදන්නා, ටික වෙලාවකට පෙර තමුන් සොයා ආ ගැහැණියක් දැන් තමුන්ගේ වරද කියමින් කෑ ගසයි. වටපිට බැලු ඔහුට මිනිසුන් එකා දෙන්නා ඔහු වෙත ඇදෙනවා දක්නට ලැබිණි. තවත් වේලා මෙහි සිටියහොත් තත්ත්වය දරුණු වන බව තේරුම් ගත් මිනිසා ස්ථානයෙන් පලා ගියේ ය.

    ‘යන්න දෙන්න එපා, අල්ලාගන්න ඔය මිනිහව...‘

    සිතුමි ද නැගිට ඔහු පසුපස දුව ගියා ය.

    වෙළඳසැල් කීපයක් පසුකරමින් දුවගිය මිනිසා, තමුන්ගේ මාර්ගය බාධා කරමින් තරුණයකු සිට ගන්නවා දුටුවේ ය. ඒ විගස ඔහු ආරක්ෂිත පියවරක් අනුගමනය කරමින් තරුණයාගේ සිරුරේ පැත්තක හැපුනේ තරුණයා ව මාර්ගයෙන් ඉවතට විසි කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙසින් කැරකී ගිය තරුණයා මුණින් අතට බිම වැටුනේ ය. නමුත් ඔහුගේ ගමන් වේගය ද ඉන් අඩාල විනි. ඔහු ද පසකට විසිවිනි. බිමවැටුන තරුණයා දෙස බැලූ ඔහු දුටුවේ තමුන්ට සාස්තර කියූ තරුණිය බිමවැටුනු තරුණයාගේ ද ඇඟට පැන, ඔහුගේ ඇඟට කඩා පිනූ ආකාරය යි. ඔහුට ඉවත් වීමට නොහැකි විනි. වේගයෙන් තරුණිය ඔහුගේ ඇඟට පැන්නා ය.

    බිමවැටුණු රනුක්ගේ පිටට පැන සිතුමි මිනිසාගේ ඇඟට පැන්නා ය. ඇය පළඳාගෙන සිටි පා පළඳනාව කුමක් වුවද සම්පූර්ණයෙන් ම තමුන්ගේ පිටේ ඇනීමෙන් රනුක් ට කෑ ගැසිනි. නමුත් රනුක් වේදනාවත් ලැජ්ජාවත් පසෙක ලා ක්ෂණයෙන් නැගී සිටියේ ය. ආපසු හැරුණු ඔහු දුටුවේ සිතුමි, මිනිසකුගේ ඇඟ මත පොරකන අයුරු යි. වහාම එහි දිවගිය රනුක් මිනිසාගේ අත් සිතුමිගෙන් ගලවා සාක්කුවේ තබා ගෙන සිටි මාංචුව මිනිසාගේ දෑතට දැමීමට සමත් විය. වැඩි වේලාවක් ගතවීමට පෙර පොලිස් යතුරු පැදියක් ද එහි පැමිණියේ ය. ඒ අනුව කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අර මිනිසා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තිය ප්‍රකාරව පොලිස් අත්අඩංගුවට පත් විනි.

     

    hpalpola

    Well-known member
  • [FONT=&quot](12)[/FONT]

    [FONT=&quot]පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තැනැත්තා රැගෙන යෑමෙන් පසුව සිතුමිත්, රනුකුත් ක්‍රෙස්කැට්හිම පසකින් අසුන් ගත් හ.
    [/FONT]



    [FONT=&quot]‘සමාවෙන්න රනුක්.‘[/FONT]


    [FONT=&quot]‘ඒ මොකට ද‘[/FONT]


    [FONT=&quot]‘ඔයාගේ පිටේ මගේ සපත්තු පාර වැදිලා. රිදෙන්නත් ඇති.‘[/FONT]


    [FONT=&quot]‘මොකක්.....‘[/FONT]


    [FONT=&quot]රනුක් කමිසය අදිමින් එහි පසුපස බැලීමට උත්සාහ කරද්දී සිතුමි ඇගේ මුව අතින් වසා ගෙන සිනා සුනා ය.
    [/FONT]



    [FONT=&quot]‘තමුසෙට හිනා නේ ද? දැන් මන් කොහොම ද ආයිත් පොලීසියට යන්නේ චැක්..‘[/FONT]


    [FONT=&quot]‘මේ රනුක් ඒක නෙමේ... මන් ෆෝන් එක තිබ්බට පස්සෙ ඔයා කොහොම ද මෙතනට ආවේ...‘[/FONT]


    [FONT=&quot]‘ආහ්... ඒ ගැන හිතන්න එපා මන් පොලීසියෙනේ. අනික බුද්ධි අංශෙ... මේ ඒක නෙමෙයි. දෙන්න මට ඔයාගේ ෆෝන් එක ටිකකට.‘[/FONT]


    [FONT=&quot]රනුක් ඇගේ දුරකථනය ගෙන එයට නව ඇපයක් ඇතුළත් කළේ ය. මෙයින් එහි සම්බන්ධතාවය දක්වා ඇති අනෙක් දුරකථන අංකය ඒ අවස්ථාවේ ඇති ස්ථානය බලාගත හැක. එයට රනුක් තමුන්ගේ දුරකථන අංකය ඇතුළත් කළේ ය. සිතුමි රනුක් කරනා දේ නිහඬව බලා සිටියා ය. ඇයට ඇය ගැන ලැජ්ජා සිතුනි. මදවේලාවකට පෙර අර මිනිසා ආම්බාන් කිරීමේ පොරයේ දී ඇය රනුක්ට පොලිස් සේවයෙන් ඉවත්වන ලෙසින් කියා සිටියා ය. ඇය ඊට හේතුව කරගත්තේ රනුක් බිම වැටීම යි.
    [/FONT]



