පෙනෙන නොපෙනෙන

hpalpola

Well-known member
  • (13)​

    එවිට රාත්‍රී 12 ට පමණ වී ඇත. රාත්‍රී සමාජ ශාලාවක කා බී විනෝද වූ පෙම්වත් යුවලක් ඔවුන්ගේ කාර් රථයෙන් නිවෙස් බලා ගමන් කරති. මේ වේලාවට හයිලෙවල් පාරේ වාහන තදබදයක් නැත. දහවලේ නුගේගොඩ සිට කොළඹට යෑමට පැයකට වඩා ගත වුවත් රාත්‍රියේ දී වේගයෙන් රිය පදවන්නකුට විනාඩි 10 න් පමණ මේ දුර යා හැක. කාර් රථයේ රියදුරු වන යුවලේ තරුණයා මත්කුඩු පාවිච්චි කර මත් වී සිටින අතර තරුණිය ද මත්පැන් ගෙන මත් වී ඇත. ඔහු රිය සෙමින් පදවන විට ඇය ඔහුට වේගයෙන් පැදවීමට අනුදක්වයි. මත්වූවන්ට තමන් කරනා දෙයහි වගකීමක් නැත. වැඩි වේගය මරු කැඳවන්නේයැයි පොලීසියෙන් කෙතරම් දැන්වීම් කළත් මත් වූ පසු එහි ඵලයක් නැත. මේ යුවළට නොපෙනී තවත් කෙනෙක් රථයේ පසුපස අසුනේ සිට රියදුරු වේගයෙන් රිය පදවද්දී සතුටින් සිටී. සිතුමි සිටියා නම් මේ තැනැත්තා නො පෙනුනත් අර මිනිසා පසුපසින් කෙනකු සිටිනා බව නැත්නම් සෙවණැල්ලක් ඇති බව දකින්නේ ය. එහෙත් ඇය මෙහි නැත. රථයේ වේගය පැයක කිලෝ මීටර් 140 පසු කරයි. හයිලෙවල් පාර සෘජු, තනි කෙලින් ඇති පාරක් නොවේ. වංගු ද ඇති අතර මං සන්ධි ද ඇත. යුවළ වේගයෙන් සතුට ලබති.

    ‘තව හයියෙන් තව හයියෙන්....‘

    ‘ඔයාට අද මේ මොකෝ වෙලා තියෙන්නෙ මගේ කෙල්ලේ.... වැඩී වගේ නේ ද? හික් හික් හික්...‘

    ‘මොන වැඩියක් ද රත්තරන්... මේ වගේ ස්පීඩ් යන්න පුළුවන් ද අපිට කවදාවත්.... යමු යමු.... අපි පාගලා යාමු හැටේ.... මේ මට ඔයාව ඉඹින්න ඕනා මගේ කොල්ලෝ... ප්ලීස්....‘

    ‘පිස්සුද මැණිකෙ.. මෙච්චර ස්පිඩ් යද්දී ඕවා කරන්න ගියොත් මැරෙන්න තමයි වෙන්නේ..‘

    ‘අනේ මේ මන් දන්නවානේ මගේ සුපර් මෑන් ගැන.. කෝ කෝ...‘

    ‘ඒයි ඒයි විකාර කරන්න එපා...‘

    තරුණිය, තරුණයාගේ මුහුණ අල්ලා ගෙන ඉඹින්නට උත්සාහ දරයි. ඔවුන්ගේ මේ පෙම් කෙළිය, පිටුපස අසුනේ සිටින්නා විමසිල්ලෙන් බලා ගෙන සිටී. යුවළට ඔවුන් ඉදිරියේ ඇති මාරකය මේ පෙම් කෙළිය නිසා පෙනෙන්නේ නැත. කන්ටේනර් රථ ගමන් කිරීම දහවලට වඩා සිදුවන්නේ රාත්‍රියේ ය. ඒ දහවල ඇති ජනාකීර්ණ භාවය නිසා කන්ටේනර් රථ හේතුවෙන් වාහන තදබදය තවත් දැඩි වන නිසාවෙනි. රාත්‍රියේ මාර්ගවල ඇති හිස්බව නිසා කන්ටේනර් රියදුරන් ද අධික වේගයෙන් වාහන පදවන අවස්ථා වේ. මේ යුවළ පැදවූ රථය ඉදිරියටත් එවැනි කන්ටේනර් රථයක් පැමිණෙයි. පසුපස අසුනේ සිටින්නා බලා සිටින්නේත් මේ කන්ටේනරය පැමිණෙන තුරු ය. පෙම් කෙළියේ සිටින තරුණයාටත් තරුණියටත් ඔහුන්ගේ ඇස් අන්ධ කරවන ආකාරයේ ආලෝක කදම්භයක් දැනිනි. රියදුරුට අනතුර දැනෙන විට මත්බව පලා ගියත්, ප්‍රමාදය ආපසු හැරවීමට නොහැක. මහා මාර්ගයේ සිදුවන තත්පරයක පුංචි වරදක්, ජීවිත හානියක් බවට පත් වේ. තරුණයා තමුන් ඉදිරියට පැමිණෙන කන්ටේනරයේ කාරය වැදීම වැළැක්වීමට පසකට, වේගයෙන් කාරය හැර වූ අතර අධික වේගය කරන කොට ගෙන කාර් රථය පෙරලී ගොස් මාර්ගය කෙලවරේ ඇති තාප්පයක ද වැදී නැවතත් මාර්ගයට වැටුනේ වට කීපයක් ද කැරකීමෙන් පසුව ය. තරුණිය, කාර් රථය කැරකෙද්දී කාර් රථයෙන් පිටතට විසි වී මාර්ගයට ම ඇද වැටිණි. ඇගේ හිස පුපරා ලේ ගලමින් තිබිණි. නමුත් ඇය මියගොස් නොතිබිණි. අපහසුවෙන් නමුත් වීර්යයෙන් හිස ඔසවා ඇය කාර් රථය දෙස බැලීමට උත්සාහ කළා ය. හිස එසවෙන මොහොතක් මොහොතක් පාසා දැඩි වේදනාවක් ඇයට දැනිනි. නමුත් තරුණයා කෙරෙහි ඇගේ ආදරය, ඒ වේදනාව පරදා ඇයට ශක්තිය ලබා දුන්නා ය. ආදරයේ ස්වභාවය එයයි. ආදරය යනු අප තේරුම් නොගත්තාට මහත් වූ ශක්ති කදම්භයකි. කැරකී බිම වැටුණු කාර් රථයේ රියදුරු අසුනේ තවදුරටත් සිර වී සිටිනා තරුණයා ඇය දෙස බලා සිටිනවා ඇය දුටුවා ය.

    ‘අනේ.... මැරෙන්න නම් එපා..... මාව දාලා යන්න එපා...‘

    ඇගේ මුවෙන් වචන පිටවූයේ සෙමිනි. නමුත් ඇගේ වදන් කාර් රියේ සිටි තරුණයාට ඇසුනේ නැත. ඔහු ඒ වන විටත් අනතුර හේතුවෙන් මිය ගොස් තිබිණි.

    තරුණියගේ දෑසින් කඳුළු ගලා යයි. ඇය කතා කිරීමට උත්සාහ කලත් ඵලක් නොවිනි. මේ අතරේ ඔවුන්ගේ රථයේ පසුපස අසුනේ සිටි තැනැත්තා තරුණයා අසලට ගමන් කළේ ය. ඔහුට තරුණියගේ වචන ඇසිණි. වචන ඇසෙන දෙසට ඔහු අවධානය යොමු කළේ ය. ලේ ගලමින් කාර් රථය දෙස බලා සිටිනා තරුණිය ඔහුට පෙනිනි.

    ‘ආදරය කියන්නේ අපිට අදාළ ම නැති දෙයක්. ආදරය කරන අය අතරට අපි මැදිහත් වෙන්න හොඳ නෑ කොයි වෙලාවකවත්. ඒ වගේ ම මතක තියා ගන්න කිසිම වෙලාවක ආදරය පිරුණු ඇස් දෙකක් දිහා නොබලා ඉන්න. එහෙම බැලුවොත් හිතා ගන්න බැරි ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වේවි.‘

    ඔහුට මේ වචන ඇසුනේ දුරිනි. එහෙත් තරුණියගේ ඇඬුම් හමුවේ ඔහුට එදෙස බැලීමෙන් වැළකී සිටීමට නොහැකි විය. ඔහු බිම වැටී සිටි තරුණියගේ ඇස් දෙස සෘජුවම බැලුවේ ය.

    *************​

    රනුක්ට සිදු වූ සිද්ධිය දැන ගන්නා විට රනුක්ගේ මව සිටියේ රෝහලට වැදගත්වන විශේෂ හමුවක ය. ඇයට පණිවිඩය ලද විගස ම ඇය හමුව නවත්වා රෝහලට පැමිණියා ය. ඇය පැමිණෙන විට රනුක් මියගොස් ඇති බව වෛද්‍යවරු තීරණය කර තිබිණි. ඇය හදිසි අනතුරු ඒකකය වෙත පැමිණියේ දුවගෙන මෙනි. රනුක් සහ දිනුක් ඇගේ දරුවන් ය. දිනුක් දැනට බොහෝ කලකට පෙර ඇයව සදහටම හැර ගොස් තිබිණි. එයින් පසු ඇගේ ඇස් වූයේ රනුක් ය. එනිසා ඇය ඔහුව පුදුමාකාර වූ ආදරයකින් රක්ෂා කළා ය. දැන් රනුක් ද ඇය හැර ගොස් ඇත. ඇයට මහත් වූ වේදනාවක් දැනිනි. තමන්ට පෙර තමුන්ගේ දරුවන් දෙදෙනා ම තමුන් ව හැර ගොස් ඇත. ප්‍රියයෙහි විප්පයෝගෝ දුක්ඛො... බුදුරජාණන්වහන්සේ තමන්ගේ මුල් දේශනාවේ දී ම මිනිසා මුහුණ දෙන දුකක් ලෙසින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හඳුන්වා දුන් සේක. හදිසි අනතුරු ඒකකයට පැමිණි ඇයට හඬමින් සිටිනා දීපිකාව දක්නට ලැබුනා ය. ඇය දීපිකාට ගරු කළාය. ඒ ඇගේ නොපසුබට උත්සාහය සහ වීර්යය සැලකිල්ලට ගනිමිනි. නමුත් ඇය රනුක් සමඟ ආදර සම්බන්ධතාවය පටන් ගැනීමෙන් පසුව ඇය, ඇයට දුවක් විය. දීපිකා තමුන් වෙත දිව එන රනුක් ගේ මව දුටු විට අසුනින් නැගිට ඇය වෙත දුව ගියා ය.

    ‘අනේ අම්මේ..... රනුක් ... රනුක්.....‘

    ‘රත්තරනේ අඬන්න එපා.... අපි මොනවා කරන්න ද ඒකනම් වෙන්න තිබ්බ දේ...‘

    ‘ඒ වුනාට අම්මේ..... අනේ ..... මට රනුක් නැතිව බෑ අම්මේ...‘

    ‘මටත් එහෙමමයි දීපිකා.... මගේ දරුවා මටත් කලින් මාව දාලා ගියා... ඒකත් තරුණ වයසෙදි ම. මන් මහ කාලකණ්නියක්... මගේ දරුවා මටත් කලින් මැරෙනවා දකින්න මන් ජීවත්වුනානේ දෙවියනේ...‘

    ඔවුන් දෙදෙනා හඬමින් සිටි තැන තවත් පිරිසක් ද රැස්ව සිටිය හ. නමුත් ඔවුන් ඤාතීන් නොවේ. රෝහල් කාර්ය මණ්ඩලය ය. ඔවුන් ද රනුක්ගේ මවත් දීපිකාත් හඬනවා බලමින් හඬමින් සිටී. මේ අතරේ එක් වෛද්‍යවරයකු යැයි සිතිය හැක්කෙක් ඔවුන් වෙත දුව ආවේ අවතාරයක් දැක බය වූවෙකු මෙනි.

    ‘දීපිකා, දීපිකා..මාර වැඩේ... . අනේ සොරි මැඩම්... මන් මැඩම්ව දැක්කෙ නෑ...‘

    ‘මොකද ඩොක්ටර් ගුණරත්න නිකම් හොල්මනක් දැක්කා වගේ... බය වෙලා දාඩිය පෙරා ගෙන.‘

    ‘අනේ මැඩම් මාර දෙයක් වෙලා තියෙන්නේ...‘

    ‘අපිව බය නොකර කියනවා මනුස්සයො...‘

    ‘මේකයි... මට පිස්සු කියලා හිතන්න එපා... මන් දැන් කොරිඩෝර් එකේ දි මැඩම් ගෙ පුතාව දැක්කා..‘

    ‘මොකක්‘

    දීපිකාත්, රනුක්ගේ මවත් එහි සිටි අනෙක් පිරිසත් මේ කථාවෙන් පුදුමයට පත්වූහ.

