පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න  සොරකමේ ගිය තරුණයා කොටුවෙයි



    සිය පෙම්වතියන්ට තෑගිබෝග ලබාදීමටත්, අන්තර්ජාලයේ මුදල් ආයෝජන කිරීමටත් සොරකමෙහි නිරත වූ 18 හැවිරිදි තරුණයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට පත්වන විටත් ඔහු සතුව තිබී සිය ඥාතියෙකුගේ නිවසින් සොරාගත් මැණික් ගල් 61ක් හමුවූ බව පොලිසිය පැවසුවේය.

    ඔහු සොරාගන්නා මුදල්වලින් 27 හැවිරිදි තිදරු මවක් වන සිය පෙම්වතියකටත්, ටික් ටොක් ඔස්සේ හඳුනාගත් තවත් පෙම්වතියන් දෙදෙනෙකුටත් ජංගම දුරකතන ලබාදී ඇති බවත් අනාවරණ වී ඇත.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.
     
    • Haha
    Reactions: Hasistranger

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,997
    113
    අඩේ මෙන්න මූ @AnuradhaRa @Nadun26 උඹල දෙන්න වෙනුවෙන් ඉපදුනු කෙල්ලො දෙන්නත් සෙට් කරගෙන