    [FONT=&quot]‘ආ දැන් හරි. ඔයා මොන දීපංකරේ ගියත් දැන් මට බලාගත්තෑකි.‘[/FONT]


    [FONT=&quot]‘ඒ මොකට ද ඒ?‘[/FONT]


    [FONT=&quot]‘ඇයි ඉතින් කතා කරන කරන සැරේට මලපැනලා ෆෝන් එක කට් කරාම මන් එපැයි හොයා ගන්න.‘[/FONT]


    [FONT=&quot]‘මේ ඒක නෙමෙයි රනුක්, මන් අර ඉස්සෙල්ලා කිව්ව කතාව ඉල්ලා අස් කර ගන්නවා හොඳේ.‘[/FONT]


    [FONT=&quot]‘මොකක් ද‘[/FONT]


    [FONT=&quot]‘ඇයි අනේ මන් කිව්වේ ඔයාට පොලීසියෙන් අයින් වෙන්න කියලා. අද මේ වෙච්ච වැඩේ ජොලි හලෝ. අපි එකතු වෙලා මේ වගේ මිනිස්සුන්ට උදව් කරමු. ඔයා ඒකට දිගටම පොලීසියේ ඉන්න ඕනා.‘[/FONT]


    [FONT=&quot]‘අනේ මේ නිකන් ඉන්නවා...‘[/FONT]


    [FONT=&quot]රනුක්ට ද අද සිදුවීම සතුටක් ගෙනාවේ ය. සිතුමි සමඟ ඉන්නා විට ඔහුට වෙනසක් දැනිනි. දැන් මෙහි කාලය ගත කලා ඇති ය. පොලීසියට යා යුතු ය.
    [/FONT]



    [FONT=&quot]‘මේ අහන්න සිතුමි. මන් හොඳටම දන්නවා ඒ අහිංසකයා ඔයාට කිසිම කරදරයක් කළේ නෑ කියලා. ඔයා ඒ මිනිහාව රිමාන්ඩ් කරන්න තමයි රඟපෑවේ කියලත් මන් දන්නවා. ආයිත් ඒ වගේ දේවල් කරන්න එපා. ඕවා බැක්ෆයර් වෙන්න පුළුවන් ඔයාට ම‘[/FONT]


    [FONT=&quot]‘මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. ඒ මිනිහා කොච්චර කීවත් අහන්නෙ නෑ නේ. ඒ කොහොම වුනත් ඒ මනුස්සයා බේරුනා කියලා සතුටු වෙතෑකි. ඒත්.... හ්ම්..‘[/FONT]


    [FONT=&quot]‘මොකෝ ඒ සැරේ...‘[/FONT]


    [FONT=&quot]‘රනුක් මන් දැක්කෙ ප්‍රාණ ඇපයට ඒ මිනිහාව තියාගෙන ඉන්න සිද්ධියක්. වෙලාවකට හිතෙනවා ඒ මිනිහා බේරුනත් වෙන කෙනෙක් ඒකට අහු වෙයිද කියලා..‘[/FONT]


    [FONT=&quot]‘මොකක්ද මොකක් ද ඒ කතාව.. ප්‍රාණ ඇපය කියන්නේ.. මොකක් ද‘[/FONT]


    [FONT=&quot]‘මේ මනුස්සයාව මන් බේර ගන්න හැදුවෙ වෙඩි වැදිලා මැරෙන සිද්ධියකින්. මන් දැක්ක විදියට වෙඩි තියන්නේ මේ මිනිහාව ප්‍රාණ ඇපයට තියා ගෙන ඉන්න කෙනෙක්. දැන් මේ මිනිහා නැති වුනාට අර වෙඩි තියන කෙනා ඉතුරුයි නේ. ඒකයි මන් කල්පනා කළේ. ඒ මිනිහා වෙන මිනිහෙක් ව මේ මිනිහා වෙනුවට අල්ලගත්තොත්..‘[/FONT]


    [FONT=&quot]‘අල්ලගත්තොත්.....‘[/FONT]


    [FONT=&quot]රනුක් සිටගත්තේ ය.
    [/FONT]



    [FONT=&quot]‘එහෙම වුනොත් මේ කරපු දෙයින් වැඩක් නැති වෙනවා. ඔයාට මතක ද කොහේද මේක වෙන්නෙ කියලා. නැත්නම් කවද්ද කියලා. එතකොට අනිත් මිනිහා කව්ද කියලා..‘[/FONT]


    [FONT=&quot]සිතුමි ද නැගිට්ටේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මට එහෙම ම මතකයක් නෑ.. ඉන්න ටිකක් මතක් කරගන්නකම්.... ඔව් මන් හිතන විදියට මේ අනිත් මිනිහා ආමි හරි එස්ටීඑෆ් හරි එක්කෙනෙක් වෙන්න ඕනා. මොකද එයා ඇඳන් ඉන්න ඇඳුම ඒ අය අඳින එකක්.‘[/FONT]


    [FONT=&quot]‘ම් ම් එහෙම කිව්වට කොහොම ද හලෝ කෙනෙක් ව හොයා ගන්නේ.‘[/FONT]


    [FONT=&quot]‘ඉන්නකො කියනනම්... මේ කෙනා මන් හිතන්නේ හමුදාවේ වෙන්න ඕනා. නැත්නම් පිස්තෝලයක් තියන් ඉන්න බෑ නේ නේ ද?‘[/FONT]


    [FONT=&quot]‘පිස්තෝලයක්??‘[/FONT]


    [FONT=&quot]‘ඔව් අනේ මන් කිව්වේ මන් දැක්කෙ ප්‍රාණ ඇපකාර සිද්ධියක් කියලා.‘[/FONT]