    ‘මොකක් ද දැක්කෙ ආයිත් කියන්න.‘

    දීපිකා ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තා ය.

    ‘ඔව් ඩොක්ටර්... මන් මිස්ටර් රනුක් ව කොරිඩෝර් එකේ දි දැක්කා..‘

    ඔහුව පසකට තල්ලු කර දැමූ දීපිකා ඇතුළු පිරිස මෘත ශරීරාගාරය වෙත දුව ගියෝ ය. ඔවුන් යන විට එය වසා තිබිණි. නමුත් දොර ඇරගෙන එතුලට ගිය ඔවුන්ට එක් ට්‍රොලියක් හිස් බව දැකීමට එතරම් කාලයක් ගත නොවිනි. ඒ හිස් වූ ට්‍රොලිය රනුක් ගේ මළ සිරුර තබා තිබූ ට්‍රොලිය ය. වෛද්‍යවරයා කියන්නේ මුසාවක් නොවන බව දීපිකාටත් රනුක්ගේ මවටත් වැටහිනි.

    ‘අපි ඉක්මනට එස් ඕ ඔෆිස් එකට යමු. කැමරා චෙක් කරමු.‘

    යෝජනාව අනුව පිරිස වහා ම ආරක්ෂක නිලධාරීන්ගේ කාමරයට දුව ගියහ.

    මතු සම්බන්ධයි...​
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එතකොට අයියගේ කෙල්ලව මල්ලි දන්නේ නැද්ද ? ඒ වගේම කෙල්ලව තමුන්ගේ කොල්ලගේ මල්ලිව දන්නේ නැද්ද ? අඩුම ගානේ පින්තුරෙකින්වත් ?
     

    hpalpola

    Well-known member
  • එතකොට අයියගේ කෙල්ලව මල්ලි දන්නේ නැද්ද ? ඒ වගේම කෙල්ලව තමුන්ගේ කොල්ලගේ මල්ලිව දන්නේ නැද්ද ? අඩුම ගානේ පින්තුරෙකින්වත් ?

    ඉදිරියේදී ඒ ගැන දැන ගන්න ලැබේවි. ඊටත් වඩා පෙර කොටස්වලදි මේ දෙදෙනා ආපසු හමුවන විට කාල පරතරය ගැන කෙටි සටහනක් තියෙනවා. ආදර සම්බන්ධයක් ගැන නෙමේ.
     

    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    a kiyanne ranuk super human kenekda ?? nikan specific condition ekak awama trigger wenawa wage scene ekak mata nm therune.
     

    hpalpola

    Well-known member
  • සිතුමිගේ දෑස් පියවෙමින් යයි. ඇයගේ ගෙල, තොණ්ඩුවට සිරවීම ක්‍රමයෙන් සිදුවිනි. මෙනිසා ඇය දඟලන්නට විය. මරණයේ වේදනාව ඇයට දැනෙන්නට පටන් ගනිද්දී ඇය උත්මාහ කළේ තමා ගත් තීරණය ආපසු හැරවීමටයි. නමුත් එහිදී ඇය ප්‍රමාද ව තිබිණි. තොණ්ඩුව සිරවීම වැළැක්වීමට ඇය උත්සුකවද්දී ඇගේ දැඟලිල්ල වැඩි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් තව තවත් තොණ්ඩුව සිරවී ඇය අඩපන විය. ක්‍රමයෙන් ඇගේ දැඟලිල්ල ද අඩු වන්නට විය. කෙසේවෙතත් මරණීය මොහොතේ දී සිතුමි ඇගේ පියාගෙන් උදව් ඉල්ලුවාය. ඒ ඇයට ජීවත්වීමට යි. ඇගේ පියාගේ මුහුණ දකිමින් ම ඇය විසඥ විනි.

    තමුන්ගේ කම්මුලෙහි ගැටෙනා තෙත් සහිත ද්‍රව්‍යයක බලපෑමෙන් සිතුමි ආපසු දෑස් විවර කළා ය. ඇයගේ මුහුණ සුදු පැහැ නමුත් කළු පැහැ වයිරම්වලින් සෑදුණු ලොමින් ගැවසුණු බල්ලකු විසින් ලෙවකයි. ඇය ඒ වන විටත් සිටියේ බිම වැතිරී ය. හිමින් සීරුවේ බල්ලාව පසෙකට තල්ලු කරමින් නැගිටීමට උත්සාහ කළ සිතුමි, බිම දණ ගසා ගනිමින් ඇය දෙස උනන්දුවෙන් බලා සිටිනා තරුණයකු දුටුවා ය.

    ‘ඒයි... තමුසෙ කොහොමද ගේ ඇතුලට ආවේ.. කව්ද තමුසෙ?‘

    ‘හෝව් හෝව් කෑ ගහන්න එපා. හරිනම් ඔහේ මට ස්තුති කරන්න ඕනා.. මමයි ඔහේව බේර ගත්තෙ. අනික මම හොරෙකුත් නෙමෙයි.‘

    ‘බේරා ගත්තෙ? මාව... තමුසේ...‘

    සිතුමි ඉක්මණනින් ම සිට ගත්තා ය. තරුණයා ද ඒ සමඟ ම සිටගත්තේ ය. බල්ලා ද ඔහු අසලට විය.

    ‘ඔව්... ඇත්තටම මටත් වඩා මේ බිංගාටයි ඔයා ස්තුති කරන්න ඕනා.‘

    ‘බිංගා??.‘

    සිතුමි ඇඳේ වාඩි වූවා ය. තරුණයා ඔහුගේ අත්දැකීම විස්තර කළේ ය.

    ‘ඔයාට මාව මතක නැතුව ඇති. දැනට දවස් ගාණකට කලින් ඔයා පොලීසියට අරන් ආපු වෙලාවේ මමත් පොලීසියේ ඉඳියා.. මගේ යාළුවොත් එක්ක.‘

    සිතුමි මදක් කල්පනා කළාය. ඇයට ජනිත් වික්‍රමසිංහගේ කණ්ඩායම සමඟ එදා මේ තරුණයා ද පොලීසියේ සිටි බව සිහිපත් වූයේ එවිට ය.

    ‘ඉතිං මට ඇහුණා ඔයා පොලිස් ඔෆිසර්ට ඔයාගේ විස්තර කියනවා. මන් හිතුවා ඔයා සාස්තරකාරියෙක් වෙන්න ඇති කියලා.‘

    ‘මොකක්... සාස්තරකාරියෙක්?‘

    ‘ඔව්. කොහොම හරි අපි ඕ අයි සී හම්බවෙලා එද්දී ඔයා ඉඳියෙ නෑ. අපිත් ගෙදර ගියා. පස්සෙ අද දවල් මේ බිංගාට අමාරු වුනා. ඌගේ කලින් තිබ්බ ඇක්ටිව් ගතිය නැති වෙලා තිබුනේ. මන් මූව වෙට්ට පෙන්නුවත් එයා කිව්වෙ ලෙඩක් නෑ කියලා. මට ඉන්න හොඳම යාළුවා තමයි මේ බිංගා...‘

    තරුණයා පහත් වී බල්ලාගේ හිස අතගාමින් සිට නැවතත් සිතුමිට කතා කළේ ය.

    ‘මට ඌ නැතිව ඉන්න බැරි තරම් අපි අතරේ බැඳීමක් තියෙනවා. ඉතිං මන් කල්පනා කළේ මෙයා මැරෙන්නවත් යනවාද කියලා. එතකොට මට එක සැරේටම ඔයාව මතකයට ආවා. මන් කළේ මගේ කන්ටැක්ස් පාවිච්චි කරලා ඔයාව හොයා ගත්ත එක.‘

    ‘ඒ කොහොම ද?‘

    ‘මන් පොලීසියේ ඉන්න යාළුවෙක් ට කථා කරලා ඔයාගේ විස්තර ගත්තා. ෆෝන් එකට කතා කලාට ඔයා ආන්ස්වර් කළේ නෑ. ඊට පස්සෙ ඇඩ්‍රස් එක හොයාගෙන ආවා. ඒ ඇවිල්ලා බලද්දී දොර වහලා තිබුනේ. මන් කීපවතාවක් ම තට්ටු කලා. ඒ වුනාට දොර ඇරියෙ නැති නිසා මන් හිතුවා කව්රුවත් ගෙදර නැතුව ඇති කියා. ඉතිං මන් ආපහු යන්න හදද්දී මේ බිංගා, දොර ගාව ඉඳන් බුරන්නයි දොර හූරන්නයි පටන් ගත්තා. උගේ හැසිරීම අසාමාන්‍ය නිසා තමයි මන් දොර කඩාගෙන ඇතුළට ආවේ. ඒ එනකොට තමයි මන් දැක්කෙ ඔයා මේ ෆෑන් එකේ එල්ලිලා ඔන්චිලි පදිනවා. එහෙම ම මන් ඇවිත් ඔයාගේ කකුල් දෙකෙන් අල්ලන් යන්තම් බෙඩ්ෂීට් එකේ ගැටේ ගලවලා ඔයාව බිමට ගත්තා. ඒක තමයි උනේ.‘

    සිතුමි ට ලැජ්ජාවක් දැනිනි. ප්‍රධාන වශයෙන් ම තමුන්ගේ දුර්වලකම තරුණයා දැකීම ඊට හේතුව විය. නමුත් දැන් කළ හැක්කක් නැත. තමුන් ද උත්සාහ කලේ ජීවත්වීමටයි. පියා ඇයට සහාය දක්වා තිබේ. මොහු එවන්නට ඇත්තේ පියා විසින් විය හැක.

    ‘හ්ම්.... සමාවෙන්න මගේ හැසිරීමට. ඒ වුනාට කමක් නෑ. දැන් ඔයා යන්න. මේක කෙල්ලෙක් තනියෙන් ඉන්න ගෙයක්. කව්රු හරි දැක්කොත් හරි නෑ.‘

    ‘ආහ් එහෙම ද හරි මන් යන්නම්. ඒත් යන්න කලින් මට උදව්වක් කරන්න.‘

    තරුණයා කතා කරද්දී සිතුමි ගොස් රූපවාහිනිය ක්‍රියාත්මක කළා ය. පුදුමයකට මෙන් ඒ අවස්ථාවේ දී නිවේදකයා කතා කරමින් සිටියේ රනුක් ඇතුළත් වූ රෝහල ඉදිරිපිට සිට ය.

    ‘මොකක් ද උදව්ව.‘

    ‘මෙහෙමයි... මන් ආවේ බිංගා ගැන දැන ගන්න.‘

    නිවේදකයා ද විස්තරය ඉදිරිපත් කරයි.

    ‘අපිට දැනට වාර්තා වෙන විදියට පොලිස් පරීක්ෂක රනුක් දිසානායක රෝහලෙන් පිටවූයේ කොතනට ද කියා මෙතෙක් තොරතුරු ලැබිලා නෑ. නමුත් සීසීටීවී දර්ශනවල ඔහු කොරිඩෝවේ ඇවිද යන ආකාරය සඳහන්ව තිබෙන බව රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කලා.‘

    රනුක් මියගොස් නැත. සිතුමි ක්ෂණයෙන් රූපවාහිනියට අවධානය යොමු කළා ය. ඇයට තරුණයා කී දේ පවා හරිහැටි නොතේරිනි. ‘අනේ දෙවියනේ රනුක් මැරිලා නෑ... මන් මැරුනා නම් අපරාදේ...‘

    ‘මොකක් ද ඔයා දැන් කියන්නේ‘

    සිතුමි තරුණයාගෙන් ඇසුවේ ය.

    ‘මට දැන ගන්න ඕනා බිංගා මැරෙන්න යනවා ද නැද්ද කියලා.‘

    ‘මොකක්... මේ බල්ලා ...‘

    ‘ඔව්.. මට දැන ගන්න ඕනා බිංගා මැරෙන්න ද යන්නෙ කියලා..‘

    ඔවුන්ගේ කතාව කෙරීගෙන යද්දී රූපවාහිනයේ තවදුරටත් රනුක් පිළිබඳව ප්‍රවෘත්ති විකාශනය වෙයි. සිතුමිට ඔහුව දැක ගැනීමට අවශ්‍ය විය.