    [FONT=&quot]‘ආ ඔව් සොරි සොරි‘[/FONT]


    [FONT=&quot]‘මේ ඒක නෙමේ ඔයා දැක්කෙ මොන වගේ තැනක වෙන දෙයක් ද?‘[/FONT]


    [FONT=&quot]‘ම් ම් ඒක ලොකු බිල්ඩිමක්. ලොකු කියන්නෙ උස.. එක බිල්ඩිමක ඉඳන් අනෙක් එකට යන්න පුළුවන්..... ම් ... එතන තියෙනවා ඉන්දියන් සාරි විකුණන සේල් එකක්. මිනිස්සු පිරිලා ඉඳියෙ ඒක නිසා...‘[/FONT]


    [FONT=&quot]‘හෝව් හෝව්.... ඉන්දියන් සාරි... මිනිස්සු පිරිලා... උස බිල්ඩිමක්.. ඔය කියන්නේ පිට්ටු බම්බුව ලඟ නේ, ඩබ්ලිව් ටී සී එක තමයි ඔහොම තැනකට තියෙන්නේ මේ ලංකාවේ ... ‘[/FONT]


    [FONT=&quot]‘පිට්ටු බම්බුව.... ඒත් සාරි සේල්‘[/FONT]


    [FONT=&quot]‘අයියෝ සිතුමි... අනාදිමත් කාලෙක ඉඳලා ඔතන සාරි, සෙරෙප්පු ලාබෙට විකුණනවා. පිට්ටු බම්බුවේ ඉන්න කෙල්ලොයි, ඕකෙ වැඩ කරන කෙල්ලොයි පඩිය ඉවර කරන්නෙ ඕවයින් තමා.‘[/FONT]


    [FONT=&quot]‘හරි එහෙනම් එතන තමයි තැන. ඒ වුනාට වැඩේ තියෙන්නේ වෙලාව නේ.‘[/FONT]


    [FONT=&quot]‘මෙහෙමයි. අපිට මෙතන ඉඳන් සේරම කරන්න බෑ. පේන දුරනේ එතැනට. අපි යමු. ගිහිල්ලා කල්පනා කරමු. අනෙක මන් හිතන්නේ අපි මේ සෝල්ජර්ව අල්ල ගත්තානම් වැඩේ හරි.‘[/FONT]


    [FONT=&quot]‘චික් මට මූණ පෙනුනේ නෑ නේ ඒ මනුස්සයාගේ..‘[/FONT]


    [FONT=&quot]‘ගෑණුන්ගෙ හැටි නේ ඉතින්. ඕන දේවල් බලන්නේ නෑ. වෙන වෙන දේවල් තමයි ඉතින්.. යන් යන් අතන මගේ වාහනේ..‘[/FONT]


    [FONT=&quot]ක්‍රෙස්කැට් සිට ලෝක වෙළඳ සංකීර්ණයට ඇත්තේ කෙටි දුරකි. වාහන තදබදය අතරේ වුවද විනාඩි කීපයකින් ම රනුක් තම රථය එහි පදවාගෙන ආවේ ය. ආරක්ෂක අංශයට දැනුවත් කිරීමෙන් පසුව ඔහු වාහනය නැවතුම් පලේ නවතා සිතුමි ද කැටුව ගොඩනැගිල්ල ඉදිරියට පැමිණියේ ය. ඒ වන විටත් එහි ඉන්දියන් සාරි, හෑන්ඩ්බෑග්, සෙරෙප්පු වැනි කාන්තා අයිතම විකිණීමේ අලෙවිසැල් කීපයක් පවතින ආකාරයත්, කාන්තාවන් මෙන්ම පිරිමින් ද එහි සැරිසරනවාත් ඔවුන් ට දිස් විනි.[/FONT]


    [FONT=&quot]‘මේක තමයි පොට් එක.‘[/FONT]


    [FONT=&quot]‘ම් ම්.... මටත් ඒක ෂුවර්. ඒත් වෙලාව හොයා ගන්න එක තමයි අමාරු..‘[/FONT]


    [FONT=&quot]‘අයියෝ.... කමක් නෑ. අපි ටිකක් ඇවිදලා බලමු ද වටපිටේ මොනාහරි හෝඩුවාවක් ලැබේවි ද කියලා.‘[/FONT]


    [FONT=&quot]‘හා නිකන් ඉන්නවාට වඩා ඒක හොඳයි.‘[/FONT]


    [FONT=&quot]දෙදෙනා වෙළඳ සංකීර්ණයට ඇතුලු වී ඔබමොබ ගමන් කළේ සිතුමිට යම් හෝඩුවාවක් ලැබෙන තුරු ය. මේ අතරේ එක්ස්කැලේටරයෙන් පහලට පැමිණෙනා එක්තරා තරුණියක් සිතුමිගේ නෙත ගැටුණි. ඇය ඒ තරුණිය දෙස මද වේලාවක් බලා සිටියා ය. රනුක් ද වටපිට බලමින් ඇය අසලම සිටියේ ය. ඇය හිමින් සීරුවේ රනුක් ගේ අතින් අල්ලා ගෙන ඇගේ දෙසට ඇද සෙමින් කතා කළා ය.[/FONT]


    [FONT=&quot]‘මේ මේ අර යන ලේඩි ඉන්නවා නේද... මන් හිතන්නේ එයා දන්නවා අර හමුදා මෑන් ගැන‘[/FONT]


    [FONT=&quot]‘මොකක් ඒ කොහොම ද?‘[/FONT]


    [FONT=&quot]‘මන් දැක්ක විදියට අර සිද්ධිය වෙලාවෙදී ඔය ලේඩිත් ලඟ පාත ඉඳියා. එයා කෑ ගහන විදියට මට හිතා ගතෑකි.‘[/FONT]


    [FONT=&quot]රනුක් මද වේලාවක් සිතුමි දෙස බලා සිටියේ ය.[/FONT]


    [FONT=&quot]‘එහෙනම් අපි එයාට කථා කරමු. යන් ඉක්මනට.‘[/FONT]


    [FONT=&quot]‘ඔයා ඉන්න මන් කතා කරන්නම්.‘[/FONT]


    [FONT=&quot]සිතුමිත් රනුකුත් ඉක්මණින් ඔවුන් දුටු තරුණියගේ පසුපස ගමන් කළේ ඇයව නවත්වා ගැනීමේ අරමුණෙනි. ඇය විදුලි සෝපානයකට ගොඩ වීමට සූදානමින් සිටින අවස්ථාවේ දී ඔවුන්ට ඇය හමු විය. රනුක් පසෙක සිටියදී ඇය සමඟ සිතුමි කතා කළා ය. පසුව ඇය ඔවුන් දෙදෙනා සමඟ වෙළඳ සංකීර්ණයේ ඇති එක්තරා ආපනශාලාවකට ගමන් කළා ය. එහිදී ඔවුන් අතර කතාබව සිදුවිනි. සිතුමි තමන්ගේ තත්ත්වය ඇයට කෙටියෙන් විස්තර කළත් ඇය එය පිළිගන්නා බවක් නොතිබිණි. නමුත් කතා බහ දිගින් දිගටම සිදු විනි.
    [/FONT]



    [FONT=&quot]‘මට තේරෙන්නේ නෑ මොනා කියන්නද කියලා. මමත් අද උදේ තමයි දැනගත්තේ බෝයිෆ්‍රෙන්ඩ් හමුදාවෙන් පැනලා ගිහින් කියලා.‘[/FONT]


    [FONT=&quot]‘මිස් කොහොම ද ඒක දැනගත්තේ‘[/FONT]


    [FONT=&quot]‘අද උදේ ඔයාලා දැක්කද දන්නෙ නෑ, නිව්ස් එකක් ගියා අර පාර්ලිමෙන්ටේරියන් කෙනෙක්ගේ පුතෙක් ගැන..‘[/FONT]


    [FONT=&quot]‘මන් දැක්කෙ නෑ නේ.‘[/FONT]


    [FONT=&quot]‘මන් දැක්කා. ඒ මිස්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙමේ නේ?‘
    [/FONT]



    [FONT=&quot]රනුක් පුදුම විය.[/FONT]


    [FONT=&quot]‘නෑ නෑ...ඒත් ඒ බෝයිගේ ටීම් එකේ ම තමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් හිටියෙත්. මෙයාලටත් ඒකගේ උණ ගහලා තිබ්බේ. මම ඒක නිසා දවස් ගාණක්ම බැන්නාත් එක්ක. ඒත් වැඩක් වුනේ නෑ. අද නිව්ස් එක යද්දි මන් ගත්තා ෆෝන් එකට. එතකොට ආන්ස්වර් කරන්නෙ නැති නිසා යාළුවෙක්ට ගත්තමයි සිද්ධිය දැන ගත්තෙ, මෙයා ඇබ්සන්ට් වෙලා කියලා. මන් ඊට පස්සේ ටෙක්ස්ට් කලා. ඒකට රිප්ලයි ආවා. අද අපි හම්බවෙනවා කොහොමහරි.‘[/FONT]


    [FONT=&quot]‘ම් කොහෙදිද මිස් එයාව හම්බවෙන්න හිතන්නේ..‘[/FONT]


    [FONT=&quot]‘මේ පහල තියෙනවා පීසා හට් එකක්. එතනදි තමයි 3 ට විතර හම්බ වෙන්න ඉන්නෙ‘.[/FONT]


    [FONT=&quot]‘හරි, මිස් අපි ගැන එයාට මුකුත් කියන්න එපා. අපිත් ලඟ පාත ඉන්නවා.‘[/FONT]


    [FONT=&quot]රනුකුත් සිතුමිත්, තරුණිය සමඟ සාකච්ඡා කොට හමුදාවෙන් පලා යන සෙබලා අල්ලා ගැනීමේ අවස්ථාව එනතුරු බලා සිටින්නට විය. තරුණිය ඊට උපකාර කිරීමට එකඟ වූයේ ඔහු විසින් අවස්ථා කීපයකදි ම ඇයට මරණ තර්ජන කර තිබීම නිසාවෙනි. ඊට හේතුව වී තිබුනේ සෙබල කණ්ඩායම විසින් සිදු කරන ලිංගික අපචාර ක්‍රියාවන් නතර කිරීමට ඇය විසින් සෙබලාට අවවාද කර තිබීමයි. පස්වරු 2.30 ට පමණ ඇගේ දුරකථනයට ඇමතුමක් ලැබිණි. එයට පිළිතුරු දුන් ඇය සිතුමිගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යැවුවා ය. ඒ පණිවිඩය සිතුමි රනුක් ට පෙන්වීය. එහි දැක්වෙන ආකාරයට සෙබලා මේ වන විට සිටින්නේ ආසන්නයේ ය. ඔහු ඇමතුම ගෙන ඇත්තේ මාර්ගයේ වූ දුරකථන කුටියකිනි. රනුකුත් සිතුමිත් වන්නට යන සිදුවීමට සූදානම් විය.
    [/FONT]