    ‘හරි මන් උදව් කරන්නම්. හැබැයි ඊට කලින් මට උදව්වක් කරන්න ඕනා. මොකෝ කියන්නේ.‘

    ‘කියන්න මැඩම් ඕනා දෙයක් කරන්නම්.‘

    ‘මාව ඉක්මනට රෝයල් හොස්පිට්ල් එකට එක්ක යන්න පුළුවන් ද?‘

    ‘ඕක මොකක් ද, එළියෙ මගේ වාහනේ තියෙනවා. යමු.‘

    සිතුමි එසැණින් නිවසෙන් එළියට ආවේ දොර පවා නොවසමිනි. ඇගේ හදිසි ක්‍රියාශීලීත්වය ගැන තරුණයා ද පුදුමයට පත් විය. රූපවාහිනියේ විකාශය වන ප්‍රවෘත්තිය සමඟ ඇගේ හැසිරීම වෙනස්වනවා ඔහු නිරීක්ෂණය කරමින් සිටියේ ය. නමුත් මේ වෙලාවේ ඔහුට වැදගත් බිංගා යි.

    ‘මේ දොර වහන්නෙ නැද්ද‘

    ‘කැඩුවට පස්සෙ කොහේ වහන්න ද.. ඒකට කමක් නෑ. අපි ඉක්මනට යමු. කෝ කොහෙද ඔයාගේ වාහනේ.‘

    තමුන් නිවසට ඇතුළු වූයේ වසා තිබූ දොර බලෙන් විවෘත කරමිනි. අගුල කැඩෙන්නට ඇත. කළ හැක්කක් නොවේ.

    ‘අර තියෙන්නේ රතු පාට කාර් එක.‘

    තරුණයා පෙන්නූ කාර් රථයට සිතුමි වේගයෙන් ගමන් කළ අතර තරුණයාද ඉක්මණින් පැමිණ ඊට ගොඩ විය. නවීන බෙන්ස් රථයක් වූ මේ රථය සිතුමිත් සමඟ රෝයල් රෝහල බලා වේගයෙන් ඉගිලිනි. රාත්‍රී කාලය වූ නිසා මාර්ගයේ එතරම් වාහන තදබදයක් ද නොවූ අතර රථයේ ක්‍රියාකාරීත්වයත්, රියදුරුගේ දක්ෂතාවයත් නිසා රථය වේගයෙන් කොහුවල සිට කොලඹ බලා ගමන් කරන්නට විය. සිතුමි කිසිවක් කථා නොකල අතර හිසේ අත ගසා ගෙන වීදුරුවෙන් පිටත බලා සිටියා ය. ඇගේ සිතේ හොල්මන් කරන්නට වූයේ රනුක් ගේ මතකය යි. එසේම ඇය, පොලීසියේ දී දුටු ඡායාරූපය පිළිබඳව ද සිතුවා ය. ඡායාරූපයේ සිටි රනුක් පැළැඳ සිටි අත්පළඳනාව වැනි පළඳනාවක් ඇය දිනුක්ට පැළැන්දුවා ය. එය සකස් කළේ ඇය විසින් ම ඇගේ දෑතිනි. නමුත් රනුක් පැළඳ සිටින්නේ එයමදැයි ඇය නොදත්තා ය. ඇය කල්පනාවේ සිටියදී රථය රෝහල ආසන්නයට පැමිණ තිබිණි.

    ‘මේ මිස්... දැන් හොස්පිට්ල් එකට ලඟයි. ඔයා බිංගා ගැන කියනවා ද?‘

    ඇය තරුණයා දෙසටත් පිටුපස අසුනේ සිට ඔවුන් දෙදෙනා මැදින් හොම්බ දමාගෙන සිටිනා බල්ලා දෙසත් බැලුවා ය. ‘විකාර.‘.. තමන්ට ම කියාගත් ඇය නැවතත් වීදුරුවෙන් පිටත බැලුවා ය. එසේ බලනා ඇයට තමුන් හඳුනන රුවක් වේගයෙන් පසුවනවා හසු විනි. ඇය වීදුරුවෙන් එළියට හිස දමා බැලුවා ය. ඇගේ ඇස් නිවැරදිය. ඒ රනුක් ය. අමුතු ම ඇඳුමකින් සැරසී රනුක් පදික වේදිකාවේ ගමන් කරයි.

    ‘මේක නවත්තනවා.. ඉක්මනට නවත්තනවා....‘

    ඇයගේ කෑ ගැසීමත් සමඟ ම තරුණයා පසෙකට කොට රථය නතර කළාය. රථය නතර කිරීමත් සමග ම ඇය දොර ඇරගෙන බිමට බැසීමට සූදානම්වුවත් තරුණයා ඇගේ අතින් අල්ලා ගත්තේ ය.

    ‘මන් දන්නෙ නෑ හදිසිය මොකක් ද කියලා.. ඒත් මගේ බිංගා..‘

    ඇයට එය මහත් වදයකි. නමුත් ඉන් ගැලවිය යුතු ය. නැවතත් අසුනට බර වු ඇය බල්ලා දෙස මදවේලාවක් බලා සිටියා ය.

    ‘දවසක මුගේ පපුව හෙල්ලෙන එක නවතිනවා නේද අන්න එදාට තමා මූ මැරෙන්නෙ. එතකම් මැරෙන්නෙ නෑ. තෑන්ක් ස් ඔයාට‘

    සිතුමි රථයෙන් බැස රනුක් දෙසට දුව ගියා ය.

    ‘යකෝ ඒක මාර කථාවක් නේ.‘

    තරුණයා තමන්ට ම කියා ගනිමින් පැති කණ්නාඩියෙන් දුවගෙන යන තරුණිය දෙස බලා සිටියා ය. ඔහුට හමුවූයේ අමුතු ම තරුණියකි. සුරතල් බල්ලාගේ හිස අත ගෑ තරුණයා රථය නැවතත් ගමන් කරවූයේ ය.

    වෙරිකාරයකු මෙන් එහෙ මෙහෙ වැනෙමින් ගමන් කරන්නා වූ රනුක් වෙත සිතුමි දිව ගියා ය.

    ‘රනුක් .... රනුක්...‘

    ඔහුට ඇගේ කෑ ගැසීම ඇසුනේ නැත. පදික වේදිකාවේ ගමන් කරන්නන්ට ද රනුක් දිසානායක හැඟුනේ බේබද්දෙකු ලෙසිනි. ඔහු ඇඳ සිටි ඇඳුමත් ගමන් කල විලාශයත් ඊට බොහෝ හේතු වන්නට ඇත. උඩුකයට කළු පැහැ ජැකටයක් පැළඳ සිටි ඔහු ඒ යටින් ඇඳ සිටියේ රෝහල් සාත්තු සේවිකාවන් අඳිනා ගවුමකි. නමුත් ගවුමේ පෙනෙන්නේ යට කොටස පමණි. එය විකාරරූපීය. මෙවැනි ඇඳුමක් අඳින්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් බේබද්දෙකි. මේ තැනැත්තා ගමන් කරන අකාරය අනුව ඔහු පිස්සෙකු නොව බේබද්දෙකු බව බලන්නෙකුට පෙනේ. බේබද්දන් සාමාන්‍ය දසුනක් වීම නිසා රනුක් ද පදිකයන් ට සාමාන්‍ය දසුනක් විය. නමුත් සිතුමි ට රනුක් එසේ නොවේ. ඇය දුවගෙන ගොස් රනුක් ගේ අතින් අල්ලා ගත්තා ය. ඒ වහාම ඇය දෙස හැරී බැලූ රනුක් ඇගෙන් අත ඇද ගත්තේ ගිනි පුළුඟුවකට අත ගෑවෙන විට නැවතත් ඉන් ඉවත් කර ගන්නා සේ වේගයෙනි. ඒ සමඟ රනුක්ගේ අතේ තිබූ අත් පළඳනාව ද ගැලවී බිම වැටිණි. රනුක් ද කැරකී බිම වැටිනි. රනුක් බිමට වැටීමට පෙර සිතුමි අත් පළඳනාව අසුලා ගත්තා ය. එය දකිනාවිටම හඳුනාගැනීමට ඇයට හැකියාව ලැබිණි. නමුත් ඇය නැගී සිටීමටත් පෙර රනුක් බිමට වැටිණි. ඇය කෑ ගසමින් ඔහු වෙත දුවගොස් ඔහුට කතා කළා ය. නමුත් රනුක් ඒ වන විටත් සිහි විසඥව සිටියේ ය. ඇය උදව් ඉල්ලා කෑ ගැසුවා ය. ඇගේ උදව්වට පැමිණියේ මාර්ගයේ ගමන් කරමින් තිබූ ටැක්සියකි. ටැක්සි රියදුරාගේ ද උදව්වෙන් රනුක් ව එහි නග්ගවා ගත් සිතුමි ඔහුව රෝයල් රෝහල වෙතට ම රැගෙන ගියා ය.

    මේ අතර රෝහලේ සිටි දීපිකාත් රනුක්ගේ මවත් ඉහළ මාලයේ කාමරයක රනුක් ට වූයේ කුමක් දැයි සාකච්ඡා කරමින් සිටිය හ. සිද්ධිය පොලීසියට දැනුම් දීම පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කරයි. සීසීටීවී කැමරා දර්ශනවලට අනුව රනුක් පනපිටිනි. එපමණක් නොව ඔහු රෝහලෙන් පිටත් ව ගොස් ද ඇත. දීපිකා තමුන්ගේ රෝග නිශ්චය පිළිබඳව පසුතැවිලි වුනාය. නමුත් රනුක්ගේ මව කියා සිටියේ එය ඇයගේ වරදක් නොවන බවත් වෛද්‍යවරු කීපදෙනකු ම ඒ නිගමනයට පැමිණ තිබූ නිසා එසේ නොසිතන ලෙසටත් ය. මේ අතරේ රෝහල් සේවිකාවක් ඔවුන්ගේ කාමරයට පැමිණියේ කලබලයෙනි. දොරට සන්කර, ලද අවසරයෙන් එහි ඇතුළට පැමිණියා ය.

    ‘එක්ස්ක්‍යුස් මී මැඩම්, ඩොක්ටර්... ‘

    ‘ඇයි රූපිකා.. මොකෝ මේ කලබලෙන්‘

    ‘මැඩම්.. රනුක් සර්ව හොස්පිට්ල් එකට අරන් ආවා. හැබැයි සර් අන්කොන්සියස්. අපි අයි සී යූ ඇඩ්මිට් කලා.‘

    ‘මොකක්‘

    දීපිකාත්, රනුක්ගේ මවත් වේගයෙන් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත දුව ගියෝ ය. ඔවුන් එහි යන විට රනුක් ට සේලයින් බෝතලයක් සම්බන්ධ කර තිබිනි. වෛද්‍යවරයකු ද ඔහු අසල සිටියේ ය. රෝහල් අධ්‍යක්ෂිකාව දුටු ඔහු, ගරුසරු සහිතව පසෙකට විය.

    ‘ඩොක්ටර් මොකද පුතාට‘

    ‘මැඩම්. සර්ට එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ගේනකොටත් සිහිය තිබුනේ නෑ. අපි කෙළින්ම මෙතනට ගෙනාව. බැලුබැල්මට නම් එහෙම ප්‍රශ්නයක් පේන්න නෑ.‘

    ‘ගේනකොට සිහිය තිබුනේ නෑ කියන්නේ, කව්ද රනුක්ව අරන් ආවේ.‘

    ‘ආ මැඩම්.. ගෑණූ ළමයෙක් තමයි ටැක්සියක සර්ව අරන් ඇවිත් තිබුනේ. ඒ ළමයා එළියෙ ඉන්නවා.‘

    ‘කෝ කව්ද?‘

    ‘යන් මන් පෙන්වන්න.‘

    වෛද්‍යවරයා හදිසි ප්‍රතිකාර ඒකකයෙන් පිටතට පැමිණ වටපිට බැලුවේ සිතුමි ඉන්නේ කොහේද යන්න සොයා ගැනීමට ය. බිම බලාගෙන කල්පනා කරමින් ප්‍රතිකාර ඒකකයට මද දුරකින් සිටින්නා වූ සිතුමි ඔහුට හඳුනාගැනීමට හැකි විනි.

    ‘අර ඉන්නෙ මැඩම්. අර ළමයා තමයි සර්ව අරන් ආවේ.‘

    දීපිකාත් රනුක්ගේ මවත් සිතුමි අසලට ම පැමිණ ඇයට අමතනවිටත් ඇය සිටියේ වෙන ම කල්පනාවක ය. නමුත් ඔවුන්ගේ ආමන්ත්‍රණයෙන් ඇය ගැස්සී සිට ගත්තා ය.

    ‘මන්.. .මන්..‘

    ‘බොහොම ස්තුතියි ඔය ළමයාට‘

    රනුක්ගේ මව ඇයව වැළඳගත්තා ය. දීපිකාද ඇගේ අත අල්ලා ගත්තා ය.

    ‘රනුක් කියන්නෙ මගේ පුතා. අපි හරියට බයවෙලා ඉඳියේ එයා කොහේ ගියාද කියලා හොයා ගන්න බැරුව. පොලීසියට දන්වනවාද නැද්ද කියලා කතා කර කර ඉද්දි තමයි රනුක් ආපහු ආවා කියලා දැන ගත්තෙ. ඔයා නොහිටින්න පුතා මොනවා කර ගනී ද දන්නේ නැහැ.‘

    ‘අනේ ... ඕක මොකක් ද‘

    ‘දුව අපේ පුතාව දන්නවා ද?‘

    ‘එහෙම දන්නෙ නෑ මිස්. ඒත් ටීවී එකේ විස්තර යන නිසා දැන ගත්තා. ඒ ඇර දවසක්‍ පොලීසියෙදී හම්බවෙලත් තියෙනවා.‘

    ‘එහෙම ද, කොහොම වුනත් ඔයා අපිට ලොකු උදව්වක් කළේ.‘

    මේ අතරේ රනුක් නැවත පැමිණි බවට වන ප්‍රවෘත්තිය රෝහල පුරා පැතිර ගොස් තිබිණි. ආරක්ෂක නිලධාරීන්ගේ කාමරයේ සිටි වෛද්‍යවරයකු මෙන් සැරහුණු, මුව ආවරණය කරගත් තැනැත්තකු එහි පරිගණකවල ක්‍රියාත්මක වන රනුක් දිසානායක රෝහලෙන් පිටව යන වීඩියෝ ව නරඹමින් සිටියේ ය. හිසට වෙඩි වැදී, මිය ගිය බවට වෛද්‍යවරුන් තීරණය කළ මේ තැනැත්තා මරණයෙන් නැගිට්ටේ කෙසේදැයි ඔහු කල්පනා කළේ ය. තවද, මෝචරියේ ට්‍රොලියේ සිටිද්දී ඔහු තමුන් ව දුටු බවද මේ තැනැත්තාට සිහිපත් විය. තමන් විසින් උත්සාහ කළේ රනුක්ගේ මෘත ශරීරයෙන් ඇස් ගලවා ගැනීමට යි. නමුත් එය සිදු නොවිනි. එහි සිදුවූයේ වෙනත් ම සිදුවීමකි. වෘත්තීය මිනීමරුවකු වූ තමන් පවා බියට පත් වූ සිදුවීමකි එය. දැන් රනුක් දිසානායක නැවතත් රෝයල් රෝහලට ම පැමිණ සිටී. මෙවර වැරදීමක් නැත. ඔහු ඇඳ සිටි වෛද්‍ය කබායේ සාක්කුවක තිබූ කුඩා කුප්පියක තිබූ යමක් සිරින්ජරයකට පුරවා ගත්තේ ය. ඉන්පසුව කාමරයෙන් පිටව ගියේ ය.

    වෛද්‍යවරු විසින් රනුක්ගේ තත්ත්වය යහපත් බව ප්‍රකාශ කළ නිසා ඔහුව පහසුකම් ඇති සුඛෝපභොගී කාමරයකට මාරු කර යවා තිබිණි. නමුත් ඒ වන විටත් රනුක් සිටියේ සිහියෙන් නොවේ. එනිසා ඔහු අසල කිසිවකු සිටියේ නැත. රාත්‍රියේ රෝහලේ සිටියේ ද සාමාන්‍ය පිරිසකි. එසේම සුඛෝපභෝගී කාමර තිබූ මහලේ වෙනත් දිනවලද එතරම් සෙනගක් ගැවසුනේ නැත. කොරිඩෝව දිගේ හිමින් සීරුවේ අවධානයෙන් පැමිණි පෙර කී වෛද්‍ය ඇඳුම ලූ තැනැත්තා ඒ කාමරයට ඇතුල් වුයේ සොරෙකු මෙනි. ශබ්දයක් නොනැගෙන සේ කාමරයට ඇතුලු වී දොර වසා දැමූ ඔහු ඇඳේ හාන්සි වී සිටින රනුක් දෙස බලා සිටියේ ය. ඔහුගේ හිස වටා බැන්ඩේජයක් ඔතා තිබිණි. සේලයින් බෝතලයක් ඇඟට සවිකර ඇත. බෝතලයේ ඇති ද්‍රාවණයෙන් බිංදුව බිංදුව සේලයින් බටය ඔස්සේ රනුක්ගේ ඇඟට ගලා යයි. අර තැනැත්තා හිමින් සීරුවේ ඒ වෙත ලං වී සාක්කුවෙන් ගත් සිරින්ජරයේ ඇති ද්‍රාවණය ඒ බෝතලයට ඇතුල් කලේ ය. සිරින්ජරයෙන් සේලයින් බෝතලයට ඇතුළු වූ කහ පැහැ දියරය, එහි තිබූ ද්‍රාවණයට මුසු වී අවර්ණ විනි. සිරින්ජරයේ තිබූ දියරය අන්තිම බිංදුව දක්වා සේලයින් බෝතලයට මුසු කළ ඔහු නැවතත් වසා තිබූ දොර වෙත ලං විය. කාමරයෙන් පිටවීමට පෙර කලිසම් සාක්කුවෙන් ගත් දුරකථනයෙන් ඇමතුමක් ලබා ගත් ඔහු අනෙක් පස සිටින්නාට සෙමින් කතා කළේ ය.

    ‘මේ සැරේ වැඩේ හරි. මන් තිතට කලා.... හරි‘

    තවත් සුළු වේලාවක් රනුක් දෙස බලා සිටි කාමරයෙන් පිටතට පැමිණ කොරිඩෝවේ කිසිවකු නොමැති බව නිශ්චය කර ගැනීමෙන් පසුව ඉක්මණින් ම කෙලවර තිබූ විදුලි සෝපානය වෙත ගමන් කළේ ය. ඔහුට අවැසි වූයේ ඉක්මණින් පිටව යෑමට යි. මහළට පැමිණි සෝපානය විවෘත වු විගස ඔහු ඇතුලට රිංගුවේ ඇතුලේ කිසිවකු සිටින්නේදැයි පවා නොතකමිනි. නමුත් ඔහු ඇතුළට ගමන් කරනා විටම එහි සිට තරුණියක් පිටතට ගමන්කළ නිසා ඔහු, ඇගේ ඇඟේ ගැටිණි. ඒ ගැටීම සමඟ ඔහු අත තිබූ සිරින්ජරය විසි වී වැටිණි. බිමට පහත් වී එය අහුලා ගත් තරුණිය එය වෛද්‍යවරයාට ලබා දුන්නා ය. වෛද්‍යවරයාගේ හදිසිය සහ හැඟීම් විරහිත බව තරුණියට දැනුනත් සෝපානයේ දොර වැසුණු නිසා ඇයට ඒ ගැන තැකීමක් කිරීමට නොහැකි විය. පසුව මේ තරුණිය ද ගමන් කලේ රනුක් දිසානායක රැඳී සිටි කාමරය වෙත ය. ඇය ඒ කාමරය සොයමින් පැමිණෙන විට දුටුවේ කොරිඩෝවේ අනෙක් පසින් පෙර අවස්ථාවකදී ඇය හමු වූ වෛද්‍යවරිය ද ඒ කොරිඩෝවට පිවිසි බවයි. නමුත් ඇය තරුණියව දුටුවේ නැත. තරුණිය ඇයට නොපෙනෙන සේ මුවා වී වෛද්‍යවරිය කරන්නේ කුමක්දැයි බලා සිටියා ය. වෛද්‍යවරිය කොරිඩෝව ඔස්සේ පැමිණ එක්තරා කාමරයකට ඇතුල් වනවා ඇය දුටුවා ය. ඇය එහි ඇතුල් වූ පසු තරුණිය ද ඒ කාමරය වෙත පැමිණ හිමින් සීරුවේ දොර විවෘත කර ඇතුළ බලද්දී දුටුවේ ඇඳේ වැතිර සිටිනා රනුක් දෙස එකී වෛද්‍යවරිය බලා සිටිනා ආකාරය යි. තරුණිය නැවතත් හිමින් සීරුවේ දොර වසා දමා ආපසු හැරුණා ය. ඇයට මින් පෙර නොදැනුන හැඟීමක් දැනෙමින් තිබිණි. ඇය ඇඬුවේ නැත. නමුත් ඇයටත් නොදැනීම කඳුළු ගලන්නට විය. ඒ වෛද්‍යවරිය හා රනුක් අතර කුමක් හෝ බැඳීමක් ඇති බව ඇයට දැනිනි. එහෙත් තමා ට ද ඔහු සමඟ බැඳීමක් ඇත. එය අද ඊයේ ඇති වූ බැඳීමක් නොවේ. වසර ගණනක සිට ඇති බැඳීමකි. ඇය ඇගේ අතේ සිර කර ගෙන සිටි අත් පළඳනාව දෙස බලමින් හැඬුවේ අසල වූ බිත්තියට හේත්තු වෙමිනි. ඒ පළඳනාව ඇය විසින් ම සකස් කොට දිනුක්ගේ අතේ බැඳි පළඳනාව ය. අද රනුක්ගේ අතේ තිබී එය ගැලවී වැටුනු පසු එය ඇය අහුලා ගත්තා ය. ඒ පළඳනාව අතේ බඳිද්දී ඇය දිනුක්ගෙන් ඉල්ලා සිටියේ කිසිදිනක එය අතින් නොගලවන ලෙසිනි. දිනුක් එදා ඇයට එය පොරොන්දු විය. පොලීසියේ තිබූ ඡායාරූපයේ සැල්‍යුටය ගසා ගෙන සිටි රනුක්ගේ අතේ ද ඒ පළඳනාව තිබිණි. ඔහු පොරොන්දු වූ ලෙසම පළඳනාව පැළඳ සිට ඇත. අද මේ රනුක් ලෙසින් සිටින්නේ එදා පාසැලේ දී ඇය සමඟ සිටි දිනුක් බව දැන් ඇය දනී. නමුත් අවාසනාවට ඒ දිනුක් තමුන් ව හඳුනන්නේ නැත. තමුන්ව විවාහ කර ගන්නා බව කියා සිටි දිනුක්, පියා හැර තමුන්ට සෙනහස දුන් දිනුක්, දැන් තමුන් හඳුනන්නේ නැත. ඊටත් වඩා ඇය දුක්වූයේ ඔහු මේ වන විට තවත් තරුණියකගේ ආදරය ලබමින් සිටිනා බව දැන ගත් නිසාවෙනි. ඔව්... තමුන් නිකමෙකි. ඇය වෛද්‍යවරියකි. තමුන් ඔහුට නො ගැලපේ. ඉක්මණින් ම ඔවුන්ගේ ජීවිතයෙන් ඉවත්විය යුතු බව ඇයට හැඟිනි. ඇය හිත හදා ගත්තා ය. කඳුළු පිසලමින් සෝපානයට ගමන් කළ ඈ, රෝහලෙන් පිටව යෑමට බිම් මහලට ගමන් කළා ය.
     

    hpalpola

    Well-known member
  • (14)​

    කාමරයට ඇතුල් වූ දීපිකා නින්දේ සිටින රනුක් දෙස බලා සිටියා ය. ඇයට ඔහු ගැන බියක් දැනුනි. වුනේ කුමක් වුවත් එය විශ්වාස කළ හැක්කක් නොවේ. රනුක් ඇගේ අතීතය සොයා ගොස් ඇත. තමුන්ගේ සත්‍ය නම ඔහු සොයා ගෙන තිබීමෙන් ඒ බව පසක් වේ. දැනට අවුරුදු ගණනකට පෙර, එනම් වෛද්‍ය විද්‍යාලයට ඇතුලුවන කාලයේ දී ම ඇය ඇගේ නම වෙනස් කර ගත්තා ය. ශෝබා ලක්මාලි ලෙසින් පාසැලේ දී හැඳින් වූ තරුණිය, වෛද්‍ය විද්‍යාලයට පැමිණියේ දීපිකා ලෙසිනි. එසේම වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වද්දී, සිය නමත් සමඟ ම අතීතය ම අමතක කිරීමට ඇය කටයුතු කළා ය. එහි සාර්ථකව අධ්‍යානය හැදෑරූ ඇය පිට වන්නේ වසරේ දක්ෂතම ශිෂ්‍යාව ද බවට පත්වෙමිනි. සීමාවාසික පුහුණ ව නිම කර මිතුරකු මාර්ගයෙන් රෝයල් පුද්ගලික රෝහලට එක්වූවා ය. දැන් ඇය එහි යාවජීව සාමාජිකාවකි. වෛද්‍යවරියක ලෙසින් සේවය කරන අතරේ දී ඇයට රනුක් දිසානායක නම් තරුණයා හමු විය. අද ඒ රනුක්, දරුණු අනතුරකට ලක් වීමෙන් පසු සියල්ලන්ම පුදුම කරමින්, විශේෂයෙන් ම ඇගේ රෝග නිශ්චය පවා බොරු කරමින් ඇය ඉදිරිපිට නින්දේ සිටී. ඇඳ අසලට පැමිණි ඇය, නිසි ලෙසින් සේලයින් ගලා යන්නේ ද යන්න පරීක්ෂා කර බැලුවාය. ඇයට රනුක් ව අවදි කිරීමට නොසිතිනි. රාත්‍රිය ද වී ඇත. ඇයද හිමින් සීරුවේ අසල ඇති පුටුවක් ඇඳ ලඟට කර, මෙට්ටයට හිස තබා ගත්තා ය. නින්ද ඇය කරා පැමිණීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.