    [FONT=&quot]කාලය සෙමින් ගෙවී යයි. ඒ අතරේ පෙනුමට සිටින තරුණයකු මේ ආපන ශාලාවට ඇතුල් විනි. ඔහු විශාල ට්‍රැවලින් බෑගයක් පිටේ රඳවාගෙන සිටී. රනුක් සිටියේ ඔහුට පසුපස හරවා ගෙන ය. සිතුමි සිටියේ ඔහුව පෙනෙනා ලෙසිනි. ඔහු ඇතුල්වන විට සිතුමි, පීසා කැබැල්ලක් සපමින් සිටියා ය. තරුණයා ශාලාවේ මේස දෙස විමසුම් දෑසින් බලා අර තරුණිය සිටි මේසයට පැමිණෙනවා සිතුමි බලා සිටියා ය. ඒ අතරේ සිතුමි ඔහුගේ ඇඳුම නිරීක්ෂණය කළා ය. ඔහු පැළඳ සිටියේ කළු පැහැ බූට් සපත්තු කුට්ටමකි. ජැකටයක් පැළඳ සිටියද අත් සහ පපුව අතරින් හමුදා ඇඳුමේ කොටස් ඇයට දක්නට හැකියාව ලැබිණි. මේසය යටින් ඇය රනුක්ගේ කකුල පෑගුවාය.[/FONT]


    [FONT=&quot]‘ආව්ව්... මොකක් ද කරන්නේ.‘[/FONT]


    [FONT=&quot]සිතුමි වචන පිට නොකර ඇසෙන්, ඉඟි කරමින් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි තැනැත්තා පැමිණි බව රනුක් ට දැන්විය. රනුක් ද ඒ වන විට සිටියේ පීසා කැබැල්ලක රස විඳිමිනි. ඔහු එය අවසන් වන තුරු අසුනෙන් නැගිට්ටේ නැත. පීසා කැබැල්ල අවසන් වූ පසු නැගී සිටි රනුක් සිතුමිට ඇසක් ගසා, සෙබලා සිටිනා මේසයට ගියේ ඔහුට වෙනසක් නොදැනෙන ලෙසින් ඔහුගේ පසුපසිනි. කෙසේවෙතත් ඔහුගේ සිතේ දෙගිඩියාවක් තිබිණි. සිතුමි කී ආකාරයට මොහු සතුව පිස්තෝලයක් ඇත. ඔහු ප්‍රාණ ඇපකරුවකු රඳවා ගන්නේ ඒ ආයුධයේ උදව්වෙනි. එසේ කියා මෙය සිදු නොකර ද සිටිය නොහැක. ඔහු නැවතත් සිතුමි දෙස බැලුවේ ය. සිතුමි ඇසෙන් ඉඟි කලේ ඔහුව අල්ලා ගන්නා ලෙසිනි. මදවේලාවක් බලා සිටි රනුක්, සෙබලා අසලට ගියේ ය.[/FONT]


    [FONT=&quot]‘එක්ස්ක්‍යුස් මී මිස්ටර්... මට දැන ගත්තෑකි ද වෙලාව කීයද කියලා.‘
    [/FONT]


    [FONT=&quot]ඔහු සෙබලාගේ මුහුණට එබෙමින් ඇසුවේ ය. සෙබලා සමඟ උන් තරුණිය ද බියපත්ව සිටී.
    [/FONT]



    [FONT=&quot]‘වෙලාව... මන් ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ නැහැ..‘[/FONT]


    [FONT=&quot]‘මොකක් ඔරලෝසුවක් නෑ... මන් ඇහුවමයි..‘[/FONT]


    [FONT=&quot]‘ඇය දැන් ඔහෙත් මගෙන් වෙලාව අහන්නේ ඔහේ ලඟත් ඔරලෝසුවක් නෑ නේද?‘[/FONT]


    [FONT=&quot]‘ඇත්ත නේන්නම්.... හරි හරි දාන්න පහක්, එල කොල්ලෙක් නේ.‘[/FONT]


    [FONT=&quot]සෙබලා අත එසෙව්වේවත් නැත. නමුත් රනුක් ඔහු සමඟ කතා කරද්දී සිතුමිට වඩා හොඳින් සෙබලාගේ ඇඳුම් නිරීක්ෂණය කළේ ය. ඔහු, හමුදා ඇඳුම වැසෙන්නට තවත් ඇඳුමක් ඇඳ සිටින බව රනුක් වටහා ගැනීමට කිසිඳු අපහසුවක් නොවිනි. ඔව්.. ඔවුන් සොයනා තැනැත්තා මොහු බවට සැකයක් නැත. වාහනයෙන් බැස එද්දී රැගෙන ආ මාංචු කුට්ටම ඔහුගේ සාක්කුවේ ඇත. අවසන් වාක්‍යත් සමඟ ම රනුක් සෙබලාගේ අතකට මාංචුවේ එක් කොනක් සවි කරමින් ඔහුව අත්අඩංගුවට ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]‘සමාවෙන්න මිස්ටර්.. හමුදාවෙන් පැනලා යෑමේ වරදට ඔයාව ඇරෙස්ට් කරනවා ..‘[/FONT]


    [FONT=&quot]‘මොකක්.... ගෑණීයේ උඹ එහෙනම් මට ද්‍රෝහිවුනා...මන් උඹව...‘[/FONT]


    [FONT=&quot]‘ෂ් ෂ් කෑ ගහන්න එපා.. මෙතන. ඔහේව ඇරෙස්ට් කරන එකට ඒ ගර්ල්ගෙ සම්බන්ධතාවයක් නෑ. මන් ඔයා පස්සෙන්මයි ආවේ.. හා හා දඟලන්න එපා දැන්.‘
    [/FONT]



    [FONT=&quot]මේ අත්අඩංගුවට ගැනීමත් සමඟ සිතුමිගේත් රනුක්ගේත් දවසේ කාර්යයන් අවසන් විය.
    [/FONT]



    [FONT=&quot]‘මන් ඔයාට කිව්ව නේද සිතුමි. ඔයාගේ ඔය හැකියාව ශාපයක් නෙමෙයි කියලා. ඒක ඇත්තටම පිනක්.. අපි අද ජීවිතයක් බේරා ගත්තා ඒ නිසා.‘[/FONT]


    [FONT=&quot]‘ඒක හරි.. ඔයා මා එක්ක ලඟින් ඉඳිය එක ගැන මට සතුටුයි. මෙච්චර කාලෙකට නොදැනුන සතුටක් අද දැනෙනවා මට‘[/FONT]


    [FONT=&quot]‘ජීවිතයක් බේරනවා කියන එක මාර ම පිනක් සිතුමි. අපිට එකතු වෙලා ගොඩක් දේවල් කළෑකි ඉස්සරහට... එහෙනම් යන් මන් ඔයාව ගිහින් දාන්නම්..‘[/FONT]


    [FONT=&quot]‘නෑ රනුක් මන් යන්නම්, ඔයා අද ගොඩක් වැඩ කලා නේ මා එක්ක. මන් මෙතනින් දෙහිවලට බස් එකක් අරන් ගෙදර යන්නම්...‘[/FONT]


    [FONT=&quot]‘ම් ම් හිතට හරි ෆිට්.. ඒත් ඔයා බස් එකේ යවන එකත් මට ටිකක් අවුල් වගේ. හරි එහෙනම් පරිස්සමින් යන්න.‘[/FONT]


    [FONT=&quot]රනුක් ඇයට අතවනා පොලීසියට ඇවිද ගියේ ය. ඔහුගේ මූලිකත්වයෙන් අත්අඩංගුවට ගත් තැනැත්තන් දෙදෙනා සුළු පැමිණිලි අංශයේ රඳවා තිබිණි. ඒකක 5 ට යෑමට පෙර රනුක් සිරමැදිරියට ගොස් ඔවුන් දෙදෙනා පිරික්සුවේ ය. ප්‍රථමයෙන් ම අත්අඩංගුවට ගත් තැනැත්තා ඔහු දුටු විගස මැදිරියේ කූරු අසලට දුව ආවේ ය.[/FONT]


    [FONT=&quot]‘මොකක් ද ඔෆිසර් මේ නටන පිස්සුව.. මාව අතාරින්න. මගේ අම්ම මන් එනකම් බලන් ඉන්නවා..‘[/FONT]


    [FONT=&quot]‘සොරි ලොක්කා හෙට උසාවි දාලා තමයි යන්න වෙන්නෙ.‘[/FONT]


    [FONT=&quot]‘ප්ලීස් ඔෆිසර්.. එහෙනම් මට අම්මට කෝල් එකක් අරන් දෙන්න. එයා මන් එනකම් බලා ඉන්නවා ඇති.‘[/FONT]


    [FONT=&quot]‘ඒ කියන්නේ.‘[/FONT]


    [FONT=&quot]‘ඔෆිසර්. මම ඩබ්ලිව් ටී සී එකේ වැඩ කරන්නෙ. මගේ අම්මා ක්ලීනර් කෙනෙක්. එයාගේ ඇස් පෙන්නන්න තියෙනවා හවසට නවලෝකේ. මන් අම්මට කිව්වා ඩබ්ලිව් ටී සී එකට එන්න කියලා හවසට. ඒකට එන ගමන් තමයි අර යක්ෂනී මට මේ කරුමෙ කලේ. දැන් අම්මා එතනට ඒවි. එයා දන්නේ නෑ මට වෙච්ච වැඩේ.‘[/FONT]


    [FONT=&quot]මදවේලාවක් ඔහු දෙස බලා සිටි රනුක්ට ඔහු අසත්‍යයක් නොකියනා බව පසක් විය. ඒ අනුව ඔහු උපසේවා නිලධාරියා හමු වී ඔහුගේ දුරකථනය ගෙන ඔහු කියා සිටි අංකයට ඇමතුමක් ලබා ගත්තේ ය. ඒ වන විටත් ඒ අංකයෙන් ඇමතුම් කීපයක් ම ලැබී තිබිණි.
    [/FONT]



    [FONT=&quot]*************[/FONT]