    විදුලි සෝපානයෙන් එළියට පැමිණි සිතුමි, කඳුළු පිසදමින් රෝහලෙන් පිටව යෑමට පිටවීමේ දොරටුවට ගමන් කළා ය. ඇයට රනුක් නැත්නම් දිනුක් එලෙසින් අත්හැර යාමේ හැකියාවක් තිබුණේ නැත. නමුත් ඔහුට තමුන්ට වඩා යහපත් සහකාරියක් දැන් සිටී. තමුන්ව හඳුනා නොගන්නේ ද එනිසා විය හැක. ඇගේ අවාසනාව ගැන ඇය, ඇයටම දොස් තැබුවා ය. පාරට පැමිණි පසු ය ඇයට වැටහුනේ රාත්‍රිය පැමිණ ඇති නිසා ඇයට ආපසු යෑමට අපහසු බව. කළහැක්කක් නොමැති නිසා ඇගේ ආරක්ෂාව සඳහා ම ඇය ආපසු රෝහලට ම පැමිණියා ය. රැය පහන් කිරීමට ආරක්ෂාකාරී ස්ථානයක් ඇය සොයා ගත්තා ය. හෑන්ඩ් බෑගය හිසට තබා ගත් ඇය පුටු දෙකක් ලං කොට හාන්සි වූවා ය. මද වේලාවක් එලෙසින් සිටි ඇය නැවතත් වාඩි වූවා ය. හැඬුවා ය. ඇයට කුසගින්න ද දැනේ. සියදිවි නසා නොගැනීමට තීරණය කළ ඈ දැන් නැවතත් එය හොඳ යැයි සිතුවා ය. නමුත් ඇයට කුමක් හෝ කාර්යයක් ඉතිරි ව තිබේ. ඇඬිල්ල නවත්වා ඇය ඒ ගැන සිතුවාය. හෑන්ඩ් බෑගය අතට ගත් ඇය එය පීරමින් කුමක් හෝ සෙවුවා ය. සෙවූ දේ ඇයට ලැබිණි. රනුක් වැටෙද්දී ඔහුගේ අතේ තිබූ පළඳනාව ඇගේ අතේ පැටලී ගැලවිනි. ඇය එය පසුව ඇගේ හෑන්ඩ් බෑගයට දමා ගත්තා ය. එය ඇය හොඳින් පරීක්ෂා කළා ය. තමා විසින් ම ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් ලෙසින් හඳුන්වන මෙය සකස් කළේ පාසැල් අවධියේ දී ය. එය ඇය සකස් කළ එකම සහ අවසන් පළඳනාව විය. දිනුක් ගේ නම එහි විනි. මෙය ඇය විසින් ම දිනුක් ගේ අතේ බැඳි අතර අද නැවතත් එය ඔහුගේ අතින් ම ගැලවී ඇගේ අතට ම පැමිණියේ ය. අවුරුදු ගණනක් ම එය තිබී ඇත්තේ ඔහුගේ අතේ ය. එයින් ඔහු එය අමතක කර නොමැති බව සිතුමිට වැටහිනි. එනිසා මෙය නැවතත් ඔහුට ම ලබා දී ඔහුත් සමඟ ඇති සබඳතා අවසන් කිරීමට ඇය තීරණය කළා ය. ඒ මත ඇයට සැනසීමක් දැනුනි. කෙසේවෙතත් නැවතත් හිස පුටුවෙන් තබා ගත්තත් ඇගේ ඇස් කඳුලින් බර විය. නින්ද ඇය කරා පැමිණියේ ඉතා අපහසුවෙනි.

    ***********​

    පැය ගණනක් නිහඬව ගෙවී ගොස් ඇත. රෝහලක සුඛෝපභෝගී කාමරයක, සැප පහසු ඇඳක තරුණයකි නිදා සිටී. ඔහු අසල තවත් තරුණියක් අත මත හිස තබා ගෙන නිදා සිටී. තරුණයාගේ හිසේ බැන්ඩේජ් පටියක් වෙලා ඇත. එයින් ඔහුගේ හිසට කුමක් හෝ සිදුව ඇති බව පෙනෙයි. ක්‍රමයෙන් මේ තරුණයා වසා ගෙන සිටි ඇස් විවර කළේ ය. විවර වූ ඇසට මුලින් ම පෙනුනේ පසකින් සවිකර ඇති සේලයින් බෝතලය රඳවා ඇති ආධාරකය ය. බෝතලයේ කිසිවක් ඉතිරිව නොතිබිණි. ඔහුට ඒ ගැන දැනුමක් ද නැත. කවුරුන් හෝ ඔහුගේ අත අල්ලාගෙන සිටිනවා ඔහුට දැනුනේ ඉන් පසුව ය. ඔහු විදුලි සැරයක් වැදුනකු මෙන් ක්ෂණිකව ඇඳේ හිඳ ගත්තේ, අත අල්ලා ගෙන සිටි තැනැත්තා ව ද පසකට විසි කරමිනි. මෙතෙක් වේලා තම අතර කිසියම් කාන්තාවක් අල්ලා ගෙන සිටි බව ඔහු දැක්කේ එවිට ය. ඇගේ කුමක් හෝ හැඳුනුම් ගතියක් ඔහු දැනිනි. නමුත් ඇය ගැන නිශ්චිත මතකයක් ඔහුට නැත. ඔහු ඇය දෙසත් ඇය ඔහු දෙසත් පුදුමයෙන් බලා සිටින්නේ ය.

    ‘රනුක් ඔයා නැගිට්ටා නේ ද? මගේ දෙවියනේ දැන් කොහොමද ඔයාට?‘

    ඔහු කතා කලේ නැත.

    ‘රනුක් ඔයාට ඇහෙන්නෙ නැද්ද, පේන්නෙ නැද්ද... කියන්න රත්තරන්‘

    ‘රනුක් මේ අහන්න මට සමාවෙන්න දෙවියනේ. මේ දවස් ගාණට මන් ජීවත්වුන හැටි මන් විතරයි දන්නේ. පුදුම ගිනිගොඩක මන් ඉඳියේ. මන් කිසිම විදියකට ඔයාව රවට්ටන් උත්සාහ කළේ නෑ. මන් කිසිම දෙයක් හංගන්න ඔයා ගාවට ආවෙත් නෑ. මට පුදුම හිතුනා ඔයා එහෙම එදා කතා කරද්දී. ඒත් මගේ තුන් හිතක වත් එහෙම අදහසක් තිබුනේ නෑ.‘

    ඇය මොනවා දෝ කියයි. ඔහුට ඒ පිළිබඳව වැටහීමක් නැත. නමුත් ඇය ඔහු දෙස බලමින් හඬමින් වැදගත් දෙයක් කියයි. කෙසේවෙතත් ඇය දෙස බලා සිටිනා ඔහුට, ඇගේ කුමක් හෝ විශේෂයක් දැනිනි. ඇය කතා කරනා විට ඔහුගේ පපුවේ ගැස්ම වෙනස් වෙනවා ඔහුට දැනේ. ඇය සමඟ ඔහුට කුමක් හෝ සබැඳියාවක් ඇත. නමුත් එය ඔහුට වැටහෙන්නේ නැත. ඇය නොනවත්වා කතා කරයි. මේ අතරේ කාන්තාව මොනවා දෝ කියමින් ඔහු ඇල්ලීමට පැමිණෙන්නේ ය. ඇය ඔහුව අල්ලා ගැනීමට පෙර, ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ ය. ඒ අල්ලා ගත් අත, ඔහු හිමින් සීරුවේ තම පපුවට තබා ගත්තා ය.

    ‘ඔයාව දැක්කාම මගේ පපුවට අමුත්තක් දැනෙන්නේ ඇයි?‘

    ඔහු ඇය දෙස උනන්දුවෙන් බලන්නේ නැතත්, ඇගෙන් විමසුවා ය. ඔහුට විදුලියක් කොටන්නාක් මෙන් සිදුවීමක් ඇස් ඉදිරිපිට ඇඳී නොපෙනී ගියේ, මෙයම ඔහු ඇගෙන් යම් දිනයක විමසූ බව පෙන්වමිනි. නමුත් දීපිකා ට එය සිහිපත් විය.

    දැනට වසර ගණනකට පෙර රනුක් මෙහි පැමිණීයේ රෝගියකු ලෙසිනි. එදා දීපිකා සිටියේ ඕපීඩී වෛද්‍යවරිය ලෙසිනි. ඔහුට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති බව ඇයට ලැබුනු තුණ්ඩුවේ ලියා තිබුණි. සාත්තු සේවිකාවක සමඟ ඕපීඩී කාමරයට පැමිණි ඔහු දුටු විටම දීපිකා ට අමුත්තක් දැනිනි. ඔහු අසුන අදිමින් ඇය ඉදිරිපිටින් වාඩි වූයේ ‘ඩොක්ටර් මාව මැරෙන්නයි යන්නේ‘ යැයි කියමින් බව ඇයට අද මෙන් ම මතක ය. නමුත් අසුනේ වාඩි වූ ඔහු මද වේලාවක් ඇය දෙසා ඇස්පිය නොහෙලා බලා සිටියේ ය. ඔහු කිසිවක් නොකියන නිසා ඇය ඔහුගෙන් පැමිණි කාරණය විමසා ඔහුව පරීක්ෂා කිරීමට ස්ටෙතස්කෝපය පැළඳ එය පපුවට තැබුවා ය. නමුත් ඔහු එක්වරම ඇගේ අත අද මෙන්ම පපුවෙන් තබා ගෙන ‘ඔයාව දැක්කාම මගේ පපුවට අමුත්තක් දැනෙන්නේ ඇයි?‘ කියා ඇසුවේ සාත්තු සේවිකාව ඉදිරියේ ඇය ද අපහසුවට පත් කරමිනි. අද ද ඔහු අසන්නේ එදා ඇසූ පැනය ම ය. ඇය කිසිවක් කීවේ නැත. ඔහුට තමුන්ගේ හෘදයේ කුමක් හෝ අපහසුතාවයක් දැනිනි. ඇය හිමින් සීරුවේ යමක් කීවා ය.

    ‘අප් පපුව අපිත් එක්ක ජීවත් වෙන කෙනාව අඳුන ගන්නවා.‘

    මෙය ඇයට කීවේ රනුක් විසින් ම ය. ඒ පසු අවස්ථාවකදී ය. ඇය එය නැවතත් රනුක්ට ම කීවා ය. ඔහු එය ගාණකට ගත් බවක් නොපෙනිනි. නමුත් ඔහුගේ මුහුණ රෞද්‍ර වනු ඇය දුටුවා ය. ඇගේ අත ඔහු පසකට තල්ලු කළේ ය.

    ‘විකාර. සේරම විකාර. පලයන් යන්න මෙතැනින්. මට පාඩුවේ ඉන්න දීලා. පල පල කිව්වාම‘

    හඬමින් නමුත් සෙමින් රනුක් දෙසම බලා ගෙන පස්සෙන් පස්සට ගමන් කළ දීපිකා, රනුක්ගේ කාමරයෙන් ඉවත් වූවා ය.

    මේ සියල්ල කාමරයෙන් පිටත සිටි සිතුමි අසා ගෙන සිටි අතර සමහරක් දේ ඇය දුටුවා ය. දීපිකා දොර දෙසට පසුපසට පැමිණෙද්දී ඇය ඉන් ඉවත්ව ඇයට නොපෙනෙන සේ සැඟවුනා ය. ඔවුන් දෙදෙනා අතර කුමක් හෝ ආරෝවක් ඇති බව ඇයට වැටහිනි. කාමරයෙන් ඉවතට පැමිණි දීපිකා හඬමින් කොරිඩෝව දිගේ දුවගෙන ගොස් නොපෙනී යන තුරු සිතුමි බලා සිටියා ය. ඇය ගිය පසු ටික වේලාවක් සිටි ස්ථානයේ ම සිට ඇය රනුක්ගේ කාමරයට ඇතුල් වූයේ හිමින් සීරුවේ ශබ්දයක් නො නැගෙන සේ දොර අරමිනි. දොරට පිටු පා රනුක් නින්දේ ය. ඇය හෑන්ඩ් බෑගයේ තිබූ පළඳනාව අතට ගත්තා ය. ඇයට අවැසි එකම දේ වූයේ එය රනුක්ගේ අතේ බැඳ ඉක්මණින් එතැනින් පිටවී යාම පමණි. ශබ්ද නො නැගෙන සේ ඇඳ අසලට පැමිණි ඇය අනෙක් පසට ලන්වූවාය. රනුක් ඇස් වසාගෙන තද නින්දක සිටී. ඔහුගේ මුහුණ හොඳින් නිරීක්ෂණය කළ ඇය, ඇයට ම දොස් තබා ගත්තේ ඇගේ පාසැල් ප්‍රේමය, ප්‍රථම ප්‍රේමය හඳුනා ගැනීමට නොහැකිවීම නිසාවෙනි. අතීතය ඇය ඉදිරිපිට ය.