    [FONT=&quot]කොහුවලට යෑමට බස්රියට නැගි සිතුමි, කොහුවල යෑම පසෙක තබා බම්බලපිටියෙන් බැස ගත්තා ය. ඇය එක්තරා ස්පා මධ්‍යස්ථානයකට ඇතුල් වූයේ සිරුරට සම්බාහනයක් ලබා ගැනීමට යි. ඇයගේ සිත අද සතුටින් පිරී ඇත. සම්බාහනය වීමට පෙර ඇය හොඳින් ඇඟ සෝදා ගත්තා ය. ඇඟ සෝදා ගෙන සම්බාහන කාමරයට පැමිණෙන විට ඇයට අමුත්තක් දැනිනි. ජංගම දුරකථනය ගෙන බැලූ විට රනුක්ගෙන් ලැබුණු ඇමතුම් 15 ක් එහි දිස්විනි. ඇය ඇඟ සෝදා ගැනීමට ගිය අතරතුර ඔහු ඇමතුම් ගෙන ඇත. නැවත රනුක්ට ඇමතුම් ගත්ත ද ඔහු පිළිතුරු දුන්නේ නැත. ඇයට අනතුරක සේයාවක් හැඟිනි. සම්බාහනය පසෙක ලූ සිතුමි, ඉක්මණින් ම මාර්ගයට පැමිණ ටැක්සියකට ගොඩ වූයේ පොලීසියට යෑමට ය. ඒ යන අතරතුරත් ඇය දුරකථන ඇමතුම් කීපයක් රනුක්ගේ දුරකථනයට ලබා ගත්තත් ඒ එකකටවත් පිළිතුරු නොලැබිණි. රනුක් සමඟ හැන්දෑවරුවේ පොලීසියට පැමිණි තරුණිය හඳුනාගැනීමට උපසේවා නිලධාරියාට අපහසුවක් නොවීය. ඇය රනුක් ගැන විමසන විට ඔහු දැනුම් දුන්නේ ඔහු ඒකක 5 සේවය කරන බවත් එය ඉහළ මාලයක පිහිටා ඇති බවත් ය. සිරමැදිරියේ සිටිනා සිරකරුවන් දෙදෙනා ඇය දෙස ඔරවාගෙන බලා සිටිනවා ද ඇය දැක්කේ ය. නමුත් ඒ ගැන නොතැකූ ඇය ඒකක 5 වෙත වේගයෙන් ගමන් කළා ය. ඒකක 5 ට ඇය යන විට එහි නිලධාරීන් කීපදෙනකු සිටියත් ඒ අයට ඇයව එතරම් වැදගත් නොවිනි. ඔවුන් ඒ වන විට පරිගණකයේ සජීවී ව පෙන්වන ප්‍රාණ ඇපකරුවකුට අදාළ සිදුවීමක් නරඹමින් සිටී. නමුත් ඇය එක් නිලධාරියකුගෙන් රනුක් ගැන විමසුවාය. ඔහු, රනුක් ගේ මේසය ඇයට පෙන්වමින් එහි ඔහු නැත්නම් නොදන්නා බව කීවේ ය. රනුක්ගේ මේසය දෙසට සිතුමි ගමන් කළේ නැවතත් දුරකථන ඇමතුමක් ලබා ගනිමිනි. ඒ අතරේ ඇය බිත්තියේ සවිකර ඇති විශාල ප්‍රමාණයේ රූපවාහිනියට ද අවධානය යොමු කළා ය. එහි විකාශනය වන දසුන දුටු ඇගේ අතින් දුරකථනය බිම වැටිනි. සජීවීව එම අවස්ථාවේ දී රූපවාහිනියෙන් විකාශනය වෙමින් පැවතුනේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ සිදුවන ප්‍රාණ ඇපකරුවකුට අදාළ සිදුවීමකි. පුද්ගලයකු ප්‍රාණ ඇපකරුවකු රඳවා ගෙන සිටින අයුරු එහි දර්ශනය විය. සමීප රූප රාමුවලදී ප්‍රාණ ඇපකරුවා බවට පත්ව ඇත්තේ රනුක් දිසානායක බව සිතුමි හඳුනා ගත්තා ය.[/FONT]


    [FONT=&quot]‘රනුක්..... ඔයා මොකක් ද එතන කරන්නේ... රනුක්...‘[/FONT]


    [FONT=&quot]තරුණියගේ කෑ ගැසීම ඇසුණ, ඇයට රනුක්ගේ මේසය පෙන්වූ නිලධාරියා ද එහි පැමිණ රූපවාහිනයට අවධානය යොමු කළේ ය. ඔහුට රනුක්ව හඳුනාගැනීමට තත්පරයක්වත් ගත නොවිනි.[/FONT]


    [FONT=&quot]‘ඒයි .. මේ බලන්න.. රනුක්ව පෙන්නන්නේ...‘[/FONT]


    [FONT=&quot]සියළුම නිලධාරීන් රූපවාහිනිය වටා රොක්විනි. වැඩිවේලාවක් ගියේ නැත. රූපවාහිනියෙන් ඇසුණු ඝෝෂා මධ්‍යයෙන් වෙඩි හඬක් ද ඇසිනි. ඒ වෙඩි හඬ සමඟ රනුක් දිසානායකත් ඔහුව ප්‍රාණ ඇපයට තබා ගෙන සිටි තැනැත්තාත් දෙපසට විසි වී වැටිණි.
    [/FONT]



    [FONT=&quot]‘රනුක්ට වෙඩි වැදුනා..‘[/FONT]


    [FONT=&quot]පොලිස් නිලධාරියකු කියනවා සිතුමිට ඇසුනි. ඇයගේ පා පණ නැතිවන සෙයකි. ඇයට වැරදීමක් සිදුව ඇත. හිමින් සීරුවේ මේසය අල්ලා ගත් ඈ, අසල ඇති අසුනේ ඉඳ ගත්තා ය. ඇගේ ඇස්වලින් කඳුළු බේරිනි. එසේම ඇය අසුන්ගෙන සිටි මේසය මත ඇති රනුක්ගේ ඡායාරූපය එවෙලේ ඇය දුටුවා ය. ඇගේ හිස තුළ හෙන පිපිරිනි. ඇය දිනුක්ගේ අතේ බැඳි මිතුරුකමේ වළල්ල වැනි වළල්ලක්, රනුක්ගේ අතේ ද පළඳා තිබෙනවා ඇය දුටුවා ය. ඇය ඡායාරූපය අතගාමින් හඬා වැටෙන්නට විය.
    [/FONT]



    [FONT=&quot]සිරමැදිරියේ සිටි රැඳවියාගේ මව වෙනුවෙන් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයට ගිය රනුක් එහිදී ප්‍රාණ ඇපකරුවකු බවට පත්විනි. ඔහුට වෙඩි වැදීමෙන් පසුව රෝහල් ගත කළ අතර ඒ ඔහුගේ මව ද අධ්‍යක්ෂකවරියක වන රෝහලට ය. ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කිරීමට රැගෙන යද්දී දීපිකා ද එහි පැමිණ ඊට ඇතුල්විනි. සත්‍ය ලෙසම ඒ අවස්ථාවේ එහි සිටි වෛද්‍යවරිය ඇය විය. නමුත් මෙහිදී තවත් වෛද්‍යවරුන් කීපදෙනකුම රනුක් වෙනුවෙන් ඔහුගේ මව විසින් යොදවා තිබිණි. රනුක්ව හඳුනාගත්විට දීපිකා ද මහත් කලබලයට පත්වූවා ය. දැඩි සත්කාර ඒකකයේ පැය භාගයක පමණ උත්සාහයකින් පසුව වෛද්‍යවරු ඔවුන් ට දැන්වූයේ රනුක් දිසානායක, ඔහුගේ හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරය නිසා මිය ගොස් ඇති බවයි. රනුක්ගේ මවත්, දීපිකාත් මහ හඬින් විලාප නගන්නට විය. සියල්ල සිදු වී අවසන් ය. රෝහල් ශාලාවේ පිරී සිටි මාධ්‍යවේදීන් විසින් රනුක් ගේ මරණය පිළිබඳව වන ප්‍රවෘත්තිය මාධ්‍ය මඟින් විකාශනය කළ අතර සිතුමි ට ද එය අසන්නට ලැබිණි. ඇය ඒ වන විට සිටියේ කොහුවල කරා ගමන් කරමිනි. ඇයට කවරදාවත් නොදැනුන පරාජිත බවක් එදින දැනුනේ කුමක් නිසාදැයි ඇය පවා නොදත්තා ය. රනුක් අවසන්වරට ඇයට සිනහවෙමින් අතවනා සමුදුන් අයුරු මැවී පෙනිනි. නිවසට පැමිණි ඈ තීරණයක් ගත්තා ය. නිදන කාමරයට ගිය ඇය, ඇඳමත තිබූ පොරවනය ගෙන තොණ්ඩුවක් සැදුවා ය. එහි කොනක් සිවිලිම් පංකාවේ ගැටගැසූ පසු ඇය අනෙක් පස වූ තොණ්ඩුව සිය බෙල්ලේ රඳවා ගත්තේ පුටුවක් ආධාර කර ගනිමිනි. තවදුරටත් ඇය සෙවණැලි දකින්නේ නැත. රනුක් දිසානායක ඇගේ වරදින් මියගොස් තිබේ. ඇය පරාජිතයෙකි. ඇගේ පියා, දිනුක් දැන් රනුක්... කිසිවකුට ඇගෙන් ඵලක් නොවිනි. ඇස් පියා ගත් සිතුමි, ඇය ආධාර කර ගෙන සිටි පුටුවට පයින් ගැසුවා ය. පුටුව විසි වී යද්දී ඇයගේ බෙල්ල වටා තිබූ තොණ්ඩුව ක්‍රමයෙන් තද විනි. ඇගේ ඇස් ක්‍රමයෙන් නොපෙනී යන්නට විය.
    [/FONT]



    [FONT=&quot]මේ අතර රෝහලේ මෘත ශරීරාගාරය වෙත ඇතුලු වූ වෛද්‍යවරයෙකි. ඔහු හිමින් සීරුවේ ට්‍රොලිවල සුදු රෙද්දෙන් වසා දමා තිබූ මෘත ශරීර පරීක්ෂා කරයි. මුඛ ආවරණයක් දමා ගෙන සිටින නිසා වෛද්‍යවරයා කව්රුන්දැයි හඳුනා ගත නොහැක. ට්‍රොලියෙන් ට්‍රොලියට ගමන් කළ ඔහු අවසානයේ ඔහු සෙවූ මෘත ශරීරය හඳුනා ගත්තේ ය. ඒ රනුක්ගේ මළ සිරුරයි. මළ සිරුර දුටු වෛද්‍යවරයාගේ ලොමු ඩැහැගැන්විය. වෙඩි උණ්ඩය රනුක්ගේ හිස පසුපසින් හිස තුළට ඇතුල් ව තිබිණි. නමුත් එය හිස් කබලින් පිට වී නැත. හිස පසුපසින් ගලා ආ රුධිරය මුහුණේ එක් පැත්තක් වැසෙන සේ ගලා ගොස් දැන් මිදී ඇත. දෑස් පියවී ඇත. වෛද්‍යවරයා, තම සුදු කබායේ සාක්කුවෙන් සැත්කම් සඳහා භාවිතා කරන පිහිය අතට ගත්තේ ය. ඔහුට අවශ්‍යව ඇත්තේ රනුක්ගේ ඇසක් ගලවා ගැනීමට යි. ඔහු ඒ සඳහා පිහිය මළ සිරුරේ මුහුණට ලං කරන්නට විය. නමුත් සිදුවූයේ ඔහු නොසිතූ දෙයකි. රුධිරය ගණ වී පියැවී තිබූ ඇස් පියන් විවර විණි. මළ සිරුරේ පණ ඇත. වෛද්‍යවරයා පසුපසට විසි වී ගියේ ය. ටික වේලාවකට පෙර වෛද්‍යවරුන් විසින් මියගිය බවට නිගමනය කර මිනිසා, දැන් මරණයෙන් නැගී සිටී. මළ සිරුර, එය වතුරුවා තිබූ ට්‍රොලියේ ම හිඳ ගත්තේ ය. ගෙලය ව්‍යායාමයක් ලැබීමට මෙන් හිස කරකැවුයේ ය. තමාගේ ඇස් විශ්වාස කිරීමට නොහැකි වූ වෛද්‍යවරයා වැටෙමින්, මෘත ශරීරාගාරයේ තිබූ ට්‍රොලිවල හැපෙමින් එයින් පලා ගියේ ය. ඔහු පිටවී ගිය ටික වේලාවකින් රනුක් දිසානායකගේ මළ සිරුර ද මෘත ශරීරාගාරයෙන් පිටව ගියේ ය.[/FONT]
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    කතාව ගොඩක් ලස්සනයි.
    මේ කතාව අපිට දිගටම කියවන්න ලැබෙයි කියලා හිතනවා.