    දිනුක් ඇයට පොරොන්දු වූ ආකාරයට ම ඇය අසලින් ම පාසැලේ දී සිටියේ ය. විවේක කාලයේ දී ඇය ඔහුගේ පන්ති කාමරය දෙසට දුව යයි. ඔහුට ඇය නිසා සිදු වූ කරදර බොහෝ ය. එහෙත් ඔහු ඒ කිසිවිටක ඇයට සිත් රිදෙන වචනයක් හෝ නොකිව්වේ ය. වරෙක ඔහු ඇගේ කණ්නාඩි ඉවත් කර ඇයට කීවේ කණ්නාඩි නොමැති විට ඇය හුරතල් බවත්, ඔහුට ඇය ගැන ආදරය හිතෙනා බවත් ය. එය සිහි තබා ගත් ඇය නිවසට ගොස් මවගේ රූපාලංකරණ ආම්පන්න ගෙන වීදුරුවෙන් පෙනෙනා රුව හැඩගැස්සුවා ය. ඇගේ හිතේ දිනුක් ජීවත් වූවාය. ඔහුගේ වචන, ඔහු ඇයට දෙන දිරිය ඇයට නොතේරෙන බලයක් වුවා ය. දිනක ඇය වෙනදා මෙන් විවේක කාලයේ දිනුක්ව හමුවීමට යන විට වැඩිහිටි ශිෂ්‍යාවන් කණ්ඩායමක් ඇයව අල්ලා ගත්තා ය.

    ‘නංගි ඔහොම ඉන්නවා. අපිට තමුසෙ එක්ක පොඩි කතාවක් තියෙනවා.‘

    ‘ඇයි අක්කෙ‘

    ‘යකෝ මේකි දැනටම බයවෙලානේ...හික්ස්... ඒ වුනාට තමා ජම්බු ගහෙන් වැටිලත් නැතුව ඇති. කොල්ලො අල්ලාගන්නයි කල්පනාව ආ...‘

    ඇයට කිසිවක් නොතේරෙයි. නමුත් ඇය වටා සිටින පිරිස නිසා බියක් ඇති වේ.

    ‘කෙල්ලෙ අහපන්...‘

    ‘මේ අහපන් කණ්නාඩිච්චි. උඹ මොකටද සැරෙන් සැරේ දිනුක් අයියා හොයාගෙන දුවන් එන්නේ.‘

    ‘මන්...මන්....‘

    ‘මොකෝ රෙන්න වගේ තටමන්නේ... කියපන් අක්කලා දෙයක් ඇහුවම.. වැඩිහිටියො ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න දන්නෙ නැද්ද.‘

    ‘මන් එයාට ආදරෙයි. ඒකයි මන් එයාව බලන්න යන්නේ.‘

    එදා ඇය කෑ ගසා කී දෙයහි අරුත ඇය දැන සිටියේ නැත. නමුත් රූපවාහිනියේ දැක අසා ඇති, පන්තියේ අනිකුත් අයගේ කතා අසා ඇති ඈ, ඇගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.

    ‘මොකක් .... ආදරෙයි. මේ බලහන්කො බන් මේ ඇටිච්චි.‘

    ඇය හැඬුවා ය.

    ‘ඒයි මොකක් ද තමුසෙලා ඔය පොඩි කෙල්ලව වට කරන් කරන්නේ ආ..‘

    මේ අතරේ ඇයට හුරුපුරුදු කට හඬ පසෙකින් ඇයට ඇසුනි. දිනුක් කෝපයෙන් දත්මිටි කමින් ඔවුන් සිටිනා දෙසට වේගයෙන් ඇවිදන් ආවේ ය. ඇයට ඔහු දැකීම ම ශක්තියක් විය. නමුත් එවිට හැඬීම වැඩි විය.

    ‘තමුසෙලාට ලැජ්ජ නැද්ද ඕයි, මේ පොඩි කෙල්ලව බය කරන්නේ‘

    ‘පොඩි කෙල්ල.... මේ දිනුක් ඔයා නිකන් බබා වෙන්නනේ හදන්නේ...‘

    ‘ඇයි මොකක් ද කියන්නේ ආ.‘

    ‘මොකක්ද අහන්නේ.. මේ කෙල්ල ඔයාට ආදරෙයි ලු.‘

    ‘මොකක්? නංගී ඔයා එහෙම කිව්ව ද?‘

    ඇයට බියක් දැනිනි. ඇය කිවූ දේ වරදක් ඇත් ද? ඇයට තේරෙන්නේ නැත.

    ‘හරි ...මේ මන් ඒක එයත් එක්ක බලා ගන්නම්.. තමුසෙලා යනවා.. හා හා යනවලා යනවලා..‘

    ඔවුන් එතැනින් ගිය පසු ඇය දෙස මදවේලාවක් බලා සිටි දිනුක්, කිසිවක් ඇයට නොකියා ම ආපසු පිටව ගියේ ය. ඔහු යන දෙස බලා සිටි ඇය හඬමින් ම ඔහු පසු පස දිව ගියා ය. කොරිඩෝවේ දී ඇයට ඔහුව අල්ලා ගැනීමට හැකිවිනි. ඔහුගේ ඉදිරියට පැමිණි ඈ, හඬමින් ම කතා කළා ය.

    ‘මන් ඔයා කියපු නිසා දැන් කණ්නාඩි දාන්නෙත් නෑ... මේ මන් දැන් ලස්සන නැද්ද. ඔයාමයි කිව්වෙ කණ්නාඩි දාන්න ඕන නෑ කියලා...‘

    ‘හරි හරි ලමයො .... දැන් ක්ලාස් එකට ගිහින් කෑම ටික කන්න.‘

    ‘බෑ මන් යන්නෙ නෑ. මට ඔයාව බඳින්න ඕනා...‘

    ‘මොකක් ..... අනේ අම්මේ.... බඳිනවා කියන්නේ මොකක් ද කියලාවත් දන්නවා ද පැහිච්ච ආච්චි?‘

    ‘ඔව් දන්නවා.. අර ටීවී එකේ පෙන්නන්නේ... ලන්ඩන්වල ඇල්බට් අංකල්ගෙන් මුද්ද ඉල්ලා ගන්නේ... මට ඒ වගේ ලොකු වුනාම ඔයාව බඳින්න ඕනා...‘

    ඇය මහ හඬින් ඇඬුවා ය.

    ‘අනේ කෙල්ලේ.‘

    ඔහු සිනා සුනේ ඇගේ හිස අතගාමිනි. ඇය හඬමින් ඔහුගේ අතේ එල්ලුනා ය.

    ‘වෙන අක්කලාට ඔයා කැමැති වෙන්න එපා අයියේ.... මට ලොකු වුනාම ඔයාව කසාද බඳින්න ඕනා... මන් කණ්නාඩි දාන්නෙත් නෑ...‘

    ඔහු ඇයට පොරොන්දු වූයේ ඇය ලොකු වූ විට ඇයව විවාහ කර ගන්නා බවයි. අද ඇයට එය සිහිපත් වෙද්දී දිනුක් එදා එසේ කීවේ තමුන්ගේ ඇඬීම නැවැත්වීමට බව දන්නා නිසා ඇයට සිහින් සිනාවක් ද නැගිනි. එදා තමුන්ව විවාහ කරගන්නා බව කී දිනුක්, අද රනුක් වී වෛද්‍යවරියක සමඟ බැඳී සිටී. ඇය තමුන්ට වඩා රූමත් ය. උගත්කමද එසේ ය. තමුන්ට ද දිනුක් ව හැඳිනීමට නොහැකි විය. දිනුක් තමුන්ව කෙසේ හඳුනා ගන්නේ ද. ඊටත් ඔහු දිනුක් නොවේ, රනුක් ය. ඇය එදා ඔහුට බැඳි පළඳනාව නැවතත් බැඳීමට සූදානම් වුවා ය. දිනුක්ගේ අතක් දිගහැරී තිබිණි. ඇය හිමින් සීරුවේ ඔහුගේ අතවටේ පළඳනාව බැන්දා පමණි. එක්වරම ඇයට සිතා ගැනීමටවත් නොහැකි වේගයකින් රනුක් ඇගේ අතින් අල්ලා, කරකවා ඇයව ඇඳමතට ඇද දමා, එක් අතකින් ඇගේ බෙල්ල මිරිකා ගෙන අනෙක් අත මිට මොලවා ගත්තේ ඔහු අල්ලාගත් තැනැත්තාගේ මුහුණ කට සමතලා වෙන මුෂ්ටි පහරක් එල්ල කිරීමට ය. බියට පත් සිතුමි අපහසුවෙන් කෑ ගැසුවා ය.

    ‘මන් මන්... සිතුමි....සිතුමි...මන්.‘

    ටික වේලාවක් ඇය දෙස බලා සිටි ඔහු ඇයව අත්හැරියා ය.

    ‘මාව මතක නැද්ද ඔයාට. මන් සිතුමි..ඉස්කෝලෙ ඔයාගේ පුංචි කෙල්ල ...‘

    කට ඇරගෙන ඇය දෙස බලා සිටි ඔහු ඇයට කතා කළේ ය.

    ‘මෙතනින් යනවා එළියට‘

    ඔහු ගෙරුව්වේ ය. ඔහුගේ හිසෙන් වේදනාවක් දැනුනි. සිතුමි ලද අවසරයෙන් ඇඳේ අනෙක් පසට පැන ගත්තා ය. සිතුමි ඉවත් වූ පසු හිසේ අත තබා ගත් රනුක් ඇඳේ වාඩි විය. ඇයව ඔහු ගණන් ගත්තේ නැත. සිතුමිට ඔහු සමඟ ඇති වූයේ සුළුපටු තරහක් නොවේ. ‘යකෝ, මෙච්චර කාලයක් මන් අතේ
    බැන්ද ෆ්‍රෙන්ඩ් ෂිප් බෑන්ඩ් එක බැඳන් ඉඳලත් මූ කියනවානේ මාව මතක නෑ කියලා. බූරුවා.‘ ඇය ඔහුට බනිමින් කාමරයෙන් පිටතට ගියා ය.
     

    hpalpola

    Well-known member
  • දවසේ වැඩත් එක්ක තමයි කතාව කොටසින් කොටස ලියන්නේ. ප්‍රමාද වෙන්නේ ඒකයි. තව කොටස් කීපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. පාඨක ඔබගේ අදහස් දැක්වීම ඒ සඳහා සවියක්.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දවසේ වැඩත් එක්ක තමයි කතාව කොටසින් කොටස ලියන්නේ. ප්‍රමාද වෙන්නේ ඒකයි. තව කොටස් කීපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. පාඨක ඔබගේ අදහස් දැක්වීම ඒ සඳහා සවියක්.

    සුපිරි මචා කරන් යන්න දිගටම
     

    hpalpola

    Well-known member
  • [FONT=&quot](15)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තරහෙන් පුපරමින් කාමරයේ සිටි තරුණිය පිටව යන විටත් රනුක් සිටියේ මෙට්ටයට හිස තද කර ගෙන ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘කව්ද ඒ... මට යන්තම් වගේ මතක යි. ඒත්...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු ඇය සිහිපත් කර ගැනීමට උත්සාහ කළේ ය. ඔහුට එක්වරම යමක් සිහිපත් විය. එනම් ඔහු ඇස් වසාගෙන සිටියදී ඇය කුමක් හෝ අතේ බැඳීමට තැත් කළ බවයි. නමුත් ඔහුගේ අතේ කිසිවක් තිබුනේ නැත.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ අතර තරහෙන් පුපරමින් රෝහලෙන් පිට වූ සිතුමි, කෙළින්ම ගියේ තම බෝඩිමට ය. ඒ යන විටත් ඇය, ඇය රෝහලේ දී දුටු දේ ගැන කල්පනා කළා ය. ද්වේශය ඇති කරන අරමුණු දිගින් දිගටම සිතීමට යෑම ද්වේශය නැවැත්වීමට උදව් වන්නේ නැත. මෙනිසා ඇගේ ආවේගය මොහොතින් මොහොත වැඩි විනි. ඇය වාහනයේ වීදුරුවෙන් පිටත බලාගෙන සිතෙන් ඔහුට බැන්නා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘බූරුවා.. ඌට මන් ඇල්ලුවම තමයි අමාරු. ඒ වුනාට අර ගෑණිගෙ අත ඌම අල්ලන් පපුවෙන් තියා ගත්තා. අප්පිරියයි මට‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘චික්... ඉස්කෝලෙ ඉන්නකම් ම මහ ලොකුවට මාව අමතක කරන්නෙ නෑ, ලඟින් ම ඉන්නවා. ඕවා තමයි කිය කිය ඉඳියෙ. බොරුවට උනත් මාව බඳිනවා කියලත් මේක මට පොරොන්දු වුනා. එච්චරද අපේ ගෙදරත් ආවා. අම්මා හදලා දෙන කෑම කෑවා. අනික අපේ තාත්තා කොච්චර ආදරේ කලාද. නම වෙනස් කර ගත්තාට කමක් නෑ කියමු. මූට වටිනවාද මාව අමතක කරන්න.. තුක් විතරක්‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඊ..යා... මොකක්ද ගෑණියේ කළේ මගේ ඇඟට කෙල ගහන්නේ.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනේ සොරි... මන් පිහිදාන්නම්..... අනේ සොරි ඇත්තමයි. මන් වෙනින් කල්පනාවක හිටියේ..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘බම්බුව. මුන්ගෙ තෙල වැඩිවුනාම අපි තමයි බයිට් එක..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කුසගින්නේ බෝඩිමට පැමිණි ඇය, හැසිරුනේ අසිහියෙන් මෙනි. ද්වේශයෙන් හැසිරෙන්නෝ එසේ ය. වරෙක ඇය ඇඳෙන් ඉඳ ගනී. හාන්සි වෙයි. උඩ බලාගෙන සිටී.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මන් මේක ලේසියෙන් අතාරින්නේ නෑ දිනුක්... ඔව්.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය කෑම පසෙක ලා දත් මැදගැනීමට පටන් ගත්තා ය. දත් මදිද්දීත් ඇය බනිමින් ම එය කළා ය. ඇගේ දත් බෙහෙත් මුසු කෙල නිවස පුරා දක්නට ලැබිණි. නමුත් ඒ ගැන තැකීමක් කළේ සිතුමි නොවේ. අත් පළඳනාව රනුක්ගේ අතේ බැඳීමට ඇයට හැකියාවක් ලැබුනේ නැත. එය බැඳ අවසන්වන විටදී ම රනුක් ඇයව පෙරලා ගත්තේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනික මාව මතක නැත්නම් අහවල් එකට ද බෑන්ඩ් එක අතේ බැඳන් ඉඳියෙ‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඉඳපන් මන් අතාරින්නේ නෑ. මූණ හෝද ගෙන ආපහු යනවා. යකෝ, මාව අමතක කරන්නේ කොහොමද එච්චර ඉක්මණට. බලමු අමතකේ මතක් වෙන හැටි මන් ආවම‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිතුමි මෙසේ හැසිරෙද්දී රෝහලේ සිටිනා රනුක් ද ටිකෙන් ටික යහපත් තත්ත්වයට පත්වෙමින් සිටින ලදි. ඔහුට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව එතරම් වැටහීමක් තිබුනේ නැත. කෙසේවෙතත් කුමක් හෝ හිස වටේ ඔතා ඇති බව ඔහුට දැනිනි. එය අල්ලා බැලූ ඔහු වෛද්‍යවරුන් විසින් හිස වටේ ගැට ගසා තිබූ බැන්ඩේජ් පටිය හිසින් ගලවා ඉවත් කළේ ය. රෝහලට ගෙනෙනා අවස්ථාවේ දී රනුක්ගේ ස්වරූපය සහ දැන් ඔහුව දකින්නෙකුට විශ්මයක් ඇති වනවා කිසිඳු සැකයක් නැත. ඔහු රෝහලට රැගෙන ආවේ හිස පසුපසට වැදුණු වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයක් ද සහිතව ය. නමුත් දැන් එවැනි තුවාලයක සලකුණක් හෝ ඔහුගේ සිරුරේ දක්නට නැත්තේ ය. එසේම එවැනි අනතුරකට ලක්වූවකුගේ ස්වභාවයක් හෝ ඔහුගෙන් විද්‍යමාන නොවේ.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එක්වරම යමක් සිහිපත් වූ ඔහු ඉද්ද ගැසුවාක් මෙන් ඇඳේ වාඩි වූවේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘කොහේ ද මන් ඒක තිබ්බේ.. කෝ ඒක..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහුට යමක් සිහිපත් විනි. ඒ සමඟ ම හිස තබා සිටි කොට්ටය ඔසවා ඒ යට සොයා බැලූ ඔහු ඇඳෙන් බිමට පැන මෙට්ටය යට, බිම ආදී තැන්වල යමක් සොයන්නට විය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘කෝ... ම් ම් කොහේ ද තිබ්බේ.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කල්පනාවේ සිටි ඔහුට එක්වරම සිහිපත් විනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ජැකට් එක. මන් ඇඳන් උන්න ජැකට් එක කෝ.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වටපිට බැලූ ඔහුට රෝහල් කාමරයේ කොනක තබා ඇති අල්මාරිය පෙනුනි. එක් පිම්මෙන් එහි ලංවූ ඔහු දොර ඇර බැලූ විට ප්ලාස්ටික් කූඩයක ඇඳුම් කීපයක් ම ඇති අයුරු දුටුවේ ය. ප්ලාස්ටික් කූඩය ඉක්මණින්ම පිටතට ගෙන ඇවිස්සූ ඔහුට නවා අසුරා ඇති ජැකටය දක්නට ලැබිණි. එය අතට ගෙන එහි සාක්කු පරීක්ෂා කරද්දී සෙවූ දෙය හම්බ විය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ජැකටයේ සාක්කුවක තිබූ ඔහු අතට ගත්තේ එක්තරා වීදුරු බෝලයක් වැනි යමකි. එය අතට ගත් විට ඔහුගේ දෑසේ සහනයක සේයා ඇඳිනි. ඔහු සෙවූයේ මෙයයි. එය අතට ගත් ඔහු ජැකටය නැවතත් ඇඟට දා ගත්තේ ය. තවදුරටත් ප්ලාස්ටික් කූඩය පරීක්ෂා කිරීමේ දී එහි සපත්තු ජෝඩුවක් මෙන්ම මුදල් පසුම්බියක්, මුදල් නෝට්ටු කීපයක් සහ කලිසමක් ද ඇති අයුරු දක්නට ලැබිණි. ඔහු ඒ මුදල් නෝට්ටු සාක්කුවට දා ගත්තේ ය. පසුම්බියත් සාක්කුවට දා ගත්තේ ය. සපත්තු පැළඳ ගත්තේ ය. ඔහුගෙන් පෙනුනේ විසුළු ස්වරූපයකි. හිතන්න දණහිසට පමණ දිග ගවුමක් වැනි ඇඳුමක් ඇඳ, කළු පැහැ ජැකටයක් පැළඳ සපත්තු ද පැළැඳ සිටින්නකු. සියල්ල සම්පූර්ණ වූ පසු ඔහුට අවැසි වූයේ කාමරයෙන් පිටවී යෑමටයි. කාමරයේ ප්‍රධාන දොර විවෘත කිරීමට මුලදී තීරණය කළත් එය එතරම් සුදුසු නැති බව ඔහුගේ බුද්ධියට වැටහිනි. ජනේලයකින් පිටත බැලූ විට ඔහුට පෙනී ගියේ එයද පිටවීම සඳහා එතරම් සුදුසු මාර්ගයක් නොවන බවයි. පසුව එහෙ මෙහෙ බලද්දී තවත් කුඩා දොරක් කාමරය තුළ, බිත්තියකට ආසන්නව ඇති බව ඔහු දුටුවේ ය. ඔහු වහාම එහි ගොස් එය විවෘත කර ඇතුලුවීමට කකුළක් තැබුවා පමණි. කාමරයේ අනෙක් දොර දඩාස් ගා විවෘත විය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]*************
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තරහෙන් පුපරමින් සිතුමි ආපසු රෝහලට පැමිණියේ රනුක් නැත්නම් දිනුක්ගේ මතකය අළුත් කරන්නේ ය යන අධිෂ්ඨානය ද සහිතව ය. සිදුවූ සිදුවීම් සමඟ ඇතිවූ තරහත් කුසගින්න නිසා ඇති තරහත් යන දෙකම එකතු වූ තරහත් ඇය දවන්නට විය. විදුලි සෝපානයෙන් රනුක් සිටිනා මහලට පැමිණි ඇය කිසිඳු නැවතීමක් නොමැතිව ගොස් රනුක්ගේ කාමරයේ දොර ඇර එයට ඇතුලු වූවා ය. එසේ ඇතුලුවන ඇයගේ ඇසට හසුවූ දර්ශනයෙන් එතෙක් බුර බුරා නැගෙමින් තිබූ තරහ නිවී ගියේ අඟුරු කැබැල්ලක් වතුර වැටී නිවෙන්නාක් මෙනි. ඇය දුටුවේ විසුළු ඇඳුමකින් සැරසුණු රනුක් නැත්නම් දිනුක් කාමරයේ ඇති ශීතකරණයේ දොර ඇර කකුලක් එතුළට දමාගෙන සිටින ආකාරයයි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මෝඩයා..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය කාමරයට ඇතුලු වූයේ ම රනුක්ට මෝඩයායැයි කියමිනි. රනුක් ඒ සමඟ ම හැරී බැලුවේ නමුත් කකුල නම් පිටතට ගත්තේ නැත. ඔහුගේ පිටවීමට බාධා කළ ඇය ගැන ඔහුට ද තරහක් ඇතිවිය. හුස්මක් වේගයෙන් පිටකළ ඔහු තමුන්ට ම කියා ගත්තේ ‘ඒකට නම් මාව ගැස්සිලා ගියා‘ ලෙසිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මො.. මොකක්ද ඔයා ඔය කරන්නේ‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය ඔහුගෙන් විමසන විට ඔහු ශීතකරණයෙන් කකුල පිටතට රැගෙන විවර කළ දොර වසා දැමුවේ ය. ඉනට අත ගසා ගෙන ඇය දෙස මද වේලාවක් ඔහු බලා සිටි අතර සිතුමි ද සිටියේ ඇය දුටු ඔහුගේ ක්‍රියාවත් සමඟ ඔහුට සිදුව ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව වන ප්‍රෙහෙලිකාවක් ද සමඟිනි. තවදුරටත් කාමරයේ සිට පලක් නැත. ඔහු, ඇය විවෘත කළ දොරෙන්ම පිටව යෑමට තීරණය කළේ, ඇයව ද පසකට තල්ලු කරමින් පිටවී ගියේ ය. ඒ සාමාන්‍ය මිනිසකු ලෙසිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු පිටව යන විට සිතුමි ද ඔහු පසු පසින් ‘දිනුක්‘ යැයි නම කියමින් ගමන් කරන්නට විය. ඇයට ඔහු ගැන බියක් දැනුනි. මේ සාමාන්‍ය කෙනකු නොව හිසට වෙඩි උණ්ඩයක් වැදුණු තැනැත්තෙකි. ඒ සියල්ලටමත් වඩා තමුන්ගේ පාසැල් ප්‍රේමවන්තයා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ අහන්න ඔයා ලෙඩෙක්. මෙහෙම යන්න බෑ ඔයාට.. දිනුක් නවතින්න. අනේ අයියේ...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අයියෝ .... නවතින්න ....... මෙහෙම යන්න බෑ. තේරෙන්නෙ නැද්ද, ඔයා ලෙඩෙක්.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නමුත් ඔහු ඒ කිසිවක් නෑසුණ ලෙසින් හැසිරීම ඇය තුළ තරහ ජනිත කරවන්නට සමත් ය. සෝපානය තෝරා නොගත් ඔහු පියගැටපෙළින් පහලට බැස්සේ ය. තට්ටු කීපයක් ඔහු සිටි මහලේ සිට බිම් මහලට බැසීම සඳහා ගමන් කල යුතු වේ. ඔහු, එය වේගයෙන් නමුත් කිසි මහන්සියකින් තොරව ගමන් කළේ ය. සිතුමි ද මහන්සිය, කුසගින්න නොසලකා දුවමින් මෙන් පියගැට පෙලේ ගමන් කළා ය. අදත් මිනිසුන්ගේ අවදානයට ලක්වන්නේ සෝපානයේ ගමන් කරන්නන් මිස පියගැට පෙල පාවිච්චි කරන්නන් නොවේ. එය සාමාන්‍ය මිනිස් හැසිරීමකි. මෙනිසා පිටගැට පෙලින් පහලට පැමිණ රෝහලෙන් පිටවී ගිය රනුක්ව හෝ ඔහු පසුපස ගමන් කළ සිතුමිව එහි සිටින්නන්ට එතරම් සුවිශේෂ වූවේ නැත.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රෝයල් රෝහල ඉදිරිපිට වූවේ ප්‍රධාන මාර්ගයකි. දෙපස බැලීමක් හෝ නොමැති ව ඔහු මාර්ගය හරහා ගමන් කළ අතර ඇයද ඔහු පසුපස කුමක් හෝ කියමින් ගමන් කළාය. වරෙක ඇය ඔහුගේ අතින් අල්ලා ගත්තා ය. එවිට ඔහු ඇගේ අත ගසා දමා නැවත ගමන් කරයි. ඇයද ඔහු නවතින විට නවතමින්, ඔහු ගමන් කරද්දී නැවත ගමන අරඹමින්, ඔහු සමඟ ම ගමන් කරයි. ඔහු මාර්ගයේ අනෙක් පසට ගොස් මද දුරක් පදික වේදිකාවේ ඇවිද ගියේ ය. සිතුමි ද ‘කොහෙද ඔයා මේ යන්නේ‘, ‘අයියේ‘ ආදී දේ කියමින් ඔහු පසුපසම ගමන් කරයි. ඔහු එක්වරම නැවතී ඇයට අවධානය යොමු කලේ ය. ඇයව ඔහුට මේ අවස්ථාවේදී මහත් වදයක් විය. ඔහු එක්වරම නැවතුන විට ඔහු පසුපස පැමිණි ඇය ඔහුගේ ඇඟේ හැපිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘දැන් මොකක් ද තමුසෙට මගෙන් කෙරෙන්න ඕනා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු තරහෙන්, ගැඹුරින් ඇයගෙන් ඇසුවේ ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘තමුසෙ‘ ඇය එය පුනරුච්ඡාරණය කලේ දිනුක් නැත්නම් රනුක් කිසිවිටක එසේ ඇයට කථා කර නොමැති නිසාවෙනි. ඒ සමඟ ම ඇගේ ඇස් කඳුලින් පිරුණි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඔව් තමුසෙගෙන් තමයි ඇහුවේ. මොන වදයක් ද ඕයි. මොකක්ද තමුසෙගෙ ප්‍රශ්නෙ. රෙද්දට ද මගේ පස්සෙන් එන්නේ. මොකක් ද තමුසෙට මගෙන් වෙන්න ඕනා. කියනව... කියනවා ඉතින් බලන් ඉන්නෙ නැතුව. නැත්නම් යන මගුලක යනවා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘එහෙම ද... මේ අහන්න.... ඔයාට මගෙන් කරදරයක් නම් මන් යන්නම්. හැබැයි මට දෙයක් දැන ගන්න ඕනා. එදා කෑම කඩේ දී ඔයා මාව අඳුනගත්තේ නැද්ද අයියේ... මට ඇත්තම කියන්න. මොකද ඔයා දන්නවා හැමෝටම හෙවණැලි දකින්න බෑ කියලත්, හෙවණැලි දකින කෙනා මන් කියලත්. ඉස්කෝලෙදි අපි ඒ ගැන කථා කරලා තියෙනවා. ඊට පස්සේ හැම වෙලාවෙම වගේ ඔයා මගෙ ලඟට ආව. ඒ මාව අඳුනගත්ත නිසා නෙමේ ද? කියන්න මට‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ මේ .... මොන මගුලක් ද මේ... පිස්සු ද ඕයි තමුසෙට... මොනවාද මේ කියවන්නේ .....‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඒ විතරක් ද එදා රෑ ඔයා මට කිව්වේ ඉස්කෝලෙදි මන් දැන ගෙන ඉඳපු දිනුක් අයියා මට කියපු දේමයි. ඔයා කොහොමද මාව දන්නේ නැත්නම්, මාව අඳුනගත්තෙ නැත්නම් එහෙම මට කියන්නේ? කියන්න මට‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු ඉනේ අත් ගසා ගෙන වටපිට බලන්නට විය. ඇය කියවාගෙන යයි. හඬමින් කියවාගෙන යයි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඔයා දන්නවා මට පේන දේවල් වෙන අයට පේන්නෙ නෑ කියලා. එදා අන්තිමට අපි හම්බවෙලා මාතර ඉඳන් කොළඹ එද්දිත් ඔයා කිව්වෙ මගේ ඇස් පිනට ලැබිලා තියෙන දෙයක් ය කියලා. ඒකමයි පොලීසියේ ඉඳන් ආවමත් ඔයා මට කිව්වේ.. ඒ කියලත් ඇයි ඔයා මාව අඳුනන්නෙ නෑ වගේ හැසිරෙන්නේ අයියෙ... ‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු කිසිවක් කියන්නේ නැත.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඇයි ..... අවුරුදු විස්සකට විතර පස්සෙ මාව දකිද්දී මන් නිකන් නිකන්ම නිකන් කෙල්ලෙක් වෙච්ච එකේ වැරැද්දට ද ඔයා මට මෙහෙම කරන්නේ.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය ඔහුත් සමඟ කථා කරමින් සිටියදී වටපිට බලමින් සිටි ඔහු එක්වරම පහත් වී පදික වේදිකාවේ තිබූ කොන්ක්‍රීට් ලෑල්ලක් ගලවා ගත්තේ ය. කුණු අස් කරන්නන් විසින් මාර්ගයේ ඇති කුණු, කාණුවල සිරවූ විට, කාණුව අස් කිරීම සඳහා ඉඩ ලබා ගන්නේ මේ ආකාරයට කොන්ක්‍රීට් ලෑල්ලෙන් ආවරණය කර ඇති ඉඩ ඇසුරු කර ගනිමිනි. ඔහු එය ගලවා ගත් විට සිතුමි බියට පත්වූයේ ඇයට ඔහු ඉන් පහර දේවිය යන සිතුවිල්ල නිසාවෙනි. ඒ අනුව අනිච්ඡානුගතව ම ‘අයියෝ‘ යැයි කෑ ගසමින් ඇය අත්වලින් හිස ආවරණය කර ගත්තා ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු ඒ ලෑල්ල ගලවා ගත්තේ ඇගේ වදයෙන් මිදී එතැනින් කාණුවට පැන, පලා යෑමේ අදහස සහිතව ය. නමුත් තමුන්ට පහරක් එල්ල නොවීම නිසා ඇය, ආවරණය කර ගෙන සිටි ඇඟිලි අතරින් ඔහු කරන්නේ කුමක් දැයි බැලුවා ය. එවිට ඇය දුටුවේ ඔහු ඒ කොන්ක්‍රීට් ලෑල්ල ද ඔසවා ගෙන එයින් ආවරණය කර තිබූ වලට බහින්නට හදනා ආකාරය යි. ඇය මිනිසුන් මාර්ගයේ වැඩ කරනා අයුරු දැක තිබේ. මෙවැනි ලෑල්ලක් එසවීමට දෙදෙනකු පමණ එක් වෙයි. එසේ වීත් මේ ආකාරයට එය හිසටත් ඉහළින් අල්ලාගෙන ඉන්නේ නැත. ඔහුට ඇති ශක්තිය ගැන ඇය පුදුමයට පත්වූවා ය. එපමණක් ද නොවේ. දැන් ඔහු කිරීමට සූදානම් වන ක්‍රියාව ගැන ඇය ඊටත් වඩා පුදුමයට පත්වූවා ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඒයි මොකක් ද ඒ සැරේ ඔයා කරන්න හදන්නේ....‘
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇගේ බියපත් මුහුණ දුටු ඔහු තමුන් කරමින් සිටි කාර්යය නතර කර කොන්ක්‍රීට් ලෑල්ල ආපසු වල මතට ම අතහැරියේ ය. ‘ෂික්‘... එය වලට අතාරින විට ඇය කන් වසා ගත්තා ය. මහත් හඬක් ඉන් නික්මිනි. ඒ අවසරයෙන් එතැනින් මිදුනු ඔහු මාර්ගය දිගේ දුවගෙන ගියේ ය. එසේ දුව යන ඔහුට ප්‍රධාන මාර්ගයට සමාන්තරව වූ තවත් මාර්ගයක් දක්නට ලැබිනි. ඒ මාර්ගය වෙතට දුව ගිය ඔහුට, තමා ඉදිරිපිට ට පැමිණෙන්නා වූ බස් රථයක් දක්නට ලැබුණු අතර ඔහු එය නතර කිරීමට සන් කරමින් ඉදිරියට ම දුවගෙන ගියේ ය. ඔහුට ඉදිරියෙන් වූ බස් නැවතුමේ ඒ බස් රිය නතර කරන ලදි. ඔහු ඒ බස් රථයට නැග්ගේ අර තරුණියගේ කරදරයෙන් ගැලවීමේ අදහසිනි. බස් රිය දෙසට දුව යන විට විදුලියෙන් ක්‍රියාත්මක වන මැද දොර විවෘතව ඇති අයුරු ඔහු දුටුවේ ය. කෙසේවෙතත් පළමු පඩියට ඔහු නැංගා පමණි, එහි සිටි කොන්දොස්තරවරයා ඔහුගෙන් ඇසුවේ, ඔහුට බස් ගාස්තු කාඩ් පතක් ඇත්තේ ද යන්න යි. ඒ කුමක් දැයි ඔහුට නොවැටහිනි. දැන් රජයේ මෙන්ම බොහෝ පෞද්ගලික බස් සඳහාද ගාස්තු සඳහා මුදල් අය කරන්නේ නැත. ඒ වෙනුවට ලබා දී ඇත්තේ ගාස්තු කාඩ් පතකි. ගමන් කරනා වාර ගණන අනුව ඒ කාඩ්පතේ ඇති මුදල් අගය ගෙවී අවසන් වේ. එසේ අවසන් වූ පසු එක්කෝ නව කාඩ්පතක් ලබා ගත යුතු ය, නැත්නම් කාඩ් පත රිචාර්ජ් කල යුතු ව ඇත. සියල්ල ම ඉලෙක්ට්‍රොනික ගණුදෙනු කිරීම්වලින් ආවරණය වී තිබේ. කෙසේවෙතත් බස් රථවලට එම කාඩ්පත් නොමැත්තන් හදිසියේ ම නැග ඇති කරන කලබලයන් නිසා කොන්දොස්තරවරුන් ඒ පිළිබඳව සමහර මගීන්ගෙන් විමසයි. දැන් මොහුට සිදුවූයේ ද එයම ය. තමන් ප්‍රශ්නයක් ඇසූ විට තමුන්ගේ ම කට දෙස බලා සිටිනා විසුළු ඇඳුමක් ඇඳන් සිටිනා තරුණයා, අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නෙකු බවට කොන්දොස්තරවරයාට හැඟී යෑමට වැඩි වේලාවක් ගත නොවිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මොන මලදානයක් ද අයිසෙ අහන්නෙ. මේ දොර වහනවා. කෙල්ලෙක් මාව කන්න එලවන් එනවා. ඒ අස්සෙ තමුසෙ බයිලා අහනවා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ මල්ලි, සල්ලි නැතුව නම් බස් එකට ගන්නෙ නෑ. කරුණාකරලා වද නොදී බහිනවා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ෂික්... මොන මගුලක් ද වුනේ‘.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු තමුන්ට සිදුවූ දෙය පිළිබඳව කල්පනා කළේ ය. ‘මදැයි ඒ කරදරකාරීගෙන් බේරෙන්න හිතලා මගුලකට නැග්ගා. මොනා කරන්න ද දැන් ඉතින්.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කෙසේවෙතත් ඇති වූ මේ ප්‍රමාදය සමඟ සිතුමි ද දුවගෙන විත් බස්රථයට ගොඩවූයේ හති හලමිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ගාස්තු...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අපි දෙන්නට ම මන් ගෙවනවා‘
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිතුමි, ගාස්තු කාඩ් පත ඇති බව කොන්දොස්තරවරයාට කියමින් දිනුක් නැත්නම් රනුක් ව පසු කරමින් බසයට ගොඩ වී ගාස්තු කාඩ්පත පසුම්බියෙන් ගැනීමට සූදානම් විය. මදවේලාවක් ඇය දෙස සහ ඇය සිදු කරනා කාර්යය බලා සිටි ඔහු, ඇයව මග හැරීමට සුදුසු ම වේලාව එය බව දැන හෙමින් සීරුවේ බස් රියෙන් බැස යෑමට සූදානම් වූවේ ය. අහෝ.. අවාසනාවක මහත. තරුණිය කාඩ්පත ඉදිරිපත් කල නිසා රියදුරු බස් රථයේ දොර වසා දැමුවේ ය. එනිසා ඔහුද බස් රිය තුළම සිරවුනි. ඒ සමඟ ඔවුන් දෙදෙනා රැගත් බස් රිය ගමන් ඇරඹී ය. [/FONT][FONT=&quot][/FONT]

     
    • Like
    Reactions: Assassin Galaa